Tuesday, 5 January 2016

පුරවැසි ව්‍යවස්ථා සම්පාදන අවකාශයක් ගොඩ නගමු

හදන්නට යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පළමුවන වර්ගවාදී ආගම්වාදී ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මුදා හැර තිබේ. මේ මහතා කියන්නේ බුද්ධාගමට රාජ්‍යය තුළ තිබෙන ප්‍රම්‍රඛස්ථානය සහ රාජ්‍යයයේ එකීයභාවය නැති කිරීම අලුත් ව්‍යවස්ථාවේ අරමුණ බවය. ආණ්ඩුවට එරෙහිව ජාතිවාදී ආගම්වාදී වෛරයක් සමාජය කෙරෙන් මතු කර ගැනීමට දිනේෂ් ගුණවර්ධන පන්නයේ අයට තිබෙන හදිස්සිය තේරුම් ගත හැකිය.මේ දිනවල මුස්ලිම් අයගේ නිවෙස් තාප්පවල 'සිංහලේ' යනුවෙන් යනුවෙන් ලියමින් යන ස්ප්‍රේ කරුවන් පිටුපස සිටින අයටද ඇත්තේද වර්ගවාදී ගැටුමකින් ලේ ගලා යනු දැකීමේ එවැනිම වු හදිස්සියකි. තවමත් කෙටුම්පත් කර නැති ව්‍යවස්ථාවක තිබෙන්නේ යැයි තමන්ගේ මනසින් මවා ගත් දේ අවිචාරවත්ව ඇද බාමින් ලාබ ගනයේ වර්ගවාද‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යකට ගුණවර්ධන මහතා ඇද වැටිම ගැන අප පුදුම නොවන්නේ පසුගිය කාල යේ මෙරට වගා දිගා වු ව්‍යාජ දේශප්‍රේමීන්ට අඩුම තරමින් තමන්ගේ කල්ලිය කුලප්පු කරගැනීමටවත් සෑහෙන සටන් පාඨයක් නිර්මාණය කරගැනීමට නොහැකි බව හොද හැටි ඔප්පු කර ඇති බැවිණි. ගම්මන්පිළගේ 'කලු කොඩි දැමිල්ලට' බන්දුල ගු‍‍‍‍‍‍‍ණවර්ධනව වත් පොළඹවාගැනීමට නොහැකිවීම එසේ ඔප්පු වූ අවස්ථාවකි.

ජනවාරි නම වනදා සිදුවන්නේ අලුත් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමක් නොව අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා මුලු පාර්ලිමේන්තුවම කෙටුම්පත් කොමිටියක් ලෙස රැස්විය යුතු යැයි ආණ්ඩු පක්ෂයෙන්යෝජනා කිරීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කර තිබුනේ අඩුම තරමින් මේ වන විට ව්‍යස්ථාවේ අඩංගු විය යුතු කරුණු පිළිබද ආණ්ඩු පක්ෂයේ යෝජනා හෝ ප්‍රසිද්ධ කිරීමට  ආණ්ඩුව කටයුතු කර නැති බවය.කෙටුම්පත් කළ ව්‍යවස්ථාවක් තබා එවැනි කෙටුම්පතක් බිහිකිරීම සදහා රජය විසින් දිය යුතු යෝජනාවක් ඉදිරිපත් වී නැති අවස්ථාවක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියන කතාවේ විකාරය රසය විදිමින්ම ව්‍යවස්ථා සම්පාදනයේදී නුතන සමාජ විසින් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගයක් ගැන දෙස හැරී බලමු.

 අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමාන්‍යයෙන් කෙරෙන්නේ ආණ්ඩුපක්ෂ විපක්ෂ ආදී කොට ඇති දේශපාලන ප්‍රභු තන්ත්‍ර වල සහ ජනවාර්ගික කණ්ඩායම් වල දෘෂ්ටිකෝණ මුල් කර ගනිමිනි. සැමදාම සිදු වුයේ එයයි. පුරවැසි පර්යාවලෝකනයකින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙස බැලීම සහ එම මානය පෙර දැරි කරගත් ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම තවමත් අපට නුහුරු කටයුත්තකි. පාර්ලිමේන්තු කමිටුව මගින් පමණක් ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන විට සිදු වන්නේ දේශපාලන ප්‍රභුවාදයට සහ මේ ප්‍රභුන් බෙහෙවින් ලොල් වඩන ජනවාර්ගික ජාතිකවාදයන්හි පහල මට්ටමට ව්‍යවස්ථා සම්පාදනය ඌණනය වීමය. එවැනි ව්‍යවස්ථා කල් නොපැවතීමටත් ප්‍රතිගාමි ව්‍යවස්ථා බවට පත් වීමටත් බලපානා හේතුව එයයි. එහෙයින් පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලියට සමාන්තරව එය  පුරවැසි පර්යාවලෝකනයකින් පෝ‍ෂණය කරන්නාවු පුරවැසි ව්‍යවස්ථාකරණ අවකාශයක් ගොඩ නැගීමක් ඔස්සේ මේ අභියෝගය ජය ගත හැකිය.  එය වෙනදාට වඩා අද තාක්ෂණික වශයෙන් පහසුය. සමහර විටෙකදී රටේ ප්‍රබලම මතය සමාජ මාධ්‍ය අවකාශයේ ගොඩ නැගෙන මතය වන අයුරු අපි දැක ඇත්තෙමු.  පුරවැසි ජනමාධ්‍ය කරුවන්ට අද කළ හැකි එක් කටයුත්තක් වන්නේ මේ පුරවැසි ව්‍යවස්ථා සම්පාදන අවකාශය ගොඩ නැගීමය.

9 comments:

  1. ඒක ගොඩ නගන්න කලින්, මේ දිනේෂ් වගේ කාළකන්නින්ට එරෙහිව නීතිමය පියවරක්වත් ගන්න බැරිද...? මාධ්‍ය නිදහස තියෙනවා කියලා, නැවත නැති දේ මවලා රට ගින් තියන්න හදන මාධ්‍ය සාකඡ්චා ප්‍රචාරය වීමවත් වලක්වන්න බැරිද..

    ReplyDelete
  2. නව ව්‍යවස්ථාවක් තැනීමේ දී පළමුව රටේ ජනතාවගෙන් අදහස් යෝජනා ලබා ගැනීමට තීරණය කිරීම පිළිබඳ රජයට ස්තුතිවන්ත වෙමි. මට මේ සඳහා සහභාගිවීමට දැඩි අවශ්‍යතාවක් තිබේ. ඒ ආයුර්වේදය හා අධ්‍යාපනය පිළිබඳ ව්‍යවස්ථාවේ තිබිය යුතු ප්‍රමුඛත්වය ලබා ගැනීමේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ය. ඒ සඳහා සහභාගී විය යුත්තේ කෙසේ ද? ඔබගේ උපදෙස් පතමි.
    දිනේෂ් වැනි කුණු කානුවේ ලගින්නන් ගැන සතරදිගන්තය වෙහෙසිය යුතු නොවේ.

    ReplyDelete
  3. 1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ඉදිරියේදි කටයුතු කරන බව ආණ්ඩු පක්ෂය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම ඉදිරියේදි නව ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථාව මගින් රට බෙදි වෙන්වෙන බව විපක්ෂ සන්ධානය විසින් දැන් සිටම ප්‍රකාශ කර ඇත. ජවිපෙද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැනම සිටම තමන්ගේ විරෝධතාවයේ කොටස වෙන්කරවා ගෙන ඇත. අනෙකුත් පක්ෂද ඉදිරියේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත්කල පසුව යම් යම් කරුණු වලට විරුද්ධ වෙනු ඇත.


    2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සිදුකරනුයේ රටේ මුලික නිතීය සකස් කිරීමය. මුලික නීතීය ඉතාම හොදින් සකස්කල පමණින් සමාජය යහපත් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයට තිබුනද සාමාන්‍ය ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව ඒවා බලාත්මක වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ සෑබෑ වෙනසක් සිදුවන බව පවසමින් හෝ එයින් හානියක් වන බව පවසමින් තමන්ගේ බලය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාව ඇත්තේ රටේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් තොරාගනු ලබන මහජන නියෝජිතයින්ට සහ දේශපාලන පක්ෂ වලටය. එමෙන්ම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සාධාරණත්වය පවත්වා ගෙන යාමට බලපෑම් කරන්නේ තමන්ය යන මතයේ සිටින සිවිල් බුද්ධිමතුන්ටද මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් වැනි කතාකල හැකි මාතෘකාවන් අවශ්‍යයය.


    3. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමේ වන දේවල් නොවේය. මම සිතන පරිදි සාමාන්‍ය ජනතාවට වඩාත් ඵලදායි වන්නේ තමන්ගේ සහ තම සහෘදයන්ගේ සුරක්ෂිතභාවය පිලිබදව සමාජය විසින් ගනු ලබන තිරණයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි යම් සුරක්ෂිත භාවයක් ලැබේයැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එහි මුලික අර්ථයම වනුයේ පවතින පාලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහස් ගැනීම සදහා අවස්ථාවක් ලබා දුන්නද අයවැය මෙන්ම (එයද ජනතාවගේ අදහස් ලබා ගැනිමෙන් පසු සකස්කරන ලද්දකි) ජනතාවට වැඩකට නැති එකක් ඉදිරිපත්වනු ඇත. පවත්ව ව්‍යවස්ථාව වැඩකට ඇති එකක් බව මෙයින් නොකියමි.

    4. මම සිතන පරිදි අප ජනතාව සමග සංවාද කල යුත්තේ අප විසින් පවත්වාගෙන යනු ලබන සාමාජය සාමාන්‍ය මිනිසුන්ගේ සමාජ සුරක්ෂිතතාවය ඉහල නැංවෙන පරිදි වෙනස් කරවා ගැනීම සම්බන්ධවය.


    ReplyDelete
  4. 'ගුණවර්ධන' කියන නම වෙනස් කරන්න කාලේ ඇවිත්.

    ReplyDelete
  5. වසර දහයක් යනු කෙටි කාලයක් නොවේ , නමුත් ඉතා දිගු කාලයක්ද නොවේ , එහෙත් ලංකාවේ සති ජන මනස ක්‍රියා කරන් ආකාරය අනුව වසර දහයක් කල්පයක් පමණ වේයයි සිතිය . ඒ අනුව වසර දහයක් පුරාවට කාවැද්දු භීතිකාව නව ව්‍යවස්ථාව යන වචනය දුටු පමණින් පන ලැබීම අරුමයක් නොවේ . මේ තිබෙන්නේ ඉහගෙන කෑ වල බාගෙනවත් කෑමට නොහැකි වීම නිසා ඇතිවුණු වෛරය හැර අන් යමක් නොවේ .

    ReplyDelete
  6. මම හිතන්නේ සතර දිගන්තයෙන් මේ පටන් ගත සංවාදය හොඳයි කියල. අපි ජනතාව අතරට ගිහින් පැහැදිලි කරල දෙන්න ඕනේ ඇයි ව්‍යවස්ත්ව වෙනස් කිරීමට අවශ්‍ය. අලුතින් ඇතිවන අංගයන්ගෙන් ඇතිවන බලපෑම කුමක්ද කියල. නැත්නම් හැම පාරම වගේ කෑ ගහන ජාතිවාදීන් සුළුතරයකට යටත් වෙලා ඉන්න වෙනවා.

    ReplyDelete
  7. සතර දිගන්තය ගැන දැනගත්තෙ අජිත්ගේ ලිපියක් කියවන්න ගිහින් මෙපමණ දවසක් මග හැරී තිබීම ලොකු පසුතැවිල්ලකට හේතුවක් වුනා.

    ReplyDelete