Monday, 8 April 2013

සහෝදරයා තවත් අඹ ගස් තිබෙනවා


ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදරවරුනි සහෝදරියනි,

දැනුම යනු ගණිතය පමණක් නොවේ. භෞතිකවිද්‍යාව... දේශපාලන විද්‍යාව... නීතිය...  ජාත්‍යන්තර සබඳතා..... පරිගණක තාක්ෂණය.... ව්‍යාපාර කළමනාකරණය..... ඉතිහාසය.... ධනාත්මක චින්තනය...... පශ්චාත් නූතනවාදය... න,ණ ,ල,ළ භේදය පමණක් නොවේ. තවත් දැනුම්ද තිබේ.
 
ඒ අඹ ගස් වල ගෙඩිත් හරිම රසය.

භගවාන් ශ්‍රී ක්‍රිෂ්ණ විසින් බාහු බලයෙන් යුත් අර්ජුනට මෙසේ කියන ලදී.

නිහතමානිත්වය දැනුමකි.
උඩඟු නොවීම දැනුමකි.
ඉවසීම දැනුමකි.
අව්‍යාජත්වය දැනුමකි.

නිර්ව්‍යාජ අධ්‍යාත්මික ගුරු සේවනය දැනුමකි.
පිරිසිදු බව දැනුමකි.
ස්ථිරත්වය දැනුමකි.
ආත්ම දමනය දැනුමකි.

ඉන්ද්‍රිය අරමුණු කෙරෙහි නොඇලීම දැනුමකි.
අහංකාර නොවීම දැනුමකි.
ජාතිය, මරණය, ජරාව සහ ව්‍යාධිය දුකක් ලෙස මෙනෙහි කිරීම දැනුමකි.
විරාගය දැනුමකි.

අඹු දරුවන් ගේ දොර දේපොළ ආදියෙහි නො ඇලීම දැනුමකි.
කැමති දෙය මෙන්ම අකමැති දෙයද සම සිතින් පිළිගැනීම දැනුමකි.
විවෙක ස්ථානයක වාසය කිරීම දැනුමකි.
ජන සමාජයෙහි නො ඇලීම දැනුමකි.

ආත්මාවබෝධයෙහි වටිනාකම පිළිගැනීම දැනුමකි.

මේ අඹ ගෙඩි වලිනුත් අඩුම තරමින් කිහිපයක් හෝ රස බැලීමෙන් අයහපතක් වන්නේ නැත.

11 comments:

  1. වදින තැන්වලට වදින්නත්, රිදෙන තැන්වලට රිදෙන්නත් මෙවැන්නක් ලියන්නද අප්‍රමාණ දැනුමක් අවැසිවන්නාහ. එයයි පරිණත බව.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. A ට වඩා B කොටයි කීමෙන් A, B ට වඩා උසයි යනු වැටහීම ගණිතයෙන් මනස හිකමවනු ලැබු අයෙකුට ප්‍රතයක්ශ සත්‍යකි..එහෙත් එය සදාකාලික නිරපෙක්ශ නොවන බව දන්නේ මනසේ නිපදවන ප්‍රවාදයන්ගේ හිරකරුවකු නොවූවෙක් පමණය...ප්‍රවාදයන්ගේ හිරකරුවකු නොවන්නේ තම අඹ ගෙඩිය හැර වෙනත් අඹ් ගෙඩි ලෝකයේ ඇති බවත් ඒම අඹ ගෙඩිද තම අඹ ගෙඩි තරමට රහ හෝ තිත්ත බවත් තේරුම් ගැනීමට තරම් බුද්ධියේ හා සීතීමේ නිදහස ඇත්තෙකුට පමනක්ය....

    ReplyDelete
  4. මේ අඹහැර තවත් අඹ තිබේද ?

    ReplyDelete
  5. ගණිතය යනු "දැනුමක්" නොවේ. ඉතිරිය නම් දැනුම් වේ.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත් බෑනෙ සුජීව, ගණිතයේ ඉගෙනගත යුතු කොටසක් තියෙනවනෙ. ඒ ටික ඉගෙනගත්තට පස්සෙ ඉතිරි ටික බුද්ධියෙන් ඉස්සරහට යන්න පුළුවනි, ඒත් මූලික දැනුම අවශ්‍ය වෙනවා.

      Delete
    2. නැහැ ගණිතය ලෝකය ගැන කරන දැනුම එකතුවක් නොවේ තර්ක ශාස්ත්‍රයක්.

      Delete
  6. දැනුමේ මූලික ගති ලක්ෂණයක් තමා අසම්පූර්ණ බව. මම හිතන්නේ දැනුමේ අසම්පූර්ණ බව ගැන තර්ක කරන හැටිය අනුව, ආගම්, දර්ශන හා විද්‍යාව කියන සංරචක කැඩෙනවා. මේවා ඔක්කොම අඹගස්. එහෙත් ඒවා කොහෙත්ම සර්ව සම අඹගස් නොවේ ඒ වගේම ඒවායේ ගෙඩි වල රහෙන් ඒවා ගැන මිනුමක් ගන්නත් බැහැ. මානවයා ඒ මිනුම ගන්නට සුදුස්සෙක් නොවේ.

    ---------

    ඉතිරි ටික මගේ බ්ලොග් එකෙන්.

    ආගම කියන්නේ මධ්‍යගත දැනුම් පද්ධතියක්. එතන දේශකයා බොහෝ විට පරම සත්‍ය කියා දෙයක් දේශනා කරන්නෙක්. ඒ නිසාම ආගමක් සාර්ථක වෙන්න එහි ආරම්භක දේශකයා අතිශයින් සාධාරණ වූත් විචාරයන් වලට සාර්තකව මුහුණ හැකිවූත් දෙයක් දේශනා කල යුතුයි. එසේ නොකලොත් ඔහුගේ ම අනුප්‍රාප්තිකයෙක් ඔහු ඉක්මවා යන වඩාත් සාධාරණ දෙයක් දේශනා කරන්න ගන්නවා. දෙවියන් කියුවා කියා වහල් සමාජයක චින්තනයෙන් මොසෙස්‌ ලිව්ව ටෝරාව ක්‍රිස්තුන් අතින් බයිබලයක් හැටියට එලියට එන්නේ මෙහෙමයි.

    ආගමක දේශකයා මෙහෙම උසස් දෙයක් දේශනා කලාම එයා අනෙකුත් මිනිසුන් අතර පූජනීය වෙනවා. මේ පූජනීයත්වය නිසාත් එය පරම සත්‍යයක් කියා සමාජ ගත වන මතය නිසාත් ආගමකට නිවැරදි කිරීම් කරන්න, යාවත්කාලින කරන්න බැහැ. ප්රෝතෙස්තන්තකරණය වැනි ආගමක සංස්ථා පද්ධතිය වෙනස් කිරීමක් වගේ කලාට එහි මූලික හරය වෙනස් නොවන්නේ ඒකයි. අනික ආගම හිතට ඇතුළු වන්නේ විචාර හැකියාව අඩු ලාබාල වියේදී. බොහෝ දෙනෙක් ආගම තම අම්මා තාත්තා වගේ සලකනවා. "ඔබේ පියා ඔය උදේ හවා වඳින මිනිහා නොවේ" කියන අවලං කතාවට ප්‍රතිචාර දක්වන ආකාරයට තමයි ආගමට එරෙහි විවේචන දිහා බලන්නේ. මෙය අතිශයින් ම සාමාන්‍ය මිනිස් ගතියක් වුනාට ඒ හිත් නිදහස් නැහැ.

    දර්ශනයත් මේ ආකාරයටම කේන්ද්‍රීය දැනුමක්. කොටින්ම ආගම හා දර්ශනය එකට හා වුනු ගංගා දෙකක් වගේ. හරි පැහැදිලි වෙන් වීමක් නැහැ. හැබැයි දර්ශනය ආගමට වඩා තරමක් නිදහස්. ඒ වගේම දර්ශනයක් දේශනා කරන්නා එය පරම සත්‍යයක් කියා කියන්නේ නැහැ. තමන් කිසිවක් නොදන්නා බව කී සොක්‍රටීස් අද ලොව පිළිගත් මහා දාර්ශනිකයෙක්. දර්ශනය පරම සත්‍යයක් නොවන නිසා දාර්ශනිකයින් පෙරහුන් දාර්ශනිකයින්ගේ මත වලට කොටස් එකතු කරනවා. ඒ නිසා යම්කිසි ලෙසකින් වැඩි දියුණු වී යාමක් දර්ශනය තුල තියෙනවා. හැබැයි ගැටලුව වන්නේ කොයි කොටස හරි කියා බාර ගන්නද කොයි කොටස වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්න ද කියන එක. මෙතැනදී දාර්ශනිකයන් කරන්නේ ඔක්කොටම ඉඩ දෙන එක.

    දර්ශනයක මේ වැඩි දියුණු වෙන ගතිය පවත්වා ගන්නා නමුත් එහි සියල්ල බාර ගැනීමට ඇති අසම සම නිදහස වෙනුවට යමක් පිලි ගන්නට යම්කිසි ක්‍රමවේදයක් යොදා ගන්නා දැනුම් පද්ධතියක් විද්‍යාව. මේ නිසා විද්‍යාව අවස්තානොචිතව මතයක සත්‍යාසත්යතාවය මනින්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා.

    ...

    ආගම, දර්ශනය හා විද්‍යාව

    ReplyDelete
  7. අනේ කෝ අර බ්‍රහ්මෝත්පත්තිවාදය?

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික ළඟ ළඟ එනවා ! ප්‍රතිචාරවලට ස්තුතියි

      Delete
  8. හනී අඹ ගොඩායි... අඹ වත්තක්..

    ReplyDelete

Google+ Followers