Thursday, 14 March 2013

ආගම පසු බසින්නට සූදානම් නැත

නූතන රාජ්‍යය ගැන විමසන මෙම ලිපි පෙළට අත්‍යවශ්‍ය පෙරවදනක් ලෙසින් මෙම සටහන ඉදිරිපත් කෙරේ.

බහු දේව වාදය රජකළ ග්‍රීක සහ පෙරදිග පූර්ව නූතන රාජ්‍ය සමයේ දේශපාලනයට වඩා නූතනවාදයේ දේශපාලනය වෙනස්ය. ඒ දෙවියන් නැති නිසා නම් නොවේ. දේශපාලන භූමිය දෙවියන් වැඩි දෙනා විසින් හවුලේ භුක්ති විඳිනු වෙනුවට එය තමන්ට පමණක් අත් පත් කර ගැනීමට දෙවියන් දෙතුන් දෙනෙකු පොරකන නිසාය.

නූතනවාදයේ 'මහා උදාන වාක්‍යය' වූයේ ආගමින් දේශපාලනය වෙන් කිරීමට නූතනවාදය සමත් වූ බවය.ලව්කිකවාදය (secularism) කිරුළු පැළන්දූ බවය.ප්‍රංශ විප්ලවය මේ උදානයේ දේශපාලන සංකේතය විය. එහෙත් නූතන වාදයට ගැලවිය හැකි වූයේ ආගමේ පිට පොත්ත පමණි.ආගමේ හරය එලෙසින්ම දේශපාලනය ඇතුලෙහි ඉතිරි විය. "දෙවියන්ගේ දේවල් දෙවියන්ටත් සීසර්ගේ දේවල් සීසර්ටත්" දෙන ලෙස පැවසුවද දෙවියන් එය ඇහුවේ නැත. යුරෝපයේ විප්ලව සමයේදී ඉස්සරහ දොරින් පලාගිය දෙවියෝ නැවතත් පස්ස දොරින් දේශපාලන කරලියට වැඩම කළහ.

බටහිර පෙරදිග භේදයකින් තොරව ආගම දේශපාලනය ඇතුළට කඩාවැදීම කිසිවිටෙකත් 'පශ්චාත් නූතන තත්වයක්' නම් නොවේ. ගෝලීයකරණයේ නිශේධනීය ප්‍රතිපලයක්ද නොවේ. එය ආගම් බිහි වූ දා සිටම සිදු වූ සන්තෑසියකි. ආගම තවම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට සූදානම් නැත. නූතනවාදයට දෙවියන් දේශපාලනයෙන් පිටමන් කළ නොහැකි වූයේ ඇයි? නූතන වාදයද දෙවියන්ගේ තවත් අවතාරයක් වූ බැවිනි. නූතනවාදය වනාහී ආගම තවත් ආකාරයෙන් (religion by other mean) ක්‍රියාත්මක කිරීමක් විය.
ඉදිරියට ............

3 comments:

  1. There is no 'Return of Religion' as most western scholars argue. Because to return, religion never left us
    Religion is the constructed reality in whic we do our socio-politocal sytermertization

    ReplyDelete
  2. ආගම හුදු පුද්ගලික මනෝභාවයක් විය යුතුයි යන්න මගේ වැටහීමයි. එය පාසැල් තුලින් ඉවත් විය යුතු අතර, රටක ව්‍යවස්ථාවෙන් එක් ආගමක් ප්‍රමුඛ වීම මම නම් පිළිනොගනිමි. යම් හෙයකින් එසේ වන්නෙ නම් අනෙක් ආගම් වලට ඇති වන හැඟීම ගැන මට ඇති වන්නෙ කනගාටුවකි. රටක ජාතීන් කීපයක් ජීවත් විය හැකි සේම ආගම් රාශියක් ද තිබිය හැකියි. ඒ ඒ ආගම් වල බලස්ථාන ඒවයේ ව්‍යාප්තිය හා ඒ ආශ්‍රිත කටයුතු බලා ගන්නවා හැර රටක ආණ්ඩුවක් ඒ පිළිබඳ කුමක් කරන්නද? ඉන් වන යහපතට වඩා අයහපතක්ම මම දකිමි.
    රටක ආණ්ඩුවකට ඇත්තේ ජනතාවගේ කායික, මානසික පෝෂනය සහ එම රටේ නීතිය බලගැන්වීමයි. අපේ වැනි රටවල මේ කියන දේ හැර අනෙක් සියල්ල යහපත්ව සිදු වන බව මට හැඟේ. ඉන් අප ලබනා ඵල ප්‍රයෝජන තිස් අවුරුදු යුද්දයකින් පසුවත් තේරුම් නොගැනීම මේ රටේ මහත්ම ඛේදවාචකය නොවේද?

    මා පතනා රාජ්‍යය මූලාකෘතියේ ආගමට තිබිය යුත්තේ මෙවැනි තත්ත්වයකි.

    ReplyDelete
  3. අගෙයි..හරිම සතුටුයි මෙවන් බ්ලොග් එකක් පටන් ගැන්ම ගැන. මගේ සුබ පැතුම්.

    ReplyDelete

Google+ Followers