Thursday 26 June 2014

භක්තිය සහ යුක්තිය

බටහිර රටවල් කිසිදු ආගමක් බිහි කර නැත. බුද්ධාගම, හින්දු ආගම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, සික් ආගම ආදී ලෝකයේ අද දක්නට ඇති හැම ප්‍රධාන ආගමක්ම බිහි වී ඇත්තේ පෙරදිගය.

පෙරදිග රටවල් කිසිදු දේශපාලන දාර්ශනික මතවාදයක් නිර්මාණය කර නැත. ප්‍රජාතන්ත්‍රවාදය (?), ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, පැසිස්ට්වාදය, ජාතිකවාදය යනාදී මේ හැම දේශපාලන මතවාදයක්ම  බිහි වී ඇත්තේ බටහිර රටවලය.

බටහිර රටවල් ආගම පෙරදිගින් ණයට ගෙන ඇත. පෙරදිග රටවල් දේශපාලන දර්ශනය බටහිරින් ණයට ගෙන ඇත.

පෙරදිගින් ණයට ගත් ආගම වෙනුවෙන් කුරුස යුද්ධ ඇති කරගත් බටහිර රටවල් දැන් ආගමික යුද්ධ වලට පැටලෙන්නේ නැත. එසේම තමන්ම හදාගත් ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය සහ පැසිස්ට්වාදය වෙනුවෙන්ද පසුගිය සියවසේ ඇති තරම් මිනිසුන් මරා ගත් බටහිර රටවල් දේශපාලන මතවාද වෙනුවෙන් යුද්ධ කිරීමද අත හැර දමා ඇත.

එහෙත් පෙරදිග රටවල් තමන් හදා ගත් ආගම වෙනුවෙන්ද තමන් ණයට ගත් දේශපාලන මතවාද වෙනුවෙන්ද තවමත් මිනී මරා ගනිමින් සිටිති.

පෙරදිගට දැන් අවශ්‍ය වන්නේ මේ ආගමික යුධගින්න නිවාලිය හැකි ආගමකි. දේශපාලනයකි. මේ දේශපාලන යුධ ගින්න නිවාදැමිය හැකි දේශපාලනයකි. ආගමකි.


භක්තිය සහ යුක්තිය වෙනුවෙන් අලුත් අදහසක් පෙරදිගට අවශය වී තිබේ.

5 comments:

  1. අනිවාර්ය අවශ්‍යතාව එයයි. ඒත් මේ පවතින ක්‍රමය තුළ එය ඉටුවේද? මන්ද අපද මේ සමාජයේම ඉත්තන් වී ඇති බැවිනි.

    ReplyDelete
  2. ඇත්තම තමයි... මිනිස්කමේ දහම...

    ReplyDelete
  3. මා හදේ ගින්න නිවුණු දිනෙක
    නිසැකව ලියා දැන්විය හැක
    ඔබ පැතුම ඉටු වුණු වග
    නීතියේ මායිම් වැටි
    ඇද හිතු හිතූ හැටියට
    නොමඟ යැවු බිමක වණ
    සුවව ඇති බව
    මායිම් වෙනස් වූ කල
    නොවිය යුතු දේ සිදු වුණු වග
    ඉහළ වහලය සිදුරු
    පහළ බිම්, සාල වැනසූ බව
    බිය නොවූහ කිසිවෙක් කිසිවෙකුට
    රැහැන් හදා ගත් සියල්ලෝම
    පෙළන්නට වූහ අන් සැම
    ලිහිල් වීමෙන් ඉහළ තැන්
    පහළ තැන් වුව
    වැනසූහ වඩා පහළ තැන්
    මේ සියලු තැනින් නික්මුණු
    ගින්නෙන් දැවෙන මා හද
    නිවුණු දවසක ලියා දන්වමි ඔබට
    ඔබෙ පැතුම ඉටු වූ වග

    ReplyDelete
  4. කොතරම් හිත නිවන ආගමක් දේශපාලනයක් උනත් අපේ වගේ රටවල අසහනයෙන් ඉන්න අයට ඒක ගෝත්‍රවාදයක් කරගෙන රන්ඩු කර ගන්න එක සුලු දෙයක්...උදාහරනයක් ලෙස බුදු දහම ගරු කොට ගන්නවා යැයි කියන බොදුබල සේනා එයට නිදසුනක්...

    මට හිතෙනවා දියුණු රටවල මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා සංතෘප්ත වීම නිසා අසහනය දුරු වී සාමකාමි වී ඇති බව

    එක්කෝ අශාවන් සංතෘප්ත කරන් සාමකාමි වෙනවා...නැත්තං ආශාවන් ප්‍රහීන කරන් සමකාමි වෙනවා...

    ReplyDelete