මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් නොව බ්‍රහ්මයාගෙනි. වඳුරාගෙන් පැවතෙන්නේ යයි කියන කතාව
පස්සේ හදාගත් කතාවකි. අපේ කතාවට අනුව මිනිසා පැවත එන්නේ බ්‍රහ්මයාගෙනි.
මිනිසා පිටසක්වල ජීවියෙකි.පෘථිවිය මිනිසාගේ පාරම්පරික නිජ බිම (traditional homeland) නොවේ. මිනිසාගේ
පූර්වයා හෙවත් බ්‍රහ්මයා මේ ලෝකයට මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී ආවේ ආභස්සර නම්
බ්‍රහ්ම ලෝකයේ සිටය. ආදී මිනිසා වඳුරෙකු හෝ මාලුවෙකු නොව පින්වන්ත බ්‍රහ්මයෙකි.
පොලවේ සිටි අනෙකුත් සතුනට වඩා මිනිසා වෙනස් වන්නේ උසස් වන්නේ මේ පින්වන්ත 'බ්‍රහ්ම
ස්වභාවය' නිසාය. එතකොට ඒ පින්වන්ත බ්‍රහ්මයා පැවත එන්නේ කාගෙන්දැයි ඇසිය හැකිය.
ඒ බ්‍රහ්මයා මිනිසාගෙන් පැවත එනවා යයි එතකොට කිව හැකිය. මේක ලොකු චක්‍රයක කතාවකි.
අපි චක්‍රයේ මැදින් පටන්ගෙන කතාව කියාගෙන යමු.
පෘථිවියට පැමිණි ඒ පින්වන්ත බ්‍රහ්මයා හෙවත් ආදී මිනිසා සිටියේ ඉතා සතුටිනි.
ඔහුගේ මුහුණ පෘථිවිය ආසන්නයේ බැබලි බැබලී දිලිසුන චන්දරයා මෙන් බැබලි බැබලී තිබිණි.
ඔහු ආහාර ලෙස කෑවේ මේ රස පොලවය. ජීවත් වූයේ ඉතා සතුටිනි.
ආදී මිනිසා ඉතා සතුටින් ජීවත්වූයේය යන කතාව දේශපාලන විද්‍යාවේ "රාජ්‍යය න්‍යාය"
නමැති අරාබි නිසොල්ලාසයට හෙවත් කතා සරිත් සාගරය නමැති කතන්දර මාලාවට එකතු කළේ ජීන් ජැක් රූසෝ නමැති
කතන්දර කරුවාය. ඔහුගේ හොඳම කතන්දර පොතේ නම ' සමාජ ගිවිසුමයි' යි. මේ කතන්දර පොත්
ටික ඔහු ඉපදුන ජිනීවා නගරයේද ඔහු රස්සාව කළ පැරිස් නගරයේද හිටපු පාලකයන් සහ පූජකයන්
විසින් තහනම් කළ නිසා රූසෝ ලන්ඩනයට ගොස් කතන්දර කියන්නට පටන් ගත්තේය.
රූසෝ කියන අප හිතවත් මේ කතන්දර කරුවා එන්ගලන්තයේ ලන්ඩනයට යනවිට
ඒ රටේ මිනිසුන් ආදී මිනිසාගේ ස්වභාවය ගැන කියමින් හිටියේ වෙන කතාවකි. ඒ කතාව ඔවුන්ට
කියාදුන්නේ තරමක පැරණි කතාකරුවකු වන තෝමස් හොබ්ස් නම් තැනැත්තාය.
ඔහු ජීවත් වූයේ එංගලන්තයේ මිනිසුන් ඔවුන්ගේ රටේ රජ්ජුරුවන්ව බෙල්ල කපා මරා දමපු
මහා භීෂණ කාලයකය. හොබ්ස්ගේ කතාවේ නම "ලෙවියාතන" යයි.
ලෙවියාතනය ගොඩක් බය හිතෙන කතාවකි. ලෙවියාතන නමින් හැඳින්වෙන්නේ මුහුදේ සිටින ඉතා
බියකරු මාලුවෙකුටය. සර්පයෙකුටය. යෝධ තල්මසෙකුටය. යක්ෂයෙකුටය. මකරෙකුටය. මේ ඕනෑම
එකෙකුට එංගලන්තයේ කිව්වේ ලෙවියාතන් කියාය. මේ ලෙවියාතන් කියන මුහුදු සර්පයා හෙවත්
යක්ෂයා ගැන යුදෙව් මිනිස්සු ඔවුන්ගේ බයිබලය කියන පොතේ ලියල තිබෙනවාය.
හොබ්ස් එයාගේ කතාවට ලෙවියාතන් කියන
මාතෘකාව අරගෙන තිබෙන්නේ මේ බයිබලය කියන ආගමික පොතෙනි. ලෙවියාතන් කියන යෝධ තල්මසා
ඉන්නේ ලෝකය වටකරගෙන දරන ගසාගෙනය. වල්ගය ඇවිත් කටේ වදිනවාය. එතකොට පොඩි මාළුවෙක්
තමන්ගේ ආහාරය පිණිස තමන්ගේ කට ළඟටම ඇවිත්
කියල හිතාගෙන මේ ලොකු මාළුවා තමන්ගේම වලිගය හපා ගන්නවාය.
මේ වගේ ලොකු ලෝකය වටේ දරන ගසාගෙන ඉන්න ලොකු මාළුන්ට ඉන්දියානු කතන්දර වල දාල
තිබුනේ ලෙවියාතනයා කියන නම නොවේ. තිමියා, තිමින්ගලයා, තිමිලයා, තිමිලපින්ගලයා,
ආනන්දයා වගේ නම් ටිකක්. ඒවා හරියට නිකම් බලයා කෙලවල්ලා, තිලාපියා වගේ දැන් ඉන්න
මාළුන්ගේ නම් වගේමයි.
ලෙවියාතන් දමනය: යුරෝපයේ සම්භාවය චිත්‍රයකි
කොහොම හරි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රහ්මයන්ගෙන් හරි එහෙම නැතිනම් මේ ලෝකයේම
පාරම්පරික නිජබිම වාසීන් වෙලා ඉන්න වඳුරන්ගෙන් හරි පැවත එන ආදී මිනිසා හිටියේ පුර
හඳ වගේ මුහුණ සතුටින් බබුලුවාගෙන නොවෙයි කියලයි හොබ්ස් කිව්වේ. හොබ්ස්ට එහෙම
කියන්න හේතුවක් තිබුනා. එයා දැක්කේ රජ්ජුරුවන්ගේ බෙල්ල කපල අතට දෙන මිනිස්සුනේ.
හොබ්ස් මිනිස්සුන්ව මැන්නේ මිනිසා යනු පින්වන්ත බ්‍රහ්ම පුත්‍රයින් ලෙස නොව හරි
හමන් නීතියක් රීතියක් රාජ්‍යයක් නැතිව තිබෙන කොට එක එකා කා ගන්නා බලු රංචුවක්
ලෙසය. එම නිසා මේ බලු රංචුව පාලනය කරනා 'රෝසා පොල්ල ගෙනෙන් බල්ල
මරන්ඩ' වගේ ආකල්පයක් තියෙන පොල්ල අතට යක්ෂයෙක් වගේ රාජ්‍යයක් හෙවත් ස්වාමියෙක් ආදී
මිනිසාට වුවමනා වුනා කියලයි හොබ්ස් කතන්දර පොතේ කිව්වේ.
සමාජ ගිවිසුම කියන කතන්දර පොත ලියපු රූසෝට මේ හොබ්ස් ගේ බලු පොර කතාව එච්චර
ඇල්ලුවේ නැති වුනත් එයාගේ සමාජ ගිවිසුම කතාවේ හැටියට එච්චර සතුටින් හිටපු
මිනිස්සුන්ටත් රාජ්‍යයක් ඕනි වෙලා ඔවුන් ඔවුන්ගේ නිදහස රාජ්‍යයට
පවරා දුන්නා කියල තමයි රූසෝ කිව්වේ.
මනුෂ්‍ය ස්වභාවය ගැන මේ කතන්දර දෙකෙන් කියවෙන්නේ කතා දෙකක් වුනත්
මිනිස්සු එකතුවෙලා රාජ්‍යයක් හදා ගත්තයි කියන කතාව කතා දෙකටම පොදු කතාවක්.
මේ දෙන්නගෙම කතන්දරේ එතනින් නැවතුනේ නැහැ.
රාජ්‍ය නිසා මිනිසාගේ තිබුන බලු පොරය පාලනය වෙලා මිනිසාට සාමය උදා වෙනවා කියලා
තමයි හොබ්ස් කිව්වේ.
රූසෝ කිව්වේ රාජ්‍යය නිසා මිනිසුන්ගේ නිදහස් සීමා වෙනවා කියලයි. හොබ්ස් එතකොට කියනවා "නිදහස අවශ්‍ය නම් රාජ්‍ය නැති සමාජෙට යන්න....
හැබැයි නිදහසත් සමග අර බලු පොරයේ රසත් විඳින්න පුළුවන්" කියල. රූසොත් අරින්නේ නැහැ.
රූසෝ කියනවා "රාජ්‍යය හදා ගන්නට ගිහින් නිදහස නැතිවුනත් රාජ්‍යය ඇතුලෙම නැවත නිදහස
හදාගන්න සමාජ ගිවිසුමක් අලුතින් ලියන්නට මිනිසාට පුළුවන්" කියල.
මිනිසාට එහෙම පුළුවන් වෙන්නෙ මිනිසා සතු අර වඳුරු ලක්ෂණය නිසා නොව පින්වන්ත බ්‍රහ්ම ලක්ෂණය නිසයි.
රූසෝගේ මෙම දෙවෙනි සමාජ ගිවිසුම් උප කතාවට අපට 'නීතියේ පාලනය' හෙවත් මහා සම්මතය
කියල නමක් දාන්න පුළුවන්.
දැන් මම මේ කතන්දර මාලාව කියාගෙන යන්නේ පෙරදිග කතාවයි අපරදිග කතාවයි එකට එකතු
කරලා. පෙරදිග අපරදිග එකතුවෙන්න නැහැ කියල රඩ්යාඩ් කිප්ලින් කිව්වට මේ දෙක
මොකක් හරි ලොකු
කතන්දරයකින් එකතු කළේ නැත්නම් බ්‍රහ්මයින්ගෙන් පැවත එන අයටයි වඳුරන්ගෙයි පැවත එන අයටයි
ඔක්කොටම වැනසෙන්න සිද්දවෙනවා කියන එක නම් කතන්දරයක් ම පමණක් නොවෙයි.
තමන්ගේ රටේ මිනිස්සු වනසන කොට ඔයා කොහෙද හිටියේ චූටි බබෝ?
ReplyDeleteමෙතැන තමයි අපි කවුරුත් වැඩිය නොහිතන තැන. දැනුම කියන සංකල්පේ නොයෙක් ජාතීන්ට අනුව විග්‍රහ කරන්නේ වෙනස් වෙනස් විදියට. රාජ්‍යත් එහෙමයි. හැබැයි වඳුරාගෙන් පැවතෙන කට්ටිය පරිණාමිකව දියුණු වුණයි කියලා හිතාගෙන අනික් අයත් දියුණු කරන්න ගිහින් කරගත්ත විනාශයට වන්දි ගෙවමින් ඉන්නෙ වර්තමාන පරම්පරාවල්. තව ශතවර්ෂ කීපයක්ම මේ කබ ඇදිල්ල තියෙයි. ඊටත් කාලෙකට පසු සුදම් රාජ්‍ය පහළ වෙයි. එතකොට අපිට මොකක් වෙලා තියෙයි ද? නැවැත බ්‍රහ්මයාටයි, වඳුරාටයි වැඩ වැඩිවෙයි කියලා තමයි මට හිතෙන්නෙ. ඔන්න නූතන රාජ්‍ය.
ReplyDelete
Delete@ weda mahaththaya
+++++++++++++++++++++++
සිංහලයා බිහිවුනයි කියන්නේ සිංහයෙකුට දාවනේ.ඒ කථාවේ පැහැරගෙන යාම් ස්ත්‍රිදූෂණ මානව හිමිකම් උල්ලංගනය...... එකී මෙකී සකලවිධ අපචාර සහිතව ලේ ඤාති විවාහ පීතෘගාතන...... එක්කම නෙරපා හැරීම් ආක්‍රමණ යන නේඛ විද අන්තරායන්ගෙන් යුක්ත බැවින් මහා නාම හිමියන් අයිති වෙන්නේ හොබ්ස් ගේ පරපුරට ද නැතිනම් රූසෝ ගේ පරපුරටද.කෙසේ වෙතත් උන්වහන්සේ මහ වංශය ලිව්වේ හුදී ජනයාගේ පහන් සංවේගය සදහ මෙන්ම රජුන්ටත් අනිත්‍ය වන්නේ යයි කියන බණේ දෙසන්නට ය.
ReplyDeleteදැන් සිංහලයා බිහි වුනා කියන්නෙ රාවණා පරම්පරාවෙන්.
Deleteපෙරදිග අපරදිග එකතුවෙන්න නැහැ කියල රඩ්යාඩ් කිප්ලින් කිව්වට මේ දෙක මොකක් හරි ලොකු කතන්දරයකින් එකතු කළේ නැත්නම් බ්‍රහ්මයින්ගෙන් පැවත එන අයටයි වඳුරන්ගෙයි පැවත එන අයටයි ඔක්කොටම වැනසෙන්න සිද්දවෙනවා කියන එක නම් කතන්දරයක් ම පමණක් නොවෙයි.
ReplyDeletebohoma watina kotasak...
මිනිසා රාජ්‍යය බිහිකරගත්තේ තමන්ගේම වරිගයේ උන්ගෙන් තම දේපල (ගැහැනුන් ද දේපලකි ) ආරක්ෂා කර ගැනීමටය දුර්වල පිරිමින් ගමක් ලෙස හෝ සංවිධානය වී තමන්ගේ ගැහැනුන්,දරුවන් ඇතුළු සියලු දේපල ශක්තිමත් ආක්‍රමණික පිරිමින්ගෙන් ආරක්ෂා කරගැනීමට සකස්කරගත් සම්මුතිය තමයි රාජ්‍යය . එක ඇතුලේ මිනිසාට තමාගේම සහජ වනචාරී ආක්‍රමණික ගතිගුණ සීමා කරගන්නට සිදු වෙනවා. හොබ්ස් - රූසෝ කතාව ඉතිහාසයට ගැලපෙන්නේ එහෙමයි. ඊටත් පස්සේ තමයි ආගමක් කියල සදාචාරමය සම්මුතියක් හදාගන්නේ තමන්ගේම වරිගේ උන්ගේන් දේපල හා ජීවිත ආරක්ෂා කරගන්න.
ReplyDeleteමිනිසාගේ ජීව විද්‍යාත්මක පරිනාමයට සම්භන්ධ කරන්න බැරි ප්‍රපංචයක් තමයි ආත්මය හෝ වින්‍යානය..
එහෙත් භෞතික විද්‍යාවේ string theory මගින් ඉදිරිපත් කරන අදහසට අනුව සමස්ත විශ්වයම කම්පනය වන ශක්ති ස්පන්ධ වලින් නිර්මිත යයි සැලකුවහොත් අපට මැවුම් වාදය හා පරිනාම වාදය එකතු කරන්න පුළුවන් තැනක් හමුවේවි .....
මේක ඩවුන්ලෝඩ් කරගෙන කියවලා කමෙන්ට් එකක් දාන්නම්.
ReplyDeleteපරණවිතාන මහත්තයෝ ඔයාට ගොඩක් ඉවසන්න වෙනවා. කමෙන්ට් එකක්වත් කියවන්න එපා කතන්දරය ඉවර වෙනකන්. අපේ මිනිස්සුන්ට ඉවසීමක් නෑ. ඉවසීම නැතිකම වඳුරු ලක්ෂණයක් වගේම බ්‍රහ්ම ලක්ෂණයක් කියලත් කියන්න පුළුවනි.
ReplyDeleteහරි, ඔහොම යං.
Both Hobbes and Rousseau were good at spinning yarns.......sometimes I wonder whether they read two different stories from the same book!!!
ReplyDelete