කෙතරම් දැවැන්ත සාහිත්‍ය කෘතියක්ද?
එය ලියන ලද්දේ ක්‍රි.ව. 691-743 කාලයේ ඉන්දියාවේ ගුජරාටයේ විසු ආචාර්ය ශාන්තිදේව පාදයන් විසින්.
සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්.
මුලු මහත් බෞද්ධ දර්ශනයේ හරය බොදූ ජීවන මිහිර මෙතරම් ප්‍රබලව කැටි කර දැක් වූ තවත් සාහිත්‍ය කෘතියක් තිබේද?
අමාවතුර ලියපු ගුරැළුගෝමිට සුභාෂිතය ලියපු අලගියවන්න මුකවෙටිට ට පමණක් නොව නුතන සිංහල ගීත රචකයාටත් බෝධිවර්යාවතාරය මග හැර යන්නට හැකි වී නැත.
මොරටුවෙි සාසනරතන හිමි මෙහි පද්‍ය පෙළ මීට අවුරුදු පනහකට පමණ පෙර ගද්‍ය පෙළක් ලෙස සිංහලට පරිවර්තනය කළහ.
එහි එක් ගීයක් හා එහි පරිවර්තනය මෙපරිදිය.
ක්ෂුත්පිපාසා ව්‍යථාං හන්‍යා - මන්නපාන ප්‍රවර්ෂණෛ
දුර්භික්ෂාන්තර කල්පෙෂූ- භවෙයං පාන භෝජනම්
ආහාරපාන වර්ෂා කිරීමෙන් සා පිපාසා නසන්නෙමි
දුර්භික්ෂාන්තර කල්පයන්හි පැන් හා බොජුන් වන්නෙමි
දැන් නන්දා මාලිනී 'පවනෙහි' ගැයූ එකම විරෝධාකල්ප නොවූ ගීය
වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලීන්
ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින්
මතකද?
එම ගීය සමග ඉහත දැක් වූ බෝධිචර්යාවතාර ගීය සසදා බලන්න.
එම ගීය සමග ඉහත දැක් වූ බෝධිචර්යාවතාර ගීය සසදා බලන්න.
එකම අදහස නොවේද?
මෙවැනි මහරු අදහස් අඩංගු ගී සිය ගණනක් බෝධිචර්යාවතාරයේ තිබේ.
කවියනි, මේ මහගු සාහිත්‍ය ආකාරය තවමත් සිදී ගොස් නැත.
තමන් තුළ බුදුන් සොයා බෝසත් යානයක සැරිසරනා මිට වසර විස්සකට පමණ පෙර අඩිපාරකදී මට හමූවූණ දැන් රටේ බොහෝ ප්‍රසිද්ධ එක් හිමිනමක් මේ මහරු සරු කෘතිය මේ දිනවල පද්‍ය පෙළක් වශයෙන්ම සිංහල කවියට නැගීමට කටයුතු කරමින් සිටිති.
දැන්ම නම් ගම් පවසනවාට එතුමන් අකමැතිය.
එම අත් පිටපත කියවාගෙන යද්දීය නන්දාමාලිනීගේ ගීතය මතක් වූයේ.
එම ගීය මෙතැනින්
http://www.youtube.com/watch?v=Qn4vsNbeYeE
එම ගීය මෙතැනින්
http://www.youtube.com/watch?v=Qn4vsNbeYeE
අගෙයි අගෙයි.... සුබාරංචියක්නේ ගෙනත් තියෙන්නේ...
ReplyDeleteබලං ගියාම පද රචනෙත් කොප්පක්
ReplyDeleteඒත් ඉතිං ගි පද වල ප්ලේජරිසම් නවත්වන්න ක්‍රමයකුත් නෑ නේ...
මේ ගීතයේ පදනම තියෙන්නේ බෝධිචර්යාවතාරයේ කියන කාරනය නොදැන සිටි යුගයේ ද මගේ ප්‍රියතම ගීතය වීය.එහෙත් මෙය ශාන්ති දේවයන් ගේ සංකල්පයක් වග දැනගත් විට රසාස්වාදය ට එහා ගිය ශ්‍රද්ධාවක් ජනිත විය. සිංහල ගීය කොපියක් ම යයි නොකියමි.එහි ප්‍රතිභාව මනාව ඇත.(සන්නාලියනේ ගීය චන්ද්‍රා නායිදු ලිව් මුල් පද පෙලට වැඩිය සුගමයි.එමෙන්ම ප්‍රතිභා සම්පන්නයි).ඒත් කනගාටුව නන්දා මාලිනි හෝ සුනිල් ආරිය රත්න ශාන්ති දෙව පාදයන් ගැන කිසිවක් කථා කරනු අසා නැති කමයි.
ReplyDeleteරන්බන්ඩා සෙනනවිරත්නයන් දවසක් පැළ නැති හේනේ ගීතය ලියුවේද යශෝදරාවත අැසුරිනි.
ReplyDeleteඑකම අදහස් වෙනත් ප්‍රදේශ දෙකක සිටින අයට ඇතිවීම ස්වාභාවික සිදුවිය හැක. සාහිත්‍ය පමණක් නොව විද්‍යාව පවා එසේ සිදුවේ පයිතගරස් ප්‍රමෙයට පවා විවිධ රටවල අය අයිතිය ඉල්ලන්නේ එබැවිනි. දෙමල භාෂාවෙන් ලියැවුණු තිරුක්කුරල් සහ අපේ ලෝකෝපකාරය බොහෝ සමාන වන්නේත් කොපි කිරීම නිසා නොවන්නට පුළුවන. අප සියලු දෙන මිනුසුන් බැවින් අපට එකම අදහස් ඇති විය නොහැකිද ?
ReplyDeleteමෙවැනි බුද්ධිමය හෙළිදරවු ඉතා හොඳයි. එවිට අප සතු දැනුම වර්ධනය වෙයි. කෙසේ වෙතත් ලොව අලුතෙන් දෑ ලෙස බිහිවන සියලු දේ බිහිවන්නේ පවතින දේ ඇසුරු කරගෙනය. වඩුවා මිනිසා ගේ හැඩය දෙස බලා ඔහුට නිදන්නට සයනය මෙන් ම මිනිසාගේ නම්‍යශීලි බව දෙස බලා පුටුවද තැනුවා සේ සියල්ල නිපදවිණි. ලොව සියල්ල නිර්මාණ ලෙස බිහිවන්නේ එලෙසය.
ReplyDeleteගැටලුව ඇත්තේ මිනිසා සිය නිර්මාණයට ඇසුරු කර ගන්නා මූලශ්‍රය හෙළි කිරීමට තරම් අවංක නොවීමයි. එය මහාචාර්වවරයකුට මෙන්ම ප්‍රවීණ ගායිකාවකට ද පොදු කාරණයකි. පරණවිතාන මහතා මේ උත්සාහ දරා ඇත්තේ ගිලී ගිය අවංකකම ගොඩගැනීමටය. එය මහත් ප්‍රශංසනීය කටයුකත්තකි.