Thursday, 9 May 2013

දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය

අපි තවමත් ජීවත් වෙන්නේ ජාතික රාජ්‍යය යුගයකය. අපි හැම දෙනාම  කුමක් හෝ රාජ්‍යයක සාමජිකයින් වන්නෙමු. සංක්‍රමණිකයන් ගැන වුවද කියන්නට තිබෙන්නේ ඔවුන් අඩුම තරමින්  කුමක් හෝ රාජ්‍යයක සාමාජිකත්වය අපේක්ෂාකරමින් වත් සිටින බවය. අන්ත අරාජිකවාදියෙකුට වුවද රාජ්‍යයන් හරහා ගමන් කිරීමේදී රාජ්‍යයක් විසින් නිකුත් කරන ගමන් බල පත්‍රයක් දැරීමට සිදුවනු ඇත. අප හැම දෙනා තුළම එක හෝ තවත් අකාරයේ  ජාතිකවාදියෙකු ජීවත් වන බව මිහිරි සත්‍යයකි. නැතිනම් කටුක සත්‍යයකි.

නූතන යුගයේ ලෝකයේ දේශපාලන  ඉරණම වැඩි වශයෙන් තීන්දු කරනු ලැබුවේ ජාතිකවාදයන් මගිනි. නූතන මිනිසාගේ දේශපාලන චින්තනය පුදුමාකාර ලෙස ජාතික රාජ්‍යය කෙන්ද්රීයය. ජාතිකවාදය එතරම් ම ප්‍රබලය.
 
 
එහෙත් ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය.

එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්ම වීම  නිසා දාර්ශනික වශයෙන් දිළිඳු ජාතිකවාදය මතුකර තිබෙන සංකීර්ණ දේශපාලන ගැටළු වටහා ගැනීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් නොවේ.

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. I like your picture of Diogenes the Cynic, who rejected state authority, asking Alexander the Great to stand aside and not block his sunlight. Alexander is said to have stated that if he was not Alexander he would have been Diogenes. We normally associate power with wielding (state) authority but Alexander acknowledged that Diogenes was powerful in his own way because he had rejected the state,society, civilized behaviour and accepted norms and effectively lived in a barrel like a dog. There was nothing one could do to him and hence he was powerful!

    ReplyDelete
  3. //......... ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ .......//
    ජාතිවාදය කියන්නෙ ජාතික වාදයටත් වඩා දිළිඳු එකක්. ලෝකය ජාතිකවාදයෙන් දුවද්දි ජාතිවාදයෙන් දුවන්න හදන මෝඩයොත් ඉන්නවා.
    ලොකුම දිළිඳුකම නම් ඔවුන් ජාතිවාදීන් බව ඔවුනට නොතේරීමයි.

    ReplyDelete
  4. ජාතිකවාදයේ ගැ‍ටලුව ජාතික ස්වෝත්තමවාදයේ ‍හෙවත් ජාතිවාදයේ අඳුර හැම විටම ඒ මත වැටී තිබීමයි. මම ජාතිවාදයෙන් තොර ජාතිකවාදයක් පරිකල්පනය කරන්නට කැමැත්තෙමි. එය ජාතිවාදය දෙසට හෙවත් පසුපසට යොමු වූ ජාතිකවාදයක් නොවී ජාත්‍යන්තරවාදය දෙසට හෙවත් ඉදිරියට යොමු වූ ජාතිකවාදයකි. මා පරිකල්පනය කරන ජාතිකවාදය තුළ මිනිසා සිය ජාතික අනන්‍යතාව අගයමින් ම ලෝකය සමග මුසු වෙයි. මගේ ජාතිකවාදියාට ලෝකය තමන් ගිල ගන්නට සිටින යකෙකු නොව තමන් වැළඳ ගන්නට සිටින මිතුරෙකි. එහෙත්, ඔහු/ඇයලෝකයෙන් එන අයුතු බලපෑම් පිටුදකින්නට බිය නොවෙයි.


    කියවන්න: කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

    ReplyDelete
    Replies
    1. ජාතික වාදය දාර්ශනික වශයෙන් දිළිඳු යයි කීවද ජාතික වාදය ගැන අපට පොහොසත් සංවාදයක් සහ දැනුමක් ගොඩනැගිය හැකිය. ඉදිරියට ඒ ගැන ලියමි ( මා කැනඩාවේ තානාපති යයි ඔබේ ලිපියේ සඳහන වැරදිය. කොන්සල් ජෙනරාල් ලෙස නිවරදි විය යුතුය ) ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete