අපට පෙනෙන්නේ ජීවිතය අපෙන් හැමදාම අසන්නේ එකම දාර්ශනික ප්‍රශ්නයක් බවය. වෙනස ඇත්තේ එයට අප දෙන
උත්තර වල පමණක් බවය.
ඔන්න එකමත් එක රටක පන්සල් දෙකක් තිබුනා. හඳුනාගැනීමේ පහසුව පිණිස අපි මේ දෙක
'සදහම් අසපුව" සහ "සද්ධර්ම ආශ්‍රමය" කියල නම් කරමු. මේ පන්සල් දෙකම පිහිටල තිබුනේ
එක ළඟ. දෙගොල්ලොම දානේ උයන්න බඩු ගත්තේ එකම කඩ පොළෙන්. ඒ වුනාට මේ පන්සල්
දෙක අතර කිසිම මිත්‍රකමක් කිසිමදාක තිබුනේ නැහැ.
සදහම් අසපුවේ හාමුදුරුවරු සද්ධර්ම ආශ්‍රමයේ හාමුදුරුවරු එක්ක කතාකරනවා තබා මුහුණ
බැලුවේවත් නැහැ. ආශ්‍රමයේ හාමුදුරුවරුත් අසපුවේ හාමුදුරුවරුන්ට සැලකුවේ එහෙමයි.
තමන්ගේ පන්සලේ තමයි නිවැරදිව ධර්මය විනය අරක්ශා
කරන්නේ කියල දෙගොල්ලොම තමන් කෙරෙහි ඇති කරගත් මානයකින් හිටියේ.
මේ
පන්සල් දෙකටම පසුව මහණවීමේ බලාපොරොත්තුවෙන් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට ඇප
උපස්ථාන කරමින් ධර්මය ඉගෙනගනිමින් සිටි පොඩි පිරිමි ළමුන් දෙන්නෙක් හිටිය.
මේ කොලුවෝ දෙන්න එකිනෙකා එක්ක යාලුවෙයි කියල පන්සල් දෙකේම ලොකු හාමුදුරුවරු හරිම
බයෙන් හිටියේ.
'' මතක තබාගන්න අනෙක් පන්සලේ ඉන්නේ අපේ හතුරෝ. කිසිම විටෙක ඒ පන්සලේ ඉන්න කොලුවා
එක්ක කතා කරන්න එපා. ඒ පන්සලේ ඉන්නේ මහා භයානක මිනිස්සු. වසංගත රෝගයක් මග හරින්න
වගේ ඔවුන්ව මග හරින්න "
පන්සල් දෙකේම නායක හාමුදුරුවරු පන්සල් දෙකේ කොල්ලෝ දෙන්නට
දුන්නේ එකම ජාතියේ අවවාදයක්. ළමයින්ට මේක හරිම වදයක්.
''......හැමදාම මහා විශාල ධර්ම කරුණු දාර්ශනික දේවල් එක්ක විතරයි ජීවිතය ගතකරන්න වෙලා
තියෙන්නේ. එපා වෙනවා. සෙල්ලම් කරන්නවත් කවුරුවත් නැහැ. එහා පන්සලේ කොලුවත් එක්ක
යාලුවෙන එකත් තහනම් කරලා......"
එහෙම හිතපු සදහම් අසපුවේ කොලුවා දවසක තීරණය කළා නායක
හමුදුරුවන්ගේ අවවාදය නොතකා ආශ්‍රමයේ කොලුවා සමග කතා කරලා යාලු වෙන්න.
ඔන්න පහුවෙනිදා ළමුන් දෙදෙනාම එළවලු ගෙන්න එකම පාරෙන් කඩපොළට යනවා. දෙන්නම
දන්නවා යන්නේ එලවලු ගේන්න බව.කොහොම වුනත් සදහම් අසපුවේ කොලුවා
සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන් ඇහුවා
"ඔයා කොහෙද යන්නේ'? කියල
ආශ්‍රමයේ ළමය ටිකක්
දාර්ශනිකයි එයා මෙහෙම උත්තර දුන්න.
"කොහෙද යන්නේ ? මෙතන යන එන එන කෙනෙක් නැහැ. එය සිදුවෙන දෙයක්. සුලඟ මාව ගෙන යන
තැනකට මම යනවා..
අපේ නායක හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ ජීවත් වුනෙත් එහෙම හිතමින් කියල.
හරියට වියලී වැටුණු කොලයක් සුළඟට අනුව ගමන් කරනවා වගේ.මම කියල කෙනෙක් නැහැ. ඒ නිසා
ගමන් කරන්නෙකුත් නැහැ .ඔයා අහන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්. මම වියලී වැටුණු
කොලයක් . සුළඟ එම කොළය කොහාටද ගෙනයන්නේ ඒ අනුව යනවා ........
ඔන්න ඔහොම හෑල්ලක් සද්ධර්ම ආශ්‍රමයේ කොලුවා කියාගෙන ගියා. අසපුවේ කොලුවා මේ
උත්තරයෙන් තක්බීර් වෙලා ගියා. විශාල ලැජ්ජාවකට පත්වුණා.
''යන්නේ කොහෙද කියල නිකමට ඇහුවේ. දන්නවා එළවලු ගේන්න කියල. ඒකට දීපු උත්තරේ
හැටි ! මේ උදවිය සමග කතා කරන්න එපා කියල නායක හමුදුරුවේ කියල තියෙන්නේ තේරුමක්
ඇතිව. මේ අය මහ භයානක මිනිස්සු'' එහෙම හිතපු සදහම් අසපුවේ ළමය කඩපොළට යන අතරේ මේ
සිදු වුන දේ ගැන සදහම් අසපුවේ ලොකු හමුදුරුවන්ට කිව්වා.
" මම ඔබට කියල තිබෙනවා නේද ඔවුන් සමග කතා කරන්න එපා කියල.
දැන් කරන්න දෙයක් නැහැ. ඔබ පරාජය භාර නොගත යුතුයි හෙට උදේ කඩපොළට යනකොට
ඒ කොලුවගෙන් ආයෙමත් අහන්න " කොහෙද යන්නේ"? කියල. එවිට ඔහු අර සුළඟේ කතාව කියාවි.
එතකොට ඔබ මෙසේ කියන්න.
ඒක ඇත්ත... ඔව් ඔබ වියලී වැටුණු කොළයක්.. මමත් එසේමයි.. නමුත් සුළඟ හමන්නේ නැතිවිට
ඔබ කොහාටද යන්නේ. එවිට ඔබට කොහාටද යා හැකි වන්නේ?........... යනුවෙන් අසන්න. එවිට
ඔහුට උත්තර දෙන්න බැරිවේවි. ඔහු ලජ්ජාවට පත් කරන්න. ඔහු පරාජය කරන්න. මතක තියාගන්න
අපේ පන්සල කිසිම විවාදයකින් පරාජය කරන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා.
ඔබත් පරාජය භාරගන්න එපා.. "
කියල සදහම් අසපුවේ නායක හාමුදුරුවෝ කොලුවාට උපදෙස්
දුන්න. කොලුවටත් හරි සතුටුයි. වාද කරන්න කරුණු තියෙනවා.කොලුවා මේ උත්තරේ කට පාඩම් කළා. . පහුවෙනිදා උදේට ප්‍රතිවාදියා පරාජය කරන හැටි
හිතෙන් මවාගෙන උත්තරේ පුරුදු පුහුණු වුනා.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ කොලුවා සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන්
ඇහුව "කොහෙද යන්නේ?"
"'කකුල් දෙක කොහාටද මාවගෙනියන්නේ එතනට යනවා"
ආශ්‍රමයේ කොලුවා කිව්වා.
වෙනස් උත්තරයක්. සුළඟක් ගැන කොලයක් ගැන කිසිම සඳහනක් නැහැ.
අසපුවේ ළමය ආයෙත් ලජ්ජාවට පත්වෙලා ගිහින් ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වා. සදහම් අසපුවේ නායක
හාමුදුරුවොත් ඇරියේ නැහැ.
''හෙට ගිහින් ඒ ප්‍රශ්නයම අසන්න. එවිට කකුල් දෙකේ කතාව කියයි. එතකොට
ඔබට කකුල් දෙකක් නැතිනම් එවිට කොහොමද යන්නේ කියල අහන්න".
නායක හාමුදුරුවෝ කොලුවට
උපදෙස් දුන්න.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ ළමයා ආශ්‍රමයේ ළමයාගෙන් අහනවා
"කොහෙද යන්නේ ?
මම මේ කඩේ යනවා එළවලු ගේන්න! " සද්ධර්ම ආශ්‍රමයේ ළමය කිව්වා.
දැනුම ඇති පුද්ගලයාට ජීවිතය ව්‍යාකූල වන්නේ කලින් සකසන ලද පිළිතුර සියල්ල ඔහු
සතුව තිබෙන නිසයි. භගවත් ගීතාව කුරානය බයිබලය,වේද ග්‍රන්ථ සියල්ල ඔහුට කට පාඩම්ය.
නමුත් ජීවිතය එකම ප්‍රශ්නය නැවතත් නොඅසයි. එම නිසා දැනුමැති පුද්ගලයා සිටින්නේ
අසහනයෙනි.
ඔශෝගේ කතාවක්. සුදත් පොඩිරත්න හොඳ පරිවර්තනයක් කරලා තිබෙනවා මෙය එය ඇසුරින් සැකසූවක් .
පරණේ උඹ ඉස්සර කළේ කොළඹ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ කඩේ ඇරපු එක. දැන් උඹ බ්ලොග් කියවන එවුන්ව කඩේ අරිනවා කියල තමයි මට නම් පෙනෙන්නේ. ලියපන් ලියපන් . මම දන්නවා උඹ ලියන්න පටන් ගත්තහම උඹටවත් නවත්වගන්න බැහැ කියල. ආශාවෙන් කියවනවා.
ReplyDeleteතාරක
අපි නොදැනීම කඩේ යවනවා . අපිත් මෝඩයෝ වගේ කඩේ යනවා. ඒත් අන්තිමට හිස් මල්ලත් අරන් ගෙදර එනවා. ඕන්න අසපුවල ඇත්තන්ගේ වැඩ.
ReplyDeleteකවුරුත් කාටත් කඩේ යන එක තමයි කරන්නේ. ඉඳ හිට කඩේ වෙනස් වෙනවා එපමණයි...
ReplyDeleteඑකගයි.....
Deleteකඩේ යන උන්ගෙන් තමයි බේරෙන්න බැරි
ReplyDeleteකඩේයාම හොදම මාතෘකාවක්..සමහරු අපට කියනවා කඩේ යනවා කියලා.. අනේ බලන කොට එයාලත් කඩේ යනවා..වෙනස අර ආරාම දෙක වගේම විතරයි.. රස ලියැවිල්ලක්..
ReplyDeleteසැබවින්ම අධ්‍යාපනය විසින් කල යුත්තේ අප සිතිය යුත්තේ කුමක්දැයි කියාදීම නොව සිතන්නේ කෙසේදැයි ඉගැන්වීමයි . දැනුමැත්තා අසහනයෙන් සිටින්නේ එබැවිනි .....
ReplyDelete