Saturday 13 April 2013

නොනගත සංක්‍රාන්ති සටහන්... සුර්යයා ආවා වුද නාවා වුද මොහොතක....

 සුර්යයා  ආවා වුද නාවා වුද මොහොතක....
 
1. බටහිර පඬිවරුනි, ඔවුන් අනුගමනය කරන පෙරදිග මහා පඬිවරුනි, 'දැනුම බලය වේ' යනුවෙන් බේකන් පඬිවරයා කිව් අදහස අතහැර දැමීමට කාලය පැමිණ ඇත. දැනුමට බලය නොව අධ්‍යාත්මය එකතු කිරීමට කාලය පැමිණ ඇත.
 
2. දේශපාලනය කුමක් පිණිසද? යහපත් රාජ්‍යයක් බිහිකරගැනීමටය. යහපත් රාජ්‍යයක් යනු ධාර්මික රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මහාසම්මතය රැකගනිමින් එම මහා සම්මතය සංකල්පීයව දියුණු කරමින් පුරවැසියාගේ සාමය සෞභාග්‍යය නිදහස  සහ සතුට තහවුරු කිරීම යහපත් රාජ්‍යයේ පරම නිෂ්ටාවය.
 
3. පාලකයා, ජනතාව සහ රාජ්‍ය අතර ඇත්තේ කුමන සම්බන්ධයක්ද? පාලකයා අධර්මිෂ්ට වන විට ජනතාවද රාජ්‍යයද  අධර්මිෂ්ට වේ. ජනතාව අධර්මිෂ්ට වන විට පාලකයා සහ රාජ්‍යය අධර්මිෂ්ට වේ.
 
4. කලාව කුමක් පිණිසද?  කිසිදා පරණ නොවන පිළිතුරක් ඒ සඳහා ඇත. කලාව ඇත්තේ  අර්ථ, ධර්ම කාම, මෝක්ෂ සාධනය පිණිසය. එහෙයින් කලාවෙන් අර්ථ සම්පාදනය කරගන්න. කලාවෙන් ධර්මය පසක් කරගන්න. කලාවෙන් කාමය අත්දකින්න. කලාව මෝක්ෂ මාර්ගයක් කරගන්න.
 
5. ඔබේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගරු කරන්න. එහෙත් ඉතිහාසය සහ සංස්කෘතිය දෙස විචාරයෙන් බැලීමට පුරුදුවන්න. පෘතග්ජන අපට නිර්මාණය කරගත හැකි හොඳම දැනුම විචාරාත්මක දැනුමයි. ගතානුගතික මරුකතරේ ඔබේ විචාර මනස සිදී බිදී වැළලී යාමට ඉඩ නොදෙන්න.
 
6.ආගමික ගැටුම් මනුෂ්‍යත්වයට ඔබින පරිදි විසඳීමට ඇත්තේ එකම මගකි. සහජීවනය, සහජීවනය සහ සහජීවනය පමණි. මුලධර්මවාදීනි, ඔබේ මහ ලොකු පුස්තකාලයේ තිබෙන පොත්වල ඇත්තේ ප්‍රශ්න මිස විසදුම් නොවේ. කරුණාකර  පුස්තකාලයෙන් ලෝකයට බසින්න.
 
7. ලෝකය ඇත්තේ මගේ සහ  ඔබේ බඹයක් පමණ ශරීරය ඇතුලේමය. එයින් බාහිර ලෝකයක් නැත.  ඔබේ ලෝකය පනවාගන්නේ ඔබය. මගේ ලෝකය මමය.
 
8. ඔන්ටෝලොජියක් නැත. ඇත්තේ එපිස්ටෝමොලොජි පමණි. ඔන්ටෝලොජියක් ඇතැයි  කීමද නැතැයි කීමද එපිස්ටෝමොලොජි කතාන්දරය.
 
9. දවසේ වැඩ කටයුතු නිමවී අවරදිගින් බැසයන සූර්යයා " මගේ වැඩ කොටසට මෙතැන් පටන් උරදෙන්නේ කව්දැයි" ඇසුවේය. මහා පෘථිවි පොලව එබස නැසූ කන්ව මුනිවත රකිමින් නිහඬව සිටියේය.  පොලව එසේ නිහඩව සිටින කල එම මහා පොලවටම අයත් මැටිපිඩකින් තනනු ලැබූ පුංචි මැටි පහනක්, "හිමි සඳුනි මට හැකි පමණින් උත්සාහ කරන්නම්" යයි සූර්යයාට  පැවසීය.

''who will take up my work''
said the setting sun.
 
Earth kept silent like a picture
 
But there was an earthen lamp
that said
 
''My Lord I shall do what little I could do"
 
 
සතර දිගන්තය කියවන රසවිඳින අගයන බනින මල් පුදන ගල් ගසන ඔබ සැමට සුබ නව වසරක් වේවා !  
    

10 comments:

  1. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් සපිරුණු වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ
    පිරිනමමු ...!

    ReplyDelete
  2. [[ඔන්ටෝලොජියක් නැත. ඇත්තේ එපිස්ටෝමොලොජි පමණි. ඔන්ටෝලොජියක් ඇතැයි කීමද නැති කීමද එපිස්ටෝමොලොජි කතාන්දරය.]]

    තව ටිකක් විස්තර දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

    2. http://eddiechauncy.blogspot.ca/2012/01/what-are-ontology-and-epistemology_12.html

      Delete
  3. Fu&&$ damn good post mate.....it suks my soul.....

    ReplyDelete
  4. සුබ නව වසරක්! ‍ඔබේ පවුලේ හැමෝටමත්‍‍්!

    -ලොකු

    ReplyDelete
  5. ඔබටත් ඔබගේ පව්ලේ සියලු දෙනාටත් ලැබුවාවූ නව වසර පැතුම් ඉටුවෙන සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ! ! ඔබ වැන්නෙකු ඇසුරු කිරීමට ලැබීමත් භාක්යයක් !!

    ReplyDelete
  6. It is a nice article. I think it would be better if you elaborate more on epistemology and ontology for wider audience. Ruwan

    ReplyDelete
  7. Dhammarama Hamuduruwo.14 April 2013 at 12:58

    Parane Aiya,obata bohomath pin,"Ape Chinthanaya"nawa aruthakin idiri path karanawat.

    ReplyDelete
  8. සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete