හහා එදැන ගන්නට දෙස් වීද මදී
ලිහා බලන මල්ලක් ඔබ ඔබන විදී
මහා පුදුමයකි ගියෙ මගේ මතත් නිදී
(රැයිපියෙල් තෙන්නකෝන් - වවුලුව)
ජාතිය සම්බන්ධයෙන් නම් බොහෝදෙනා කියන්නේ ජාතිය පහල වීමට පෙර ජාතික වීඤ්ඤාණය පහල වන බවය. විශේෂයෙන් ජාතිය යන්න සිතුවිලි මුලික කරගත් හැගීමක් නැතිනම් පරිකල්පනයක් යයි අදහස් කරන අය සිතන්නේ ජාතිය යනු මතවාදාත්මක පරිකල්පනයකින් බිහිවන්නක් බවය. සතර දිගන්තයේ පළවූ දර්ශනයේ දිළිඳු බව සහ දිළිඳු බවේ දර්ශනය ලිපිය ගැන සඳහන් කරමින් ලිපියක් ලියන අජිත් ජයසිංහ ද ජාතිය පරිකල්පනය කරගැනීමක් ගැන සඳහන් කරයි.
ජාතිකවාදය දාර්ශනික වශයෙන් දිළිඳු වුවද ජාතිකවාදය ගැන පොහොසත් දේශපාලන සංස්කෘතික සංවාදයක් ඇති කර ගැනීමට එම දිළිඳු කම බලපාන්නේ නැත. නලින්ද සිල්වා, ජයදේව උයන්ගොඩ,ගාමිණී වියන්ගොඩ, කේ. එ.න් ඕ. ධර්මදාස සහ පශ්චාත්නුතනවාදී අදහස් දරන කිහිප දෙනෙක් ඇතුළු එකිනෙකට වෙනස් මතවාද දරන කිහිප දෙනෙක් හැරෙන්නට සිංහල භාෂාවෙන් මේ විෂය පිලිබඳ ගාලගෝට්ටි මට්ටමට නොවැටෙන මාදිලියේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා දකින්නට අඩුය. එම පසුබිමෙහි ලා සලකන කල තමන්ගේ 'සිංහල ජාතිකත්වය' ගැන අජිත් ලියා තිබෙන ලිපිය වනාහී ප්‍රතිචාර ඔස්සේ ඉදිරියට ගෙන යා හැකි සංකල්ප කිහිපයක්ම අඩංගු වුවකි. නුතන ජාතික රාජ්‍යය ගැන ලියන මෙම ලිපි මාලවේ ජාතිකවාදය ගැන ලියන්නට සැලසුම් කළ ලිපි කිහිපය ඉක්මන් කරනු ලැබුවේ අජිත්ගේ එම ලිපියයි.
ජාතියක් යනු "පරිකල්පිත ප්‍රජාවක්ය" යන අදහස
ජාතිය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් වී ඇති බොහෝ ප්‍රවාද අතරින් එකක් පමණය. එහෙත් එය වර්තමානයේ වඩාත් ජනප්‍රියම ප්‍රවාදයය. එය මුලින්ම ඉදිරිපත් කළේ බෙනඩික්ට් ඇන්ඩර්සන් නම් විද්වතාය. ඇන්ඩර්සන් ජාතිකවාදියෙකු නොවීය. එසේ සඳහන් කරන්නේ ජාතිය සහ ජාතිකවාදය ගැන අදහස් ඉදිරිපත් කරන්නට ජාතිකවාදියෙකු වීම අත්‍යවශ්‍ය නොවන බව අවධාරණය කිරීමටය. ජාතිය සහ ජාතිකවාදය එකකි. එය පිළිබඳ හැදෑරීම අනෙකකි. එහෙයින් ජාතිය යනු කුමක්දැයි විමසීමට පෙර ජාතිය සහ ජාතිකවාදය ගැන කෙරෙන හැදෑරීම් වල ස්වභාවය ගැන යමක් සඳහන් කිරීම සුදුසුය.
ජාතිය සහ ජාතිය පිලිබඳ කෙරෙන සමස්ත හැදෑරීම් ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනකට අදාළ ගැටළු කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් වී තිබෙන බව පෙනේ.
1.දාර්ශනික සහ සදාචාරාත්මක ගැටළුවක් ලෙස
2.දේශපාලනික සහ මානව විද්‍යා ගැටළුවක් ලෙස
3.ඓතිහසික සහ සමාජ විද්‍යාත්මක ගැටළුවක් ලෙස වශයෙනි.
දාර්ශනික සහ සදාචාරවාදී කෝණයෙන් බලන කල ජාතිය පිලිබඳ පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ඇසිය හැකිය. ජාතිය යන්න කෙතරම් දුරට මනුෂ්‍යත්වයට ඔබින සංකල්පයක්ද? ජාතිය යන සංකල්පයට මනුෂ්‍ය ජීවිතයේ හිමි නියම තැන කුමක්ද? සාමාජික ජීවිතයේ පරම නිෂ්ටාව ( හේගල් පැවසු පරිදි ) ජාතියකට ඒක රාශී වීමද ?
මානව විද්‍යා සහ දේශපාලන අර්ථයකින් බලනවිට අපට පෙනී යන්නේ ජාතිය යනු කුමක්ද? තනි තනි පුද්ගලයා ජාතිය සමග පවත්වාගෙන යන්නේ කුමන ආකාරයේ සම්බන්ධයක්ද ? ජාතිය යනු හරයාත්මක වසයෙන් ගත් කල උපත නෑකම වර්ගය ගෝත්‍රය ජනවර්ගය පොදු ඉතිහාසය භාෂාව අගම ආදී ජනවාර්ගික සහ සංස්කෘතික සාධක මත ඇතිවුවක්ද ? වැනි ප්‍රශ්න වලට එමගින් උත්ත්තර සොයයි. ජාතිය යනු පරිකල්පිත ප්‍රජාවක්ය යන බෙනඩික්ට් ඇන්ඩර්සන් ගේ ප්‍රවාදය, ජාතිය පිලිබඳ ස්ටාලින්ගේ නිර්වචනය ඇතුළු බොහෝ ප්‍රවාද බිහිවුනේ මෙම දේශපාලන සහ මානව විද්‍යා කතිකාව ඇතුළතය.
ඉතිහාසය සහ ස්මාජවිදයා කතිකාවද ජාතිය සහ ජාතිකවාදය හදාරයි. ඒ අනුව ඒවා උත්තර හොයන්නේ ජාතිය යන්නට මානව ඉතිහාසයේ හිමි තැන කුමක්ද යන්නය. ජාතිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන යමක්ද? නැතිනම් එය මනුෂ්‍ය ඉතිහාසයේ එක නිශ්චිත යුගයක් ඇතිවුවක්ද? ජාතිය බිහිවන්නේ ධනේශ්වර යුගයෙදීය යන ප්‍රසිද්ධ ප්‍රවාදය මේ ඉතිහාස කතිකාව තුලින් ඇති වුවකි. සිංහල ජාතියේ ඉතිහාසය පිලිබඳ ලෙස්ලි රණවීර ගුණවර්ධන සහ කේ එන් ඕ ධර්මදාස අතර ඇති වූ ප්‍රසිද්ධ විවාදය තවත් උදාහරණයකි.
ජාතිය සහ ජාතික වාදය පිලිබඳ පළල් චිත්‍රයක් දැකීමට නම් මේ කතිකාවන් තුනෙන්ම මතු වූ අදහස් පිලිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්විය යුතුය.
මේවා නීරස ලිපි බව මම දනිමි. සිංහල බ්ලොග් සංස්කෘතිය තවම මෙවැනි සාකච්චාවලට එතරම් සුදානම් නැතිබව පෙනේ.කෙසේ වෙතත් කවි ගීත උපමා කතා ආදිය ගෙන එමින් පුළුවන් තරම් තනුක කරමින් මේ ගැන තව ලිපි කිහිපයක් ලියන්නට බලාපොරොත්තු වෙමි.

කිසිම නීරසක් නැත මනසට ගත හැකි බොහෝ දේ අඩංගුය... ලියන්න මෙවැනි ලිපි සිංහල බ්ලොග් කලාවේ නවමු ඉසව්වකට මාවත විවර කරමින්.
ReplyDeleteජාතිය ඇතිවෙන්නෙ ධනේශ්වර යුගයේ යැයි කියන කොට්යි මතක් උනේ....
ReplyDeleteසිංහල ජාතිය ඇතිවෙන්නේ මහනාම හාමුදුරුවගේ ඔලුවේ අතුලෙයි කියලත් කියනවනේ......බුද්ධාගම මහායාන වෙලා ඉන්දියාවෙන් බුද්ධාගම අතු ගෑවිලා යන කොට, ලංකාවේත් ඒක වෙන එක නවත්ත ගන්න බුදු දහමේ භාරකාර ජාතිය සිංහල කියලා මහානාම හාමුදුරුවො මහවංශෙන් අලුත් ජාත්හියක් හැදුවයි කියලා කියනවා නේද?
ඒ තර්කය හරි නම ජාතිය ඇතිවෙන්නේ වැඩවසම යුගයේ ආයතනගත ආගමක් ප්‍රබල වෙච්චි කාලේක...හරියට පල්ලිය රකින්න හදපු 'ඕපස් දෙයි' වගේ පන්සල රකින්න සිංහල ජාතිය හැදුවා...
මේ වගේ ළිපි තමයි ලියවෙන්න ඕන. පැරාලා ඔබ වගේ අය තමයි ලියන්න ඕන. මේකේ බුද්ධිමය සාඛඡ්චක් ඇතිවිය යුතු කාළය ඇවිත්. එහි ප්‍රස්තුතය කුමක් වූවත් කම් නෑ.
ReplyDeleteජාතිය නිර්වචනය බොහොම අමාරු දෙයක් කියලයි මම නම් හිතන්නේ. නීලපෙරුමාල්ලා, තම්බි මුදලාලිලා (නම හරියටම මතක නෑ) සිංහල ජාතිකයෝ වෙන්නේ කොහොමද..? ජාතිය එක පෑන් පහරින් වෙනස් කරන්න පුළුවන්ද..?
කෙසේ වෙතත්. අන් ජාතියකට ප්‍රේම කරන්න ඉස්සෙල්ලා, තමන්ගේ ජාතියට ප්‍රේම කරන්න ඕන.
දැන් කවුද මේවා නීරසයි කිව්වේ...
ReplyDeleteනීරස වෙන්න පුළුවන් කියලා හිතෙන එක සාධාරණයි... මොකද මේවා තේරුම් ගන්න ටිකක් ආමාරු නිසා.... හැබැයි වෛද්‍ය විද්‍යාවට අස කරන එකා එකා, ඉංග්‍රීසි පොතේ අකුරු අමුණ අමුණ, රෑප සටහන් බල බල හරි බයෝ ඉගෙන ගන්නවා.. මේකත් ඒ වගේ තමා....
ඒ වගේම, අනේ මේක බලන අය... බලලා, හපොයි මේවා තේරෙන්නේ නෑ කියලා යන්නේ නැතුව තේරෙන හැටියට කමෙන්ට් එකක් දැම්මොත් හොදයි... ඉස්සර වගේ ලෙක්චර් එක ඉවර වෙනකම් ඔලුව වන වන ඉඳලා, පොතේ ටිකක් කුරුටු ගාගෙන පුටුවෙන් නැගිටලා යන්නේ නැතුව ප්‍රශ්න අහලා තේරුම් කරගන්න එක තමයි හොඳ.. අඩු ගානේ එතකොට නොතේරෙන ටිකක් හරි තේරුම් කරගන්න බැරියැ..... හැමතිස්සෙම අර්ථාන්විත ප්‍රශ්න අහන්න හැමකෙනාටම බෑ කියලා මම දන්නවා... ඒත් උත්සාහ කිරීමෙන් පාඩුවක් වෙන එකක් නෑ.... ( මම නම් ගොඩක් වෙලාවට මේ වගේ අගක් මුලක් තේරෙන්නේ නැති දේවල් වල යමක් තේරුම් ගන්නේ, ඇත්තටම කමෙන්ට් වලින් අහලා තියෙන ප්‍රශ්න වලට ලැබිලා තියෙන උත්තර වලින්..)
ජාතිය කියන එක අපේ නම් භාශාවයි ආගමයි එක්ක බැඳිලානේ තියෙන්නේ... සිංහල බෞද්ධ කියලා... දැන් ඔතන ඉඳලා උප්පැන්නේ ජාතිය ඉස්සරහින් තියෙන ශ්‍රි ලාංකික කියන එක සටහන් කරන්නත් අපිට ලොකු යුද්ධයක් කරන්න උනානේ.. මං හිතන්නේ නෑ තාමත් ඒක ඉවරටෙම ඉවරයි කියලා... උප්පැන්නේ සටහන් උනත් ඔලුව ඇතුලේ සටහන් වෙලා තියෙන්නේ තාම පරණ තිබ්බ එකමයි.... තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම, තමන්ගේ රට වගේ දේවල් ඔලු ඇතුලේ එකපාරක් තැන්පත් උනාට පස්සේ ලේසියෙක් ගලවන්න බෑ.... අපිට නම් ඒවා එක වසරේ ඉඳලම ඔලු ඇතුලේ තැන්පත් කළානේ... හි හි...
ජාතිය දුකකි.
ReplyDeleteමට මේක ලස්සනට කිව්වේ අපේ යාලු උදේසිරි.
මේ ගැන කතාකරනව අහන්න අහන්න, මට තව තව හිතෙන්නෙ ඒක කොච්චර ඇත්තද කියලයි ;)
ඒත් බලාගෙන යනකොට හැම මගුලම දුකක් තමයි ..
-නන්දන