උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඉතාමත් ගන සැරේට කටින් ගහගනිමින් සිටියි. මේ
වාචික යුද්ධය වාචික යුද්ධයකින්ම අවසන් වනු දැකීම ලෝක සාමය අගයන කාගේත් පැතුමය. යම්
හෙයකින් මෙය ආයුධ යුද්ධයක් බවට පත්වුව හොත් ඇතිවිය හැක්කේ එසේ මෙසේ යුද්ධයක් නොව
න්‍යෂ්ටික යුද්ධයකි. එවැනි න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලී ගිය හොත් කොරියා දෙකේ පමණක්
නොව අවශේෂ ලෝකයේ ජනතාවද දැවී අළු වී කරුකුට්ටන්වී මුළු ලෝකයම 'ගැන්ගම් ස්ටයිල්' වී යනු ඇත.
උතුරු කොරියාව අන්තිම තුට්ටු දෙකට දමමින් කතා කළ ඇතැම් ඇමෙරිකන්
යුධ විශ්ලේෂකයන් පවා දැන් කියන්නේ ඔවුන් සතුව
අඩුම තරමින් ඇමෙරිකාවට කෙසේ වෙතත් දකුණු කොරියාවටවත් පහර දීමට තරම් මිසයිල
ආදිය ඇති බවය. උතුරු කොරියාව වහසිබස් දොඩන්නේ ඇමෙරිකාව කුඩු සල්ලන් කරන්න වුනත්
තමන්ට හැකි බවය.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් චක් හැගල් මේ වහසි බස් වලට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ඇමෙරිකාවට හුරු සුපුරුදු තර්ජනයේ භාෂාවෙනි ''අපව ප්‍රකෝප කරන්න එපා! අපි දැඩි පියවර ගන්නවා! යයි පෙරේදා ( අප්‍රේල් 02) පැවසු ඔහු අද (අප්‍රේල් 04) කියා සිටින්නේ ෆැසිපික් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වල මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටුවන බවය.
මේ වන විට ඇමෙරිකානු යුධ නැව් කොරියානු ෆැසිපික් කලාපයට යවමින් තිබෙන බව
කියවෙයි. ඇමෙරිකාවේ සහ කැනඩාවේ පත්තරවල පිරි තිබෙන්නේ මේ යුධ තර්ජනය විශ්ලේෂණය කරන
ලිපි වලින්ය. තීරු ලිපි රචකයන් බොහෝ දෙනෙක් කියන්නේ
කොරියාවට ඇමෙරිකාව සමග යුද්ධ කිරීමේ ශක්තියක් නැති බවය. ඔවුන් පෙන්වන්නේ
සහ හුවා දක්වන්නේ උතුරු කොරියාවේ දුප්පත් කමය. විදුලි බලය නැති කමය.
චීනය මත යැපෙන ආර්ථිකය පරාධීනත්වයය. එම සියල්ල ඇත්තය.
එහෙත් මිනී මැරීමේ ශක්තිය අතින් බටහිර මිනිසා මෙන්ම පෙරදිග මිනිසාද වාර්තා
පිට වාර්තා තබා ඇති බව අප අමතක කළ යුතු නැත. ඇමෙරිකාවට ඉරාකයේ සිදු
කළා මෙන් උතුරු කොරියාව ආක්‍රමණය කළ හැකිය. එහෙත් කොරියානු බින්
ලාඩන් ලා බිහිවීම වැළක්විය නොහැකිය.
මීට හරියටම අවුරුදු 100 කට පෙර 1913 දී ලෝකය තිබුනේද අද තිබෙන්නා සේම සේම
යුධ රස්නයක දැවෙමින්ය. යුද්ධ කළ හැකි කවුරුත් හිටියේ වහසි බස් දොඩමින්ය.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆර්ඩිනන්ඩ් කුමරා බොස්නියානු සර්බියන් පුද්ගලයකු අතින් සරාජීවෝ නගරයේදී
ඝාතනය වීමේ තනි සිද්ධිය සමගම එතෙක් දොඩමින් සිටි වහසිබස්
පළමුවන ලෝක යුද්ධය බවට පරිවර්තනය විය. දෙවන ලෝක යුද්ධය යනු එහිම දිගුවකි. යුද්ධයක
හේතුව ඒ වෙනුවෙන් පත්තුවන පළමු වෙඩි උණ්ඩයට ඌණනය කිරීම සුසුසු නැත.
එහෙත් පළමු උණ්ඩය පත්තු නොකිරීමද යුද්ධය වැළක්වීමේ එක පියවරකි.
අප ඉපදුන විසිවන
ශතවර්ෂය වනාහී එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ වැඩියෙන්ම මිනීමැරූ ශතවර්ෂයයි. එරික්
හොබ්ස්බ්වන් නම් ඉතිහාසඥයා කියන්නේ එය මානව ඉතිහාසයේ කෙටිම ශතවර්ෂය බවය . අපට
නම් කියන්න තිබෙන්නේ විසිවන ශතවර්ෂය යනු ''මිනීමරු ශතවර්ෂය'' කියාය.
අපට අවශ්‍ය නම් අපගේ දූ දරුවන් ඉපදුන විසි එක් වන ශතවර්ෂයද
ඊටත් වඩා මිනීමරු ශතවර්ෂයක් බවට පත් කළ හැකිය. අවශ්‍ය ආයුධ අප නිපදවා ඇත.
තිබෙන්නේ කොයි කොනකින් හෝ පත්තු කිරීම පමණි.
එහෙත්
අවි වලින් නැසෙන්නේ අවි ගත්තෝ පමණක් නොවේ. වැඩි පුරම නැසෙන්නේ අවි නොගත්තෝය.
ඔබේ මේ කියෙවූ හතරවන ලිපිය. පළ කරන්න අදහස් රාශියක් තිබ්බට බොහෝ දෙනා ඒ මතයන් වෙනුවෙන් පෙනී ඉදල. ඔබගේ අත්දැකීම්, මතය බේදා ගැනීම ගැන සතුටුයි, දේශපාලනය කෙසේ වෙතත්.
ReplyDeleteමේ ලිපිය සහ සම්බන්ධ වර්තමාන සිදුවීම් ගැන දැක්කහම, කියෙව්වහම දැනුනේ භයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ මානසිකත්වයක් ගොඩ නගල තියන අපේ රටේ උ.කොරියාව ගැන යම් අධි තක්සේරුවක් මාධ්‍ය මගින් උලුප්පා පෙන්වීමක් තිබුණා. ඒ පොදු ජන ෆැන්ටසියට හිරකරල තමන්ගේ මාකට් එක හදාගන්න. නමුත් සත්‍ය තත්වය බලනකොට යම් විදිහකින් යුද්ධයක් ඇරඹුනොත් එය නිසැකයෙන්ම ද.කොරියාව සහ ඇ.එ.ජ. එකාබද්ධ පිළට එරෙහිව උ.කොරියාව යුද්ධයක්ම (පමණක්) වේවි.
ශ්‍රී ලංකාවටත් අඩු ඒක පුද්ගල ආදායමක්, දළ ජාතික නිෂ්පාදනයක් තියන උ.කොරියාව උ.කොරියාව අර අදින්නේ අති භයානක, දුෂ්කර යුද්ධයකට.
ඔබ කිව්ව වගේම එය වාචික යුද්ධයක් පමණක්ම වේවා යන්න අපෙත් පැතුම.
/////මිනී මැරීමේ ශක්තිය අතින් බටහිර මිනිසා මෙන්ම පෙරදිග මිනිසාද වාර්තා පිට වාර්තා තබා ඇති බව අප අමතක කළ යුතු නැත////
ReplyDeleteඔබ නිවැරදියි නමුත් මානව ශිස්ටාචාරයේම ඉතිහාසය ලියවී ඇත්තේ මළ මිණී මතිනි.
කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපය තුල යුද්ධයක් ඇති වේ යයි මට නොසිතේ.කිසිම පාර්ශවයකට සතුරා නිසි පරිදි තක්සේරු කරගත නොහැකි වී ඇති බව පෙනේ මෙවන් අවස්තාවක කව්රුවත් ඉස්සර වෙන්න යන්නේ නැහැ හැබැයි කව්රුන් හෝ ඉස්සර උනොත් කාගේ කාගේත් රෙදි ගැලවෙයි ....
උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඉතාමත් ගන සැරේට කටින් ගහගනිමින්, යුද්ධය වාචික යුද්ධයකින්ම අවසන් වනු දැකීම ලෝක සාමය අගයන anti war people's පැතුමය.
ReplyDeleteපරණේ,
ReplyDeleteමගේ පැතුමත් ඔබේ පැතුම ම යි. නමුත් මම නම් හිතන්නෙ ලෝකයට මේ වන විට යුද්ධයක අවශ්‍යතාවය තදින් දැනී තිබෙනවා. බලන්න අන්තිම අහිංසාවාදී, හේතුඵලවාදී බුදුදහම අනුගමනය කරන බෞද්ධයොත් එන්නෙම ගහගන්න. එතකොට අනිත් ආගම අදහන අය ගැන කුමන කතා ද? අනික ලෝකයේ ක්‍රි. ව. 1500 ගනන්වල සිට වර්ධනය වූ නව ලෝක ආර්ථික සමාජ ක්‍රමය තවදුරටත් වලංගුද? මේ නිසා යම් සංහිදියාවක් ඇති වන්න නම් යුද්ධයක් හෝ යම්කිසි මහා විනාශයක අවශ්‍යතාවය තදින් දැනී තිබෙන බවයි මට නම් හැඟෙන්නේ
මට තියන ප්‍රශ්නෙ තමයි. එම යුද්ධයෙන් පසුව ඇතිවන නව ලෝකය දකින්න, එහිදී අපේ පූර්වාදර්ශ , එහෙමත් නැත්නම් වර්ථමාන ගොන්කම්, කියා දෙන්න අපි කීදෙනෙක් ඉතිරි වෙයි ද කියන එකයි.
පැහැදිලිවම 4 වන ලෝක යුද්ධය කරන්න වෙන්නේ ගල් මුල් වලින් කියනවනේ ....
Delete//ආගම අදහන අය ගැන කුමන කතා ද?//
Deleteවෙද මහත්තයෝ ලෝකෙ කවුරුවත් ආගම් අදහන්නෙ නෑ. එක්කෝ මිනිස්සු තමන්ට ඕනැ විදිහට ආගම වෙනස් කරගෙන වැඩ කරනවා. නැත්නම් ආගම අමතක කරනවා.
[[ අප ඉපදුන විසිවන ශතවර්ෂය වනාහී එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ වැඩියෙන්ම මිනීමැරූ ශතවර්ෂයයි]]
ReplyDeleteජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සැලකුවොත් සමහර විට 1200-1300 සියවස හෝ 1300-1400 සියවස 1900-2000 ට වඩා ඉස්සරහින් ඇති. ඇත්තෙන්ම මේකත් ඒ වගේම කාලකන්නි කාලයක්. විවිධ මතවාදී විගඩම් වලට [එක දෙවියෙක්-එක රජෙක වැනි මොංගල් වරුන්ගේ විකාර] විසිවන සියවසේ සැහෙන්න ජීවිත ප්‍රමාණයක් කැප කළා. අර ලෝකය දිගටම දියුණුව කරා යනවාය කියා සර්ව ශුභවාදී මතය දරන අයට පෙන්නන්න ඕනේ මේ සිද්ධිය.
-------------
කෙසේ වෙතත් කොරියානු අර්බුධය ලෝක යුද්ධයක් කරා යන්න බැරි ප්‍රබලම සාධකය තමා චීනය හා ඇමරිකාව අතර ඇති වෙළඳ සම්බන්ධය. උ කොරියාව තනි ව සිටින තුරු ඔවුන් විශාල පහරදීමකට යන එකක් නැහැ. ඔවුන් ඔය හදන්නේ පෙර පුරුදු ලෙස කටින් බය කර ඉල්ලීම් ගන්න. එහෙත් වෙනස නම් මෙවර ඔවුන්ට කවුරුත් සහය වන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාව ඔවුන්ගේ තර්ජන ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඉල්ලීම් ලැබෙන්නේ නැහැ.
මේක බොහෝ විට කෙළවර වන්නේ සාකච්චා මේසයකින්. චීනය වගේ රටක මැදිහත් වේවි. එහෙත් මෙවර උ කො සැහෙන්න පාඩු ලබා ගන්නා වාරයක්.
කෙසේ නමුත් කාල තුවක්කු වගේ මට්ටමේ ටෝකන් යුද්ධයක් නම් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මිලියන 25 ක් [ලංකා ජනගහනයට වඩා වැඩියි] ඉන්න සෝල් තියෙන්නේ බොහොම ලඟින් නිසා ඒකත් සැහෙන්න සීන් එකක්.