උතුරු කොරියාවත් දකුණු කොරියාවත් ඉතාමත් ගන සැරේට කටින් ගහගනිමින් සිටියි. මේ
වාචික යුද්ධය වාචික යුද්ධයකින්ම අවසන් වනු දැකීම ලෝක සාමය අගයන කාගේත් පැතුමය. යම්
හෙයකින් මෙය ආයුධ යුද්ධයක් බවට පත්වුව හොත් ඇතිවිය හැක්කේ එසේ මෙසේ යුද්ධයක් නොව
න්‍යෂ්ටික යුද්ධයකි. එවැනි න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලී ගිය හොත් කොරියා දෙකේ පමණක්
නොව අවශේෂ ලෝකයේ ජනතාවද දැවී අළු වී කරුකුට්ටන්වී මුළු ලෝකයම 'ගැන්ගම් ස්ටයිල්' වී යනු ඇත.
උතුරු කොරියාව අන්තිම තුට්ටු දෙකට දමමින් කතා කළ ඇතැම් ඇමෙරිකන්
යුධ විශ්ලේෂකයන් පවා දැන් කියන්නේ ඔවුන් සතුව
අඩුම තරමින් ඇමෙරිකාවට කෙසේ වෙතත් දකුණු කොරියාවටවත් පහර දීමට තරම් මිසයිල
ආදිය ඇති බවය. උතුරු කොරියාව වහසිබස් දොඩන්නේ ඇමෙරිකාව කුඩු සල්ලන් කරන්න වුනත්
තමන්ට හැකි බවය.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් චක් හැගල් මේ වහසි බස් වලට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ඇමෙරිකාවට හුරු සුපුරුදු තර්ජනයේ භාෂාවෙනි ''අපව ප්‍රකෝප කරන්න එපා! අපි දැඩි පියවර ගන්නවා! යයි පෙරේදා ( අප්‍රේල් 02) පැවසු ඔහු අද (අප්‍රේල් 04) කියා සිටින්නේ ෆැසිපික් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වල මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටුවන බවය.
මේ වන විට ඇමෙරිකානු යුධ නැව් කොරියානු ෆැසිපික් කලාපයට යවමින් තිබෙන බව
කියවෙයි. ඇමෙරිකාවේ සහ කැනඩාවේ පත්තරවල පිරි තිබෙන්නේ මේ යුධ තර්ජනය විශ්ලේෂණය කරන
ලිපි වලින්ය. තීරු ලිපි රචකයන් බොහෝ දෙනෙක් කියන්නේ
කොරියාවට ඇමෙරිකාව සමග යුද්ධ කිරීමේ ශක්තියක් නැති බවය. ඔවුන් පෙන්වන්නේ
සහ හුවා දක්වන්නේ උතුරු කොරියාවේ දුප්පත් කමය. විදුලි බලය නැති කමය.
චීනය මත යැපෙන ආර්ථිකය පරාධීනත්වයය. එම සියල්ල ඇත්තය.
එහෙත් මිනී මැරීමේ ශක්තිය අතින් බටහිර මිනිසා මෙන්ම පෙරදිග මිනිසාද වාර්තා
පිට වාර්තා තබා ඇති බව අප අමතක කළ යුතු නැත. ඇමෙරිකාවට ඉරාකයේ සිදු
කළා මෙන් උතුරු කොරියාව ආක්‍රමණය කළ හැකිය. එහෙත් කොරියානු බින්
ලාඩන් ලා බිහිවීම වැළක්විය නොහැකිය.
මීට හරියටම අවුරුදු 100 කට පෙර 1913 දී ලෝකය තිබුනේද අද තිබෙන්නා සේම සේම
යුධ රස්නයක දැවෙමින්ය. යුද්ධ කළ හැකි කවුරුත් හිටියේ වහසි බස් දොඩමින්ය.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆර්ඩිනන්ඩ් කුමරා බොස්නියානු සර්බියන් පුද්ගලයකු අතින් සරාජීවෝ නගරයේදී
ඝාතනය වීමේ තනි සිද්ධිය සමගම එතෙක් දොඩමින් සිටි වහසිබස්
පළමුවන ලෝක යුද්ධය බවට පරිවර්තනය විය. දෙවන ලෝක යුද්ධය යනු එහිම දිගුවකි. යුද්ධයක
හේතුව ඒ වෙනුවෙන් පත්තුවන පළමු වෙඩි උණ්ඩයට ඌණනය කිරීම සුසුසු නැත.
එහෙත් පළමු උණ්ඩය පත්තු නොකිරීමද යුද්ධය වැළක්වීමේ එක පියවරකි.
අප ඉපදුන විසිවන
ශතවර්ෂය වනාහී එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ වැඩියෙන්ම මිනීමැරූ ශතවර්ෂයයි. එරික්
හොබ්ස්බ්වන් නම් ඉතිහාසඥයා කියන්නේ එය මානව ඉතිහාසයේ කෙටිම ශතවර්ෂය බවය . අපට
නම් කියන්න තිබෙන්නේ විසිවන ශතවර්ෂය යනු ''මිනීමරු ශතවර්ෂය'' කියාය.
අපට අවශ්‍ය නම් අපගේ දූ දරුවන් ඉපදුන විසි එක් වන ශතවර්ෂයද
ඊටත් වඩා මිනීමරු ශතවර්ෂයක් බවට පත් කළ හැකිය. අවශ්‍ය ආයුධ අප නිපදවා ඇත.
තිබෙන්නේ කොයි කොනකින් හෝ පත්තු කිරීම පමණි.
එහෙත්
අවි වලින් නැසෙන්නේ අවි ගත්තෝ පමණක් නොවේ. වැඩි පුරම නැසෙන්නේ අවි නොගත්තෝය.
Thursday, 4 April 2013
Wednesday, 3 April 2013
කවුද ඒ සුදු ඇඳන් බන කියන මහත සාදු ?
මොන රෙද්දක්ද මේ?...ලිපියෙන් අප කතා කරමින් සිටියේ සිංහලයාගේ රෙද්ද ගැනය. අතීතයේදී රෙදිපිළි හිග භාන්ඩයක් වීම, ඒ හිගකම නිසාම රෙද්ද අප සංස්කෘතියේ පොදු තෑගී භාණ්ඩයක් වීම සහ විකාශනයක් ඔස්සේ බිහි වූ ජාතික ඇඳුමක් නොතිබීම යන කරුණු ඔස්සේ එම ලිපිය අවසන් වූයේ 'දේශපාලකයන් සුදු අඳින්නේ ඇයිද? යන ප්‍රශ්නයෙනි.එසේත් නැතිනම් දේශපාලකයාගේ රෙද්දෙනි. එසේනම් මෙන්න ඒ ගැනත් ලිපියක්.
මොන සුදු රෙද්දක්ද මේ?
කෙටි කවි ලියන ජනක මහබෙල්ලන ගේ කවියකින් පටන් ගනිමු. ඔහු 'දේශපාලකතුමා' යන
මැයින් කවියක් මට මතක හැටියට ඔහුගේ 'දෙසැම්බර් කාලකන්නියා' හෝ 'කම්මුල් පහර' නම් පොතෙහි පළ කර
තිබුණි. ඒ මෙපරිදිය;
දේශපාලකතුමා
කවුද ඒ
සුදු ඇඳන්
බන කියන
මහත සාදු?
කවිය කියවනවිට අප සිතෙහි මැවෙන්නේ සුදු ඇඳුමක් ඇඳගත් තරබාරු දේශපාලකයෙකි. ජනක කියන පරිදි දේශපාලකයා යනු සුදු ඇඳන් බන කියන සාදු කෙනෙක් හෙවත් හාමුදුරුකෙනෙකි. බන කීම දේශපාලකයන්ගේ කාරියක් නොවේ. එය හාමුදුරුවන්ගේ කාරියකි.එහෙනම් දේශපාලකයන් බන කියන්නේ හාමුදුරුවරුන් දේශපාලනය කරනා නිසා විය හැකිය. දේශපාලනය කරන හාමුදුරුවරුන් නම් කියන්නේ උන්වහන්සේ දේශපාලනය කරන්නේ ''දේශපාලකයන් හරියට දේශපාලනය නොකරන නිසා'' බවය. බන කියන දේශපාලකයාටත් ඒ අනුව ''අපි බන කියන්නේ හාමුදුරුවරුන් බන නොකියා දේශපාලනය කරන නිසා'' යනුවෙන් කිව හැකිය. අපි අද කතා කරන්නේ කහ ඇඳන් දේශපාලනය කරන හාමුදුරුවරුන් ගැන නොව සුදු ඇඳන් බන කියන සහ නොකියන සියලුම දේශපාලකයන්ගේ මෙකී සුදු ඇඳුම ගැනය.
දේශපාලකයන් ගැන සමාජයේ පොදුවේ තිබෙන්නේ යහපත් මතයක් නොවේ. එය අප රටේ පමණක් ලෝකයේ ඕනෑම රටක දක්නට ඇති තත්වයකි. හේතුව දේශපාලකයා සහ දූෂණය එකට බොහෝවිට එකට යා වී ඇති බැවිනි. බොහෝ දේශපාලකයන් දූෂිතයන් වී තිබෙන බව සත්‍යයක් නමුදු සියලුම දේශපාලකයන් දූෂිතයන් නොවීමද එපමණටම සත්‍යයකි. එහෙත් එම කරුණ ගැන සමාජයේ එතරම් තැකීමක් නැති බැවින් සාමාන්‍ය ජනතාව සියලුම දේශපාලකයන්ට සළකන්නේ 'එකවල්ලේ පොල්' ලෙසටය.
දේශපාලකයන් සුදු අඳින්නේ තම දූෂිත අපිරිසිදු ජීවිතය සුදු රෙදි කඩතුරාවකින් වසා ගෙන පිරිසිදු චරිතයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රැවටීමට යයි පොදු මතයක් තිබේ. ඒ අනුව සුදු අඳින දේශපාලකයන් දූෂිතය. මෙහිදීද කිව හැක්කේ සුදු අඳින දේශපාලකයන් අතර දූෂිත අය මෙන්ම අදූෂිත අයද සිටින බවය. සුදු ඇඳුමට මේ තිබෙන නිග්රහත්මක පිලි ගැනීම නිසා හෝ වෙනත් හේතු නිසා හෝ සමහර දේශපාලකයන් සුදු අඳින්නේ නැත. සුදු නොඅඳින සියලුම දේශපාලකයන් අදූෂිත බව ඉන් අදහස් කෙරෙන්නේ නැත. සමහර විට සුදු අඳින දේශපාලකයා හොරෙක් වන විට ටයි කෝට් අඳින දේශපාලකයා කම්බ හොරෙක් වීමට ඉඩ ඇත.දූෂිත බව ඇඳුමේ ප්‍රශ්නයක් නොවේ. දූෂිත බව ඇඳුමින් වසා දැමිය හැකිද නොවේ.
දූෂිත දේශපාලකයන් බිහිවන්නේ දූෂිත චන්දදායකයන් නිසාය.
එසේනම් ප්‍රථම කොටම කළ යුත්තේ දූෂිත චන්දදායකයා වෙනුවට අදූෂිත චන්දදායකයකු නිර්මාණය කිරීමය. අදූෂිත චන්දදායකයා නිර්මාණය කරගැනීමත් මූලික වශයෙන් දේශපාලන කටයුත්තකි. එය දූෂිත දේශපාලකයන්ට කළ නොහැකි කටයුත්තකි. තරමක් විහිළුවක් ලෙස පෙනුනනද මෙයද මහා බරපතල දේශ දේශපාලනික, ..... දාර්ශනික,..... ආගමික,.... සංස්කෘතික, ...... , ..... , ........ , ගැටලුවකි.
වටේ කොටනවා වැඩි නිසා නැවතත් සුදු රෙද්දේ කතාවට හැරෙමු.
'ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවිතය සහ මරණය'(The Life and Death of Democracy, John Keane, 2009)නමින් විවාදයට තුඩුදුන් පොතක් ලියු ජෝන් කේන් නම් ලේඛකයා කියන්නේ දේශපාලකයන් සුදු අඳින හේතුව ඔවුන්ට අන් අයගෙන් කැපී පෙනෙන්නට අවශ්‍යවූ නිසා බවය. කැන්ඩිඩේට් (candidate) හෙවත් චන්ද අපේක්ෂකයා යන ලතින් භාෂාවට අයත් (candidatus) වචනයේ ඉතිහාසය සෙවූ ඔහු කියන්නේ එම වචනයේ මුල් අර්ථය "සුදු ඇඳුම් අඳින්නා" යන්න බවය.පෙර තිබුනේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. ශාලාවකට ඒකරාශී වූ පුරවැසි පිරිස එම ශාලාවේම නියෝජිතත්වය අපේක්ෂා කරමින් සිටි අයගෙන් තමන් කැමති අය තෝරා ගත්හ. මේ තෝරා ගැනීමට බඳුන්වන තැනැත්තන් තෝරන්නන්ගේ අවධානයට පහසුවෙන් ලක්වීම පිණිස සුදුපාට ඇඳුමකින් සැරසී සිටි බවත් එම නිසා ඔවුන්ට 'කැන්ඩිඩෙට්' (සුදු ඇඳුම් අඳින්නා) යනුවෙන් අන්වර්ථ නාමයක් එකතු වූ බවත් පසුව එය චන්ද අපේක්ෂකයා හැඳින්වීමට යොදාගත් බවත් ඔහු කියයි. සුදු ඇඳුමේ බටහිර දේශපාලන ඉතිහාසය එපරිදිය.
කෙසේ වුවද බටහිර මිනිසුන් පෙරදිග අප තරම් සුදු අඳින්නේ නැත. ඔවුන් වැඩිපුරම අඳින්නේ කලුය. කලුපාට හිරු රැස් උරා ගනී.උණුසුම වැඩිකරයි. ශීත රටවලට ගැලපෙයි. පෙරදිගට ගැලපෙන්නේ හිරුරැස් උරා නොගන්නා පාටකි. සුදු එවැනි පාටකි. පෙරදිග සුදුපාට වැඩියෙන් භාවිත කිරීමේ පාරිසරික හේතුව එය විය හැකිය. අනෙක පෙරදිග අප වැනි රටවල මිනිසුන්ගේ හමේ වර්ණය කලුය. දුඹුරුය.අපේ හමට වැඩියෙන් ගැලපෙන්නේ තද පාට ඇඳුම් නොව ලා පාට ඇඳුම්ය. කෙසේ වුවද මිනිසුන්ගේ වර්ණ තේරීම පාරිසරික සාධක මත පමනක් පදනම් නොවේ. මේ වන විට භූගෝලීය කලාප භේදයකින් තොරව පැතිරී යන්නේ කලිසමය. කමිසයය. උත්සව අවස්ථාවලදී අපේ සම්ප්‍රදායික ඇඳුම් ඇන්දත් ජපනුන්, චීනුන් ඉන්දියානුවන්. ශ්‍රී ලාංකිකයන් වන අප වැඩි දෙනෙක් එම උත්සව ඉවර වී නිවසට පැමිණි වහාම සරම් බැනියම් සාරි ගලවා දමමින් කලිසමට කොට කලිසමට බසිමු.
"ඇඳුමින් මිනිසුන් මනින්න එපාය" කියා කීවද සාමාන්‍ය ජීවිතයේදී එය කෙරෙන්නේ නැත. අඳින ඇඳුමින් පුද්ගලයා මැනීම හැමවිටම කෙරෙන්නකි. එම නිසා තැනට සුසුදු පරිදි ඇඳීම සුදුසුය. දේශපාලකයන් වැඩිපුරම මිනිසුන් සමග ගැවසෙන නිසා කොහොමත් පිළිවෙලකට ඇඳිය යුතුය. නමුත් දේශපාලකයාගේ පිළිවෙල තිබිය යුත්තේ අඳින ඇඳුමේ පමනක් නොවේ වැඩවලද පිළිවෙලක් තිබිය යුතුය.පරතිපත්ති ගරුක විය යුත්තේ ඇඳුමට පමණක් නොවේ. දේශපාලන භාවිතාවද ප්‍රතිපත්තිගරුක විය යුතුය. ප්‍රතිපත්ති විරහිත දේශපාලනය මහත්මා ගාන්ධි සැලකුවේ මහා දේශපාලන පාපකර්ම සතකින් එකක් ලෙසය.
මහත්මා ගාන්ධිද මුලින් යුරෝපීය ඇඳුම් ඇඳ පසුව සුදු ඇඳුම් ඇඳුම් අඳින්නට පටන් ගත්තේය. උඩට ඇන්දේ නැත. රෙද්දක් පෙරෙව්වා පමණි. එම නිසා වින්ට්සන්ට් චර්චිල් ඇතුළු සමහර සුද්දන්ට ගාන්ධිව පෙනුනේ 'අඩ නිරුවත් හිඟන්නකු' ලෙසය. (half naked fakir) එහෙත් එම අඩනිරුවත් හිඟන්නාට අවසානයේදී දේශපාලන වශයෙන් යටත් වන්නට ඉංග්‍රීසි අධිරාජ්‍යයට සිදුවිය. ගාන්ධි ඉන්දියාවේ 'ජාතියේ පියා' විය. ගාන්ධි ජාතියේ පියා වුවද එම ජාතියේ දරුවන් කිසිවෙක් ජාතියේ පියා වගේ අඳින්නට සූදානම් වූයේ නැත. ඉන්දියානුවන් වැඩිපුරම කැමති වූයේ ගාන්ධි මෙන් අඳින්නට නොව නේරු මෙන් අඳින්නටය. ඇත්තෙන්ම නිදසින් පසුව බිහිවූයේද ගාන්ධිගේ ඉන්දියාවක් නොව නේරුගේ ඉන්දියාවක්ය. පනික්කාර් නමැති ඉතිහාසඥයා එය යස අගේට විස්තර කර තිබේ. සමහර අංශ වලින් ගාන්ධිටත් වඩා මානවවාදී ප්‍රගතිශීලී නායකයෙක් ඉන්දියාවේ සිටියේය. ඒ බිම්බ්රාවෝ අම්බෙඩ්කාර්ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියන්නට ඔහු දායකත්වය දුන්නේය. අම්බෙඩ්කාර් ඇන්දේ සුදු ඇඳුමක් නොව යුරෝපීය කළු කෝට්ය. තවත් ශ්‍රේෂ්ට දෙමළ නායකයෙක් දකුණු ඉන්දියාවේ සිටියේය. ඒ සුබ්‍රමනිය භාරතීය. ඔහු ඇන්දේ සුදු වේට්ටියක් සහ කළු කෝට් එකකි (කපු මහත්තය ඇඳුමකි ).
ලංකාවේ දේශපාලකයන් සුදු සරම් බැනියම්, වෙට්ටි, සුදු කමිස කලිසම්, ටයි කෝට් සියල්ල ඒ ඒ අයට කැමති ආකාරයට අඳිති. එහෙත් අපගේ සුදු ජාතික ඇඳුමට එතරම් ඉතිහාසයක් නැති බව ප්‍රකට කරුණකි. එහි යට කොටසට ඇත්තේ දකුණු ඉන්දියානු උරුමයකි. උඩ කොටසට ඇත්තේ උතුරු ඉන්දියානු සහ ඉස්ලාම් උරුමයකි. මේ ඇඳුම ජනප්‍රිය වූයේ ජාතික පුනර්ජිවන ව්‍යාපාරය සමයේදීය.ධර්මපාලතුමා, ශ්‍රී ආරුමුග නාවලර් තුමා ආදීන්ගේ බලපෑම නිසා මේ ඇඳුම සිංහල දෙමළ පිරිස අතර ජනප්‍රිය විය. පසුව හෙළ හවුලද මෙය ජනප්‍රිය කළේය. 1956 න් පසු වඩාත් ජනප්‍රිය විය. දේශපාලන ප්‍රභූන් මුලදී මේ ඇඳුම ඇන්දේ නැත. දේශපාලන ප්‍රභූන් වැඩිදෙනෙක් මෙය අඳින්නට පටන් ගත්තේ ඔවුන් 'ඩොනමෝර් බෞද්ධයන්' සහ 'ඩොනමෝර් සිංහලයන්' වූ පසුය.
මමද චන්දය ඉල්ලන දේශපාලකයකු වී සුදු කලිසමක් සහ කමිසයක් අන්දෙමි. ඒ අන් අයගෙන් වෙන් වී කැපී පෙනෙන්නටය!. දිනක් අවන්හලකදී මේ ඇඳුමද ඇඳ මිතුරකු සමග ආහාර ගනිමින් සිටියදී කොළඹ නමගිය පාතාල මැරයෙක් එම ස්ථානයට පැමිණ වෙනත් මේසයක ආහාර ගන්නට පටන් ගත්තේය. එම පාතාල "මැරතුමාද" ඇඳ සිටියේ මා ඇඳ සිටි වර්ගයේම සුදු කලිසමක් සහ කමිසයකි. ඔහුගේ හැඩ රුවද තරමක් මට සමාන විය. එය දුටු මා මිතුරා කිව්වේ "උඹෙයි අර මැරයගෙයි දැන්නම් කිසිම වෙනසක් නැහැ" යනුවෙනි.
චුල්ල පන්ථක නම් පොඩි හාමුදුරුවෝ තම අතේ තිබු සුදු රෙදි කැබැල්ල ඉක්මනින්ම කිලුටුවී යනු දැක ඒ සිතුවිලි ඔස්සේ භාවනා කර නිර්වාණ මාර්ගයට පිළිපන් වූ බවට කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තිබේ.

Monday, 1 April 2013
අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්
සතර දිගන්තයේ මේ ලියන සටහන් නිර්නාමික ඇතුළු සියලු ප්‍රතිචාරවලට විවෘතය. (මහජන අවකාශයකට නුසුදුසු ප්‍රතිචාර පමණක් මම ඉවත් කරමි). බ්ලොග් ලියන විට මල් මෙන්ම ගල්ද බලාපොරොත්තු වන්න යයි මාතලන් මහතා ලියා ඒවා තිබිණි. එම නිසා ප්‍රතිචාර ගැන වෙනම ලිවීම තේරුමක් නැතිවුවද මේ ලිපි පෙළ ගැන අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක් කළ යුතුව තිබේ.
මං පොර ජාතකය ?
මේ බ්ලොග් සටහන් ලියන්නේ පොරක් වීමටය, මං පොර ජාතකය දේශනා කිරීමටය වැනි අදහසක් කෙනෙක් වෙන තැනක කියා තිබෙනු දුටුවෙමි. මේ චෝදනාව බ්ලොග් පොත් පත්, ලිපි ලේඛන ලියන ඕනෑම කෙනෙකුට එල්ල කළ හැකි එකකි. කෙසේ වුවත් ඉතා සීමිත පාඨක පිරිසක් සිටින බ්ලොග් අවකාශයේ පොරක් වී මට නම් කරන්නට දෙයක් නැත.
තවත් අයෙක් කියන්නේ මේවා චන්ද බලාගෙන ලියන සටහන් බවය. මම මැතිවරණ දේශපාලනයේ නියැලුණු කෙනෙක්මි. එහෙත් මගේ චන්දදායකයන් වැඩි දෙනෙක් මේ ලිපි කියවන අය නොවේ. ඔවුන් මගේ ලිපි කියෙව්වා නම් සමහර විට දුන්න චන්දයවත් නොලැබී යන්නට ඉඩ තිබිණි.
තව සමහරෙකුට ප්‍රශ්නය වී ඇත්තේ මගේ දේශපාලනය සහ රැකියාවය. එය මගේ තෝරාගැනීමය. අනෙක් අයටත් එසේ තෝරා ගැනීම ඇති බව පමණක් මතක් කිරීම ප්‍රමාණවත්ය.
මා ලියන්නේ මගේ නමින් පෙනී සිටිමිනි. ආරූඪ නම් වලින් ලියන අය කෙරෙහි මගේ විරුද්ධත්වයක් නැති අතර එය වැදගත් මාධ්‍ය සම්ප්‍රදායක් ලෙස එයට ගරු කරමි. නමුත් මගේ සම්ප්‍රදාය කෙලින්ම මගේ නමින් ලිවීමය. තමන්ගේ නමින් ලියන්නෙකුට බ්ලොග් අවකාශයේ ඇත්තේ අවාසිදායක කොන්දේසිය. විශේෂයෙන් මා වැනි චරිතයකට ඇති අවාසිය වැඩිය. මම ලංකාවේ රට කරවන ආණ්ඩු පක්ෂයට සම්බන්ධය. එහි නිලධාරී තන්ත්‍රයට සම්බන්ධය. දැන් ඉතින් ආණ්ඩුවට එරෙහි බ්ලොග් අවකාශයේ සිටින සියලු දෙනාටම ආණ්ඩුවට බැට දෙන්නට ඕනා වූ විට මාව අල්ලා ගත හැකිය. එහෙත් මේ බ්ලොගයේ අරමුණ එවැනි දේශපාලන ගෝරි මඩුවක් නිර්මාණය කිරීම නොවේ. මම හැම විටම මගේ දේශපාලන ස්ථාවරත්වය ප්‍රකාශ කරමින් ලියන අතර මා ගැන මටම ඇති විවේචනයද සටහන් කරමි.
තවත් සමහරු කියන්නේ මගේ ලිපි වල ඇත්තේ නම් ගම් දමා ගැසීම (Name Droping) බවය. එයද සම්බන්ධ වන්නේ අර පොර කතාවටමය.සමහර ලිපි සිදුවීම් ගැන ලියද්දී සමහර නම් ගම් ගැන ලියන්නට සිදුවේ. එහෙත් පුළුවන් තරමින් නම් ගම් ඈඳා ගැනීම අඩු කරමින් ලිවීමට මම මහන්සි ගනිමි.
අත්තුක්කන්ශනය පරවම්භනය
මේ ලිපි ලියන්නේ මා විසින් මාවම පුම්බගෙන (අත්තුක්කන්ශනය ) අන් අය හෙළා දැකීමට (පරවම්භනය) නොවේ. එබඳු බ්ලොග් අඩවි ඕනා තරම් තිබෙන බැවින් තවත් එකක් අවශ්‍ය නැත. මගේ ලිපි වල කිසියම් උපහාසයක් ඇත්නම් ඒවා මම මා කෙරෙහිම එල්ල කරගත් ඒවාය. සයිමන්ගේ 'යසලාලක තිස්ස' මෙන් මම වැඩියෙන්ම කැමති මටම හිනාවීමටය. සමහර විට බෙල්ල කැපෙන්නට පුළුවන. එහෙයින් මේ ලිපි පෙළෙහි කිසිවෙකුටත් එරෙහි මඩ අවලාද නැත. ඒවා ප්‍රචාරය කිරීමට ප්‍රතිචාර අවකාශය ලබාදීමටද නොහැකිය. මගේ දේශපාලන සතුරෙකුට වුවද අවලාද නැගීමට මෙම අඩවියට ඉඩ නොදෙමි.
සමහර අය මේ ලිපි ඒ ඒ අයගේ වෙබ් අඩවි වල උපුටා දක්වා ඇත. එසේ කිරීමට ඔවුන්ට ඔවුන්ගේම අරමුණු ඇත. සමහර අය මගේ දේශපාලන අදහස් වලට විරුද්ධ අයයි. කෙසේ වුවද මොන තේරුමින් පළ කළත් මගේ බ්ලොග් අඩවියටත් එමගින් ප්‍රචාරය දී තිබෙන නිසා එම වෙබ් අඩවි වලට මම ස්තුති කරමි.
රාජ්‍යවාදියා
උදිත සහ අරුණි ශපීරෝ ඉතා වැදගත් ප්‍රතිචාර දෙකක් ඒවා තිබිණි. ඒ මම රාජ්‍යවාදියෙකි යනුවෙන් කළ සඳහන ගැනය. මා රාජයවාදියෙකු වන්නේ රාජ්‍යයක් අනවශ්‍යය යයි කියන අරාජිකවාදයට එරෙහිව මිස ජන ජීවිතයේ සියලුම අංග රාජ්‍යයක් විසින් පාලනය කළ යුතු යයි කියන අදහසින් නොවේ. හැම දෙයකටම රාජ්‍යය මැදිහත්වන සමාජයක් ජීවත්වීම තරම් කාලකන්නි කමක් තවත් නැත. මා රජ්‍යවාදියෙකු වන්නේ ඒ අරුතින් නොවේ. රාජ්‍යයකට සම්බන්ධ නොවී සාමාජික මිනිසාට තම මනුෂ්‍යත්වය උපරිම වශයෙන් පූර්ණ කරගත හැකි නොවේ. මා ඇරිස්ටෝටල්ගේ ගෝලයකු යයි කාව්යෝක්තියකින් කීවේ එබැවිනි. අරුණි ශපීරෝ කියා ඇත්තේ මා ප්ලටෝගේ ගෝලයකු බවය. නූතන රාජ්‍යයේ ආගමික පදනම ගැන මෙහි ලියවෙන ලිපි පෙළෙහි එක අරමුණක් වන්නේද ප්ලේටෝනියානු ආදර්ශ ඔස්සේ සමාජය මෙහෙය වීමට යාමේ විනාශ කාරීත්වය ගැන යමක් කීමටය. එහෙයින් මට ප්ලේටෝගේ ගෝලයකු වීමට වුවමනා නැතිය. කෙසේ වුවද මේ ප්‍රතිචාර මෙසේ ලැබුනේ අවශ්ය වන පූර්ව පැහැදිලිකිරීම් නොකළ නිසා බව මගේ හැගීමය.
ජාතිකවාදියා
එසේම මම ජාතිකවාදියෙකි යැයි පැවසුවෙමි. ජාතිවාදයද ජාතිකවාදයෙහි එක් ස්වරූපයක් නිසා ඇතැම් අයට මාව ජාතිවාදියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය. මම පෙනී සිටින්නේ පුරවැසි ජාතිකවාදයක් වෙනුවෙනි. එවැනි ජාතිකවාදයක් ඇත්තටම තිබේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. අපි ඉදිරියේදී ඒ ගැන සංවාද කරමු.
Saturday, 30 March 2013
ඉතින් ආයුබෝවන් ගම්ලතුනි ගරු!
ලියන්නට සැලසුම් කළ 'සුදු රෙදි ලිපිය' ඉදිරිපත් කරන්නට වෙන්නේ නැත. මට ඉතා පුද්ගලික සටහනක් ලියන්නට සිදු වී තිබේ. මෙවැනි සටහනක්වත් නොලියන්නේ නම් මා ඉතා ගුණමකුවකු වනු ඇත. ශාස්ත්‍රීය වසලයෙකු වනු ඇත.
ඔහු මිය ගොසිනි. අද මහ සිකුරාදා නිවාඩු දිනයේ ලංකාවේ ප්‍රවෘත්ති සොයමින් වෙබ් අඩවි පීරමින් සිටිද්දී මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොස් බව ත්‍රිමාණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනු දුටුවෙමි.
ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට්ටෙක්මි. යම් හෙයකින් ඔහු මළවුන්ගෙන් නැගිට මේ ලිපිය කියවුවහොත් මෙහි තිබෙන දහසකුත් එකක් ව්‍යාකරණ අක්ෂර වින්‍යාස වැරදි ගැන මහා ගෝරනාඩුවක් නගා 'හඩු බසින් ලියන්නේ' යයි චෝදනාකරනු ඇත. .
අපි දේශපාලන වශයෙන් දෙමගක ගියෙමු. දේශපාලනයේදී අපි එකිනෙකා කිසිවිටෙකත් පෑහුණේ නැත. ඔහු මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකි. මම ජාතිකවාදියෙක්මි. ඔහු "දෙමළ ජාතියේ ස්වයං තීරණ අයිතිය" නම් ප්‍රවාදය පිළිගනිමින් ශ්‍රී ලංකාව ඇතුළත ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට ජීවිත කාලය පුරා පක්ෂව සිටියේය. මම එම අදහසට ජීවිත කාලය පුරා විරුද්ධව සිටින්නේක්මි. සිංහල ජාතිකවාදීන්ට ගම්ලත්ව පෙනුනේ ''දෙමළ ජාතිවාදයට'' උඩ ගෙඩි දුන් තැනැත්තෙකු ලෙසය. ගම්ලත්ට මාද ඇතුළු ජාතිකවාදීන් පෙනුනේ 'වර්ගවාදීන්' ලෙසය. මෙසේ තිබියදීත් ගම්ලත් අප කිසිවෙකුටවත් පහසුවෙන් මග හැර යා නොහැකි චරිතයක් විය.
ගම්ලත් අපට නිල වශයෙන් ඉගැන්වූවේ නැත. අප කොළඹ සරසවියේ ඉගෙන ගනිමින් සිටියදී ඔහු සිටියේ රුහුණු සරසවියේය. එහෙත් ඔහු ලියූ අති විශාල පොත් පත් ලිපි සම්භාරය ඇසුරින් කිහිපයක් විෂය නිර්දේශිත පාඨ ග්‍රන්ථ ලෙස අපි පාඩම් කළෙමු. ඔහුගේ රසවාද විවරණය, කව් සිළුමිණි විනිස අපගේ අත් පොත් විය. ඔහු ඉතා රමණීය භාෂාවකින් ලියුවේය. කුමාරතුංග මුනිදාස, ජේ. බී. දිසානායක හැරුණු විට සිංහල භාෂාව කෙරෙහි මගේ ආදරය දල්වාලූ අනෙක් තැනැත්තා වූයේ මෙම ඊනියා "දෙමළ ජාතිවාදියාය". ඔහු සිංහල භාෂා සාහිත්යයේ අභිවෘධියට කළ මෙහෙය සුළු පටු වූවක් නොවේ. ඔහු අලුත් වදන් තැනුවේය, ශබ්ද කෝෂ නිර්මාණය කළේය. ඉතා වටිනා විදේශ කෘතීන් සිංහලයට පරිවර්තනය කළේය. 'ලුඩ්වික් පොයර්බාහ් : සම්භාවය ජර්මන් දර්ශනවාදයේ අවසානය' නම් මාක්ස්වාදී කෘතියද ඔහුගේ එම පරිවර්තන අතර විය. පැරණි සිංහල පොත පතට විවරණ සැපයුවේය. සිංහල සාහිත්ය විචාරයේ එක මතවාදී ධාරාවක් පෝෂණය කළේය. සිංහල භාෂාව කෙලෙසන්නේ යයි ඔහු නිගමනය කළ සිද්ධීන් මුණ ගැසෙන විට ඔහු නයෙකු සේ කිපුනේය. තම ලිපි ලේඛන සහ මුවග වදන් ඇසුරින් ඒවාට පහර දුන්නේය. ඔහු දිවයිනට ලියූ සුබස් මිණි ආර , ඔහු සංදේශයට ඉදිරිපත් කළ ගී මිණි ආර වැඩසටහන මග හරින්නේ නොමැතිව කියවීමේ ඇසීමේ පුරුද්දක් අපට තිබිණි. කොළඹ ඩීන්ස් පාරේ තිස්ස බාලසූරිය කේන්ද්‍රයේ නිර්මාණ සංවාද කුලකය සංවිධානය කළ සම්මන්ත්‍රණ වලදී සහ වෙනත් තැන් වලදී ඔහු කළ දේශන වලට සවන් දීමට අපි ගියෙමු. සමහර විට අපි ඔහු සමග මතවාදීව ගැටුනෙමු.
ගම්ලත් සමග මතවාදී ආරවුල් ඇති කර නොගත් අයකු සොයා ගැනීම දුෂ්කරය. මා ඔහුගේ දේශපාලනය සමග එකඟ නොවූවා සේම ඔහුගේ සමහර සාහිත්‍ය විචාර මතවාද සමගද එකට සිටියේ නැත. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සහ ඔහු අතර ඇති වූ විවාදයෙදී මා සිටියේ පියසීලි විජේගුණසිංගේ පාර්ශවයට තල්ලුව දෙමිනි. ඔහු පියසීලිට එරෙහිව ලියූ සමහර සාහිත්‍ය විචාර ලිපි ගැන අදටත් මගේ කිසිදු කැමැත්තක් නැත. එහෙත් අපගේ මතවාදී ගැටුම් ඒවාට පමණක් සීමා විය. මා සම්බන්ධයෙන් නම් ඔහු ඒ කිසිවක් පුද්ගලිකව භාරගත් කෙනෙකු නොවීය. මගදී මුණ ගැසුණු විට සිනහ මුසු මුහුණින් කතා කර විහිළු තහළුවක් කරන්නටද අමතක නොකළේය.
රුහුණු සරසවියට සහකාර කථිකාචාර්යවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් මගේ මතකයේ හැටිය 1996 වර්ෂයේ දිනයක මමත් ලියනගේ අමරකීර්තිත් රුහුණට ගියෙමු. මට විශ්ව විද්‍යාලයට බැදෙන්නට කිසිම වුවමනාවක් නොවිණි. මම ගියේ අමරෙගේ තනියටය. එම තනතුර සඳහා උපරිම සුදුසුකම් තිබුනේද අමරෙටය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු
"මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින් විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය.
එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි.
"සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට. මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'
"විනෝදෙට! මහා පුදුම කතාවක් නේ මේක' ගම්ලත් කියයි.
"ඔව් සර් මම අවේ මගේ යාළුවගේ උදව්වට. නිකම් ඇප්ලිකේෂන් දැම්ම නිසා ආවා."
"තමුසෙත් හරි හාදයෙක් තමයි. එහෙනම් අපි වෙන මොනවා හරි කතා කරමු ආපු එකේ. කියමින් විනාඩි පහක් දහයක් මා සමග කොළඹ තිබෙන සාහිත්‍ය කලා දේශපාලන ඔප දූප ගැන කතා කළේය. මුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයම මා නිසා එකම විහිළුවක් බවට පත් විය.
"හොඳයි එහෙනම් රස්සාවත් එපානම් යන්න පුළුවන්"'. අවසානයේදී ඔහු විහිළුවෙන්ම පැවසීය. මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
අමරෙටද එම තනතුර නොලැබිණි. ඒ ඔහුගේ හොඳටය. එහෙත් ඔහු කොහේ හෝ විශ්ව විද්‍යාලයක සිටිය යුතු චරිතයක් බව ගම්ලත් එහිදී ඔහුට පැවසු බව අමරේ මා සමග ආපසු එන විටදී පැවසීය.
ඔහු සිළුමිණ පත්‍රයේ ශාස්ත්රීය සංග්‍රහයට විවාදාත්මක ලිපි මාලාවක් ලියමින් සිටින අවධියේ මට ලේක් හවූසියේ කර්තෘ මණ්ඩල ප්‍රධානියකු ලෙස වැඩ භාර ගන්නට සිදුවිය. ඔහු මහාචාර්ය ජේ. බී දිසානායක සමග 'කව් ලැකියද ලෙව් ලැකියද" නම් භාෂා ශාස්ත්‍රීය වාදයකට කරුණාරත්න අමරසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුද එකතු කරගනිමින් පැටලී සිටියේය. ගම්ලත් ලියූ මෙම ලිපි පෙළ නොරිස්සූ එක් ප්‍රබල පුද්ගලයෙක් මා ලවා කතුවරයාට බලපෑම් කොට එම ලිපි පෙළ නවත්වන්නට උත්සාහ ගත්තේය. ඒ තැනැත්තා කතා කළේ වැරදි පුද්ගලයාටය. එම ලිපි පෙළ කිසිම බධාවකින් තොරව තමන් කැමති ආකාරයකට ශාස්ත්‍රීය සංග්‍රහයෙහි පල කරගෙන යන්නයි මම එකල සිළුමිණ කතුවරයාව සිටි තිලකරත්න කුරුවිට බන්ඩාර මහතාට උපදෙස් දුනිමි.ගම්ලත්ගේ මතයට විරුද්ධ ඕනෑම කෙනෙකුට ප්‍රති උත්තර ලිවීමේ ඉඩක් පමණක් වෙන්කර දෙන්නයි මම තව දුරටත් සිළුමිණ කතුවරය්ගෙන් ඉල්ලා සිටියෙමි. මා දන්නා පමණින් මහාචාර්ය ජේ බී හැරෙන්නට වෙන කිසිවෙක් ඒවාට විරුද්ධව බරපතල යමක් ලියන්නට ඉදිරිපත්වූයේ නැත.
ඔහු ඉතා දැවැන්ත සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කර එය මුද්‍රණය කරගන්නට ක්‍රමයක් නොමැතිව ලතවෙමින් සිටියේය. ඒ කාලයේ ඔහු මා සොයා පැමිණියේය. ඔහු මා ළගට එවන්නට ඇත්තේ කුරුවිට බණ්ඩාර හෝ කරුණාරත්න අමරසිංහ විය යුතුය.
''පරනේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ. වියදම ටිකක් සැර තමයි. බැරිද මේකට රජය මැදිහත්වෙලා මොකවත් කරන්න .."' ඔහු මගෙන් ඉල්ලා සිටියේය .ඔහුගේ එම ශබ්ද කෝෂය ගැන ඒ වන විට මම අසා තිබුනෙමි.
"හරි සර් මම වැඩේ බාරගන්නම්" කියමින් ගම්ලත්ව පිටත් කළ මම සූදානම් වූවේ ලේක් හවුසියේ වාණිජ මුද්‍රණ අංශයේ ව්‍යාපෘතියක් ලෙස එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමටය. එයට එකලද ලක්ෂ විසි පහක පමණ ආරම්භක පිරිවැයක් දැරීමට සිදුව තිබිණි. ගම්ලත් ඉදිරිපත් කර තිබූ කොන්දේසි කිහිපයක්ද තිබිණි. සංස්ථාවේ සභාපතිව සිටි ජනදාස පීරිස් මහතාවද එකඟ කරවාගෙන මේ සියල්ලට අනුව අනුමැතිය ලබා ගැනීම සඳහා සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් සැදු මම බරපතල වැඩක් බැවින් ජනමාධය අමතිවරයගේද අවසරය ඉල්ලුවෙමි.
"හොඳ වැඩක් වගේ... කරන්න පුළුවන් නම් කරන්න. අපේ විරුද්ධත්වයක් නැහැ". ඇමතිවරයා කීවේය.
බාධාව ආවේ වැඩේ පටන්ගනිද්දීමය. ගම්ලත්ගේ කොන්දේසි සහ රජයේ කාර්ය පටිපාටිය එකට ගැලපුනේ නැත. විවධ මූල්‍ය රෙගුලාසි ගම්ලත්ගේ කොන්දේසි වලට එරෙහිවද ගම්ලත්ගේ සමහර කොන්දේසි සමහර වැදගත් රජය මූල්‍ය නීති රීති වලටද එරෙහිව මතු වන්නට විය. අවසානයේ වැඩේ නොකෙරන තැනට පත්විය.
"සර් අර පොත ගහන්න වෙන්නේ නැහැ" මම ගම්ලත්ට කරුණු පැහැදිලි කලෙමි .
"මම ඕක හිතුව.. උඹ මහලොකුවට ජාතිය ගැන කතා කලාට ජාතියට මෙච්චර වටිනා වැඩක් වත් කර ගන්න බැහැනේ.. කියමින් මහා හඩින් සිනාසුනු ඔහු "හොඳයි මම වෙන අතක් බලාගන්නම්" යි පැවසුවේය .
ඊට වසර කිහිපයකට ඔහු එම මහා ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කරවාගෙන තිබුණි. මට කළහැකි එකම කටයුත්ත වූයේ එය මිලදී ගැනීම පමණි. එහි පිටපතක් පසුගිය වසරේ ටොරොන්ටෝවේ පැවතී 'බසක වරුණ' සිංහල භාෂා දින වැඩසටහනේ ප්‍රදර්ශනයට තැබීමට අපි කටයුතු කළෙමු. සිංහල භාෂා සාහිත්යයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු හික්කඩුවේ සුමංගල, බටුවන්තුඩාවේ දේවරක්ඛිත, කුමාරතුංග මුනිදාස,රත්මලානේ ධර්මාරාම වැලිවිටියේ සෝරත, පියදාස සිරිසේන, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය හෙට්ටිආරච්චි,ගුණපාල මලලසේකර, ඩී. බී. ධනපාල, ආදී හිටපු ගිහි පැවිදි පඬිවරුන් රැසකගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍ර එම භාෂා දින වැඩ සටහන් පැවතී ශාලාවේ ප්‍රදර්ශනයට තැබූ එහි සංවිධායකයකු වූ බන්දුල කුරුවිට ආරච්චි මහතා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍රයක්ද එතන තැබුවේ 'මේකත් මෙතන තිබෙන්නට අතවශ්‍යම පින්තූරයක්" යයි කියමිනි.
ගම්ලත් ලඟින් ඇසුරු කළ ඔහු සමග විවිධ තැන් වලදී එකඟ වුන විවිධ තැන් වලදී විරුද්ධ වුනු සියලු දෙනාටම කියන්නට මෙවැනි කතා බොහෝ තිබෙන බව මම දනිමි. ඔහු අප සැමගේ ජීවිත හරහා ඔහුටම ආවේනික ගමනක නියැලී සිටිමින් එම ගමන දැන් අවසන් කර ඇත.
ගුරුතුමනි ඔබට මගේ ආචාරය !

Friday, 29 March 2013
මොන රෙද්දක්ද මේ........ ?
මේ අවුරුදු කාලයයි. අපේ රටේ ජනතාව රෙදි සාප්පු ළඟ පොදිගැසී සිටිනවාට සැකයක් නැත. රෙදි ගන්න
පොදි ගැසී සිටින සෙනග කන්දරාව දෙස බලන කොට පෙනෙන්නේ ශතවර්ෂ ගණනාවක් නිරවස්ත්රව හිටිය වගේ
ජනතාව විශාල රෙදි පිපාසයකින් පෙලෙන බවයි. මේකට හේතුවක් තිබේ. මෙසේ පොර කමින් රෙදි
ගන්නේ තමන්ට ඇඳ ගන්නටත් වඩා අනුන්ට තෑගී දෙන්නටය.තෑගී දෙන විධිය සංස්කෘතියෙන්
සංස්කෘතිය වෙනස්ය.සමහරු කෑම. සමහරු ආබරණ, සමහරු මුදල්. සමහරු මූර්ති කැටයම්.සමහරු
සමරු නිර්මාණ. අපේ සංස්කෘතියේ ප්‍රධානම තෑගි භාණ්ඩය රෙද්දය! අවශේෂ ඒවා නැතිවම නොවේ.
එත් රෙද්ද ප්‍රධාන තෑග්ගය.
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි
උඹට රේන්ද රෙදීයි පට කම්බා අඳින්න දෙන්නයි...
මම ගාලු දුවන්නයි .. කොළඹ දුවන්නයි
විවාහ යෝජනාව ගේන්නේ එහෙමය.
අවුරුද්දට කොළඹ ඉඳන් ගමේ යනකොට අම්මට චීත්තයක්. තාත්තට කමිසයක්. උඩහ ගෙදර මාමට සරමක්. මස්සිනාට... චූටි පුතාට. සුදු අක්කට.. කළු මල්ලිට.. ආච්චිට ...... කොපමණ රෙදි කන්දරාවක්ද? රැකියාවක් කර ලබන පළමු වැටුපෙන් ගන්නෙත් තෑගී දීමට රෙදිය. "මම උන්ගෙන් රෙදි කෑල්ලක දෙයක් අරගෙන නැහැ". එහෙම කියනවා අප අසා ඇත. හාමුදුරුවන්ට වැඩිපුරම ලැබෙන්නෙත් රෙදිමය. සිවුරු, තුවා,ඇඳ ඇතිරිලි. පන්සලට වුවමනා කරන වෙන මොනවා තිබුනත් අපි කැමති පන්සල කහපාට රෙදි වලින් පුරවන්නටය. මිනිහෙක් මරුණහම ඒ මිනිය ඉදිරියේ තබාගෙනම අපි පන්සලට දෙන්නේ පාංශකූල රෙද්දය.
රෙදි මිනිසාගේ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. කාටත් එය අවශ්‍යය. එහෙත් අපට එය මෙතරම් විශේෂ වැදගත් කමක් සහිත භාණ්ඩයක් වී තිබෙන්නේ ඇයි? මේ සංස්කෘතික පුරුද්දට එතිහාසික හේතුවක් තිබෙන බව මට සිතේ. මට සිතෙන හැටිය. වැරදි වන්නට පුළුවන.
හේතුව අපි රෙද්දෙන් ස්වයන්පොෂිත වන තරමට රෙදි පිලි නිෂ්පාදනය කළ ජාතියක් නොවීමය. විජය ගොඩ බසින විට කුවේණි කපු කටිමින් හිටිය කිව්වට රටේ ප්‍රධාන කර්මාන්තය වුනේ කුඹුරු ගොවිතැනය. අපි ඉතිහාසය පුරා අමුඩ ගසාගෙන කුඹුරු කෙටූ ජාතියක දරුවන්ය. ( ඔලොක්කුවට නොවෙයි. සීරියස්!) ඉන්දියාවේ පකිස්ථානයේ වගේ ලොකු කපු වගාවක් චීනේ වගේ පටපිළි කර්මාන්තයක් අපට තිබුනේ නැත.හැම රටකම හැම කර්මාන්තයක්ම තිබිය යුතුය කියල නීතියක් නැත. අපි මහා පරිමාණ වැව් තනා කෙත් බිම් අස්වද්දුවෙමු. එහෙත් අපි ලොකුවට කපු වැව්වේ නැත. මීට දශක තුන හරකට පෙර හම්බන්තොට සහ මන්නාරමේ මහා පරිමාණයෙන් කපු වවන්නට වෙර දැරුවද ඒවා එතරම් යාදුන්නේ නැත. රෙදිපිළි ඈත අතීතයේ සිටම අප රටට අත්‍යවශ්‍ය එහෙත් හිග භාන්ඩයක් විය. අපට රෙදි ලැබුනේ ඉන්දියාවෙන්ය. චීනෙන්ය. ඒවා රටට අරන් ආවේ මුස්ලිම් සහ චීන වෙළෙන්දන්ය. ඔවුන්ගෙන් රෙදි අරගෙන අපි ඔවුන්ට ලෝකයේ තිබෙන ඉස්තරම්ම කුරුඳු ,ගම්මිරිස් , කරාබුනැටි,පුවක්, කරුන්කා ආදී කුළුබඩු දුන්නෙමු.
මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් විතරය. වැරදි වන්නට පුළුවන.
මොකක්ද අපේ ජාතික ඇඳුම? අපි අද අඳින සරම සාරිය දකුණු ඉන්දියාවෙන්.ඔසරිය කේරලයෙන්.කලිසම යුරෝපයෙන්, ෂල්වාර් කමීස් උතුරු ඉන්දියාවෙන්. ඒවාටත් ලොකු ඉතිහාසයක් නැත. එසේ නම් රෙද්ද සහ හැට්ටය!. එයට නම් තරමක දිගු ඉතිහාසයක් තිබෙන බව පෙනේ. එහෙත් දැන් කිසිම් ස්ත්‍රියක් රෙද්ද සහ හැට්ටය ජාතික ඇඳුමක් ලෙස අඳින බවක් නොපෙනේ. රෙදි හැට්ට ඇඳගත් කෙල්ලන් අවුරුද්දට උන්චිල්ල පදින්නේ රූපවාහිනී නාලිකා වල පමණය. අපේ ගමේ කෙල්ලන් නම් අඳින්නේ කලිසන්ය. මේවා මෙහෙම ලියන්නේ රට පහත් කිරීමට නොව රටට ඇති ආදරය නිසාමය. මගේ කලිසම ඇමෙරිකාවේ.... කලිසමේ ඉන පටිය තුර්කියේ...... සපත්තු දෙක ජර්මනියේ, කමිසය ඉතාලියේ...... කමිසයට යටින් අඳින බැනියම ඉන්දියාවේ.. එත් මගේ හදවත ශ්‍රී ලංකාවේ!
මතකනේ.... ශ්‍රී 420 චිත්‍රපටයේ රාජ් කපූර් කියන සින්දුව..
මේර ජුටහේ ජපානී (මගේ සපත්තුව ජපානයේය )
යෙහ් පත්ලූන් ඉන්ග්ලිස්තානී (මගේ කලිසම එංගලන්තයේය )
සර්පේ ලාල් තෝපී රූසී (මගේ තොප්පිය රුසියාවේය )
පිර බී දිල් හයි හින්දුස්තානී (එහෙත් මගේ හදවත ඉන්දියාවේය)
කෙසේ වෙතත් ඒ චිත්‍රපටයද ඉන්දියාවේය.
නැවතත් රෙද්දට බහිමු. සරම බැනියම හෙවත් නැෂනල් එක අපේ ජාතික ඇඳුම වුනේ යටත් විජිත යුගයේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයත් සමගමය.එයටත් ඇත්තේ ඉන්දීය උරුමයකි . එත් දේශපාලනය කරන අය හැරෙන්නට වැඩිදෙනෙක් මේ ඇඳුම අඳින්නේ උත්සව වෙලාවට පමණි. ගෑනු ළමුන් දහම් පාසලට අඳින ළමා සරියටත් වැඩි ඉතිහාසයක් නැත. ධර්මපාලතුමගේ බලපෑම නිසා ජනප්‍රිය වූ ඇඳුමකි.
එතකොට සිංහලයට ඇඳුමක් තිබුනේ නැද්ද? මොකද නැත්තේ? සිංහලයට තිබුනේ නැත්තේ නිශ්චිත එක ඇඳුමක් විතරයි. අවස්ථාවේ හැටියට සිංහලය එක එක ජාතියේ ඇඳුම් අන්දා. ඒක තමයි සිංහලයගේ ඇඳුම් ප්‍රතිපත්තිය. කුඹුරට එක විධිහේ ඇඳුමක්. ඒක ඇඳගෙන පන්සලට ගියේ නැහැ. පන්සලට වෙන එකක්. මගුල් තුලා වලදී තවත් විධිහක්. විවිධයි. විෂමයි. එක අතකට ඒකත් හොඳ ඇඳුම් ප්‍රතිපත්තියක්. මුහුදු වෙරළට යන විධිහට පන්සලට යන්න ඕනි නැහැ වගේම පන්සලට යන විධිහට ඇඳ ගෙන මුහුදු වෙරළට යන්න ඕනිත් නැහැ.
දැන්නම් ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය. ලංකාව ලෝකයේ ඇඳුම් සපයන රටවලින් ප්‍රධාන රටකි. අපි කපු වවා ඇති නිසා නොවේ. නිදහස් වෙළඳ කලාප සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රතිපත්තිය නිසාය. ජීඑස්ටී අවුල නිසා අපි දැන් යොමු වෙමින් තිබෙන්නේ "ඉහල වෙළඳ සන්නාම"(branded) ඇඳුම් නිපදවීමටය. අර "වික්ටෝරියා සීක්රට්" වගේ ඒවා. ඒවා මොනවාදැයි මම විස්තර කරන්නට යන්නේ නැත. ඒවා හදන කර්මාන්ත ශාලාවක් පන්නල තිබේ. ස්ලීම් ලයින්. දවසක් මම අනුර ප්රියදර්ශන යාපා ඇමැතිතුමාත් සමග ඒ කර්මාන්තශාලාව නැරඹීමට ගිය විට එහි කළමනාකාර ඩයන් ගෝමස් මහතා අපට තෑගී වශයෙන් (නැවතත් තෑගී ) වික්ටෝරියා සීක්රට් පෙට්ටි දෙකක්ම දුන්නේය. ඒ කාලය වන විටත් ඇමැතිතුමාත් මමත් දෙදෙනාම විවාහ වී සිටි නිසා එම තෑගී පෙට්ටි නිසා අනවශ්‍ය ප්‍රශ්න කිසිවක් මතු වුනේ නැත.
ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය.ඇඳුම් වලින් අප කෙතරම් පොහොසත් වුනත් ඇඳුම් හිග කාලයේ ඇති වූ පුරුද්දෙන් අපට ගැලවෙන්නට බැරිය. එම නිසා තවමත් අපේ ප්‍රධාන තෑගී භාණ්ඩය රෙද්දය. නැවතත් අපි ඇදුම් අඳින හැටි ගැන කතා කරමු.
මම නම් අනුගමනය කරන්නේ සිංහලයගේ උදාර ඇඳුම් ප්‍රතිපත්තිය තමයි. තැනේ හැටියට ඇනේ. ගෙදරදී එක ඇඳුමක්. විශ්වවිද්යලේදී තව ජාතියේ කිටක්. කාර්යාලයේ රස්සාව කරද්දී තව එකක්. දේශපාලනය කරද්දී තව එකක්. ඔන්න නියම තැනට ආවා! දේශපාලකයෝ මොකද ඔය තරම්ම සුදු අදින්නේ ? දැන් ඉතින් දේශපාලකයාගේ සුදු රෙද්ද ගැන කතා කරමු. ඇත්තටම රසවත් කොටස එයයි. මේ ලිව්වේ ඒකට පෙරවදනක්. එහෙනම් ඊ ලඟට බලාපොරොත්තු වන්න.......
මොන සුදු රෙද්දක්ද මේ... ?
පසු සටහන
1. කරුණාරත්න දිවුල්ගනේගෙ 'හාද වෙලා යමන් පනේ' සින්දුව හොයාගන්න බැරි වුනා.
2. ශ්‍රී 420 රාජ් කපුර්ගේ 'මේර ජුටහේ ජපානී' සින්දුව කැමති නම් මෙතනින් රසවිඳින්න
http://www.youtube.com/watch?v=1jhOnjfEDEI

Wednesday, 27 March 2013
මං කඩේ යනවා...ඔබ කොහෙද යන්නේ ?
අපට පෙනෙන්නේ ජීවිතය අපෙන් හැමදාම අසන්නේ එකම දාර්ශනික ප්‍රශ්නයක් බවය. වෙනස ඇත්තේ එයට අප දෙන
උත්තර වල පමණක් බවය.
ඔන්න එකමත් එක රටක පන්සල් දෙකක් තිබුනා. හඳුනාගැනීමේ පහසුව පිණිස අපි මේ දෙක 'සදහම් අසපුව" සහ "සද්ධර්ම ආශ්‍රමය" කියල නම් කරමු. මේ පන්සල් දෙකම පිහිටල තිබුනේ එක ළඟ. දෙගොල්ලොම දානේ උයන්න බඩු ගත්තේ එකම කඩ පොළෙන්. ඒ වුනාට මේ පන්සල් දෙක අතර කිසිම මිත්‍රකමක් කිසිමදාක තිබුනේ නැහැ. සදහම් අසපුවේ හාමුදුරුවරු සද්ධර්ම ආශ්‍රමයේ හාමුදුරුවරු එක්ක කතාකරනවා තබා මුහුණ බැලුවේවත් නැහැ. ආශ්‍රමයේ හාමුදුරුවරුත් අසපුවේ හාමුදුරුවරුන්ට සැලකුවේ එහෙමයි. තමන්ගේ පන්සලේ තමයි නිවැරදිව ධර්මය විනය අරක්ශා කරන්නේ කියල දෙගොල්ලොම තමන් කෙරෙහි ඇති කරගත් මානයකින් හිටියේ.
මේ පන්සල් දෙකටම පසුව මහණවීමේ බලාපොරොත්තුවෙන් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරමින් ධර්මය ඉගෙනගනිමින් සිටි පොඩි පිරිමි ළමුන් දෙන්නෙක් හිටිය.
මේ කොලුවෝ දෙන්න එකිනෙකා එක්ක යාලුවෙයි කියල පන්සල් දෙකේම ලොකු හාමුදුරුවරු හරිම බයෙන් හිටියේ.
'' මතක තබාගන්න අනෙක් පන්සලේ ඉන්නේ අපේ හතුරෝ. කිසිම විටෙක ඒ පන්සලේ ඉන්න කොලුවා එක්ක කතා කරන්න එපා. ඒ පන්සලේ ඉන්නේ මහා භයානක මිනිස්සු. වසංගත රෝගයක් මග හරින්න වගේ ඔවුන්ව මග හරින්න "
පන්සල් දෙකේම නායක හාමුදුරුවරු පන්සල් දෙකේ කොල්ලෝ දෙන්නට දුන්නේ එකම ජාතියේ අවවාදයක්. ළමයින්ට මේක හරිම වදයක්.
''......හැමදාම මහා විශාල ධර්ම කරුණු දාර්ශනික දේවල් එක්ක විතරයි ජීවිතය ගතකරන්න වෙලා තියෙන්නේ. එපා වෙනවා. සෙල්ලම් කරන්නවත් කවුරුවත් නැහැ. එහා පන්සලේ කොලුවත් එක්ක යාලුවෙන එකත් තහනම් කරලා......"
එහෙම හිතපු සදහම් අසපුවේ කොලුවා දවසක තීරණය කළා නායක හමුදුරුවන්ගේ අවවාදය නොතකා ආශ්‍රමයේ කොලුවා සමග කතා කරලා යාලු වෙන්න.
ඔන්න පහුවෙනිදා ළමුන් දෙදෙනාම එළවලු ගෙන්න එකම පාරෙන් කඩපොළට යනවා. දෙන්නම දන්නවා යන්නේ එලවලු ගේන්න බව.කොහොම වුනත් සදහම් අසපුවේ කොලුවා සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන් ඇහුවා
"ඔයා කොහෙද යන්නේ'? කියල
ආශ්‍රමයේ ළමය ටිකක් දාර්ශනිකයි එයා මෙහෙම උත්තර දුන්න.
"කොහෙද යන්නේ ? මෙතන යන එන එන කෙනෙක් නැහැ. එය සිදුවෙන දෙයක්. සුලඟ මාව ගෙන යන තැනකට මම යනවා..
අපේ නායක හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ ජීවත් වුනෙත් එහෙම හිතමින් කියල. හරියට වියලී වැටුණු කොලයක් සුළඟට අනුව ගමන් කරනවා වගේ.මම කියල කෙනෙක් නැහැ. ඒ නිසා ගමන් කරන්නෙකුත් නැහැ .ඔයා අහන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්. මම වියලී වැටුණු කොලයක් . සුළඟ එම කොළය කොහාටද ගෙනයන්නේ ඒ අනුව යනවා ........
ඔන්න ඔහොම හෑල්ලක් සද්ධර්ම ආශ්‍රමයේ කොලුවා කියාගෙන ගියා. අසපුවේ කොලුවා මේ උත්තරයෙන් තක්බීර් වෙලා ගියා. විශාල ලැජ්ජාවකට පත්වුණා.
''යන්නේ කොහෙද කියල නිකමට ඇහුවේ. දන්නවා එළවලු ගේන්න කියල. ඒකට දීපු උත්තරේ හැටි ! මේ උදවිය සමග කතා කරන්න එපා කියල නායක හමුදුරුවේ කියල තියෙන්නේ තේරුමක් ඇතිව. මේ අය මහ භයානක මිනිස්සු'' එහෙම හිතපු සදහම් අසපුවේ ළමය කඩපොළට යන අතරේ මේ සිදු වුන දේ ගැන සදහම් අසපුවේ ලොකු හමුදුරුවන්ට කිව්වා.
" මම ඔබට කියල තිබෙනවා නේද ඔවුන් සමග කතා කරන්න එපා කියල. දැන් කරන්න දෙයක් නැහැ. ඔබ පරාජය භාර නොගත යුතුයි හෙට උදේ කඩපොළට යනකොට ඒ කොලුවගෙන් ආයෙමත් අහන්න " කොහෙද යන්නේ"? කියල. එවිට ඔහු අර සුළඟේ කතාව කියාවි. එතකොට ඔබ මෙසේ කියන්න.
ඒක ඇත්ත... ඔව් ඔබ වියලී වැටුණු කොළයක්.. මමත් එසේමයි.. නමුත් සුළඟ හමන්නේ නැතිවිට ඔබ කොහාටද යන්නේ. එවිට ඔබට කොහාටද යා හැකි වන්නේ?........... යනුවෙන් අසන්න. එවිට ඔහුට උත්තර දෙන්න බැරිවේවි. ඔහු ලජ්ජාවට පත් කරන්න. ඔහු පරාජය කරන්න. මතක තියාගන්න අපේ පන්සල කිසිම විවාදයකින් පරාජය කරන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා. ඔබත් පරාජය භාරගන්න එපා.. "
කියල සදහම් අසපුවේ නායක හාමුදුරුවෝ කොලුවාට උපදෙස් දුන්න. කොලුවටත් හරි සතුටුයි. වාද කරන්න කරුණු තියෙනවා.කොලුවා මේ උත්තරේ කට පාඩම් කළා. . පහුවෙනිදා උදේට ප්‍රතිවාදියා පරාජය කරන හැටි හිතෙන් මවාගෙන උත්තරේ පුරුදු පුහුණු වුනා.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ කොලුවා සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන් ඇහුව "කොහෙද යන්නේ?"
"'කකුල් දෙක කොහාටද මාවගෙනියන්නේ එතනට යනවා"
ආශ්‍රමයේ කොලුවා කිව්වා.
වෙනස් උත්තරයක්. සුළඟක් ගැන කොලයක් ගැන කිසිම සඳහනක් නැහැ.
අසපුවේ ළමය ආයෙත් ලජ්ජාවට පත්වෙලා ගිහින් ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වා. සදහම් අසපුවේ නායක හාමුදුරුවොත් ඇරියේ නැහැ.
''හෙට ගිහින් ඒ ප්‍රශ්නයම අසන්න. එවිට කකුල් දෙකේ කතාව කියයි. එතකොට ඔබට කකුල් දෙකක් නැතිනම් එවිට කොහොමද යන්නේ කියල අහන්න".
නායක හාමුදුරුවෝ කොලුවට උපදෙස් දුන්න.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ ළමයා ආශ්‍රමයේ ළමයාගෙන් අහනවා
"කොහෙද යන්නේ ?
මම මේ කඩේ යනවා එළවලු ගේන්න! " සද්ධර්ම ආශ්‍රමයේ ළමය කිව්වා.
දැනුම ඇති පුද්ගලයාට ජීවිතය ව්‍යාකූල වන්නේ කලින් සකසන ලද පිළිතුර සියල්ල ඔහු සතුව තිබෙන නිසයි. භගවත් ගීතාව කුරානය බයිබලය,වේද ග්‍රන්ථ සියල්ල ඔහුට කට පාඩම්ය. නමුත් ජීවිතය එකම ප්‍රශ්නය නැවතත් නොඅසයි. එම නිසා දැනුමැති පුද්ගලයා සිටින්නේ අසහනයෙනි.
ඔශෝගේ කතාවක්. සුදත් පොඩිරත්න හොඳ පරිවර්තනයක් කරලා තිබෙනවා මෙය එය ඇසුරින් සැකසූවක් .

Tuesday, 26 March 2013
දේශපාලන චින්තනයේ ත්‍රිත්ව එන්නත
නූතන වාදයේ ආගමික පදනම ලිපි පෙළ.............
මනුෂ්‍ය සමාජය ක්‍රමයෙන් ප්‍රගතිය කරා ඇදෙන්නේය යන නූතනවාදයේ ප්‍රධාන පිළිගැනීම ආගමික විශ්වාසයක් පදනම් කරගෙන ඇතිවූවක් බව කලින් ලිපියක සඳහන් කළා. විශේෂයෙන් ක්‍රිස්තියානි චින්තනයේ විශ්වවේදය බටහිර නූතනවාදයට සහ දේශපාලන චින්තනයට බල පා තිබෙන බව එහි සඳහන් කළා. මම එහිදී ක්‍රිස්තියානි 'ත්‍රිත්ව සංකල්පය' (පියාණන්ගේ යුගය -පුත්‍රයාණන්ගේ යුගය- සහ ශුධාත්මයානන්ගේ යුගය පිලිබඳ සංකල්පය ) හේගල්ගේ ඉතිහාස දර්ශනයට, මාක්ස්වාදයේ සමාජ ඉතිහාසය පිලිබඳ දැක්මට, ජර්මන් ජාතිකවාදයට බලපෑ තිබෙන බව යෝජනා කළා. එයට ඉතා වැදගත් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒවා මේ ලිපි මාලාව දියුණු කරන්න උදව් වෙන ඒවා. පළමුවෙන්ම යම් වැරදි අවබෝධයන් කිහිපයක් නිවැරදි කර ගත යුතුව තිබෙනවා.
'උඹ එන්න හදන්නේ මොකාටද කියල අපි දන්නවා. ඔය හදන්නේ ක්‍රිස්තියානිය පහත් කරලා බුද්ධාගම තමයි උසස්ම ආගම. බෞද්ධයාගේ ලෝක දැක්ම තමයි හොඳම එක කියල අන්තිමට ලියන්නනේ.... බටහිර විරෝධය වපුරන්නනේ .. උඹේ ගුරා නලින් සිල්වා ඕක උඹට වැඩිය හොඳට කරනවා.... අපට තව නලින් කෙනෙක් ඕකට ඕනි නැහැ... " කියල මෙතන නම සඳහන් කරන්න බැරි මගේ මිතුරෙක් ලියල එවල තියෙනව. මේ මිත්‍රයාගේ අදහසම ලිපි පෙළ කියවන තවත් අයටත් ඇති.
මම බෞද්ධයෙක්. ඒ ගැන මට සතුටක් තිබෙනවා.එත් මගේ ආගම තමයි හොඳම එක ඒකට තමයි පළල්ම ලෝක දැක්ම තියෙන්නේ කියල අනික් ආගම පහලට දැමීමේ ස්වොත්තමවාදයක් මට නැහැ. මට මගේ සංස්කෘතියේ ප්‍රබලතා මෙන්ම දුබලතාත් හොඳට පේනවා. මේ ලිපි පෙලේ අරමුණ නූතන රාජ්‍යය පිලිබඳ යම්කිසි විමසුමක් කිරීම. මහාචාර්ය නලින් ගැන මට වෙනම ගෞරවයක් තිබෙනවා.මම ඔහුගෙන් විශ්ව විද්‍යාලෙදි නිල වශයෙන් ඉගෙනගෙන තිබෙනවා. නොනිල වශයෙන් දැනුත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ අරුතින් මම ඔහුගේ ගෝලයෙක්. එත් ඔහු මාව ඔහුගේ ගෝලයෙක් ලෙස සලකනවා කියල මම හිතන්නේ නැහැ. බොහෝ දෙනා වගේම මමත් ඔහුගෙන් මදි නොකියන්න බැනුම් අහපු කෙනෙක්. නලින් කියන්නේ පෙරදිග දැනුම ඇතුළු හැම දැනුමක්ම බොරුවක් බවයි. ඒ සියලුම බොරු අතරින් බටහිර දැනුම නමැති බොරුව "පට්ටපල් බොරුවක්" බවයි. නලින් කියන්නේ මොකක්ද කියල වටහා ගැනීමට තව කාලයක් ගතවෙයි. ඔහු විශාල වශයෙන් වරදවා වටහාගනු ලැබූ චින්තකයෙක්.කොහොමත් මට කිසිම බටහිර විරෝධයක් නැහැ. මම ජීවත් වෙන්නෙත් බටහිර. බටහිර නූතනවාදයේ හිනිපෙත්තටම නැගපු නගරයක. මේ ලිපිපෙලෙන් බටහිර නූතනවාදය ගැන විවේචනයක් ගෙන එන්නේ නූතනවාදය විසින්ම ගොඩනගපු 'ජාතික රාජ්‍යය' විවිධ අරාජකවාදයන්ගෙන් ආරක්ෂා කරගත යුතුය කියන පදනමේ ඉඳලයි. මේ ලිපි පෙළ දේශපාලන සාකච්චාවක් ලෙස පිලි ගන්න කියල මම ඉල්ලා සිටින්න කැමතියි.
දැන් අපි ත්‍රිත්ව (trinity) සංකල්පය දෙසට හැරෙමු. ලොකු මෙහෙම ප්‍රතිචාර දක්වල තිබෙනවා
"කරු,....බොහෝවිට තාර්කික කරුණු දැක්වීම් අතාර්කික වෙනවා මතුපිටින් පමණක් පෙනෙන දේ නාමිකව අර්ථකථනය කර තර්කයට අදාලව ගැලපීමට අපේ ඇති පෙළඹීම නිසා.ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ. මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.මගේ අල්ප දැනුමට අනුව බටහිර"'
සෑම ත්‍රිත්ව සංකල්පයකම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පය සහ සම්බන්ධ යයි මම කියන්නේ නැහැ. උදාහරණයක් ලෙස කාලය අතීතය- වර්තමානය -සහ- අනාගතය ලෙස වටහාගැනීම ක්‍රිස්තියානි ආගමික සංකල්පයක් නොවේ.පරමාණුව ඉලෙක්ට්‍රොන - ප්‍රෝටෝන- නියුට්‍රෝන ලෙස වටහාගනීමත් ක්‍රිස්තියානි නොවෙයි. බුදු- පසේ බුදු- මහරහත් කියන ත්‍රිත්වය නම් කොහොමටත් ක්‍රිස්තියානි සංකල්ප නොවෙයි කියල මට හොඳටම විශ්වාසයි. මේ කියන්නේ ඒවා ගැන නොවේ. බටහිර නූතනවාදී දේශපාලන චින්තනයට බලපාපු නිශ්චිත ත්‍රිත්ව සංකල්පයක් ගැනයි. අප කතා කරන මෙම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පයත් බයිබලයේ තිබුන එකක් නොවේ. බයිබලය අර්ථ දක්වන්නට ගිය දොළොස්වන ශතවර්ෂයේ ජීවත් වූ ජෝකිම් නමැති චින්තකයා (Joachim of Fiore. 1135-1202) ඉදිරිපත් කළ අදහසක්. ජෝකිම්ගේ මෙම අදහස මධ්‍යකාලීන යුරෝපීය දර්ශනයට විශාල බලපෑමක් කළා.
මෙය තවත් පැහැදිලි කර ගැනීම සඳහා තවත් ත්‍රිත්ව සංකල්ප කිහිපයක් විමසා බලමු.
ජෝකීම් මනුෂ්‍ය ඉතිහාසය ඒ විධියට දේව යුග තුනකට බෙදුව වගේ දහසය වන ශතවර්ෂයේ ප්‍රන්සයේ සිටි ජීන්බෝඩීන් (Jean Bodin, 1530-1596) නම් දේශපාලන චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය වෙනස් මාදිලියේ කොටස් තුනකට බෙදුවා.1.පෙරදිග මිනිසුන්ගේ ඉතිහාසය, 2.මධ්‍යධරනී මිනිසුන්ගේ ඉතිහාසය සහ 3. උතුරුදිග මිනිසුන්ගේ ඉතිහාසය වශයෙන්.
ෆ්රන්සිස් බේකන් (Fransis Bacon- 1620) ඉදිරිපත් කළා ඉතිහාසය වෙනස් වීමට බල පෑ සොයාගැනීම් පිලිබඳ ත්‍රිත්වයක්. 1.මුද්‍රණ තාක්ෂනය, 2.වෙඩි බෙහෙත්, සහ 3.චුම්භකත්වය යන මානව සොයාගැනීම් ත්‍රිත්වයේ බලපෑම නිසා පැරණි ලෝකයෙන් නූතන ලෝකයේ වෙන්වීම සටහන් වූ බවට ත්‍රිත්ව ප්‍රවාදයක් ඔහු ඉදිරිපත් කළා.
තෝමස් හොබ්ස් (Thomas Hobbs 1588-1679) දැනුමට අදාළ ත්‍රිත්වයක් ඉදිරිපත් කළා. 1.භෞතික විද්‍යාව, 2. මනෝවිද්‍යාව 3. දේශපාලනය යන දැනුම් තුන අනෙක් දැනුම් වලට වඩා ඉහලින් තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.
ගියම්බැටිස්ටා විකෝ (Giambatista Vico, 1668-1774) නම් චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය 1. දෙවියන්ගේ යුගය 2. වීරයන්ගේ යුගය සහ 3. මිනිසුන්ගේ යුගය වශයෙන් ත්‍රිත්වයකට අනුව ඉදිරිපත් කළා.
ප්‍රංශයේ සිටි තවත් දේශපාලන චින්තකයකු වූ ඈන් රොබට් ජාක්ස් (Anne Robert Jaques 1727-1781)මනුෂ්‍ය ශිෂ්ටාචාරය 1.භූගෝලීය 2.ජීවමය සහ 3. මනෝමය වශයෙන් ත්‍රිත්ව සම්බන්ධයක් ප්‍රතිපලයකැයි පැහැදිලි කළා.
මාරි ජීන් නිකොලා (Marie Jean Nicola 1743-1794) ඉතිහාසයේ කැපී පෙනෙන අවස්තාවන් තුනක් තිබෙන බව ප්‍රකාශ කළා. 1. ජාතීන් අතර අසමානතා අවසන් වීමේ අවස්තාව, 2. එක ජාතියක් ඇතුලත පමණක් සමානතාව තහවුරු වීමේ අවස්තාව සහ 3. පූර්ණ සමානාත්මතාව සහිත පූර්ණ මනුෂ්‍යත්වය උදාවීමේ අවස්තාව වශයෙන්.
ඉංග්‍රීසි ජාතික චින්තකයකු වූ විලියම් ගොඩ්වින් ( William Godwin 1756-1836) ප්‍රකාශ කලේ ජීවිතයේ අර්ථය පරිපූර්ණ කිරීම වෙනුවෙන් 1. තාර්කික සබුද්ධිකත්වය, 2.අධ්‍යාපනය සහ 3. දේශපාලන යුක්තිය යන ත්‍රිත්වය බලපාන බවයි. තෝමස් කාලයිල්(Thomas Kalayil 1795-1881) නම් ඉතිහාස චින්තකයා පෙන්වාදුන්නේ නූතන ශිෂ්ටාචාරයේ නැගීමට 1. වෙඩිබෙහෙත් 2. මුද්‍රන තාක්ෂණය සහ 3.ප්‍රොතෙස්තන්ත ආගම බලපෑ බවය.
19 වන ශතවර්ෂයේ ජීවත් වූ ජේම්ස් ෆ්රසර් (James Frazer) නම් මානව විද්යඥයා ඉදිරිපත් කල ත්‍රිත්වය වූයේ ඉතිහාසය 1. ඉන්ද්‍රජාලික 2. ආගමික සහ 3.විද්‍යා වශයෙන් යුග ත්‍රිත්වයක් ඔස්සේ පතිත වී ඇති බවය. ලෙවිස් මෝගන් (Lewis Morgan) ඉතිහාසය 1. මෘග. 2. මිලේච්ච 2. සහ ශිස්ටචාර වශයෙන් අවධි තුනකට බෙදා දැක්වූවා
දේශපාලන චින්තනයේ ත්‍රිත්ව කතාව තව ඉදිරියට ගෙනයමු. අපි කතා කතාකරමින් ඉන්නේ බැරෑරුම් මාතෘකාවක්. මේ සියල්ල එයට වැදගත් වේවි.
හැරී එල්මර් බාන්ස් ( Harry Elmer Barnes, Intelectual and and Cultural History of the Western World-1937) කිව්වේ 1. සදාචාරවත් ඒකදේවවාදයේ නැගීම 2. යුරෝපීය පුනරුදයත් සමග මතුවූ පුද්ගලවාදය සහ 3. ඉතිහාසයේ අවසානය වශයෙන් මානව ඉතිහාසයේ තීරණාත්මක අවධි ත්‍රිත්වයක් දැකිය හැකි බවය.
ඇඩම්ස් ස්මිත්ගේ ( Adam Smith 1776) ත්‍රිත්වය වූයේ 1. බදු කුලිය 2. ශ්‍රමය සහ 3. ලාභයයි. මේ නිෂ්පාදන සාධක වලට හිමිවන ගෙවීම් අනුව 1. ඉඩම් හිමියා 2. වැටුප් ශ්‍රමිකයා සහ 3. ධනපතියා හඳුනාගත හැකි බව ඔහු ප්‍රකාශ කළා.
කාල් පොලානි (Karl Polani, The Great Transformation-1994) ආර්ථික ඉතිහාසය අවදි තුනකින් දැක්වූවා 1.හුවමාරු යුගය 2. නැවත බෙදාහැරීමේ යුගය සහ 3. වෙළඳපොල යුගය වශයෙන්. ආර් ජී කොලින්වූඩ් නම් ඉතිහාසඥයා (R.G. Kollingwood, The Idea of History, 1996) ඉතිහාසය අවදි තුනකින් යුතු බව පෙන්වූවා 1. ඉතිහාසය විද්‍යාවක් ලෙස භාරගත් ග්‍රීක යුගය. 2. ඉතිහාසය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස භාරගත් ක්‍රිස්තියානි යුගය සහ 3. මේවා ප්‍රතික්ෂේප කරන නූතන යුගය වශයෙන්.
ඉසිය බර්ලින් (Isiah Berlin ) පවසන්නේ ඉතිහාසයේ සන්ධිස්ථාන තුනක් පවතින බවය 1. ඇරිස්ටෝටල්ගේ මරණින්පසු යුගය 2. මකියවෙලිගේ යුගය 3. රොමෑන්තික යුගය වශයන්.
චින්තකයන්ගේ නම් ගම් සහ පොත් ගොඩක් ඉදිරිපත් කිරීම ගැන සමාවන්න. සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. මේ විවිධ ත්‍රිත්ව අදහස් බටහිර දේශපාලන චින්තනය හැඩ ගැස්වූ හැටි ගැන කදිම විස්තරයක් පීටර් වොට්සන්නැමති ඉතිහාසඥයා ඔහුගේ Ideas:A History of thought and invention from fire to Freud 2006) ඔහුගේ කෘතියේ ඉදිරිපත් කරනවා.
මේ හැම ත්‍රිත්වවාදයක්ම ක්රිස්තියානි ට්‍රිනිටියට සම්බන්ධ යැයි මම කියන්නේ නැහැ. එහෙත් ක්‍රිස්තියානි ත්‍රිත්වයේ අදහස පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩක් යුරෝපයේ ඇතිවුනා. නූතන යුගයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සිතුවිලි වලට ඒවා තදින් බලපෑවා. අපි එම ව්‍යාපාර සහ ඒවායේ දේශපාලන ප්‍රතිපල මොනවාද කියලා ඉදිරි ලිපියකින් කතා කරමු.
ඉදිරියට.........................

Monday, 25 March 2013
බ්‍රහ්ම පදාර්තයට දේශපාලන පදාර්ථය මුසු වීම
නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ.... ඉදිරියට
මම දැඩි රාජ්‍යවාදියෙක්. ආයතනවාදියෙක්. හරියටම කියනවනම් ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් වගෙයි. සියලු අරාජිකවාදයන්ට, අරාජිකවාදී චින්තනයන්ට එරෙහිව පෙනී සිටිනවා. ආයතන ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. සිතට පහළවන ආයතන විරෝධී (anti - establishment) සිතිවිලි ගැන අවධියෙන් හිඳිමින් ඒවා පිටුදකිනවා. සමාජයේ සිදුවන අදේශපාලනීකරණය මට වහ කදුරු වගෙයි.

"මොකක්ද මේ දේශපාලනය ගැන ඔය තරම් තිබෙන පිස්සුව? දේශපාලනයෙන් මොකක්ද සමාජයට
සිදුවෙලා තිබෙන යහපත. දේශපාලනය කියන්නේ අවසාන අර්ථයෙන් ගත්තහම ඉතා කැත රැවටිලිකාරී
බල රටා ජාලයක් නොවේද?" ඔබට එහෙම අහන්න පුළුවන්. මමත් මගෙන්මත් වෙන අයගෙනුත් එහෙම
අහල තිබෙනවා. ඔවු දේශපාලනය කියන්නේ සුන්දර අහිංසක දෙයක් නොවෙයි. මාවෝ කිව්වා වගේ තේ
පැන් සංග්‍රහයක් හෝ විසිතුරු ගෙත්තමක් වගේ නොවෙයි.
දේශපාලනයේ පරමාදර්ශ කියල දෙයක් නැහැ. නමුත් අපි බොහෝ දෙනා හිතන්න
පුරුදුවෙලා තිබෙනවා ඉතා නිවැරදි පරමාදර්ශී දේශපාලන ක්‍රමයකින් අපගේ සියලු ප්‍රශ්න විසදගන්න
පුළුවන් කියා. ඒක බරපතල මිත්‍යාවක්. ඒවුනාට දේශපාලනයේ නියැලෙන වැඩිදෙනෙක් මේ
මිත්‍යාවට කැමතියි. 'වඩා යහපත් සමාජයක්' නිවැරදි දේශපාලන ක්‍රමයක් ඔස්සේ කවදා හෝ
නිර්මාණය කර ගත හැකි බව, එසේත් නැතිනම් සමාජ පරිනාමයේ ඉහල අවස්තාවකදී
එවැනි යහපත් සමාජයක් නිර්මාණය වන බව විශ්වාස කරන්නට අප කැමතියි.
මහගමසේකර කවියා ඔහුගේ 'ප්‍රබුද්ධ' කාව්‍ය කෘතිය ආරම්භයේදීම මෙහෙම කියනවා.
එසේ වුව සොයුරනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව මම දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව මම දනිමි .
සේකර එවැනි පරමාදර්ශයක් ගැන විශ්වාසය තැබුවා. අනාගතයේ යම් දවසක නිශ්චිතවම යහපත්
ලෝකයක් ගොඩ නැගෙන බව විශ්වාස කිරීමට සේකරට බලපෑවේ සමාජවාදී චින්තනය කියල හිතන්න
පුළුවන්.
දේශපාලනය යනු පරමාදර්ශ ගැන කතා කළාට පරමාදර්ශ හදන්න පුළුවන්
ක්ෂේත්‍රයක් නොවෙයි. දේශපාලනයට මිනිසාගේ සියලුම ප්‍රශ්න වලට උත්තර හොයන්න බැහැ.
දේශපාලනයට දෙන්න පුළුවන් උත්තර සර්ව සම්පූර්ණ උත්තරත් නොවෙයි. ඒවා 'පාර්ශවීය උත්තර'. (partial)
ඒ වගේම 'ආන්තික උත්තර'.(marginal). උදාහරණයක් හැටියට මිනිසාගේ ආත්මාර්ථය තෘෂ්ණාව වගේ ප්‍රශ්න වලට
දේශපාලනයෙන් උත්තර හොයන්න අමාරුයි. හැබැයි ආගමේ ඒවාට උත්තර තිබෙනවා නිර්වාණය, දේව
රාජ්‍යය, බ්‍රහ්ම පදාර්ථය වගේ දේවල්. ඒවා අයිති අධ්‍යාත්මික කලාපයට. නමුත් මේ
අධ්‍යාත්මික කලාපයේ තිබෙන බ්‍රහ්ම පදාර්ථය දේශපාලන පදාර්ථය සමග අයිතිහාසික වශයෙන්
මිශ්‍ර වෙලා තිබෙනවා. යහපත් සමාජයක් මේ මිහිපිට බිහිකර ගැනීම වෙනුවෙන් දේශපාලනිකව
ක්‍රියා කරන්නට මිනිසා පොලඹවනු ලැබුවේ (විශේෂයෙන් නූතනවාදයේ ආරම්භයත් සමගම) මේ
බ්‍රහ්ම පදාර්තයත් දේශපාලන පදාර්තයත් එකට එකතුවීම නිසයි.
ඉතින් දේශපාලනයට
එහෙම අධ්‍යාත්මික තත්වයක් එකතුවීම හොඳයි නේද? න්‍යායානුකූලව නම් ඉතා හොඳයි.
නමුත් ප්‍රායෝගික තලයේදී ඉතා බරපතල ගැටළු මේ නිසා මතුවී තිබෙනවා.
මේ ලිපි පෙලෙන් ඉදිරියට කතා කෙරෙන්නේ මේ පදාර්ථ මිශ්‍රණය නිසා ලෝකයට සිදු වූ
සන්තෑසිය ගැනයි.
නූතනවාදයෙන් සිදුවුනේ ආගමත් දේශපාලනයත් වෙන්වීම නොවේ. ඉතා ගැඹුරින් එක්වීමයි.
නූතනවාදයේ ආගමික පරමාදර්ශ මේ මිහිපිට සාධනය කරගන්නට යාම නිසා ස්වර්ගයට කෙසේ
වෙතත් මිනිසුන් මිලියන බිලියන ගණන් තේරුමක් නැතිව වලපල්ලට ගියා. යමින් සිටිනවා.
වර්තමානයේ අධ්‍යාත්මිකව ජීවත් නොවී අධ්‍යායාත්මික අනාගතයක් හදන්නට මහා භයානක
ආගමික පරීක්ෂණයක් දේශපාලනය විසින් කරමින් තිබෙන නිසා ඉදිරියටත් සිදුවන විනාශය සුළු පටු නැහැ.
මයියා මෙහෙම ප්‍රතිචාරයක් දක්වල තිබුන කලින් ලිපියකට.
"ගමනේ අවසානය දන්නේ නැතනම් කොහෙන් ගියත් කැරකිලා එන්නේ හිටපු තැනටයි කියලා චක්‍රීයේන් දෙනවා...
එහෙමත් නැත්නම්
විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත්
දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය
පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ....."

එයට මෙහෙම් ප්‍රතිචාරයක් ඇවිත් තිබුනා 'දුගියා' ගෙන්
"...ඔබේ කියමනක් නොවුනත්, මේක නම් වැරදියි. බුද්ධාගම කියන්නේ නිශ්චිත මාර්ගයක් තියෙන
එකක්. නමුත් හුඟ දෙනෙක් හිතන් ඉන්නවා ඇති කරලා බලමු කියලා. ඒක ඒ අයගේ අනවබෝධය...."
මට හිතෙන්නේ මයියා කියන කතාව හරි කියලයි. බුදුන් වහන්සේ දේශනා කරපු නිර්වාන මාර්ගය
හරි කියල අපි දන්නේ කොහොමද? කවුරු හරි නිවන් ගිහින් තිබෙනවද? මෙතැනදී අපි
කරන්නේ නිර්වානය ගන විශ්වාස කිරීමයි . ඒ විශ්වාසය බුදුන්වහන්සේ දුන්නේ 'කරලා
බලන්න' කියල තමයි . ප්‍රමාද වෙන්න එපා. කල් තබන්න එපා. කියලයි කිව්වේ.
හැබැයි අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එය නිශ්චිත මාර්ගයක් කියල අපි විශ්වාස කරන්නේ
බෞද්ධයන් බුදුන්වහන්සේව විශ්වාස කරන නිසා. කවුරුවත් කියපු දෙයක් කියපු පලියටට
විශ්වාශ කරන්න එපා කියල බුදුන් වහන්සේ 'කාලාම සූත්‍රයේ' කිව්වට එම සූත්රයෙදීම කියනවා
'විඤ්ඤුන්'කියනදේ විශ්වාස කරන්න කියල.( නලින් ද සිල්වා මේ ගැන විස්තරාත්මකව
පැහැදිලි කර තිබෙනවා ) බෞධයන්ගේ ප්‍රධානම 'විඤ්ඤුන්' තමයි බුදුන්වහන්සේ. එම නිසයි
නිර්වාණය ගැන බෞද්ධයන් විශ්වාස කරන්නේ.
ඉදිරියට......................
ඉදිරියට......................
Saturday, 23 March 2013
දියවැලක් ඔස්සේ .....යන ගමනක්
මෙතෙක් ලියපු ලිපිවලට බොහෝ ප්‍රතිචාර ලැබුණා. සමහර ඒවා ඉතා අභියෝගාත්මක
ප්‍රතිචාර. තවත් අය මේ බ්ලොගය සින්ඩි වලට එකත් කරගෙන තිබෙනවා. තව සමහර මිතුරන්
වැදගත් තාක්ෂණික යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ඉදරිපත් කර තිබෙන ප්‍රතිචාර මග හැර යාමට නොහැකි තරම් බරක් සහ වැදගත්කමක් සහිත ඒවායි. එම එම නිසා ඊ ළඟට ලියන ලිපි මේ ප්‍රතිචාර වලින් ඉදිරිපත් කර තිබෙන කරුණු වලට මගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම ලියන්නම්. මට ආපු ඉතා බරපතල ප්‍රතිචාර කිහිපයක් මෙහෙමයි.
සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.
අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.
මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.
දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.
මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.
මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.
දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.
අදහස් දෙකක්
මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.
ඉදරිපත් කර තිබෙන ප්‍රතිචාර මග හැර යාමට නොහැකි තරම් බරක් සහ වැදගත්කමක් සහිත ඒවායි. එම එම නිසා ඊ ළඟට ලියන ලිපි මේ ප්‍රතිචාර වලින් ඉදිරිපත් කර තිබෙන කරුණු වලට මගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම ලියන්නම්. මට ආපු ඉතා බරපතල ප්‍රතිචාර කිහිපයක් මෙහෙමයි.
සුජීව කොකාවල
පරණවිතාන මහතා සැහෙන්න බිසී කෙනෙක් බව දන්නවා
ඒත් සංවාදයෙන් තොර බ්ලොග් අවකාශයක් නැහැනේ. ඔබ පිළිතුරු දෙන බව දුටු නිසයි මම
කොමෙන්ට් කරන්නේ. කෙසේ වෙතත් ඔබේ ලිපි නිතර කියවනවා. කාලෙකින් දැක්ක හොඳ බ්ලොග්
එකක්.සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.
අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.
මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.
දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.
මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.
මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.
දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.
අදහස් දෙකක්
මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.
මයියා
Thursday, 21 March 2013
හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ...?
අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදා වෙලා තිබෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ
මෙයද එක්තරා උදාන ගීයකි. එකල අප උදයට ගුවන් විදුලියෙන් ඇසූ උදා උදාන ගීයකි. මේ
උදානය ගයන්නේ ධනිය ගෝපාල නොව හෙළ ජාතික අභිමානේ ගැයූ සී.ටී. ප්‍රනාන්දුය. එම ගීයෙහි
ඔහු මෙසේද ගයයි.
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ
අදට වැඩිය හෙට හොඳයි! එනමින් චිත්‍රපටයක්ද තිබිණි.
අප කතාකරමින් සිටින තේමාවට මෙය අදාලය. ඇත්තෙන්ම අදට වැඩිය හෙට හොඳද? මනුෂ්‍යයා
නොදියුණු අතීතයක සිට වඩා හොඳ අනාගතයක් කරා ගමන් ගනිමින් සිටින්නේය යන විශ්වාසය
සහිත 'ප්‍රගතිශීලී' 'ඉදිරිගාමී' 'අනාගතවාදී'දෘෂ්ටියට අනුව නම් එය එසේය.
ඇත්තෙන්ම එය එසේ නොවේද?
ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවේ
ගල් යුගයේ ජීවත් වූ මිනිසාට වඩා මේ පරිගණක යුගයේ මිනිසා
වඩා ඉහල අවධියක ජීවත් වන බව අමුතුවෙන් කිව යුතුද? පරිගණක යුගය දක්වා මිනිසා පැමිණියේ
ගල් යුගයේ සිට නව නිර්මාණ කරමින් ඉදිරියට ගිය බැවිනි. ගල් යුගය අවසන් වූයේ ගල්
අවසන් වූ නිසා නොවේ. ගල් නම් අදටත් තිබේ. ගල් යුගය අවසන් වූයේ මිනිසා ගල් ආයුධ
භාවිතය හැර දමා තඹ, යකඩ ආයුධ කරා තාක්ෂණිකව මාරු වූ නිසා බව පුරාවිද්‍යාඥයෝ කියති.
ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවුනද තෙල් යුගය හෙවත්
පොසිල ඉන්ධන මත පදනම් වන මෙම නූතන 'තෙල් යුගය' තෙල් අවසන් වීමෙන් පසු අවසාන වේ යැයි
සමහරු කියති. ප්‍රගතිගාමී අනාගතවාදීන් එසේ අසුභවාදී වන්නේ නැත. ඔවුන් කියන්නේ තෙල්
යුගය හෙවත් නූතන යුගය තෙල් අවසන් වුවද නොවුවද පවත්වාගෙන යාමට හැකිවන සේ විකල්ප බල
ශක්ති තාක්ෂණයක් මිනිසා මේ වනවිට දියුණු කරගෙන තිබෙන බවය.
මම මේ ස්වභාවික සුබවාදීන්ට ඉතා
කැමතිය. එහෙත් මිනිසා අනුක්‍රමයෙන් දියුණුව කරා ගමන් ගන්නේය යන පිළිගැනීම ස්වභාවික
තත්වයක් නොව නිශ්චිත දෘෂ්ටිවාදාත්මක පදනමක් මත බිහිවූවකි. ඕනෑම දෘෂ්ටිවාදයක
ප්‍රබලතා මෙන්ම දුබලතාද ඇත. එම නිසා දෘෂ්ටිවාදයක් විචාරයට ලක් කිරීම
නිරර්ථක ක්‍රියාවක් නොවේ.
අපි අපේ සමීප ඉතිහාසය දෙස හැරෙමු. ඔබ ඇත්තටම කැමති මහනුවර යුගයේ පවතී රාජාණ්ඩු සමාජයටද වර්තමානයේ අප ජීවත්වන සමාජයටද? අතීතය පිලිබඳ අපට කෙතරම් අතීතකාමයක් තිබුනද එවැනි සමාජයක ගෙවන ජීවිතයක් ගැන අපට හිතාගන්නටවත් බැරිය. මහා අදිකාරම් සමග තරහට රජු අදිකාරම්ගේ බිලිඳු දියණිය වන්ගෙඩියක දමා කොටා මරවන අදිකාරම්ගේ ළමා පුතුන් දෙදෙනා බෙල්ල කපා මරවන අදිකාරම් බිරිඳ දියේ ගිල්වා මරණ නීතියක් තිබෙන සමාජයකට අප කැමති නැත.
පිං ඇති අතපත්තු මට කළ කාරියා
මං කළ කුඹුර වපුරන්නට නෑරියා
ගස් මුල් උදුරන්ට මං දරපු වීරි යා
නඩු නැති රටක මොට පායාද සූරි යා
මෙම කවියෙන් කියවෙන ආකාරයේ අසරණ මිනිසුන් පාගා දමන රදල වැඩවසම් සමාජයක් , රැවුල කොණ්ඩය කපා ගන්නටත්, ගෙදර බිත්තියේ හුණු ටිකක් තවරා ගන්නටත් වහලයට උළු ටිකක් සෙවිලිකර ගන්නටවත් සාමාන්‍ය මිනිහාට අවසර නැති සමාජයක් දියුණු සමාජයක් යයි කියන්නේ කෙසේද? ඊට වඩා අද අප ජීවත් වන සමාජය ඒ අතින් කෙතරම් මානව ගරුත්වයකින් යුතු සමාජයක්ද ?

ඒ දේශපාලනමය සහ සමාජ ආර්ථික අතින්ය. කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ අශාවෙන් සිටි
ගජමන් නෝනාට එය ඉටුකර ගැනීමට පිරිමි වේශයෙන් පන්සලේ හාමුදුරුවන් ලඟට යාමට සිදුවිය.
ඒ එකල කාන්තාවන්ට අධ්‍යාපනයක් දීමක් ගැන අදහසක් නොතිබුණු බැවිනි. අද
විශ්වවිද්‍යාලයට යන හාමුදුරුවරු කාන්තා කතිකාචාර්යවරියන්ගෙන් ඉගෙන ගනිති.
කලාව සහ කාන්තාවගේ පැත්තෙන් දියුණුවක් ප්‍රගතියක් තිබෙන්නේ අද නොවේද?
ප්‍රගතිය පිලිබඳ මෙවැනි උදාහරණ ගණනාවක් සහිත ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය.
එවැනි ලැයිස්තුවකින් පෙනෙන්නේ නිසැකවම ඊයේට වැඩිය අද තරමක් සුබ බවත්
අදට වඩා හෙට හොඳ වන බවත්ය. අප ගමන් ගනිමින් සිටින්නේ ප්‍රගතිය කරා බව ආනුභාවිකව
දැනෙන්නට පෙනෙන්නට තිබේ.
එහෙත් අපගේ මනස හිතුවක්කාරීය. අපගේ මනස මේ ආනුභාවිකත්වයට යටත් වන්නට සූදානම් නැත. මානවයා ගමන් ගන්නා මේ 'නියත ප්‍රගති මාවත' ප්‍රශ්න' කරන්නට මානව මනස පෙළඹේ.
සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ අපට දුකක් නැත!
ප්‍රගතියේ හිනිපෙත්තටම ඉහල තට්ටුවලට නැග සිටින අපට උදාන ගීතිකා ගැයීමට නොහැකිය. අප සිටින්නේ විශාල බියකිනි. ඇමෙරිකානුවා සිටින්නේ කොරියාවේ න්‍යෂ්ටික ආයුධවලට වලට බියෙනි.සිංහලයාට ජීවත් වෙන්නට සිදුවී තිබෙන්නේ දෙමලාට සහ මුසල්මානුවාට බියෙනි. දෙමලා සිංහලයා කෙරෙහි බියෙනි.ඉන්දියානුවා චීනාට බියෙනි. සියල් සිරින් පිරි ඇමෙරිකාවේ දෙමව්පියන් ජීවත් වෙන්නේ පාසලට ගිය තම දරුවා තුවක්කුව අතින් ගත කොලු ගැටයකු විසින් මරා දමාවි යන බියෙනි. පූජකයා බිය වන්නේ තමන්ට වඩා ජනතාවගේ හිත ඇඳ බැඳ ගන්නා දෙසනා කරුවකු බිහිවෙය යන බියෙනි.................. අප ජීවත් වෙන්නේ කෑදර පෙරේතයන් මෙනි. ධනය බලය කීර්තිය හමුවේ අප නොකරන දෙයක් නැත. අපට ඉවසීමක් නැත.අපේ හොස්ස ලඟින් මැස්සෙක්වත් යනවාට අප කැමති නැත....................... අප ජීවත් වන්නේ කපටි නරියන් මෙනි. 'හොක්කි බල්ලන්' රංචුවක් මෙනි. ජාත්‍යන්තර නීතිය යනු එමානුවෙල් කාන්ට් කිවූ ලෝක සාමයේ සුර ගීතිකාව නොව ලෝකය යටත් කර ගැනීමේ ආශාවෙන් පෙලෙන කීන බල්ලන්ගේ උඩු බිරීමකි.............................. සයිබර් අවකාශය වයිරය ද්වේශය ක්‍රෝධය වපුරන කෙත්බිමකි. වයිද්යවරු වෙළෙන්දෝ වී ඇත.ගුරුවරු තක්කඩින් වී ඇත. ඔවුන්ගේ ගෝලයෝ දුව දුවා මුත්‍ර කරති. තම පියා සහ සහෝදරයා පාවා නොදුන්නේ පූර්ව නූතන ඇන්ටිගනී කුමරිකාවය. නූතන පිදෙල් කස්ත්‍රෝගේ දියණිය පියා පාවා දෙයි.............. සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ අපට දුකක් නැත!.........ලෝක සාමය ගැන වැඩිපුරම කතා කරන්නේ ආයුධ වෙළඳාම ජයටම කරගෙන යන රටවල්ය............................. ජනමාධ්‍යකරණය යනු ගැටුම් සහ ලිංගිකත්වය විකුණා බඩවියත සපුරා ගැනීමය... "හැමතැනම මරු වැල්ය. නුරා නෙතු ගිනිදැල්ය ආත්මය පරඬල්ය". ලෝක ජනගහනයෙන් පහෙන් එකක හෙවත් බිලියනයක් කුස ගින්නේ දිළිඳුකමින් දුක්විඳිති....................පරිසරය අපට දඬුවම් කරමින් තිබේ...................... ........................... ......................... ඔබ තව මෙයට එකතු කරන්න .............................. .......................... .................ගල් යුගයේ තිරිසනෙක් ලෙස ජීවත් මිනිසාට වඩා අපගේ නූතන මහා උජාරු ජීවිත වල ලොකු ගුණාත්ම වෙනසක් ඇතිවී තිබේද ? (n)
දියුණු ප්‍රගතිශීලී ඉදිරිගාමී මනුෂ්‍යත්වය දියුණු කළ ලෝකයේ මෙහෙමත් චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා නේද ? මේවා ඇත්තටම ආගමික මැසිවිලි යයි ඔබට යෝජනා කළ හැකිය. දේශපාලනිකව සිතන්නෙකු කළ යුත්තේ වඩාත් යහපත් සමාජයක් බිහි කර ගැනීමේ අරමුණින් මේ මැසිවිලි සහගත කරුණු වලට බලපා තිබෙන සමාජ ආර්ථික දේශපාලන කොන්දේසි වෙනස් කිරීම යයි ඔබ පවසනු ඇත. මා නැවත යෝජනා කරන්නේ මේ මැසිවිලි ආගමික වනවා සේම සමාජය යහපත් වෙනස් කිරීම යන කාරණයද ආගමික අදහසක් බවය. 'ආගමෙන් අපට ගැලවීමක් නැතැයි'; යනුවෙන් මුලදීම පැවසුවේ එහෙයිනි.
ඉදිරියට ........

Subscribe to:
Posts (Atom)
එහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ.....
ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ.
මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?
එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.
මගේ අල්ප දැනුමට අනුව බටහිර, විශේෂයෙන් කැනඩාව හා උතුරු ඇමරිකාව ආගම හා රජය වෙන්කර තැබීමයැයි අදහස් කරන්නේ රටේ නායකයින් දේශපාලකයින් ආගමක් ඇදහීමවත් ආගමික හැදියාව සංකල්ප අත්හැරීමවත් නොවෙයි. මා දකින විදිහට නම් එය රටේ පාලකයින් අදුර්ශමාන හා සර්වබලධාරීවූ බලවේගවල නිලලත් නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් අත්තනෝමතිකව රට පාලනය කිරීමේ ක්‍රමය අතහැරීමක්.
අදත් ඉතින් හිතුණ දේ හිතුණ ලෙසින්ම ලිව්වා.
You instead of writing on the danger of identity political religion of Sinhala Buddhism and its neo-militancy as witnessed in Lanka, are earger to write on kind new "christian cue' thesis guilty of promoting a western modernity. That does not fit into a honest intelctual enagement. I see the shadows of your guru Nalin De Silva.
This is like digging wells while the house is on fire: a selective double blindness.
Your writting falls between the translocal nationalism and postmodern critique both which reject the reality that is presented by the critical historical analyses.
but still you are a great friend with whom I engage.
මේ වගේ ප්‍රතිචාර ලැබෙන කොට ඉතින් පටන් ගත්ත වැඩේ කොහොමවත් නතර කරන්න බැහැ. මේ බ්ලොගය පටන්ගත්තේ කැනඩාවේ උෂ්ණත්වය ඍන 20 ට විතර පහළ බැහැල තිබුණු ශීත කාලේදී. දැන් ශීත කාලේ අවසන් වෙගෙනයි එන්නේ. රට වගේම බ්ලොගයත් ටික ටික උණුසුම් වේගෙන එනවා. ශීත කාලෙට වඩා දැන් කාර්යබහුල වුනත් කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්නම්. අපි මූලික වශයෙන් කතාකරන්නේ රාජ්‍යය ගැනයි. ඉඳල හිටලා 'ලයිට් රීඩින්' එකක් දෙකක් එහෙම දැම්මත් ඒවාත් අපේ මූලික මාතෘකාවට සම්බන්ධ කරන්න උත්සහ ගන්නවා.
කාලයක් ලිවිල්ල නවතලා හිටපු මට ඔබේ මේ ප්‍රතිචාරත් සමග ලිවීම සඳහා උනන්දුව දිරිය වැඩිවෙලා තිබෙනවා. මේ බ්ලොගය සහ එහි ලිපි විවිධ ක්‍රමවලින් හුවමාරු කරන සියලුම මිතුරන්ට ස්තුතියි. අපි සංවාද කරමින් ඉදිරියට යමු මේකත්"දියවැලක් ඔස්සේ..........." (සිරිලාල් කොඩිකාරගෙන් ණයට ගත් කියමනක් ) යන ගමනක්.