වර්තමානය යනු අතීතයේ දරුවෙකි. අද සිටින ඔබ නිර්මාණය වූයේ ඊයේ ඔබගේ ඉතිහාසය
මගිනි. ( මෙතන ඉතිහාසය යනු 'අතීතය' 'යටගියාව' යන අරුතින් යොදා ඇත. ) ඔබ ඔබට ගරු
කරන්නේනම් ඔබේ ඉතිහාසයටද ගරු කරන්න. එහෙත් ඉතිහාසයට ගරු කිරීම යනු ඉතිහාසය කවියට
නැගීම නොවේ. කවිය සහ කාව්‍යෝක්තීන් අපට අවශ්‍යය. එහෙත් ජීවිතය තේරුම් ගැනීම
කාව්යෝක්තීන්ගෙන් පමණක් කළ නොහැකිය. නැවතත් ඉතිහාසය දෙසට හැරෙමු. ඉතිහාසයෙන් ඔබට
ගැලවීමක් නැත. ඔබේ සෙවනැල්ල ඔබ සමගම එන්නේ යම්සේද ඉතිහාසයත් ඔබ සමග පැමිණෙනු
ඇත.
ඔබ අන්ධකාරය දෙසට පියනගන කල ඉතිහාසය නමැති ඔබගේ සෙවනැල්ල සියලු
කාව්‍යෝක්තීන් සමගින් ඔබ ඉදිරියෙන් ගමන් කරමින්
ඔබ දූ කෙළියෙහි, දුරාචාරයෙහි, අවේලාවේ
වීදි සංචාරයේ යොදවන පාප මිතුරෙකු සේ අන්ධකාරයට ගමන් කරනු පිණිස ඔබට මග පෙන්වයි.
ඔබ ආලෝකය දෙසට ගමන් කරනවිට ඉතිහාසය නමැති ඔබේ සෙවනැල්ල කාව්‍යෝක්ති පසෙකලා
විචාර බුද්ධිය සමගින් ඔබේ කල්‍යාණ
මිත්‍ර ගුරුවරයකු සේ ඔබ පිටුපසින් හිඳිමින් ඔබට දිරි
දෙමින් ඔබ පසු පසින් ගමන් කරනු ඇත. මේ තත්වය පුද්ගලයන්ගේ ඉතිහාසයට මෙන්ම
රාජ්‍යයන්ගේ ඉතිහාසයටද අදාලය. කාව්‍යෝක්ති
පමණක් ඉතිහාසය ලෙස සලකන රාජ්‍යය යන්නේ අඳුරටය. තම ඉතිහාසය විචාර බුද්ධියෙන්
පිළිගන්නා රාජ්‍යය ආලෝකය දෙසට ගමන් කරයි.
සමහර නූතනවාදීන් කියන්නේ බටහිර ජාතීන් අපේ රටට එන්නට කලින් අප නිකම්ම නිකන්
බයියන් පිරිසක් ලෙස ජීවත් වූ බවය. හරි හමන් දැනුමක් නැතිව හරියට අදින්නට පළදින්නට
දන්නේ නැතිව නීතියක් රීතියක් චාරිත්‍රයක් දන්නේ නැතිව උපන්නාට මේ ලොව වැනෙනවා
ලෙසින් ජීවත් වූ රිලා මොටයි පිරිසක් බවය. ඉතිහාසයට ගරහන්නේ එලෙසය! අනේ අතට සමහර
ජාතිකවාදීන් සහ දේශප්‍රේමීන් කියන්නේ අප ඉතා ස්වර්ණමය අතීතයක සිට ක්‍රමයෙන්
පරිහානිය කරා ගමන් කරන බවත් එම අතීත ශ්‍රී විභූතිය යලි අත් පත්කර ගැනීමට නම් අප
අපගේ ඔරලෝසුව ආපස්සට කරකැවිය යුතු බවත්ය. ඉතිහාසය කවියට නගන්නේ එලෙසය!.
"අප සාගරය පරයන මහා වැව් දාගැබ් සහිත ශිෂ්ටාචාරයක් හදද්දී බටහිර
ජාතීන් (සුද්දන් ) දඩමස් පලහා කමින් ගල් ගුහා වල වැද්දන් සේ ජීවත්වූ''
කතාව අප සිය දහස් වර අසා ඇත්තෙමු. මෙය වනාහී අපේ රාජ්‍යයේ ඉතිහාසය පිලිබඳ නිතර පට්ට
ගසන කාව්යෝක්තියකි.'පට්ට' පට්ටන්දරයකි. කවියකි.
මේ කවිය අපට මුලින්ම කිව්වේද සුද්දෙක්ය යන කාරණයද අමතක කරමින් සුද්දන්ගේ ඉතිහාසයට
ගරහා අපේ ඉතිහාසය උඩ දැමීමට මේ කවිය නිතරම කියමු.
මේ කවිය මුලින්ම කිව්වේ18 වන ශත වර්ෂයේ
බ්‍රිතානයේ සිටි කොන්සර්වටිව්වාදී මන්ත්‍රීවරයකු වූ එඩ්මන්ඩ් බර්ක්ය.බර්ක් එසේ පැවසුවේ ඉන්දියාවේ ජනතාව ගැනය. " a people for ages civilized and cultivated... while we were yet in the woods"යනුවෙන් ඔහු පැවසුවේ පෙරදිගට ශිෂ්ටාචාරය රැගෙන ගියේ තමන් විසින්ය යන මානයෙන් ඔලුව
උදුම්මාගෙන හිටි සමහර සුද්දන්ගේ මානය බිඳ දැමීමටය. එහෙත් එංගලන්තයේ දී කිව් මේ කතාව
වැඩියෙන් ජනප්‍රිය වූයේ එම රටේදීටත් වඩා ඉන්දියාවේය. ඉන්දියාවෙන් අප ශ්‍රී
ලන්කාවටද පැමිණ අප රටෙත් වඩාත් ජනප්‍රිය යෙදුමක් විය.
නූතනත්ව යුගයට පෙර සුද්දාට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර
ජාතිකවාදියෝ කියති.
නූතනත්ව යුගයට පෙර අපට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර නූතනවාදීයෝ කියති.
මේ දෙගොල්ලොම තරගෙට කවි කියති.
ඊ ළඟ කොටසින්........ පෙරදිගට අපරදිග මුණගැසීම
නූතනත්ව යුගයට පෙර අපට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර නූතනවාදීයෝ කියති.
මේ දෙගොල්ලොම තරගෙට කවි කියති.
ඊ ළඟ කොටසින්........ පෙරදිගට අපරදිග මුණගැසීම
මාතෘකාව කාලෝචිතයි හිතුණා. බලා ඉන්නවා අනෙක් ලිපියත්. ඉතිහාසය විතරක් නොවෙයි ආලෝකයක් දෙන පහනක් වූ මොනම දෙයක් වුණත් ඉහට උඩින් උස්සා පෙරමග අඳුර තුනී කරගන්නවා වෙනුවට ඒ පාමුල දණින් වැටී ඇස් කණ කරගත්තාම සිද්ධ වෙන්නේ විපතක්.
ReplyDeleteGood piece of work...look forward to reading the next article..!!!!!!!
ReplyDeleteකවි කර කියන බයිලා! ආසාවෙන් කියවනවා.ඔහොම ඉදිරියටම යමු.
ReplyDeleteඉතිහාසයේදී අපි කොච්චර ශිෂ්ඨාචාර විදිහට , වැව් වේලී බැදගෙන ලස්සනට හිටියත් දැන් නම් අපි නන්නත්තාර වෙලා ඉන්නේ....ලෝකය අපිව පහු කරන් ගිහිල්ලා....අපේ තියෙන මානව සම්පත හරි හැටි එලියට එන්නේ නෑ.....මට නම් හිතෙන්න අපි සුද්දගෙන් බොරුව ඉගෙනගත්තා...දැන් බොරුව මත අපේ සමාජේ දුවනවා...ඒත් සුද්දා බොරුව අතහැරලා ගොඩක් කල්...ඒක හිනදා උන් දියුණු වෙනවා..අපි තාම අතීත පුරජේරු කියව කියව ඉන්නවා....
ReplyDelete