Friday 13 December 2013

පුනරුදයක් උදෙසා ..................

1990  දශකයේ මුල් කාලයේදී පේරාදෙණියේ දී අපට ගුණපාල ධර්මසිරි නම් අපූරු මිනිසෙකු  හමු විය. ඒ දවස් වල ඔහු  විද්‍යාව, කලාව දර්ශනය ආදිය ගැන නිතරම කියමින් සිටි කතාවක් තිබිණි.

''.........අද කාලයේ විද්‍යාවෙන් කෙරෙන්නේ මිනී මැරීමයි
කලාවෙන් කෙරෙන්නේ කම් සැප වන්දනාවයි
දර්ශනය  නිකම්ම නිකම් වචන හරඹයක් විතරයි
ආගම අධ්යාත්මිකත්වය පලවා හැර ලව්කික ජීවිතය තොරොම්බල් කරන කට්ටඩි කමක් විතරයි.
මේක ශිෂ්ටාචාර විපතක්.මේ විපත වටහා ගැනීමට නොහැකිවීම  තරම් කාලකන්නි කමක් තවත් නැහැ................''

අවුරුදු විස්සකට විතර පස්සේ ලෝකය  වටේත් අපේම  ජීවිත වටේත් ලොකු රස්තියාදුවක් ගසා ආපසු හැරී බැලූ විට මහාචාර්ය ධර්මසිරි පවසූ එම කතාව තවත් තදින් තහවුරු වෙන බව දැනේ. කලාව විද්‍යාව දර්ශනය ආදිය ගැන ධර්මසිරි මාදිලියේ කතාවක් දේශපාලනය ගැන ද කිව හැකිය.

''...............අද කාලයේ දේශපාලනය කියන්නේ වසගයක්(seduction) විතරයි ( මේ කතාව තවත් බෝ හෝ දෙනා  කියා තිබේ  )රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවට වසඟකරුවන් දේශපාලන වැයික්කිය අල්ලාගෙන තිබේ.
මිනිසාගේ හැම ප්‍රශ්නයකටම දේශපාලනයෙන් උත්තර හොයන්න පුළුවන්ය යන අදහස මිත්‍යාවක් පමණය . එය  දේශපාලන ඌනිතවාදයකි මානව සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් දේශපාලනයට දීමට හැකි වෙන්නේ පාර්ශ්වීය උත්තර පමණය....................''

 දේශපාලනය වසඟයක් පමණක් වී ඇති කලෙක දේශපාලනයට මිනිස් ප්‍රශ්න වෙනුවෙන් දීමට හැකි පාර්හ්වීය උත්තර පවා අන්තිම දුප්පත් ඒවා වනු ඇත.

මිනී නොමරණ විද්‍යාවක්!
කාමය ගැන පමණක් නොව අර්ථය, ධර්මය සහ මෝක්ෂය ගැනද යොමුවන කලාවක්!
හුදු තර්ක වෙනුවට මේ ශිශ්ටාචාර විපතින් ගැලවීමට ආලෝකය පෙනෙවන දර්ශනයක්! 
වසඟය වෙනුවට මිනිස් විචාර චින්තාව විසින් පුබුදුවන මහා සම්මතය යලි බල ගන්වන දේශපාලනයක්! 
ලෝකයට අවශ්‍ය වී තිබේ.

සිංහලයාගේ ජාතික චින්තනය මේ වෙනුවෙන් යොමු කරන මහා කතිකාවක් අද අවශ්‍ය වී තිබේ.   

5 comments:

  1. පරණේ මට ගුණපාල ධර්මසිරි මහාචාර්ය්‍ය තුමා බොහොම ලඟින් ඇසුරු කිරීමේ වාසනාව මට ලැබුනා. ඒ 90 දශකයේ අග භාගයේ පමණ. ඔබ කියන දේ ඇත්ත. ඔබ කියවල ඇතිනේ එතුමා ලියූ The Nature Of Medicine පොත නැත්නම් මම දෙන්නම් මාලඟ තිබෙනවා.
    ලෝකය නොයායුතු අතකට හැරිලා බව නම් ස්තිරයි. එහි ප්‍රතිවිපාක බොහොම දරුණු වෙයි. විද්‍යාවේ වරදක් නෙමෙයි. එය භාවිතා කරන අයගේ වරදක්. ජාතික චින්තනය මට නම් 100% නිවැරදි නැහැ. නමුත් අපේ දේශීය දැණුම නම් මමත් එකඟයි. ඔබ හරි. ඒ මගේ ක්‍රමයන් මේ දෙක අතර මැද තමයි තිබෙන්නේ.

    ReplyDelete
  2. මිනී නොමරණ විද්‍යාවක්!
    කාමය ගැන පමණක් නොව අර්ථය, ධර්මය සහ මෝක්ෂය ගැනද යොමුවන කලාවක්!
    හුදු තර්ක වෙනුවට මේ ශිශ්ටාචාර විපතින් ගැලවීමට ආලෝකය පෙනෙවන දර්ශනයක්!
    වසඟය වෙනුවට මිනිස් විචාර චින්තාව විසින් පුබුදුවන මහා සම්මතය යලි බල ගන්වන දේශපාලනයක්!
    ඔබ ලියන මේ කරුණු සදහා මුලින් තනි තනිවම වැඩ පටන් ගත්තොත් වැඩි කල් නොගොස් ඒ හිතන ලෝකය දැකීමට හැකි වේ යැයි මගේ විශ්වාසයයි.

    ReplyDelete
  3. එදා බලය ප්‍රාග්ධණයක් විය, පසුව එය අනුක්‍රමයෙන් දැනුමටද මේවනවිට වසගයට ද මාරුවී ඇත.

    ReplyDelete
  4. මිනී නොමරණ විද්‍යාවක්!
    කාමය ගැන පමණක් නොව අර්ථය, ධර්මය සහ මෝක්ෂය ගැනද යොමුවන කලාවක්!
    හුදු තර්ක වෙනුවට මේ ශිශ්ටාචාර විපතින් ගැලවීමට ආලෝකය පෙනෙවන දර්ශනයක්!
    වසඟය වෙනුවට මිනිස් විචාර චින්තාව විසින් පුබුදුවන මහා සම්මතය යලි බල ගන්වන දේශපාලනයක්!
    ඔබ ලියන මේ කරුණු සදහා මුලින් තනි තනිවම වැඩ පටන් ගත්තොත් වැඩි කල් නොගොස් ඒ හිතන ලෝකය දැකීමට හැකි වේ යැයි මගේ විශ්වාසයයි.

    ඔව් එළඹ ඇත්තේ ඊට නිසි රිසි හෝරාවයි.
    සූදානම් වෙමු ඒ අරමුණ ඔස්සේ ඉදිරිය බලන්නට, නැතිනම් අපේ අනාගත පරපුරට මුහුණ පෑමට සිදුවෙන දේවල් ගැන හිතාගන්නවත් බැහැ.
    කරු, මම, නුඹ, අපි සියල්ලෝම මිනී නො මරණ විද්‍යාවක්........කාමය මෙන්ම අර්ථය, ධර්මය හා මොක්ෂය ගැන ද යොමුවන කලාවක් ........ ඉටු කරන්නට අතවැල් බැඳ ගනිමු, ඒ උදෙසා ඇපකැප වෙමු, එය අපට පැවරී ඇති සමාජ වගකීමක්...

    ReplyDelete