Friday, 17 January 2014

නිදහසේ ආර්ථික මන්ත්‍රය

තවත් නිදහස දිනයක් කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබේ. නිදහස සැමරීම යනු සංදර්ශන පැවැත්වීම  යයි සිතන්නට නිදහස ලැබුන දා සිටම අපි පුරුදු  වී සිටිමු. එසේ පුරුදු වෙමින් සිටි කාලය සුළු පටු කාලයක් නොවේ. අවුරුදු හැට පහක් පමණය. අඩුම තරමින් පරම්පරා තුනක්වත් මේ සංදර්ශන කාමයට සහ ප්‍රදර්ශන කාමයට ගොදුරු වී තිබේ. ප්‍රදර්ශන සංදර්ශන තිබුනාට කමක් නැත. ප්‍රධානම අඩුව වන්නේ නිදහස යනු කුමක් දැයි ගැඹුරින් වටහා ගන්නා සංස්කෘතික චින්තනයක් අපට තවමත් ගොඩ නගා ගැනීමට නොහැකි වීමය. එය  අපට අපේ සංස්කෘතික  සිරස් පත අහිමි වීමේ ඛේදවාචකය නිසා  සිදු වූ ඇබැද්දියකි. සංස්කෘතික සිරස්පත යයි මෙහි අදහස් කරන්නේ විචාරාත්මක චින්තනයයි.

විචාරාත්මක චින්තනයකට කිසියම් නිර්භීත බවක් අවශ්‍යය. කොඳු කඩා ගත්  සමාජයකට එබඳු නිර්භීත කමක් ලබා  දීමට නම් විශාල  වෙදකමක් අවශ්‍ය වන්නේය. හොඳ සිංහල වෙදකමක් යෝජනා කළ නිර්භීත මිනිසකු  අපට සිටියේය. ඔහු නිදහස ලැබීමට වසර හතරකට පමණ පෙර මිය ගියේය. නිදහස ගැන ඒ නිර්භීත මිනිසා මෙසේ  කීවේය.

 සිත නිදහස්                        බවට 
නො පමුණුවා පළමු          කොට 
නිදහසට සිය                         රට 
ලමුයි යෙති දදහු ඇතියෙන්  කට 

අපේ සංස්කෘතික සිරස්පත අහිමි වීම ගැන කතා කරන මෙම ලියමන් වල මේ මහා මිනිසා ගැන කතා ඉදිරියට කතා කරන බැවින් දැනට ඔහුගේ නමවත් දැනට  මෙහි ලියන්නේ නැත. කෙසේ වෙතත් මේ මහා මිනිසා  වැඩ කළේ සංස්කෘතික  වැඩ බිමකය.  මේ මිනිසා ජීවත් වූ  පූර්ව නිදහස් යුගයේ  නිදහස ගැන සංස්කෘතික කතා බහක් ඇති වී තිබිණි. ඒවායේ සීමාකම් නොතිබුනා  නොවේ. එහෙත් එකල ලියවුනු පොත් පත් වල නිදහස පිලිබඳ අදටත් ගැලපෙන නම් වගවාසගම් තිබිණි. නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන  ආදිය  ඒවාට උදාහරණය. එම මන්ත්‍ර දැහැන් ආදී සියල්ල වෙන් වුනේ සන්ස්කෘතික අවදි කිරීමක් උදෙසාය. ඒ සන්ස්කෘතික අවදි කිරීම  අපේ රටේ සිදු වුනේ නැත. අවාසනාවකට මේ වන විට අපේ රටේ හුදී ජනී ජනයාට ඔය කියන කෙහෙම්මල් සංස්කෘතියකින් වැඩක් නැත. හැමෝම බලන්නේ සල්ලි හම්බ කිරීමටය. සල්ලි තියනවානම් නිදහස ලැබෙය යන මන්ත්‍රය හැමෝම ජප කරමින් සිටිති . නිදහස ආර්ථික ඌනිත වාදයක් බවට පත් වී තිබේ.
 
මේ පසුබිමෙහි සන්ස්කෘතියෙහි   සංස්කෘතිය ගැන කතා කිරීමට පෙර ආර්ථිකයෙහි සන්ස්කෘතිය ගැන කතා කිරීම වඩා වැදගත්ය. එසේ නැත්නම් ආර්ථිකයට සංස්කෘතියක් ඉදිරිපත් කරන්නේ කෙසේ දැයි කතා කිරීම වැදගත්ය.  ඒ අනුව නිදහසේ  ආර්ථික මන්ත්‍රය මන්ත්‍රය පහත සඳහන් පරිදි ඉදිරිපත් කරමු.

1. නිදහස යනු පුද්ගලයාගේ භෞතික සහ මානසික සැපත සහතික කිරීම සඳහා අවශ්‍ය වන සමාජ තත්වයන් ලබා ගැනීමට කිසිම අවහිරයක් නොතිබීමය. නිදහස යනු අත්‍යවශ්‍යයන්ම බාධක විරහිත වීමයි.

2.  ආර්ථික සෑහීමක් ඇති කල බලාපොරොත්තු දල්වාගත හැකිය යන හැගීම  සමාජයේ ජනිත වේ.

3. නීති ගරුක භාවය සහ නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ බලාපොරොත්තු වලට ඉඩ දෙන සමාජයක මිස අපේක්ෂා භංග වන සමාජයක නොවේ.

4. ආර්ථික සෑහීම නොමැතිව ආත්ම විශ්වාසය ගමන් කරන්නේ නැත. පාලකයන්ගේද  පාලිතයන්ගේද  ආත්ම විශ්වාසය ඉහල මට්ටමක පවතින විට සැක පහල කිරීම තර්ජනයක් ලෙස කිසිවෙක් නොසලකති. එවිට වාද විවාදයනට ලක්වන විෂයයන්ගේ සීමා පළල්  වේ.

5. ආර්ථික ප්‍රබෝධය ඇතිවන්නේ හැකියාවන්ට ඉඩ දෙන සමාජයක්ය.

6. ප්‍රජාතන්ත්රවාදය සාර්ථක වීමට නම් එය හැකියාවන්ට සහ දක්ෂතාවන්ට  ඉඩ  දෙන හැකියා තන්ත්‍රවාදයක්ද විය යුතුය. 


5.ආර්ථිකය හැකිලෙන විට නිදහසද හැකිලෙයි. එවිට බයෙන් අවිශ්වාසයද හට ගනියි. පාලක පන්තිය සමාජය නුරුස්නා කල්ලියක් බවට පත්වී පාලකයන්ගේ නැණවත් භාවය පිලිබඳ පාලිතයා අතර සැක මතු වෙයි.

6. එවිට නව අදහස් සහ දේශපාලන විපර්යාස  සමාජය විසින් ඉල්ලා සිටිනු ලැබේ.

(මේ මන්ත්‍රය සමාජය පිලිබඳ ආර්ථික ඌනිත වාදයක් නොවන බව කියවන්නාට වැටහෙනු ඇත. මේ සූත්‍රය පදනම් වී ඇත්තේ කෙසේ හෝ සල්ලි හොයා ගනිමු යන "ශිෂ්‍යත්ව විභාග"  සූත්තර මත නොව ඊට  වඩා ගැඹුරු "ශිෂ්ටත්ව විභාගයක්" සමත් වූ චින්තනයක් පදනම් කරගනිමින්ය.)





3 comments:

  1. නිදහස හා ආර්ථිකය ගැන මටත් තියෙන්නේ කරූට ඉතා ලගින් යන හැගීමක්...

    උදාහරණයක් ලෙස ලමයින් හැදීම හා නිදහස ගැන මම වරක් නිරාගමික වෙබ් සයිටයේ සංවාදයක/විවාදයක නියැළුනා...

    එහිදී මගේ අදහස උනේ ජනගහනයේ වර්ධනය ස්භාවික සම්පත් වල ඉල්ලුම කෙරෙහි බල්පාන මූලික හෙතුවක් නොව පරිධියේ ඇති ද්වීතීක කාරණාවක් බවයි....

    මම ම්ගේ තර්කය තහවුරු කර ගැනීමිට නිදහස් ආර්ථිකයේ සාධනීය කාරනා යොදා ගත්තා....

    //මේ සම්භන්ධයෙන් මගේ අදහස තුන්වෙනි ලෝකයේ රටවල ජනගහන වර්ධනය නිසා සිදුවන බලපෑම ‘නිදහස් වෙලදපොල මගින්’ කුශන් කරන බවයි.

    උදාහරනයක් ලෙස ඉස්සර 5-6 හිටපු සිංහල පුව්ල් වල දැන් එහෙම නැත්තේ ඒ පවුල් වල්ට තියෙන ආර්ථික අමාරු කම් නිසා කියා මා විශ්වාස් අකරනවා….

    ජනගහන වර්ධනය හා ස්භාවික සම්පත් කෙරෙහි ඇති ඉල්ලුම සම්භන්දයෙන් මගේ විග්‍රහය, පූර්ණ නිදහස් වෙළදපල අර්ථිකයක් විශ්වාසකරන්නෙකුගේ චිත්‍රයට සමගාමිය. ඒ කෙසේද යත්, ජනගහන වර්ධනය හා අදායමේ වර්ධනය, ස්භාවික සම්පත් මත දැඩි ඉල්ලුමක් ඇතිකරනවා මෙන්ම, අපේක්ශිත හිගතාවයන් නිසා එම සම්පත්වල මිලෙහි ඉහලයාමක් ද සිදු වීමට නියමිතය. මිලෙහි සිදුවන වැඩීවීමත් සමගම ලාභය අපේක්ශා කරන ව්‍යවසායකයයේ ආගමනය වැඩි වනාවා මෙන්ම එම නව ව්‍යවසායකය ලාභය අපේක්ශාවෙන් නව විඩි හා ක්‍රම සොයා ගනු ඇත. දියුණුවෙමින් පවතින අප වැනි රටක මෙම ප්‍රශ්ණ හමුවේ පවතින නෝමේරූ ආයතනගත ක්‍රමයන් බිද වැටීමටද හේතූ විය හැක.මේ සටනේදී පරාජය යනු රාජ්‍ය අරාජිකත්වය වීම අතර ජයග්‍රහණය යනු වඩා ලිබරල් නිදහස් සමාජයක් බිහි වීමය.///



    අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව


    ඇත්තෙන්ම මට හිතෙන විදිහට නිදහස මගින් ආර්ථිකයත්....ආර්ථිකය තුලින් නිදහසත් අන්යෝන්‍ය ලෙස පෝශණය වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ට් එකේ ජනගහන වර්ධනය, ස්භාවික ස්ම්පත් කෙරෙහි ඇති ඉල්ලුම යන්න ජනගහන වර්ධනය පරිසර ප්‍රශ්ණය ( ගෝලීය උශ්ණතවය ඉහල යෑම) කෙරෙහි ලෙස නිවැරදි විය යුතුය.

      Delete
  2. ප්‍රශ්න කීපයක්.

    1. සංස්කෘතික නිදහස හා ආර්ථික සංවර්ධනය ගැන ඔබේ මතවාදය පහටැහැ සඳහන් [තරමක් දුරට අප වැනි] ආසියාතික රටවල් තුල ඔබ දකින්නේ කෙසේද?

    සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය, දකුණු කොරියාව, ඉන්දියාව

    චීනය, වියට්නාමය

    භූතානය, උතුරු කොරියාව, ඉරානය.

    2. ඉහත රටවලිං යහපත් සංවර්ධනයක් ලද රටවල් ලෙස ඔබ සිතන්නේ මොනවාද? යහපත් කියන ඒක තවත් විස්තර කළොත්, ලංකාවට ලබා දිය යුතු එක කියමු මොකද අපි මේ කතා කරන්නේ ලංකාව යහපත් කරන හැටිනේ.

    3. දැන් කොමෙන්ට් බලන්නේ නැද්ද. අවුලක් නැහැ. අපි දිගටම කොමෙන්ට් කරන්නම්

    ReplyDelete

Google+ Followers