නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ...............
රේඛීය ආගමික විශ්වවේදයන් ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතාකරන බව අපි දුටුවෙමු. චක්‍රීය විශ්වවේදයන් ලෝකය දකින්නේ ඇතිවීම් සහ නැතිවීම් සන්තතියක් වශයෙනි. එහි නිමක් නැත. නූතන බටහිර දේශපාලන චින්තනයට වැඩියෙන් බලපෑවේ ආරම්භයක් සහ අවසානයක් ගැන කියවෙන රේඛීය විශ්ව වේදයන්ය. මානවයාගේ සමාජ ගමන කොමියුනිස්ට් සමාජයක් බිහිවීමෙන් පරිපාකයට පත්වන්නේය යන මාක්ස්වාදී ප්‍රවාදයෙහිත් ලිබරල් වාදයේ ලෝකපරිමාණ ජයග්‍රහණයත් සමග ඉතිහාසය අවසන්වේය යන ෆුකුයාමා ප්‍රවාදයෙහිත් මෙම ආගමික සෙවනැල්ල වැටී තිබේ.
රේඛීය ආගමික විශ්වවේදයන් ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතාකරන බව අපි දුටුවෙමු. චක්‍රීය විශ්වවේදයන් ලෝකය දකින්නේ ඇතිවීම් සහ නැතිවීම් සන්තතියක් වශයෙනි. එහි නිමක් නැත. නූතන බටහිර දේශපාලන චින්තනයට වැඩියෙන් බලපෑවේ ආරම්භයක් සහ අවසානයක් ගැන කියවෙන රේඛීය විශ්ව වේදයන්ය. මානවයාගේ සමාජ ගමන කොමියුනිස්ට් සමාජයක් බිහිවීමෙන් පරිපාකයට පත්වන්නේය යන මාක්ස්වාදී ප්‍රවාදයෙහිත් ලිබරල් වාදයේ ලෝකපරිමාණ ජයග්‍රහණයත් සමග ඉතිහාසය අවසන්වේය යන ෆුකුයාමා ප්‍රවාදයෙහිත් මෙම ආගමික සෙවනැල්ල වැටී තිබේ.
ලෝකාවසානය පිලිබඳ මෙම රේඛීය ආගමික ප්‍රවාදයද බටහිරට ගියේ පෙරදිගිනි. එය
හුදෙක් බයිබලයේ හෝ කුරානයේ පමණක් තිබු අදහසක් නොවේ. තවත් ආගමික ශාස්තෘවරු මෙම අදහස
ඉදිරිපත් කළහ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ ශරතුස්ත්‍ර සහ මක්ඛලී ගෝසාල ය.
බුදුන් වහන්සේගේ කාලයේ ජීවත් වූ මක්ඛලී ගෝසාල තුමන්ගේ දර්ශනය එතරම් ව්යාප්ත නොවුවද
ශරතුස්ත්‍ර තුමන්ගේ දර්ශනය පෙරදිග පර්සියාවේ සිට බටහිර විශාල ප්‍රදේශයක වයාප්ත
විය.
මක්ඛලී ගෝසාල දර්ශනය ගැන දැනගත හැක්කේ බෞද්ධ සහ ජයින සාහිත්‍යයෙනි. එතුමන්ගේ
දර්ශනය හඳුන්වන්නේ නියති වාදය හෝ නියති පරායන වාදය යන නම් වලිනි. නියති පරායනවාදය
කෙටියෙන් මෙසේය,
"සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව ඉබේම සත්වයෝ කෙලෙසෙති. සත්වයන්ගේ පිරිසිදුවීමටද හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු නැතිව ප්‍රත්‍ය නැතිව සත්වයෝ පිරිසිදු වෙති. තමාගේ යහපත සඳහා කළ යුතු අවවාද අනුශාසනා ආදී කර්මයක්ද නැත...සැපක් ලබනට ඉවහල්වන බලය කියා එකක් නැත. වීර්යය කියා එකක් නැත.... හැම සත්තු , හැම ප්‍රාණීහු හැම ජීවයෝ, නියමය , සංගතිය, ස්වභාවය යන මේ තුනෙන් පරිනාමයට පැමිණියෝ අභිජාත සයක් පුරා සැප දුක් විඳිති.
... ප්‍රතිපත්ති හැට දෙකකි. අන්තඃකල්ප හැට දෙකකි. අභිජාත සයකි. පුරුෂ භූමි අටකි. ජීවිකාවෘත්ති හාරදහස් නවසීයකි... නාග මණ්ඩල සාරදහස් නවසීයකි. ඉන්ද්‍රියයෝ දෙදහසකි. නිරයයෝ තුන් දහසකි.... දේව වර්ග සතකි. මනුෂ්‍ය වර්ග සතකි. පිශාච ජාති සතකි. මහවිල් සතකි. මහා පරිවර්ත සතකි. කුඩා පරිවර්ත සත් සියයකි. මහා ප්‍රපාත සතකි. කුඩා ප්‍රපාත සත් සියයකි. මහා ස්වප්න සතකි. කුඩා ස්වප්න සත් සියයකි. අනුවණයනුත්, නුවනතියනුත් සසර දිව හැවිද දුක් කෙලවර කිරීමට ගෙවිය යුතු කල්ප අසූහාර ලක්ෂයකි.
(මහාචාර්ය බලදේව උපාධ්‍යය ගේ බෞද්ධ දර්ශනය- හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි)
ඉහත විස්තරය අනුව පෙනෙන්නේ ලෝකය සහ විශ්වය නියත ගණන් හිලව් වලින් පැහැදිලි කිරීමට ගෝසාල තුමන් ඉදිරිපත් වූ බවය. අභිජාත සයක ඉපදීමෙන් පසු ජීව ප්‍රාණීන් කල්ප අසුහාර ලක්ෂයක් ගෙවා දමමින් අවසානයකට ලඟා වන බව මෙම අවසානවාදයෙන් කියවේ.
එහෙත් මක්ඛලී ගෝසාල තුමන් ලෝකාවසානය ලෙස දැක්කේ ස්වර්ග රාජ්‍යය, කොම්යුනිස්ට් තත්වය වැනි සුන්දර තත්වයක් නොව ඉතා නිශේධනීය දුක්බර තත්වයක් බව සමහර විද්වත්හු පෙන්වාදෙති. මහාචාර්ය සුචරිත ගම්ලත් ලියු බුද්ධ චරිතය කෘතියේ ගෝසාල තුමන් ගැන සිත් ඇදගන්නා සුළු විස්තරයක් ඉදිරිපත් කර තිබේ.
භගවතී සුත්‍රය ඇසුරින් කරුණු දක්වන මහාචාර්ය ගම්ලත් කියන්නේ අවසානතා හතක් ගැන ගෝසාල තුමන් දේශනා කළ බවය. ඒවා නම්
1.අවසාන පානය
2.අවසාන ගීතය
3.අවසාන නර්තනය
4. අවසාන වැඩිහිටි වන්දනය
5.අවසාන මහා ධාරානිපාත වර්ෂාව
6. අවසාන දිය ඉසින ගන්ධ හස්තියා
7.අවසාන මහා ගල් විදින යුද්ධය යනුවෙනි.
ඒ අනුව ලෝකය අවසාන වන්නේ මහගල් විදින යුද්ධයකිනි. ( න්‍යෂ්ටික මිසයිල යුද්දයක්?)
එහෙත් මහාචාර්ය ගම්ලත් කියන්නේ මෙම අදහස් ගෝසාල තුමන් ඉදිරිපත් කළේ දාර්ශනික අදහසක් ලෙස නොව එකල තිබු ගණතන්ත්‍ර රාජ්‍යයන් සහ සංස්කෘතීන් විනාශ කරමින් රාජාණ්ඩු ගෙනගිය බියකරු යුද්ධ නිසා එතුමන් සිතෙහිඇති වූ මානසික ප්‍රකම්පනය නිසා බවය.ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ වජ්ජින්ගේ ගන තන්ත්‍ර රාජ්‍යය ආක්‍රමණය කිරීමට අජාසත් රජු විසින් කරන ලද යුද්ධයයි. මහාචාර්ය ගම්ලත්ට අනුව ගෝසාල තුමන් ආගමික ශාස්තෘවරයෙකු නොව භෞතිකවාදී කවියෙකි.
එසේ වුවද මේ කාලයේම හෝ ඊට ශත වර්ෂ කිහිපයකට පමණ පසු නමුත් නිශ්චිතවම ක්‍රිස්තුස්වහන්සේට පෙර ජීවත් වූ ශාරතුස්ත්‍ර තුමන් ඉදිරිපත් කළ අවසානතා වාදය වනාහී ජීවිතය පිලිබඳ ඉතා සුබවාදී දැක්මකි. අවසානයේදී නපුර පරදවා යහපත ජය ගන්නා බව එතුමන් දේශනා කරයි. ශාරතුස්ත්‍ර ධර්මය අදහන පාර්සි ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් ලෝකයේ අදටත් වෙසෙති.
ඉදිරි ලිපිය ... ''ශාරතුස්ත්‍ර නොමළ වගයි''
\\\\ එසේ වුවද මේ කාලයේම හෝ ඊට ශත වර්ෂ කිහිපයකට පමණ පසු නමුත් නිශ්චිතවම ක්‍රිස්තුස්වහන්සේට පෙර ජීවත් වූ ශාරතුස්ත්‍ර තුමන් ඉදිරිපත් කළ අවසානතා වාදය වනාහී ජීවිතය පිලිබඳ ඉතා සුබවාදී දැක්මකි. අවසානයේදී නපුර පරදවා යහපත ජය ගන්නා බව එතුමන් දේශනා කරයි. ශාරතුස්ත්‍ර ධර්මය අදහන පාර්සි ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් ලෝකයේ අදටත් වෙසෙති. ///
ReplyDeleteශාරතුස්ත්‍ර වේවා , වෙනත් ආගමික ශ්‍රෂ්ඨ්රූන් ( IME eken hariyata akuru type karanna baha ) වහන්සේ කෙනෙක් වේවා බොහෝ විට අවසාන තත්වය / ඵලය ගැන දරණ මතය සුබ වාදී දෙයක්. සදාකාලික සතුට සැනසීම සැපත වගේ දෙයක් කරා යෑම නේ වෙන්නේ ගොඩක් විට ..
බුදුන් වහන්සේගේ ධර්මයේ උනත් අවසාන ඵලය දුකින් නිදහස් වීම.
දුකින් නිදහස් වී සැපතෙහි සදාකාලික පිහිටීම නොවුණත්, එකම අවසාන ඵලය මේ සියල්ලෙන් නිදහස් වීම ..
(සැපත විඳීමක් නැති උනත් වක්‍රාකාරව එයත් සැපතක් ..)
ReplyDelete//(සැපත විඳීමක් නැති උනත් වක්‍රාකාරව එයත් සැපතක් ..)//
බුදු දහමේ කිසිම තැනක සැපය නැතැයි හෝ සැප නොලැබිය යුතු යයි හෝ දක්වා නැත. නමුත් යම් සැපයක් විඳිනා කල
එම විඳින්නාවූ සැපය වෙනස්වීමේදී ඇතිවන දුක
එම විඳින්නාවූ සැපය වෙනස් වේ හෝ අහිමි වේ යැයි සිතෙන විට ඇතිවන බිය(දුක)
යන කාරනා වලින් ඇතිවන්නා වූ දුක විඳින්නාවූ සැපයට වඩා බොහෝ විට ප්‍රභලව මතුවෙයි. එම නිසා විඳින්නාවූ සැපයෙහි ඇති දුක දැනගත යුතු වේ.
ඔබේ අදහස වැරදියැයි සිතමි. මක්ඛලි භෝසාල සිටියේ බුදුන්ගේ සමය එනම් ක්‍රිපූ 6 වැනි සියවසේ පමණ විය යුතුය. නමුත් යුදා ආගම අවම වශයෙන් ඊට සියවස් 5ක් වත් පැරණිය. රේඛීය චින්තනයේ උපත යුදෙව් ඒක දේවවාදය වේ
ReplyDeleteHello mate nnice post
ReplyDelete