Monday 1 April 2013

අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්

සතර දිගන්තයේ මේ ලියන සටහන් නිර්නාමික ඇතුළු සියලු ප්‍රතිචාරවලට විවෘතය. (මහජන අවකාශයකට නුසුදුසු  ප්‍රතිචාර පමණක් මම ඉවත් කරමි). බ්ලොග් ලියන විට මල් මෙන්ම ගල්ද බලාපොරොත්තු වන්න යයි මාතලන් මහතා ලියා ඒවා තිබිණි. එම නිසා ප්‍රතිචාර ගැන වෙනම ලිවීම තේරුමක් නැතිවුවද මේ ලිපි පෙළ ගැන අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක් කළ  යුතුව තිබේ.

මං පොර ජාතකය ?

මේ බ්ලොග් සටහන් ලියන්නේ පොරක් වීමටය, මං පොර ජාතකය දේශනා කිරීමටය වැනි අදහසක් කෙනෙක් වෙන තැනක කියා තිබෙනු දුටුවෙමි. මේ චෝදනාව බ්ලොග් පොත් පත්, ලිපි ලේඛන ලියන ඕනෑම කෙනෙකුට එල්ල කළ හැකි එකකි. කෙසේ වුවත් ඉතා සීමිත පාඨක පිරිසක් සිටින බ්ලොග් අවකාශයේ පොරක් වී මට නම් කරන්නට දෙයක් නැත.

තවත් අයෙක් කියන්නේ මේවා චන්ද බලාගෙන ලියන සටහන් බවය. මම මැතිවරණ දේශපාලනයේ නියැලුණු කෙනෙක්මි. එහෙත් මගේ චන්දදායකයන් වැඩි දෙනෙක් මේ ලිපි කියවන අය  නොවේ. ඔවුන් මගේ ලිපි කියෙව්වා නම් සමහර විට දුන්න චන්දයවත් නොලැබී යන්නට ඉඩ තිබිණි.

තව සමහරෙකුට ප්‍රශ්නය වී ඇත්තේ මගේ දේශපාලනය සහ රැකියාවය. එය මගේ තෝරාගැනීමය. අනෙක් අයටත් එසේ තෝරා ගැනීම ඇති බව පමණක් මතක් කිරීම ප්‍රමාණවත්ය.

 මා ලියන්නේ මගේ නමින් පෙනී සිටිමිනි. ආරූඪ නම් වලින් ලියන අය  කෙරෙහි මගේ විරුද්ධත්වයක් නැති අතර එය වැදගත් මාධ්‍ය සම්ප්‍රදායක් ලෙස එයට ගරු කරමි. නමුත් මගේ සම්ප්‍රදාය කෙලින්ම මගේ නමින් ලිවීමය. තමන්ගේ නමින් ලියන්නෙකුට බ්ලොග් අවකාශයේ ඇත්තේ අවාසිදායක කොන්දේසිය. විශේෂයෙන් මා වැනි චරිතයකට ඇති අවාසිය වැඩිය. මම ලංකාවේ රට කරවන ආණ්ඩු පක්ෂයට සම්බන්ධය. එහි නිලධාරී තන්ත්‍රයට  සම්බන්ධය. දැන් ඉතින් ආණ්ඩුවට එරෙහි  බ්ලොග් අවකාශයේ සිටින සියලු දෙනාටම ආණ්ඩුවට බැට  දෙන්නට ඕනා වූ විට මාව අල්ලා ගත හැකිය. එහෙත් මේ බ්ලොගයේ අරමුණ එවැනි දේශපාලන ගෝරි මඩුවක්  නිර්මාණය කිරීම නොවේ. මම හැම විටම මගේ දේශපාලන ස්ථාවරත්වය ප්‍රකාශ කරමින් ලියන අතර මා ගැන මටම ඇති විවේචනයද සටහන් කරමි.

තවත් සමහරු කියන්නේ මගේ ලිපි වල ඇත්තේ නම් ගම්  දමා  ගැසීම (Name Droping)  බවය. එයද සම්බන්ධ  වන්නේ අර පොර කතාවටමය.සමහර ලිපි සිදුවීම් ගැන ලියද්දී සමහර නම් ගම්  ගැන ලියන්නට සිදුවේ. එහෙත් පුළුවන් තරමින් නම් ගම් ඈඳා ගැනීම අඩු කරමින් ලිවීමට මම මහන්සි ගනිමි.

අත්තුක්කන්ශනය  පරවම්භනය

මේ ලිපි ලියන්නේ මා විසින් මාවම පුම්බගෙන (අත්තුක්කන්ශනය )  අන් අය හෙළා  දැකීමට (පරවම්භනය)  නොවේ. එබඳු බ්ලොග් අඩවි ඕනා තරම් තිබෙන බැවින් තවත් එකක් අවශ්‍ය නැත. මගේ ලිපි වල කිසියම්  උපහාසයක් ඇත්නම් ඒවා මම මා  කෙරෙහිම  එල්ල කරගත් ඒවාය.   සයිමන්ගේ 'යසලාලක තිස්ස' මෙන් මම වැඩියෙන්ම කැමති මටම හිනාවීමටය. සමහර විට බෙල්ල කැපෙන්නට පුළුවන. එහෙයින් මේ ලිපි පෙළෙහි කිසිවෙකුටත් එරෙහි මඩ අවලාද නැත. ඒවා ප්‍රචාරය කිරීමට ප්‍රතිචාර අවකාශය ලබාදීමටද නොහැකිය. මගේ දේශපාලන සතුරෙකුට වුවද අවලාද නැගීමට මෙම අඩවියට  ඉඩ නොදෙමි.

සමහර අය  මේ ලිපි ඒ ඒ අයගේ වෙබ් අඩවි වල උපුටා දක්වා ඇත.  එසේ කිරීමට ඔවුන්ට ඔවුන්ගේම අරමුණු ඇත. සමහර අය  මගේ දේශපාලන අදහස් වලට විරුද්ධ අයයි. කෙසේ වුවද මොන තේරුමින් පළ  කළත් මගේ බ්ලොග් අඩවියටත් එමගින් ප්‍රචාරය දී තිබෙන නිසා එම වෙබ් අඩවි වලට මම ස්තුති කරමි.

රාජ්‍යවාදියා

උදිත සහ අරුණි ශපීරෝ ඉතා වැදගත් ප්‍රතිචාර දෙකක් ඒවා තිබිණි. ඒ මම රාජ්‍යවාදියෙකි යනුවෙන් කළ  සඳහන ගැනය. මා රාජයවාදියෙකු වන්නේ රාජ්‍යයක් අනවශ්‍යය යයි කියන අරාජිකවාදයට එරෙහිව මිස ජන ජීවිතයේ සියලුම අංග රාජ්‍යයක් විසින් පාලනය කළ   යුතු යයි කියන අදහසින් නොවේ. හැම දෙයකටම රාජ්‍යය මැදිහත්වන සමාජයක් ජීවත්වීම තරම් කාලකන්නි කමක් තවත් නැත. මා රජ්‍යවාදියෙකු වන්නේ ඒ අරුතින් නොවේ.  රාජ්‍යයකට සම්බන්ධ නොවී සාමාජික මිනිසාට  තම මනුෂ්‍යත්වය උපරිම වශයෙන් පූර්ණ කරගත හැකි නොවේ. මා ඇරිස්ටෝටල්ගේ ගෝලයකු යයි කාව්යෝක්තියකින් කීවේ එබැවිනි. අරුණි ශපීරෝ කියා ඇත්තේ මා  ප්ලටෝගේ ගෝලයකු බවය. නූතන රාජ්‍යයේ ආගමික පදනම ගැන මෙහි ලියවෙන ලිපි පෙළෙහි එක අරමුණක් වන්නේද ප්ලේටෝනියානු ආදර්ශ  ඔස්සේ සමාජය මෙහෙය වීමට යාමේ විනාශ කාරීත්වය ගැන යමක් කීමටය. එහෙයින් මට ප්ලේටෝගේ ගෝලයකු වීමට වුවමනා නැතිය. කෙසේ වුවද මේ ප්‍රතිචාර මෙසේ ලැබුනේ අවශ්ය වන පූර්ව පැහැදිලිකිරීම් නොකළ නිසා බව මගේ හැගීමය.

ජාතිකවාදියා

එසේම මම ජාතිකවාදියෙකි යැයි පැවසුවෙමි. ජාතිවාදයද ජාතිකවාදයෙහි එක්  ස්වරූපයක් නිසා ඇතැම් අයට  මාව ජාතිවාදියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය. මම පෙනී සිටින්නේ පුරවැසි ජාතිකවාදයක් වෙනුවෙනි. එවැනි ජාතිකවාදයක් ඇත්තටම  තිබේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ  හැකිය. අපි ඉදිරියේදී ඒ ගැන සංවාද කරමු.

17 comments:

  1. This one should have posted in the beginning of the blog.

    ReplyDelete
  2. ඔන්න ඕක තමයි මේ අවකාශය ගැන අපි කාලෙක පටන් දන්නා තත්වය. ඇත්තෙන්ම මේ අවකාශය තුල මාධ්‍යවේදී නෝර්ම්ස් හෙවීමත් හරියට දෙරටක් අතර ඇවිලුණු දෙපාර්ශ්වයක් වග වන යුද්ධයකට යොදන නීති සම්මුති එක පාර්ශවයක් පමණක් වග වන ත්‍රස්තවාදී යුද්දෙට යොදනවා වගේ වැඩක්. බර ගානක් ඉඳීවි ඔබේ වැරදි ඔබ සම්ප්‍රදාය කඩන හැටි පෙන්නා දෙන්න. එහෙත් හතර වටේ අනිත් බ්ලොග් වල ඒ වගේම ඇනෝ කමෙන්ට් වලින් ඇවිත් කරන තුච්ච නින්දිත පහරදීම් වල සදාචාරය ගැන කාටවත් කතා කරන්න බැහැ.

    ඉතාම කෙටියෙන් කිව්වොත්, දිගින් දිගට ඔබේ පුද්ගලිකත්වයට ගහන එවුන් අතහරින්න. අරුණි ඇතුළු මූල ධර්ම මට්ටමින් ඔබ හා සංවාදයේ යෙදෙන අය ගැන නොවේ කිව්වේ. ඔය බ්ලොග් ලියන්නේ මම පොර වෙන්නය, නේම් ඩ්‍රොප් කරන්නය වගේ ටෝක් දෙන පිස්සන්. බ්ලොග් එකක් කොපමණ වෙහෙසුනත් මයිසේල්ෆ් එකක් තමා. හැබැයි ඒකෙන් මයි අග්ලි සෙල්ෆ් ගැන නොලියා මයි බ්‍රයිට් සෙල්ෆ් ගැන ලියන්නේ නම්, ඔබ මිනිසුන්ට හිතන්න යමක් ලබා දෙන කෙනෙක් වේවි. මේ බ්ලොග් එකේ ඔබ මෙතෙක් කලේ හිතන්න යමක් දීම පමණයි. එහිදී ඔබේ මතය ලියවීම ඔබට වලකන්න බැහැ. අපි හැමෝම ලියන්නේ තමන්ගේ මත. එක අතකට කවුරුහරි ලිව්ව මතවාදී ටෙක්ස්ට් බුක් එකකින් කොපි කරනවාට වඩා ඔබේම මතය ලිවීම කෙතරම් අගෙයිද?

    කතන්දර කාරයා මේ ප්‍රතිචාර සම්බන්ධයෙන් සැහෙන්න කරදර වින්ද කෙනෙක්. ඔහු දිගින් දිගටම සුභාවිත මාධ්‍ය සම්ප්‍රදායක් රකින්න හැදුවට ඔහුගේ බ්ලොග් එකේ ඔහු අතින් සුරැකෙන්නේ කානු කටේ අශුචි කන බල්ලෝ වගේ සෙට් එකක්. ඔය බ්ලොග් කරණයේ මාධ්‍ය සම්ප්‍රදාය ගැන කතන්දරගේ බ්ලොගය හොඳ අධ්‍යනයක්.

    මගේ මතය නම් ඔබට කියන්න අවශ්‍ය දේ කියනවා විනා මේ වගේ බිරුම් වලින් ආපහු හැරෙන්න එපා. ඔබේ මතවාදී ස්ථාවරය ප්‍රශ්න කරන්නන් ඔබ ආපසු හරවන්නන් නොවේ, ඉස්සරහට ගෙන යන්නන්. ඒ අයත් එක්ක දිගටම සංවාද කරන්න එහෙත් කකුලෙන් අදින පිස්සන් අතහැර දමන්න.

    ReplyDelete
  3. අපේ මිනිස්සු ගනුදෙනු කරන්නේ ඔලුවෙන් හදාගත්තු කණ්ඩායම් එක්ක මිස තනි පුද්ගලයින් එක්ක නොවෙයි. මොකක් හරි කොනක් හොයනවා 'මූ මොන කණ්ඩායමේද?' කියලා බලන්න. එකට එකතු වෙන මිනිස්සු අතරත් කොච්චර වෙනස්කම් තියෙනවද? කොහොම වුනත් ඕවා ගණන් ගන්න කාරනා නම් නොවෙයි. හැබැයි ඉතින් සීමාව පනිනවා නම් මකනවා හැර වෙන විකල්පයක් නැහැ.

    ReplyDelete
  4. හැම දෙයකටම රාජ්‍යය මැදිහත්වන සමාජයක ජීවත්වීම තරම් කාලකන්නි කමක් තවත් නැත.

    අපි දැන් අත්විඳින තත්වය නිවැරදිව විග්‍රහ කරලා.

    ReplyDelete
    Replies
    1. //අපි දැන් අත්විඳින තත්වය නිවැරදිව විග්‍රහ කරලා.//

      :D
      අජිත් මහත්තයලගේ සමාජ වාදි විසඳුමේ රාජ්‍ය මැදිහත් වීම මීඩ අඩුයි කියලද කියන්නේ ?

      Delete
    2. පවතින සමාජවාදය තුල ඇති අඩුපාඩු දකින දුර්ලභ සමාජවාදියෙක් අජිත්. මම ඒක අගය කරනවා. එහෙත් අද වෙනකම් එතුමා දකින සමාජවාදී යහපත් ක්‍රමය ගැන කතා කර නැහැ. නලින් ද සිල්වා වගේ ටහ්ත්වයක්. ග්‍රී යු බ ක්‍රි සිස්ටම් කියා එයා කියන වර්තමාන ලෝක තත්වය තුල අඩුපාඩු එයා පෙන්නලා තියෙනවා. හැබැයි එයාගේ දේශීය වූ මාර මෙව්වෙක අද වෙනකම් දීලා නැහැ. අජිත් කියන "නව්‍ය සමාජවාදී චින්තනය" වගේ එයත් "ජාතික චින්තනය" කියලා වහපු එන්විලොප් එකක් පමණයි දෙන්නේ.

      අජිත් ඒ වගේ සංවාදයක් ගොඩ නගන එක ඔබට බාරයි.

      Delete
  5. ඔබේ බ්ලොග් අඩවිය තියෙන්නේ ඔබේ මතය ප්‍රකාශ කරන්න , තවත් කෙනෙක් තමන්ගේ මතය ඒ ඒ බ්ලොග් අඩවි වල කියයි . ඒවා අතර ගැටුම් , ඌණ පූර්ණ අරව මේවා ඔක්කොම තියනවා .නිදහස් පුරවැසි මාධ්‍යක් වෙච්ච බ්ලොග් වල කුණු හරුප සඟරාවක ඉඳන් ශාස්ත්‍රිය නිබන්ධනයක් දක්වා විවිධ මට්ටම් වල දේ ලියවෙන්න පුලුවන් . මේ පරාසය ඇතුලත ඔබත් , ඔබව කෙලින්ම විවේචනය කරපු බ්ලොග් කරුවත් ඉන්නේ එකම තැනක , මේක කියවන කමෙන්ට් කරන අයත් එතනම තමයි . ඒ නිසා මතවාද වලට නිදහසේ ගැටෙන්න ඉඩ හරිමු .

    ReplyDelete
  6. අපි මතවාද වලට ඉඩ දෙමු පරණේ. ඔබේ ළිපියේ අඩංගු දෑ මා ඇතුළු කීප දෙනෙකු විසින්ම සනාත කර, එම අඩවියේ කොමෙන්ට් පලකළා. ඒ නිසා ඒ ගැන කළබල විය යුතු නෑ. එහෙත් පැරාගේ අඩවියේ පළවන කොමෙන්ට්ස් ගැන නම් කළකිරීමක් තියෙනවා. ගෝලීය වශයෙන් බැලුවත් අන්තර්ජාලය වැඩියෙන්ම භාවිතා කරන්නේ කුණුහබ්බ ප්‍රචාරණයට හා රසවිඳීමට. ඒ නිසා එක අතකින් ඒ ගැන කළබල විය යුතු නෑ කියාත් සිතෙනවා. "කවුරුත් කැමතියි පොරක් වෙන්න". එහෙම නැතෙයි කියනවනම් ඒක තමයි ළොකුම බොරුව. නමුත් අත්‍යාවශ්‍ය කාරනය නම්, තම මතය වෙනුවෙන් පෙනි සිටීම හා එය නිර්භීතව ප්‍රකාෂ කිරීමයි. මා ගම්ලතුන් අගය කරන්නේත් ඒ හේතුව නිසාමයි. ඔබේ රසිකයින් අඩු යැයි සිතා අවතක්සේරුවකට යන්න එපා. කොමෙන්ට් පල නොකරන බොහෝ දෙනෙක් දැන් බ්ලොග් අඩවි කියවනවා. මා ඔබට අභියෝග කරනවා, ආරම්භයට වඩා ඔබ ලුහුබඳින පිරිස අද ඉතා වැඩි බව. කරුණාකර මා කියන්නේ බොරු නම් බ්ලොගර් මෙනුවේ "Status" බලා ඒ බව වටහා ගන්න.

    ReplyDelete
  7. පරණේ,
    මේ කතා කරන්නෙ අවු 20 විතර එකට හිටිය මිතුරෙක් වශයෙන්. ඔබ පොරක් තමයි. හැබැයි මම ඔබගේ සමහර අදහස් පිළිගන්නෙ නැහැ. ඒ කාරණය අපේ අර එතරම් පැරණි මිත්‍රත්වයට බාධාවක් වුනේ නැහැ තාම. උබ මට උබ මේ රටේ ජනාධිපති වුවත් අපි එකට විප්ලව කළ පරණයම යි.

    බ්ලොග් කියන්නේ තත්‍ය සමාජයේ ම පැතිකඩක්, ඒක ඉන්න කුඩ්ඩගේ ඉඳලා පී. එච්. ඩී කාරයට යනකන්ම කට්ටිය මේකෙත් ඉන්නවා. ඒ නිසා මේවා ගැන එතරම් හිතන්න එපා. මම දැන් දෑවුරුද්දකට වැඩිය ලියනවා. ඒ එක්කම අවුරුදු තුන හතරක් තිස්සෙ මේක කියවනවා.

    ඕවා ඔහොම තමයි මචං. මතකනේ අපි මුහුණ දුන්නෙ මේවට ද???

    ReplyDelete
  8. ඇරඹූ ගමන දිගටම යමු.

    ReplyDelete
  9. බල්ලෝ බුරති. තවලම ඉදිරියටම ඇදෙයි.

    කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් කියන එක කවද හරි මිනිස්සු ඉගෙන ගනීවි.

    මා ඔබට ගරු කරන්නේ ලේඛකයකු වශයෙන් මිස දේශපාලකයකු වශයෙන් නොවේ. ඔබේ ලිපි වලට මා කැමතිය. එහෙත් මා ඔබට ඡන්දය දෙන්නේ නැත. (පාර්ලිමේන්තුවට යාමට ඡන්දෙ දෙන්නැහැ. සාහිත්‍ය මණ්ඩලයක නායකත්වයට ඉල්ලුවොත් දෙනව). මෙසේ කියන්නේ ඔබට තේරුම් ගැනීමට නොව කියවන අයට තේරුම් ගැනීමටය.

    තවත් කාරණයක්. පසුගිය මැතිවරණයේදී කළගුණ සැළකීමට කියා කවුරුන් හෝ ඡන්දය දී ඇත්නම් ඒ ඡන්දදායකයා මෝඩයෙකි. ඡන්දය දෙන්නේ අතීතයේදී කළ දේ සම්බන්ධයෙන් නොව අනාගතයේදී කරන දේ සම්බන්ධයෙනි.

    ReplyDelete
  10. මේ දේශපාලනයේ යෙදෙන/යෙදුන අයෙකුගේ බ්ලොගයක්ද? මං හිතුවේ සාහිත්‍යය විෂයක් ලෙස උගත් අයෙකුගේ බ්ලොග් එකක් කියායි.

    ReplyDelete
  11. දේශපාලන මත පැත්තකට දැම්මම නම් මේ කරුණු එක්ක එකඟයි..
    කියන්න නම් දේවල් තියෙනවා , ඒත් ඕනේ නැහැ..මොකද ඕව කතා
    කරලා වැඩක් නැහැ..

    මටත් කියන්න තියෙන්නේ මොබයිල් මෑන් කිව්ව දේම තමයි..
    බල්ලෝ බුරා නහිති , තවලම ඉදිරියටම යති ..

    ReplyDelete
  12. සොයුර,
    තමන්ගේ ප්‍රකාශනයෙන්
    සමාජයට අවැඩක් සිදු නොවේ නම්
    බිය නොවී ලියන්න...නොනැවතී ලියන්න
    සමාජ සාධාරණය වෙනුවෙන්
    නව මාවත් සොයමින්
    හිවළුන් සමග ගැටෙමින්
    ...නොනැවතී ලියන්න

    නිරන්තරයෙන්
    ඔබේ මත සංවාදයට ලක් කරන්න
    හිවළුන්, කටුස්සන්, කාක්කන්
    සතරදිගන්තයේ පිනුම් ගැසීමට එවී..

    නමුත්......නොනැවතී ලියන්න

    තම මතයෙන් සමාජ විරෝධී පෙළ ගැසුම් අතිවනදා
    නවතින්න ..මදකට...
    යලි සිතන්න .........

    ඔබේ මත සංවාදයට ලක් කරන්න
    යලි සිතන්න .........

    ඔබ නිවැරදිද? 'මමත් හිවලෙක් වෙලාද?'
    නැතිනම්, තවමත් ප්‍රදීපාගාරයේ දැල්වෙන පහන්සිලද?


    ReplyDelete