Tuesday 26 February 2013

මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය

මෙය මගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිවීමය.
එක කලෙක (2009 දී) මම 'සංහිතාව' නමින් 'දිවයින ඉරිදා සංග්‍රහයට' තීරු ලිපි පෙළක් ලිවීමි. එය පාඨකයන් අතර තරමක් ජනප්‍රිය විය. ප්‍රේම් දිසානායක නම් සොඳුරු මිතුරා එය පොතක් වශයෙන්ද පල කළේය . ඒ අතර සංහිතාව නැවත ලියන්නැයි බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියහ. එවැනි ලිපි පෙළක් නැවත ලියනු පිණිස මෙම සටහන් පෙළ මෙසේ අරඹමි.
මගේ රැකියාව විසින් මට පනවා තිබෙන සීමාවන් හැර අදහස් ප්‍රකාශනයෙහි ලා මට වෙනත් කිසිදු සීමාවක් බලපාන්නේ නැත. මෙහි ලියවෙන සෑම අකුරකම වගකීම මම දරමි. එමෙන්ම ඔබගේ ප්‍රතිචාරයටද මෙහි ඉඩක් වෙන්කරමි.
සතර දිගන්තයේ ඉර හඳ යට ඇති සෑම දෙයක් ගැනම මෙහි ලියන්නට මම බලාපොරොත්තු නොවෙමි. දේශපාලනය සහ සංස්කෘතිය මෙම බ්ලොග් පත්‍රයේ විෂය ක්ෂේත්‍රයයි.

16 comments:

  1. Great..Good luck..let's meet here in future..

    ReplyDelete
  2. සුභ පැතුම්!!!

    Word Verification ඉවත් කරන්න. නැත්නම් කොමෙන්ට් කරන්න අමාරුයි.

    Settings > Posts and Comments > Show Word Verification > No

    ReplyDelete
  3. සංහිතාව කියන්නේ ඒ යුගයේ ආවේගවලින් එහා ගිය ප්‍රඥාවක් සමාජ ගත කළ ලිපි පෙලක්. ඒ පරිනත විචාර කළාව ලෙක් හව්ස් යුගයෙන් පසු බිදවැටුනා කියලා මම හිතනවා. ඒ බිදවැටීම තානාපති සේවය තෙක් ඇදීයාම නම් යම් අභාග්‍යක් පෙන්නුම් කරනවා.

    ReplyDelete
  4. සුභ පැතුම්!

    ReplyDelete
  5. පරණේ මගේ අතීත මිත්‍රයෙක් විදියට සුභ පතමි. බ්ලොග් ලොව මහවෙදනා වන මමත් උඹත් ගතකළ ඒ සොදුරුම කාලය හොදින් මතක ඇතැයි සිතමි. අපි වාද කරමු, සංවාද වලට එළබෙමු. බලමු... ඉදිරියට.....
    ඉක්මනින්ම ලියන්න මිත්‍රයා. මගේ බ්ලොග් රෝලටද දමා ගතිමි.

    ReplyDelete
  6. පරණෙ මේකෙ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. නැත්නම් කමෙන්ට් ලියන්න කම්මැලියි කට්ටිය.

    ReplyDelete
  7. සුබ පැතුම් , සිංහල බ්ලොග් පරිශ්‍රය සාරවත් කරන්නට කරන්නාවූ ඔබේ දායකත්වය වෙනුවෙන් තුති , ඔබේ මිත්‍රයා කීපරිදිම , මෙහි වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළා නම් ඔබත් සමඟ දොඩමළුවන්නට අපට ලැබෙන ඉඩ හසර වැඩි වෙනවා . ස්තුතියි

    ReplyDelete
  8. සුභ පැතුම්..දිගටම ලියන්න..අපි බලනවා...http://rajitha-sannasa.blogspot.com/

    ReplyDelete
  9. Good, we 'll meet there............................

    ReplyDelete
  10. ෆලෝවර් ගැජට් එකක් දාන්න

    ReplyDelete
  11. හිතේ එකක් තියාගෙන තව එකක් නම් ලියන්න එපා. මගේ හිත තාම කියනවා අපි රැව්ට්ටුවා කියලා. අපි විකුනාගෙන තවත් කනවා කියලා. සංහිතාව මගේ හිතේ ඔබ ගැන මැව්වේ ඒවගේ ආකල්පයක්.

    ReplyDelete
    Replies
    1. හිතවත් තිස්ස, ප්‍රතිචාරයට තුති. ලයනල් ලියනගමගේ අපගේ මිතුරෙක් . ඔහු කියන්නේ මම රත්නපුරයේ ජනතාව ඇත හැර දමා ගිය බවයි. මට කියන්න තිබෙන්නේ මට බාරදීල තිබෙන කටයුත්ත තව සුළු කලකින් අවසන් වුනාට පසු මම නැවතත් රත්නපුරයට එන බවයි. THis is a reply to thissa .

      DEAR lIONEL. Im coming back to Rthnapura soon so we could meet and talk. - BEST, Karu

      Delete
    2. හිතවත් තිස්ස, ප්‍රතිචාරයට තුති. ලයනල් ලියනගමගේ අපගේ මිතුරෙක් . ඔහු කියන්නේ මම රත්නපුරයේ ජනතාව ඇත හැර දමා ගිය බවයි. මට කියන්න තිබෙන්නේ මට බාරදීල තිබෙන කටයුත්ත තව සුළු කලකින් අවසන් වුනාට පසු මම නැවතත් රත්නපුරයට එන බවයි.
      Dear Lional. Im coming bak to Rathnapura soon so that we could meet and talk. Karu

      Delete
  12. සිංහල බ්ලොගයක් පටන්ගත්තාට සුභ පැතුම් ‍

    ReplyDelete