දේශපාලන විද්‍යාවෙහි 'රාජ්‍යය න්‍යාය' ඇතුළත බ්‍රහ්මයාට තැනක් නැත. (අප එම සාකච්චාව
ඇතුළට බ්‍රහ්මයා කැඳවාගෙන එන්නේ හේතුවක් ඇතිවය). බ්‍රහ්මයා නොසිටියද එම න්‍යාය
ඇතුළත දෙවියන් වහන්සේ නම් වැඩ සිටිති. රාජ්‍ය පිලිබඳ 'දේව වරම්වාදය' නම් සංකල්පයක්
සහ රාජ්‍යයෙන් ආගම හෙවත් දෙවියන් ඉවත් කිරීම නමැති 'ලෞකිකවාදය' යනුවෙන් හඳුන්වන
සංකල්පයක් තිබෙන බැවිනි.
ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජය
'දේශපාලන විද්‍යාව' විද්‍යාවක් බව යෝජනා කළේ තෝමස්
හොබ්ස්ය. තමන්ට පෙර සිටි දේශපාලන චින්තකයන් දේශපාලනය පිලිබඳ හැදෑරීම විද්‍යාවක්
වශයෙන් නොකළ බව හොබ්ස් විශ්වාස කළේය. හොබ්ස් දැඩි අදේවවාදියෙකි. එහෙත් රාජ්‍ය බලය
දෙවියන්ගෙන් ලැබෙන්නේ යැයි විශ්වාශ කළ 'රාජාණ්ඩුවට' පක්ෂවුවෙකි. රාජ්‍යය සමාජ
සම්මුතියකින් බිහිවන බව ප්‍රකාශ කළ අයෙකි. එහෙත් සමාජ සම්මුතිවාදයට වැඩියෙන් ගැලපෙන
පාර්ලිමේන්තුවාදයට වඩා රාජාණ්ඩුවාදය පිළිගත්තේය. නූතන 'සිවිල් සමාජය' නම් සංකල්පයේ
ආරම්භකයා හොබ්ස්ය. එහෙත් හොබ්ස් සිවිල් සමාජය යනුවෙන් අදහස් කළේ දේශපාලන සමාජය
පරීක්ෂා කරනා එයට බලපෑම් කරනා 'පුරවැසියන්ගේ සමාජයක්' යන අද පවතින අර්ථයෙන් නොව
'ප්‍රකෘති සමාජයට' එරෙහිව මිනිසුන් ගොඩ නගනා 'දේශපාලන සමාජයක්' යන අර්ථයෙනි.
හොබ්ස්ගේ සිවිල් සමාජය යනු ප්‍රකෘති සමාජයට එරෙහි දේශපාලන සමාජයක්ය.
හොබ්ස්ගේ
දේශපාලන විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ මෙම ප්‍රකෘති සමාජය යනුවෙන් ඔහු
ඉදිරිපත් කළ මූල සංකල්පය මතය. බයිබලයේ සිටින දෙවියන් වහන්සේ නොව එහි සිටින
යක්ෂයා (සර්පයා) සංකේතවත් කරන ලෙවියතාන් සංකේතය තම දාර්ශනික ලකුණ කරගත් හොබ්ස්ගේ
රාජ්‍යය න්‍යාය හැදෑරීම කිහිප ආකාරයකින්ම වැදගත් වන්නේය.
කව්ටිල්‍ය සහ මකියවෙල්ලිගේ පියසටහන් ඔස්සේ
හොබ්ස් ජීවත් වුනේ මීට ශතවර්ෂ හතරකට පමණ පෙරය. එහෙත් දේශපාලන චින්තනයට අද වනතුරුද
ඔහු වලංගු වන්නේ 'බලය' පිලිබඳ ඔහු ඉදිරිපත් කළ අදහස් පද්ධතිය නිසාය. විශේෂයෙන්
ජාත්‍යන්තර දේශපාලනයේ ස්වභාවය හඳුනාගැනීමේදී හොබ්ස්ගේ අදහස් නව අර්ථකතනයන බදුන්
කරමින් භාවිත වේ. යතාර්ථවාදය,ලිබරල්වාදය,මාක්ස්වාදය,පද්ධති න්‍යාය, ග්රම්ස්කිවාදය,
විචාර සමාජ න්‍යාය, ආදී විවිධ එළැඹු අතරින් ජාත්‍යන්තර දේශපාලනය පැහැදිලි කිරීමෙහිලා ප්‍රමුඛම එළඹුම වී තිබෙන්නේ යතාර්ථවාදයයි. දේශපාලන යථාර්ථවාදයේ ආදී කතෘන් වනුයේ චානක්‍යය
, සුන් ට්සු, මකියාවෙල්ලි ආදීන්ය. බලය සම්බන්ධයෙන් මේ අය ඉදිරිපත් කළ
අදහස් තෝමස් හොබ්ස් විසින් විද්‍යාව සමග ගැට ගසන ලදී.
අප ජීවත් වෙන්නේ විද්‍යා යුගයකය. විද්‍යාව දේවත්වයෙන් සලකන, විද්‍යාව වඳින,විද්‍යාවට භයවන, විද්‍යාව යදින, විද්‍යාව වසින් ඇතිකරනු ලබන විනාශයන්හිදී පවා වඩ වඩා විද්‍යාවේ සරනම සොයන, සෑම දැනුමක්ම විද්‍යාවේ අධිකාරියට නතුකරන්නට බල කෙරී තිබෙන යුගයකය. දේශපාලනය නමැති මිනිස් චර්යාව පවා එසේ විද්‍යාවක් අනුව විශේෂයෙන් භෞතික විද්‍යාව අනුව තේරුම් කළ හැකි බව විද්‍යා යුගයේ ආරම්භයේදී ජීවත් වූ හොබ්ස් විශ්වාශ කළේය. විද්‍යා දැනුම බලයක් ලෙස සැලකූ ෆ්‍රැන්සිස් බේකන්ගේ ලේකම් වරයකු ලෙස හොබ්ස් කටයුතු කළේය. බේකන්ගේ සමහර ලියවිලි ලතින් බසට පරිවර්තනය කළේ ඔහුය. ගැලීලියෝ හමුවීමට ගිය ඔහු ගැලීලියෝගේ චලිතය පිලිබඳ අවස්ථිති නියමයෙන්(law of inertia) ආකර්ෂණය වී එම නියමය මනුෂ්‍ය සමාජයේ ගතිකයන් පැහැදිලි කිරීමට යොදාගත හැකියි කල්පනා කළේය. කොපර්නිකස්ගේ සිට ගැලීලියෝ හරහා නිව්ටන් තෙක් වර්ධනයවී ගිය චලිතය සහ බලය පිලිබඳ නියම තුන ඇතුලත් අවස්ථිති නියමය වනාහී ඉතා තද බල වියුක්ත චින්තන රාමුවකි. භෞතික විද්‍යාව ශතවර්ෂ කිහිපයක් තිස්සේ වර්ධනය වුයේ මෙම පදනම් නියමය මතය. ග්‍රීක ඉතිහාස කතා සාහිත්‍ය ආදිය හදාරමින් සිට පසුව බේකන් ගැලීලියෝ ආදීන් පස්සේ වැටුන තෝමස් හොබ්ස්ට වුවමනා වුයේ දේශපාලන විද්‍යාවටද අවස්තිථි නියමය මෙන් පදනම් සංකල්පයක් හඳුන්වා දීමටය. ඔහු හඳුන්වා දුන් සංකල්පය 'මනුෂ්‍ය ස්වභාවය' යන සංකල්පයයි.
මිනිසාගේ ප්‍රකෘතික ස්වභාවය ලෙස හොබ්ස් දුටුවේ එතරම් යහපත් චිත්‍රයක් නොවේ. ප්‍රකෘති සමාජයේ ජීවිතය බියකරු තනිකමකින් වෙලී තිබේ, එය විනාශකාරීය,දිළිඳුය,රුදුරුය,කෙටිය
(solitary poor ,nasty,brutish and short) යනුවෙන් හොබ්ස් හඳුන්වයි. ප්‍රකෘති සමාජය වනාහී ඒ අනුව මහා කාලකන්නි සමාජයකි. එම කාලකන්නි කමින් ගැලවීමට මිනිසාට රාජ්‍යයක් නිර්මාණය කළ බව හොබ්ස් කියයි. මිනිසා දේශපාලනික වූයේ එසේත් නැතිනම් සිවිල් වූයේ අර ප්‍රකෘති කාලකන්නි කමින් ගැලවී වඩා ප්‍රමුදිත ජීවිතයක් ගත කිරීමටය.
හොබ්ස්ගේ අවස්ථිති නියමය
මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය කුමක්ද? මිනිසා ස්වභාවයෙන්ම දරුණු ගති පැවතුම් ඇති, දුෂ්ට කල්පනාවලින් හෙබි භය සහ ආශාව මූලික කර ගනිමින් හැසිරෙන සත්වයෙක්ද?එසේත් නැතිනම් මිනිසාගේ ස්වභාවික ලක්ෂණය වන්නේ සාමකාමී කරුණා මුදිතාදී ලක්ෂණ වලින් සපිරිනු පින්වන්ත භාවයක්ද ? අපි නොදනිමු. මිනිසා ස්වභාවයෙන්ම බ්‍රහ්මයෙක්ද නො එසේනම් මෘගයෙක්දයි අපි නොදනිමු. මිනිස් ස්වභාවය ගැන අපට කිව හැක්කේ මිනිසා ස්වාභයෙන්ම යහපත් නොවේ. යහපත් නොවන්නේද නොවේ යන්න පමණි. මිනිසාට බ්‍රහ්ම ලක්ෂණ මෙන්ම මෘග ලක්ෂණද ඇත.
හොබ්ස් ඉදිරිපත් කළ මනුෂ්‍ය ස්වභාවය පිලිබඳ නිශේධනීය සංකල්පය පසුකාලීන චින්තකයන් බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කළද සමාජය සහ රාජ්‍යය වැනි දේශපාලන ලක්ෂණ විස්තර කිරීමේදී සඳහා පදනම් සංකල්පයක් ලෙස ප්‍රාථමික හෙවත් ප්‍රකෘතික සමාජයේ ස්වරූපය කුමක්ද යන්න විග්‍රහ කරමින් තම විශ්ලේෂණ ඉදිරිපත් කිරීම මේ සෑම චින්තකයෙකුගේම පොදු ලක්ෂණයක් විය. එය හොබ්ස්ගේ දේශපාලන විද්‍යාවට දායාද කළ අවස්ථිති නියමයයි.

හොබ්ස්ගෙන් ඔබ්බට .......
ReplyDeleteකරුනාරත්න පරණවිතාන මහත්මනන්ගේ හොබ්ස්ගේ අවස්ථි නියමය කියවූ මාහට ඒ පිලිබදව කරුණු කිහිපයක් සිහිපත් කරන්නට සිත්විමි. ....ඔබතුමන් හොබ්ස් ගැන පමණක් ලිව් නිසා මම කොහෙවත් නැති වෙනත් කරුණු ටිකක් මෙතන සදහන් කිරීම ගැන කනගාටුවෙමි. නමුත් හොබ්ස් ගෙන් ඔබ්බට ඔබතුමගේම මාතෘකාව ගෙනයන්නටය් මම මේ කෙටි ලිපිය ලියන්නේ....
තෝමස් හොබ්ස් මතු නොව බොහෝ දාර්ශනිකයන් මිනිසාගේ යථාස්වභාවය කෘරත්වය බව ප්‍රකාශකොට ඇත. 'නිතිය රහිත නම් සතුන් අතර ම්ලේච්චතම සතා වන්නේ මිනිසා' යැය් අරිස්ට්ටෝටල් විසින් කරන්නට ලැබුන ප්‍රකාශය පළමුව ඔබට සිහිපත් කරමි.
'Man as animal' නමින් පරිච්චේදයක් The social contract නම් පොතේ රචනා කරන Robert ardery (1970) http://www.ditext.com/ardrey/contract.html මිනිසාගේ ගති ලක්ෂණයන් තිරිසන් සතුන් හා සමාන වන බවත් ඔහු ප්‍රචණ්ඩ හැසිරීමක් සදහා දක්වන්නේ අසීමිත ලැදියාවක් බවත් ප්‍රකාශ කර ඇත.
1972 දී අල්බෙර්ට් අයින්ස්ටය්න් විසින් සිග්මන් ෆ්රෝඉඩ් වෙත ලිපියකින් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ 'මෙම නොනිමි යුධ ගැටුම් සදහා එකම පිළිතුර වන්නේ විනාශ කිරීම හා වෛර කිරීම සදහා මිනිසා තුල පවත්නා තෘෂ්ණාවය්'Only one answer is possible because man has within his lust for hatred and destruction .. (Psychology '73 - '74) 48 pg.
මෙම මතයට තවත් පන පොවන්නකි බොදු සාහිත්‍යයෙහි මුදුන් මල්කඩක් බදු ජාතක පොත.
"මෙවැනි රසයක් විදිතොත් මා මුත් අනෙක් සෙස්සවුන් විදිනේ කම් කීම් දැය් දුටු දුටු මිනිසුන් මරා ඇවිදින්නට වන්නේය" - මහා පලෝහන ජාතකය
"කන බොන දෙයක් නැතුව පළමු දවසෙහි මලනුවන්ගේ අඹුව මරා මස් බෙදා අනුබව කළහ" - චුල්ල පදුම ජාතකය
"මේ සියලු රාජ්‍ය ශ්‍රී විතරට මිනිමස් කාම මට ප්‍රියය" - මහා සුතසෝම ජාතකය
කර්නල් ඉඩි අමීන් ගැන රචනයක් පසුගිය දිනෙක මා කියවීමි එහි ද මින්ස් සන්තානයෙහි එන මෙම ප්‍රචණ්ඩත්වය ගැන සාකච්චා කෙරී ඇත.
http://www.bluenc.com/god-guns-and-cannibal-dictators
මිනිසා ආයාසයෙන් ප්‍රචණ්ඩත්වය සගවාගෙන සිටින අතර නිතිය, ආගම,සංස්කෘතිය හා සදාචාරය ඔහු ඒ සදහා මෙහෙයවනු ලබය්. ඉදින් මෙම බලපෑම් වලින් යම් දිනෙක ඔහු අත්මිදෙය් ද ඔහු හා තිරිසන් සතුන් අතර වෙනසක් නොවනු ඇත.
ස්තුතිය්
ඉහත දක්වා ඇති ප්‍රතිචාරය ඒවා තිබෙන්නේ පූජ්‍ය බඳගිරියේ සිරිනන්ද හිමියන්ය. උන්වහසේට මගේ ස්තුතිය
Deleteමමත් හාමුදුරුවන්ගේ අදහස් හා එකඟයි. අද දුක් උනත් 83 දී මිනිසුන් මරා දමන ආකාරය ඇස් දෙකින්ම බලාගෙන ඉන්න පුළුවන් උනේ ඒ තිබෙන තිරිසන් ගතිය නිසයි. "පවු කාර වැඩ" කියලා කිය වුනේ ඇයි? මිනී මරණ එක පවක් කියලා ඔළුවට දාලා තියෙන නිසා. ඒත් පස්සෙ මිනී මරණ එක පවක් නෙමේ කියලා සින්දුත් ලිව්වේ. එතකොට ඒ තරම් කම්පාවක් හිතට එන්නේ නෑ.
Deleteදරුණු නීතී රීතී නැතිනම්. අදටත් මොන ආගම ඇදහුවත්. මිනිසා තුල තිරිසන් ගතිය එහෙමම තිබෙනවා. බෙල්ල කපලා කෝටුවල ගහලා තියෙද්දි ඒවා නරඹන්න පොද්ජි පිටින් එන්නේ ඒ නිසා. එහෙම අයම කාගේ හරි ඇට කෑල්ලකට වඳින එන්නෙත් පෝලිමේ. මම නම් හිතන්නේ මිනිසා නැති වන තුරා මිනිස් සිත හා ක්‍රියාකාරකම් කාටවත් විග්‍රහ කරන්න බැරිවෙයි.
මෙවැනි ලිපි බොහෝ වටිනවා මහත්මයා ..
ReplyDeleteදිගින් දිගටම ලිපි එක් කරන්න ...
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ..!
While Galileo laid the foundation for western science (later refined and put into a framework by Newton), it was Descartes (a contemporary of Hobbes) who laid the philosophical foundation of western knowledge with his Tree of Knowledge - metaphysics at the root, physics as the trunk and all other subjects including social sciences as branches. It is natural therefore to find examples of social sciences following the "scientific" method sometimes with disastrous results.
ReplyDeleteBut I think the genius of Hobbes is that his principles on political science were formulated before the Cartesian framework became widely accepted. It would be interesting to see if he had any interactions with Descartes.
අවස්ථිති නියමය අනුව, චලනය වන වස්තුවක් (හෝ ප්‍රපංචයක්) යම්කිසි බාහිර බලපෑමකට හසුවනතෙක්ම එලෙසම චලනය වෙමින් පවතී. එලෙසම යම්කිසි සමාජයක් ප්‍රචණ්ඩත්වය මූලික කොටගෙන පවතී නම් එය වෙනස් කිරීමට අනිවාර්යයෙන්ම බාහිර බලපෑමක් අවශ්‍යයි. මේ ස්වභාවධර්මයේ නීතිය තේරුම ගත් විට, අපට සමාජයේ ගමනත්, එහි ඉදිරි ගමන්මග හොඳ පැත්තකට යොමුකරන්නේ කෙසේද යන්නත් පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවේ. මිනිසා තිරිසන් ගති පැවතුම් වලින් මිදී අද අප ජීවත්වන සමාජය දක්වා පැමිණියේ ඉතිහාසය පුරා සිදුවූ මෙවන් බලපෑම්වල ප්‍රථිපලයක් ලෙසයි. උදාහරණයක් ලෙස,කෑම නැති විට අඹුව මරා මස් කෑම අද සමාජය තුල සිදු නොවන්නේ එයට විරුද්ධ බලවේගයක් (එනම් ශිෂ්ඨ සමාජය තුල එය ප්‍රබල ලෙස පිළිකෙව් කිරීම) ගොඩ නැගී තිබීමයි.
ReplyDeleteමේ බ්ලොග්කරුවාගේ වටිනාකම අපේ සිතුවිලි "වෙනසක් සදහා කුමක් කල යුතුද?" යන ප්‍රශ්නය දෙසට යොමු කිරීමයි.
ඇත්තෙන්ම ඔබ පය තබා බවුන්වඩනා තැන දුටු විට මටද සිතෙන්නේ මිනිසා පාපිෂ්ට කාලකන්නියෙක් බවයි. එය පෙන්වා මුන්නාට ඇත්තෙන්ම ප‍්‍රායෝගිකව පෙන්වා දුන්නාට පිං
ReplyDelete