Saturday 2 December 2017

නිර්මාල් රන්ජිත්ගේ ඓතිහාසික යටිහඬ

ඉතිහාසය හැදෑරීම යනු ඉතිහාස කරුවා හැදෑරීම යැයි කියවේ. මහාවංශය හැදෑරීමේදී අපට දික්සඳ පිරිවෙන් වැසි මහානාම හිමි හිමි ඇතුලු කතුවර පරපුර හැදෑරීම ඉතා ප්‍රයෝජනවත්ය. ඉතිහාස කරුවාට උඩු හඬක් මෙන්ම යටි හඩක්ද ඇත. අප යටි පෙළ යනුවෙන් එය නම් කරමු.
කලින් ලිපියේද  සදහන් කළ  ඉතිහාසඥ ඊ. එච්. කා මෙම යටි හඬ ගැන මෙසේ කියයි.
"ඔබ ඉතිහාස කෘතියක් කියවන විට හැම විටම කර්තෘගේ යටි හඬට කන් දෙන්න.
ඔබට කිසිත් නොඇසේ නම් එක්කෝ ඔබ හරිම බීරෙකි.
නැත්නම් ඔබගේ ඉතිහාසඥයා නීරස මොට්ටයෙකි."
නිර්මාල් රන්ජිත් ඉතිහාසඥයෙකි. ඉතිහාසවේදියෙකි. මෙි දිනවල ඔහු කරන ප්‍රකාශ වල උඩුහඩක් ඇත්තේම නැත. ඇත්තේ යටි හඩක් පමණි. 
හුදී ජනයා යටි හඬට ව්‍යංගාර්ථ වලට කන් දීමට තෝරා ගන්නේ කලා කරුවන් මිස ඉතිහාසඥයන් නොවේ. ඉතිහාසකරුවාට යටි හඬක්  අනිවාරයෙන්ම තිබුනද එය උඩුහඬක් ඇසුරින් බිහිවන්නකි.
එසේ නැතිව ඉතිහාසකරුවෙක් බිහි නොවේ.
කුමක් හෝ හේතුවක් නිසා නිර්මාල් සිය ශික්ෂණයෙන් උරුම වු උඩුහඬ අමතක කරමින් යටි හඬින් පමණක් කතා කරන්නට පටන් ගෙන ඇත.
මට නම් පෙනෙන්නේ මෙසේ කිරීමෙන් ඔහුගේ හඬට සවන් දීමට බීරෙකුවත් ඉතිරි නොවන බවය.
හිතවත් නිර්මාල් උඩුහඩටද තැනක් දෙන්න


3 comments:

  1. මට නම් පෙනෙන්නේ මෙසේ කිරීමෙන් ඔහුගේ හඬට සවන් දීමට බීරෙකුවත් ඉතිරි නොවන බවය.
    හිතවත් නිර්මාල් උඩුහඩටද තැනක් දෙන්න /////////

    දුන්නත් වැඩක් නැ දැන් ඇනගෙන ඉවරයි ඊළඟ චන්දෙට මාස 2යි
    පුලුවන්නම් ඔය මාස දෙකත් ඇති ගොඩයන්න කරලම පෙන්නපන් කැරුණේ නැතිනම් 2020 වෙනකොට 56 වගේ උඹලා හාන්සියි

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  3. I was wondering if you ever considered changing the layout of your website?
    Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of
    content so people could connect with it better. Youve
    got an awful lot of text for only having onee or two images.

    Mahbe yoou could space itt out better?

    ReplyDelete