Wednesday 4 June 2014

අඩි පාර දිගේ.............

අැත්ත වශයෙන්ම දෙවන වරටත් සතර දිගන්තය නැවතුන පසුද ලියවුන දේ බොහෝය. ලියවුන බොහෝ දේ පළ කිරීමට නොහැකි විය. මාතෘකා දෙක තුනක්ම අපි අරඔා  තිබුනෙමු. ඒවා ගැන ලිවිය යුතු දේ තවත් බොහෝ එකතු වී තිබේ.

යලිත් ලිවීමේ ලියා පළ කිරීමේ ඉස්පාසුව ලැබෙමින් තිබෙන බව පෙනේ.

 මේ දිනවල වැඩිපුරම සිටින්නේ රත්නපුරයේ ගම්මාන වලය. වැඩිපුර ඇවිදින්නේ අධිවෙීගී පාරේ නොව අඩි පාරේය. මුන ගැසෙන්නේ ලොක්කන් බක්කන් නොව සුළු මිනිසුන්ය.

 එබදු අඩි පාරක් දිගේ ළගදී ගිය එක් ගමනක් කෙළවර වූයේ සිරිපා කදු වැටිය පාමුළ ගන වනයේ සිහින් දොළපාරක් අසළ ඇති  සිත නිවන වන සෙනසුනකිනි.

 එහිදී තරුණ තෙරුන් වහන්සේ දෙනමක්  අපට මුන ගැසීමට ඉඩ ලැබුණි. ඔවුන්ද සුළු මිනිසුන්ය. එහෙත්  වෙනසකට ඇත්තේ ඔවුන් විදිනා ජීවන ප්‍රීතිය විශාල වීමය.

එවැනි මිනිසුන් හමුවිය හැක්කේ අඩි පාරේ ගිය විට පමණී



2 comments:

  1. යළිත් බ්ලොග සක්‍රීය කරවීම ගැන සතුටුය. අඩිපාරේ ගමන් කරනා විට සිතට ඇත්තටම සතුටුය.

    ReplyDelete
  2. ඉඳ හිට වෙනසකට මෙන් අඩිපාරවල් වල යනවා වියයුතුය.ලබන වසරේ මැතිවරණත් පැවැත්වෙනවනේ

    ReplyDelete