Friday 24 May 2013

පැතිර සුගන්දය වෙද මෙහි එය ඔබය හිමී

 සහෘදයිනි,
තව නොයෙක් ලිපි ලිවීමට සැලසුම් කරමින් සිටියද
සතර දිගන්තය නතර කිරීමට සිදුවී තිබේ.
තාවකාලිකවය.

මෙහි මෙතෙක්  පළ වූ  ලිපි  කියවූ, අගැයූ, රසැයූ, යලි පළ කරවූ, එමෙන්ම ගැරහූ සියලු දෙනාටම තුති පුදමි.

නිතර   වසන්තය නැත දිවි මගට           හිමී 
කතර   මැදින් යත පිරිපත නැත          අහිමී 
පැතිර   සුගන්දය වෙද මෙහි එය ඔබය   හිමී 
සතර    දිගන්තය සමගින් නැවත           එමී

5 comments:

  1. අනිවා නැවත කඩිනමින් එන්න ඔබේ බ්ලොගය බ්ලොග් අවකාශයට සියපතක් වැනිය

    ReplyDelete
  2. සතර දිගත විහිදුනු අතු පතර මත
    නිතර පිපුණු නැණමල් පොඩි පොකුරු වෙත
    කතුර පැමිණ කැපුවා දෝ ලියන අත
    අතරමග නතරවන හැටි දුකකි මිත

    ReplyDelete
  3. කියවමින් සිටියා
    ඔබ නතරකලා
    මට මතක් වෙනවා දිවයිනට ලියා නතර කල දවස........

    ReplyDelete
  4. මොකෝ රස්සාවට කෙලලද.. මම දැක්කා තානාපති සේවයේ වෙනස්කම් රාශියක් සිද්ද වෙන්න යනවය කියලා ගොසිප් එකක්...

    ReplyDelete
  5. අතර නතර කතරට වට සුනිල පත
    මතුර මතුර නව මඟ පෙත විහිදි මත
    මිතුර දැමූවෙද උගුලා එසියපත
    සුතුර යළිත් අරඹනු මිස කුමට ළත

    ReplyDelete