''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට" ?
මේ සිනමා දෙබස් කණ්ඩය මට තවම මතකය. චිත්‍රපටය 'සිරිබෝ අය්යා'. තිරගතවු වසර 1980. අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න. චිත්‍රපටයේ එම දෙබස කියන්නේ අවුරුදු දහයක දොළහක තරම් වයසේ කොලු ගැටයෙකි. එකල මමද එම වයසේම පසු වු කොලු ගැටයෙකු වුවෙමි. මහාචාර්ය සුනිල් ආරියරත්න මෑතකදී 'පත්තිනි' නමින් චිත්‍රපටයක් කළේය. එය තවමත් සිනමා ශාලාවල තිරගත වන අතර මමද ඊයේ පෙරේදා දවසක එය නැරඹුවෙමි. එහි එකම දෙබස් කණ්ඩයක් වත් මට මතක නැත.
පත්තිනි චිත්‍රපටයේ කතා තේමාව පතිවත රකිනා 'කන්නගී' නම් ස්ත්‍රිය වටා ගෙතී ඇත. කන්නගී තම පතිවතේ බලයෙන් සිය සැමියාට හිරිහැර කරන පඩිපුර රජු ඇතුලු රට ගිනි තබා විනාශ කරයි. අනතුරුව බුදු දහම කෙරෙහි පැහැදී බුදුබව පතනා බෝසත් වරියක්ද දේවතාවියක්ද වන්නීය. මේ චිත්‍රපටය සුචරිතවාදී කෝදුවෙන් යහමින් මැණිය හැකි පිළිම වලට පවා පණ එන ගනයේ එකකි.
සිරිබෝ අය්යා චිත්‍රපටයේ සුචරිතය අහළ ගං හතකවත් නැත. ගීතා කුමාරසිංහ එහි රගපාන්නේ පතිවත බිදනා ස්ත්‍රියකගේ චරිතයයි. සිරිබෝ අය්යා නමැති කරත්ත කරුවා ගැහැණුන් දෙදෙනෙකුට පෙම් කරන අතර ගල් වෙඩිල්ල පිපිරීමෙන් දෑස් අන්ධ වූ ඔහුට අවසානයේ පිළිසරණ වන්නේ 'පත්තිනි අම්මා' කෙනෙකු නොව 'රෙද්දේ තුත්තිරි' තවරාගත් පතිවත බිදගත් ස්ත්‍රියයි.
මේ චිත්‍රපට දෙකෙන් ජිවිතයට වඩා සමීප වන්නේද ජීවන සහකම්පනයක් මතු කරන්නේද සිරිබෝ අය්යා මිස පත්තිනි ය නොවේ.
පත්තිනි කතාව දකුණු ඉන්දීය ජනස්‍රැතිගත දේවකතාවකි. එය පසුව සිංහල ජනස්‍රැතිගත දේවකතාවලියටද එක්විය.එය මිථ්‍යාහරණය කොට අප ජීවිතයට සමීප පුවතක් බවට ජිවිතය පුබුදුවනා සිනමා කෘතියක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සමත් වී නැත.
සිරිබෝ අය්යා කතා පුවත ප්‍රබන්ධයකි. අපේ රටේ ජන ජීවිතයේ හරස් කඩකි. එසමගම එය අපේ රටේ ජනස්‍රැතියේ ප්‍රමුඛාංගය වන සැප දුක රාගය අනුරාගය විරාගය ආදී සියලු හැගිම් කැටිකරනා ජන කවිය නමැති සලුවෙන් ඔතමින් පොදු ජනමනසට සමීප කළ සිනමා කෘතියකි.
චිත්‍රපටයේ නන්දා මාලිනී සහ අමරදේව ගැයූ එම ජන කවි මාලාව පසුබිම් කථකයකුගේ චරිතය පණපොවමින් සිතුවම් පටයේ කතාව ඉදිරියට ගෙන යයි.
https://www.youtube.com/watch?v=Dorh0ijFk2k
සිරිබෝ අය්යා මේ දැනුත් අප ළග සිටින්නාසේය. පත්තිනිය ජීවිතයෙන් දුරස්තර අභව්‍ය දේව කතාවකි.
(මෙය සිනමා විචාරයක් නොවේ. රසික සටහනක් පමණි)
සීයට සීයක් එකග වෙමි............. අපේ සමාජයට දැනෙන ගැලපෙන කතාවක ලක්ෂණ සහිත නිර්මාණයක් සමාජගත වීම අනෙකකට වඩා වැඩියෙන් සිදු වන්නේ එහෙයිනි... ඔබට මතක තියෙන බොහොමයක් මතක ඇත්තේ ද එබැවිනි. මෑත කාලීන ව ලංකාවේ රජ කතා වලද ඔය කියන ඉන්දියානු ලක්ෂණ බහුල වීම නිසා ඒවා බොලිවුඩ් ඝණයට හසුවූ නිර්මාණ වූවා මිස ලංකාවේ සමාජයට දැනුණ නිර්මාණ නොවීම එක අතකින් රටේ කරුමයකි......
ReplyDeleteගීතා කුමාරසිංහ එහි රගපාන්නේ පතිවත බිදනා ස්ත්‍රියකගේ චරිතයයි.////////// මේ චරිතය කලේ සෝමලතා සුබසිංහ නේද ?
ReplyDelete"පත්තිනි" බැලුවේ නැති නිසා අදහසක් කියන්න මරුයි. නමුත් සිරිබ් අයියා නම් හොන්ඩ අචිත්රපටියක්.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteAnonymous7 June 2016 at 18:32
Deleteblog administrator.ලොක්කා මොකෝ ලෝටස් ලන්ද එක ගැන කියනකොට කපලා අයින් කරන්නේ ලියපු දේ ගැන අවුල් ද ඇයි මේක සම්මානෙට සුදුසු නැද්ද
සුනිල් සර්ගේ දැන් චිත්‍රපටිනම් මෙලෝ රහක් නෑ.
ReplyDeleteසිරිබෝ අයියා ගැන මුළුමනින්ම එකඟයි.සිරිබෝ කවි ගැන මමත් පොස්ටුවක් ලියා ඇත.
ReplyDeleteචිත්තරපටි නෙවෙයි කෝකත් එහෙමයි.. විඳින එකා අඳුනන ලුණු ඇඹුල් රහ නැති උනාම විසික් වෙනවා නොදනිම..
ReplyDeleteපත්තිනි එකේ සුනිල් ආරියරත්න පට්ට ෆේල් වගේය...එහි පූජාව පට්ටට හුරතල් කොට තිබිනි
ReplyDeleteමේ වගේ සිනමා විකාර බොහෝම වටිනවා... මමත් පත්තිනි බැලුවේ කපිල එම් ගමගේ කයි කාරයගේ බුකි විකාරයක් දැක්කට පස්සේ.. හේතුව උන්නැහේ කියලා තිබ්බ මෙහෙම...
ReplyDelete// කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී "පත්තිනි" නැරඹුවෙමි. චිත්‍රපටය ඇරඹී විනාඩි 15කින් මා නිදා වැටෙන්නට විය. ජීවිතයේ කිසි දිනක චිත්‍රපටයක් නැරඹීමේ දී නිදි නොකැදවුණු මගේ දෑසට නින්ද කැදවීමට සමත් වූ "පත්තිනි" චිත්‍රපටය පොල් පරාල දෙකක් ගසා ඇසි පියන් ඔසවා තබාගෙන නැරඹීමි. වාක්‍ය දෙකකින් චිත්‍රපටය ගැන ලිවිය හැකිය.
"මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පූජා ගේ සුරූපි නාරි දේහයට ලාලසාවකින් (ළුස්ට්) බැදී ඇත. ඔහු සිය කාම තෘෂ්ණාව ප්‍රකාශ කිරීම් වස් පූජාගේ සිරුර විිවිධ කෝණයන්ගෙන් රූප ගතකර තිබේ."
දෙයියනේ මහාචාර්යතුමනි, ඔබ එය අපට පෙන්නුවේ ඇයි? අපට පූජා ගැන එහෙම අදහසක් නැත. //
ඉතින් දැන් බලන්නේ නැතිව කොහොමද...? ගීතට වඩා අඟ පසඟින් බොහෝම ඉහලයි නේ පූජා... ඉතින් එදා දවසෙම පූජත් එක්ක සිතින් රමණයේ යෙදුනා... අපරාදේ කියන්නේ හින්දි සෝ වල වගේ නියමෙටම පෙන්නනවා... කපිල බොරු කියන්නේ.. නින්ද යන්නේ නම් නෑ.. කව්ද බං රමණයේ යෙදෙන කොට නිදා ගන්නේ... පූජට තද වෙයි..
"කුස පබා" ත් ඔහුගේ නේද?
ReplyDeleteඒක නම් ඉතා දුර්වල නිර්මාණයක්
සුනිල් ආරියරත්නයන්ගේ ගීපද නිර්මාණ වලට කිට්ටු වෙන්න තරම් ඔහුගේ චිත්‍රපට නිර්මාණ කරනය සාර්ථකවී නැහැ.
ReplyDelete“පත්තිනි“ වගේ දේව කතාවක් අපට සමීප චිත්‍රපටයක් බවට පත් කරන්න සුනිල් ආරියරත්න තියා මොනම ජගතුකටවත් බැරි වේවි.
ReplyDelete//ගල් වෙඩිල්ල පිපිරීමෙන් දෑස් අන්ධ වූ ඔහුට අවසානයේ පිළිසරණ වන්නේ 'පත්තිනි අම්මා' කෙනෙකු නොව 'රෙද්දේ තුත්තිරි' තවරාගත් පතිවත බිදගත් ස්ත්‍රියයි.//
හිත හොඳ ගෑනි හැමදාම බඩින්ලු.
mama ghithanne Sunil lokka films hadanne poojawa atha patha ganna labena nisa...
ReplyDeleteAnupama.....duka hithenwa oyi...
මේ නිවාඩුවේදි පත්තිනි ෆිල්ම් එක බලන්න ඕන කියලා ආසාවෙන් හිටියා ඒත් බැරි උනා. ගිය නිවාඩුවකදී බලපු කුස පබා ෆිල්ම් එකේ ගොන් පාර්ට් තාමත් බිරිඳයි මායි මතක් කර කර හිනා වෙනවා . ..
ReplyDelete