සමානාත්මතාව යනු සමාජ විමුක්ති අදහසකි. සමාජයක් අවමානුෂිකකරණයෙන් ගලවාගන්නේ සමානාත්මතාව උදෙසා වන සමාජික ක්‍රියාකාරකම් මගිනි. සමානාත්මතාවාදය අප ජීවන දෘෂ්ඨියක් ලෙස හුරු කර ගත යුතුය. ජිවන භාවිතාවක් ලෙස ප්‍රගුන කළ යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. එහෙත් කිසියම් සාර්ථකත්වයකින් යුතුව හෝ සමානාත්මතාව අදහසක් ලෙස සහ ජීවන චර්යාවක් ලෙස පුරුදු පුහුණු කරගත හැක්කේ සමානාත්මතාව මුලධර්මයක් ලෙස පිළිගෙන ආරක්ෂා කරන්නා වු අධ්‍යාපන ක්‍රමයක පැවැත්මක මගිනි. කුලියාපිටිය සිද්ධිය පෙන්නුම් කරන්නේ මේ වැදගත් මුල ධර්මය අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරමින් අපේ මිණීවල අපම කපා ගන්නා මුග්ධ සමාජයක් වෙත ගමන් කිරීමට සූදානම් සමාජයක් අප දැනටමත් නිර්මාණය කරගෙන තිබෙන බවය.
මනුෂ්‍යත්වයට නිගාදුන් වැඩවසම් සමාජ පර්යායකින් අප මේ තරමට හෝ නිදහස් වුයේ අප රටේ ඇති වු දේශපාලන විප්ලවයක් නිසා නොව යටත් විජිත උරුමයක් ලෙසම අපට ලැබුන අධයාපන ක්‍රමය නිසාමය. යටත් විජිත අධ්‍යාපන ක්‍රමය විසින් ඉටුකරන ලද සමාජ විමුක්ති කාර්ය භාරය අධයාපන විශේෂඥයන්ටත් වඩා හොදින් අපේ සමහර සාහිත්‍ය කරුවන් අතින් විග්‍රහ වී තිබේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියු 'සෙංකොට්ටං' නවකතාව එයට උදාහරණයකි. පීඩිතයාගේ විමුක්තිය සැළසූ එකම මාවත වුයේ අධ්‍යාපනය බව පෙන්වන යටි කතාවක් මේ කෘතිය අස්සෙන් සොයාගත හැකිය.
එහෙත් එබදු සමාජ විමුක්ති විභවයක් සහිත වූ අධ්‍යාපනය අප අද මේ වන විට යොදා ගන්නේ මුග්ධ ස්වාර්ථකාමයක් සාධනය කිරීම වෙනුවෙනි. මේ ස්වාර්ථකාමය අද පොදු ජන අධ්‍යාපන දෘෂ්ටිය බවට පත් වී ඇත. ඡන්ද දේශපාලනය මේ ස්වාර්ථකාමී පොදු ජන දෘෂ්ටිය ඉදිරියේ යටත් වී ඇත. පොදු ජනයා අධ්‍යාපනය භාර ගත්තේ සමාජ විමුක්ති අර්ථයකින් නොව අතිශය පුද්ගලවාදී අර්ථයකින් බව 'පුංචිරාල' නව කතාව ලියූ කේ ජයතිලක බොහෝ කලකට පෙර පෙන්වා දුන්නේය.කුලියාපිටිය සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පුංචිරාළලාගේ සමාජයෙන් ගැලවී අගලක්වත් අප ඉදිරියට ගොස් නැති බවය.
හොද විශ්ලේෂණයක්...... මොනවා වුණත් මේකෙන් අපි දැක්කේ ලංකාවේ මිනිස්සුන්ගේ උගත්කම තමා....... බුද්ධිමත්කම තමා...... ඒ නිසා අපිට ආයෙම මේ අධ්‍යාපන ක්‍රමය ගැනත් හිතන්න අවස්ථාවක් ලැබුණා....
ReplyDelete90% ට එහා ගියපු සාක්ෂරතාවක් හිමි අප අද ඔප්පු කරමින් සිටින්නේ මේ අධ්‍යාපනය තුලින් අප උගත් එකම දෙය අක්ෂර පමනක් ය යන වග නොවේ ද? ගල් යුගයේ මිනිසුන් මෙන් මිනී මරමින්, සතුන් පලහා කමින් අප ලෝකය ට කියාදෙන්නේ තවමත් අප අකුරු උගත්ත ද අදහස්, සිතුම් පැතුම් අතින් මීට වසර දසදහස් ගණනක් ඈත සිටිනා බව ම නේද?
ReplyDeleteමේ සිදුවීම පිලිබඳ පාසැල්, කලාප, පලාත්, රාජ්‍ය මැදිහත්වීම සැලකිය යුතු තැනක නොතිබුනු බව මගේ හැඟීමයි. එසේ වූවානම් මේ සිදුවීම ගැන මෙතරම් රට කතා නොකරන්නට ද තිබුනා යැයි මට සිතේ. එහෙමනම් මේ දරුවාට කිසිඳු මානසික පීඩාවකින් තොරව වෙනත් පාසැලකට හෝ ගොස් අකුරු කරන්නට තිබුනි. දැන් මේ දරුවා කුමන පාසලට ගියත් ඒඩ්ස් දරුවෙක් ලෙස හංවඩු ගැසීම සිදු නොවන්නේද?
++++
Deleteඇත්තට කසුන් කියනවා වගේ අපේ සාක්ෂරතාව ගැන උදම් ඇනුවත් තාමත් අපි ගතානුගතික අදහස් වල හිර වෙච්චි ගොර්ත්තිරික ලක්ෂණ තවමත් අඩු නැතුව තියෙන පිරිසක් වගයි.
හැබැයි මේ දරුවාගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කරපු ආකාරය නම් පැසසිය යුතුයි.මේ දරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනි සිටි අයගේ හඬ වෙනුවෙන් මාධ්‍ය විසින්ද හොඳ මෙහෙවරක් කලා.
I wish this article would read by few other politicians also.. no need to name them.
ReplyDelete"බෞද්ධ නමක් ඇති සම්බෝධි විදූහලට අමතක වූ සමානාත්මතාවාදයේ බුදු වදන ක්‍රිස්තියානි ත්‍රිත්ව විදුහල අපට මතක් කර දී ඇත. ත්‍රිත්ව විදුහල ලබා දි ඇත්තේ බෞද්ධයාගේ හෘද සාක්ෂියේ පතුළටම ඇනෙන්නට වැදූණ පිළිතුරකි." මෙයයි, සිද්ධිය පිළිබඳව යථාර්ථය.
ReplyDeleteSirimage anduwa wisin katholica pasal pavara ganeema athishaya waradi deyaki. Mata rajaye pasalakata mage eka danna laksha 12 k giya. Duwa va katholica widuhalakata danna sathayk giye nehe.
ReplyDeleteමෙහිදී ත්‍රිත්ව විදුහල ලබා දී ඇති පිළිතුර බෞද්ධයාගේ මෙන්ම ලංකා අධ්‍යාපන පාලන,පරිපාලන, අධ්‍යාපනඥ යන ත්‍රිත්වයේ හෘදසාක්ෂියේ පතුලටම ඇනෙන්නට ලබාදුන් පිළිතුරක් ද වෙයි. මේ සිද්ධිය අවධාරණය කර ලබාදෙන වැදගත්ම පණිවුඩය වන්නේ පවතින අධයාපනයට නව දැක්මක් මත දියත්වන සැලසුමක් සහ පවතින රටාවෙ විප්ලවීය වෙනසක් අත්‍යවශ්‍ය වී ඇති බවය.
ReplyDelete