ලියන්නට සැලසුම් කළ 'සුදු රෙදි ලිපිය' ඉදිරිපත් කරන්නට වෙන්නේ නැත. මට ඉතා පුද්ගලික සටහනක් ලියන්නට සිදු වී තිබේ. මෙවැනි සටහනක්වත් නොලියන්නේ නම් මා ඉතා ගුණමකුවකු වනු ඇත. ශාස්ත්‍රීය වසලයෙකු වනු ඇත.
ඔහු මිය ගොසිනි. අද මහ සිකුරාදා නිවාඩු දිනයේ ලංකාවේ ප්‍රවෘත්ති සොයමින් වෙබ් අඩවි පීරමින් සිටිද්දී මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොස් බව ත්‍රිමාණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනු දුටුවෙමි.
ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට්ටෙක්මි. යම් හෙයකින් ඔහු මළවුන්ගෙන් නැගිට මේ ලිපිය කියවුවහොත් මෙහි තිබෙන දහසකුත් එකක් ව්‍යාකරණ අක්ෂර වින්‍යාස වැරදි ගැන මහා ගෝරනාඩුවක් නගා 'හඩු බසින් ලියන්නේ' යයි චෝදනාකරනු ඇත. .
අපි දේශපාලන වශයෙන් දෙමගක ගියෙමු. දේශපාලනයේදී අපි එකිනෙකා කිසිවිටෙකත් පෑහුණේ නැත. ඔහු මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකි. මම ජාතිකවාදියෙක්මි. ඔහු "දෙමළ ජාතියේ ස්වයං තීරණ අයිතිය" නම් ප්‍රවාදය පිළිගනිමින් ශ්‍රී ලංකාව ඇතුළත ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට ජීවිත කාලය පුරා පක්ෂව සිටියේය. මම එම අදහසට ජීවිත කාලය පුරා විරුද්ධව සිටින්නේක්මි. සිංහල ජාතිකවාදීන්ට ගම්ලත්ව පෙනුනේ ''දෙමළ ජාතිවාදයට'' උඩ ගෙඩි දුන් තැනැත්තෙකු ලෙසය. ගම්ලත්ට මාද ඇතුළු ජාතිකවාදීන් පෙනුනේ 'වර්ගවාදීන්' ලෙසය. මෙසේ තිබියදීත් ගම්ලත් අප කිසිවෙකුටවත් පහසුවෙන් මග හැර යා නොහැකි චරිතයක් විය.
ගම්ලත් අපට නිල වශයෙන් ඉගැන්වූවේ නැත. අප කොළඹ සරසවියේ ඉගෙන ගනිමින් සිටියදී ඔහු සිටියේ රුහුණු සරසවියේය. එහෙත් ඔහු ලියූ අති විශාල පොත් පත් ලිපි සම්භාරය ඇසුරින් කිහිපයක් විෂය නිර්දේශිත පාඨ ග්‍රන්ථ ලෙස අපි පාඩම් කළෙමු. ඔහුගේ රසවාද විවරණය, කව් සිළුමිණි විනිස අපගේ අත් පොත් විය. ඔහු ඉතා රමණීය භාෂාවකින් ලියුවේය. කුමාරතුංග මුනිදාස, ජේ. බී. දිසානායක හැරුණු විට සිංහල භාෂාව කෙරෙහි මගේ ආදරය දල්වාලූ අනෙක් තැනැත්තා වූයේ මෙම ඊනියා "දෙමළ ජාතිවාදියාය". ඔහු සිංහල භාෂා සාහිත්යයේ අභිවෘධියට කළ මෙහෙය සුළු පටු වූවක් නොවේ. ඔහු අලුත් වදන් තැනුවේය, ශබ්ද කෝෂ නිර්මාණය කළේය. ඉතා වටිනා විදේශ කෘතීන් සිංහලයට පරිවර්තනය කළේය. 'ලුඩ්වික් පොයර්බාහ් : සම්භාවය ජර්මන් දර්ශනවාදයේ අවසානය' නම් මාක්ස්වාදී කෘතියද ඔහුගේ එම පරිවර්තන අතර විය. පැරණි සිංහල පොත පතට විවරණ සැපයුවේය. සිංහල සාහිත්ය විචාරයේ එක මතවාදී ධාරාවක් පෝෂණය කළේය. සිංහල භාෂාව කෙලෙසන්නේ යයි ඔහු නිගමනය කළ සිද්ධීන් මුණ ගැසෙන විට ඔහු නයෙකු සේ කිපුනේය. තම ලිපි ලේඛන සහ මුවග වදන් ඇසුරින් ඒවාට පහර දුන්නේය. ඔහු දිවයිනට ලියූ සුබස් මිණි ආර , ඔහු සංදේශයට ඉදිරිපත් කළ ගී මිණි ආර වැඩසටහන මග හරින්නේ නොමැතිව කියවීමේ ඇසීමේ පුරුද්දක් අපට තිබිණි. කොළඹ ඩීන්ස් පාරේ තිස්ස බාලසූරිය කේන්ද්‍රයේ නිර්මාණ සංවාද කුලකය සංවිධානය කළ සම්මන්ත්‍රණ වලදී සහ වෙනත් තැන් වලදී ඔහු කළ දේශන වලට සවන් දීමට අපි ගියෙමු. සමහර විට අපි ඔහු සමග මතවාදීව ගැටුනෙමු.
ගම්ලත් සමග මතවාදී ආරවුල් ඇති කර නොගත් අයකු සොයා ගැනීම දුෂ්කරය. මා ඔහුගේ දේශපාලනය සමග එකඟ නොවූවා සේම ඔහුගේ සමහර සාහිත්‍ය විචාර මතවාද සමගද එකට සිටියේ නැත. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සහ ඔහු අතර ඇති වූ විවාදයෙදී මා සිටියේ පියසීලි විජේගුණසිංගේ පාර්ශවයට තල්ලුව දෙමිනි. ඔහු පියසීලිට එරෙහිව ලියූ සමහර සාහිත්‍ය විචාර ලිපි ගැන අදටත් මගේ කිසිදු කැමැත්තක් නැත. එහෙත් අපගේ මතවාදී ගැටුම් ඒවාට පමණක් සීමා විය. මා සම්බන්ධයෙන් නම් ඔහු ඒ කිසිවක් පුද්ගලිකව භාරගත් කෙනෙකු නොවීය. මගදී මුණ ගැසුණු විට සිනහ මුසු මුහුණින් කතා කර විහිළු තහළුවක් කරන්නටද අමතක නොකළේය.
රුහුණු සරසවියට සහකාර කථිකාචාර්යවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් මගේ මතකයේ හැටිය 1996 වර්ෂයේ දිනයක මමත් ලියනගේ අමරකීර්තිත් රුහුණට ගියෙමු. මට විශ්ව විද්‍යාලයට බැදෙන්නට කිසිම වුවමනාවක් නොවිණි. මම ගියේ අමරෙගේ තනියටය. එම තනතුර සඳහා උපරිම සුදුසුකම් තිබුනේද අමරෙටය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු
"මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින් විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය.
එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි.
"සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට. මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'
"විනෝදෙට! මහා පුදුම කතාවක් නේ මේක' ගම්ලත් කියයි.
"ඔව් සර් මම අවේ මගේ යාළුවගේ උදව්වට. නිකම් ඇප්ලිකේෂන් දැම්ම නිසා ආවා."
"තමුසෙත් හරි හාදයෙක් තමයි. එහෙනම් අපි වෙන මොනවා හරි කතා කරමු ආපු එකේ. කියමින් විනාඩි පහක් දහයක් මා සමග කොළඹ තිබෙන සාහිත්‍ය කලා දේශපාලන ඔප දූප ගැන කතා කළේය. මුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයම මා නිසා එකම විහිළුවක් බවට පත් විය.
"හොඳයි එහෙනම් රස්සාවත් එපානම් යන්න පුළුවන්"'. අවසානයේදී ඔහු විහිළුවෙන්ම පැවසීය. මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
අමරෙටද එම තනතුර නොලැබිණි. ඒ ඔහුගේ හොඳටය. එහෙත් ඔහු කොහේ හෝ විශ්ව විද්‍යාලයක සිටිය යුතු චරිතයක් බව ගම්ලත් එහිදී ඔහුට පැවසු බව අමරේ මා සමග ආපසු එන විටදී පැවසීය.
ඔහු සිළුමිණ පත්‍රයේ ශාස්ත්රීය සංග්‍රහයට විවාදාත්මක ලිපි මාලාවක් ලියමින් සිටින අවධියේ මට ලේක් හවූසියේ කර්තෘ මණ්ඩල ප්‍රධානියකු ලෙස වැඩ භාර ගන්නට සිදුවිය. ඔහු මහාචාර්ය ජේ. බී දිසානායක සමග 'කව් ලැකියද ලෙව් ලැකියද" නම් භාෂා ශාස්ත්‍රීය වාදයකට කරුණාරත්න අමරසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුද එකතු කරගනිමින් පැටලී සිටියේය. ගම්ලත් ලියූ මෙම ලිපි පෙළ නොරිස්සූ එක් ප්‍රබල පුද්ගලයෙක් මා ලවා කතුවරයාට බලපෑම් කොට එම ලිපි පෙළ නවත්වන්නට උත්සාහ ගත්තේය. ඒ තැනැත්තා කතා කළේ වැරදි පුද්ගලයාටය. එම ලිපි පෙළ කිසිම බධාවකින් තොරව තමන් කැමති ආකාරයකට ශාස්ත්‍රීය සංග්‍රහයෙහි පල කරගෙන යන්නයි මම එකල සිළුමිණ කතුවරයාව සිටි තිලකරත්න කුරුවිට බන්ඩාර මහතාට උපදෙස් දුනිමි.ගම්ලත්ගේ මතයට විරුද්ධ ඕනෑම කෙනෙකුට ප්‍රති උත්තර ලිවීමේ ඉඩක් පමණක් වෙන්කර දෙන්නයි මම තව දුරටත් සිළුමිණ කතුවරය්ගෙන් ඉල්ලා සිටියෙමි. මා දන්නා පමණින් මහාචාර්ය ජේ බී හැරෙන්නට වෙන කිසිවෙක් ඒවාට විරුද්ධව බරපතල යමක් ලියන්නට ඉදිරිපත්වූයේ නැත.
ඔහු ඉතා දැවැන්ත සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කර එය මුද්‍රණය කරගන්නට ක්‍රමයක් නොමැතිව ලතවෙමින් සිටියේය. ඒ කාලයේ ඔහු මා සොයා පැමිණියේය. ඔහු මා ළගට එවන්නට ඇත්තේ කුරුවිට බණ්ඩාර හෝ කරුණාරත්න අමරසිංහ විය යුතුය.
''පරනේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ. වියදම ටිකක් සැර තමයි. බැරිද මේකට රජය මැදිහත්වෙලා මොකවත් කරන්න .."' ඔහු මගෙන් ඉල්ලා සිටියේය .ඔහුගේ එම ශබ්ද කෝෂය ගැන ඒ වන විට මම අසා තිබුනෙමි.
"හරි සර් මම වැඩේ බාරගන්නම්" කියමින් ගම්ලත්ව පිටත් කළ මම සූදානම් වූවේ ලේක් හවුසියේ වාණිජ මුද්‍රණ අංශයේ ව්‍යාපෘතියක් ලෙස එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමටය. එයට එකලද ලක්ෂ විසි පහක පමණ ආරම්භක පිරිවැයක් දැරීමට සිදුව තිබිණි. ගම්ලත් ඉදිරිපත් කර තිබූ කොන්දේසි කිහිපයක්ද තිබිණි. සංස්ථාවේ සභාපතිව සිටි ජනදාස පීරිස් මහතාවද එකඟ කරවාගෙන මේ සියල්ලට අනුව අනුමැතිය ලබා ගැනීම සඳහා සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් සැදු මම බරපතල වැඩක් බැවින් ජනමාධය අමතිවරයගේද අවසරය ඉල්ලුවෙමි.
"හොඳ වැඩක් වගේ... කරන්න පුළුවන් නම් කරන්න. අපේ විරුද්ධත්වයක් නැහැ". ඇමතිවරයා කීවේය.
බාධාව ආවේ වැඩේ පටන්ගනිද්දීමය. ගම්ලත්ගේ කොන්දේසි සහ රජයේ කාර්ය පටිපාටිය එකට ගැලපුනේ නැත. විවධ මූල්‍ය රෙගුලාසි ගම්ලත්ගේ කොන්දේසි වලට එරෙහිවද ගම්ලත්ගේ සමහර කොන්දේසි සමහර වැදගත් රජය මූල්‍ය නීති රීති වලටද එරෙහිව මතු වන්නට විය. අවසානයේ වැඩේ නොකෙරන තැනට පත්විය.
"සර් අර පොත ගහන්න වෙන්නේ නැහැ" මම ගම්ලත්ට කරුණු පැහැදිලි කලෙමි .
"මම ඕක හිතුව.. උඹ මහලොකුවට ජාතිය ගැන කතා කලාට ජාතියට මෙච්චර වටිනා වැඩක් වත් කර ගන්න බැහැනේ.. කියමින් මහා හඩින් සිනාසුනු ඔහු "හොඳයි මම වෙන අතක් බලාගන්නම්" යි පැවසුවේය .
ඊට වසර කිහිපයකට ඔහු එම මහා ශබ්ද කෝෂය ප්‍රකාශයට පත් කරවාගෙන තිබුණි. මට කළහැකි එකම කටයුත්ත වූයේ එය මිලදී ගැනීම පමණි. එහි පිටපතක් පසුගිය වසරේ ටොරොන්ටෝවේ පැවතී 'බසක වරුණ' සිංහල භාෂා දින වැඩසටහනේ ප්‍රදර්ශනයට තැබීමට අපි කටයුතු කළෙමු. සිංහල භාෂා සාහිත්යයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු හික්කඩුවේ සුමංගල, බටුවන්තුඩාවේ දේවරක්ඛිත, කුමාරතුංග මුනිදාස,රත්මලානේ ධර්මාරාම වැලිවිටියේ සෝරත, පියදාස සිරිසේන, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය හෙට්ටිආරච්චි,ගුණපාල මලලසේකර, ඩී. බී. ධනපාල, ආදී හිටපු ගිහි පැවිදි පඬිවරුන් රැසකගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍ර එම භාෂා දින වැඩ සටහන් පැවතී ශාලාවේ ප්‍රදර්ශනයට තැබූ එහි සංවිධායකයකු වූ බන්දුල කුරුවිට ආරච්චි මහතා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ රුව රැගත් අලේඛ්‍ය චිත්‍රයක්ද එතන තැබුවේ 'මේකත් මෙතන තිබෙන්නට අතවශ්‍යම පින්තූරයක්" යයි කියමිනි.
ගම්ලත් ලඟින් ඇසුරු කළ ඔහු සමග විවිධ තැන් වලදී එකඟ වුන විවිධ තැන් වලදී විරුද්ධ වුනු සියලු දෙනාටම කියන්නට මෙවැනි කතා බොහෝ තිබෙන බව මම දනිමි. ඔහු අප සැමගේ ජීවිත හරහා ඔහුටම ආවේනික ගමනක නියැලී සිටිමින් එම ගමන දැන් අවසන් කර ඇත.
ගුරුතුමනි ඔබට මගේ ආචාරය !
Saturday, 30 March 2013
Friday, 29 March 2013
මොන රෙද්දක්ද මේ........ ?
මේ අවුරුදු කාලයයි. අපේ රටේ ජනතාව රෙදි සාප්පු ළඟ පොදිගැසී සිටිනවාට සැකයක් නැත. රෙදි ගන්න
පොදි ගැසී සිටින සෙනග කන්දරාව දෙස බලන කොට පෙනෙන්නේ ශතවර්ෂ ගණනාවක් නිරවස්ත්රව හිටිය වගේ
ජනතාව විශාල රෙදි පිපාසයකින් පෙලෙන බවයි. මේකට හේතුවක් තිබේ. මෙසේ පොර කමින් රෙදි
ගන්නේ තමන්ට ඇඳ ගන්නටත් වඩා අනුන්ට තෑගී දෙන්නටය.තෑගී දෙන විධිය සංස්කෘතියෙන්
සංස්කෘතිය වෙනස්ය.සමහරු කෑම. සමහරු ආබරණ, සමහරු මුදල්. සමහරු මූර්ති කැටයම්.සමහරු
සමරු නිර්මාණ. අපේ සංස්කෘතියේ ප්‍රධානම තෑගි භාණ්ඩය රෙද්දය! අවශේෂ ඒවා නැතිවම නොවේ.
එත් රෙද්ද ප්‍රධාන තෑග්ගය.
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි
උඹට රේන්ද රෙදීයි පට කම්බා අඳින්න දෙන්නයි...
මම ගාලු දුවන්නයි .. කොළඹ දුවන්නයි
විවාහ යෝජනාව ගේන්නේ එහෙමය.
අවුරුද්දට කොළඹ ඉඳන් ගමේ යනකොට අම්මට චීත්තයක්. තාත්තට කමිසයක්. උඩහ ගෙදර මාමට සරමක්. මස්සිනාට... චූටි පුතාට. සුදු අක්කට.. කළු මල්ලිට.. ආච්චිට ...... කොපමණ රෙදි කන්දරාවක්ද? රැකියාවක් කර ලබන පළමු වැටුපෙන් ගන්නෙත් තෑගී දීමට රෙදිය. "මම උන්ගෙන් රෙදි කෑල්ලක දෙයක් අරගෙන නැහැ". එහෙම කියනවා අප අසා ඇත. හාමුදුරුවන්ට වැඩිපුරම ලැබෙන්නෙත් රෙදිමය. සිවුරු, තුවා,ඇඳ ඇතිරිලි. පන්සලට වුවමනා කරන වෙන මොනවා තිබුනත් අපි කැමති පන්සල කහපාට රෙදි වලින් පුරවන්නටය. මිනිහෙක් මරුණහම ඒ මිනිය ඉදිරියේ තබාගෙනම අපි පන්සලට දෙන්නේ පාංශකූල රෙද්දය.
රෙදි මිනිසාගේ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. කාටත් එය අවශ්‍යය. එහෙත් අපට එය මෙතරම් විශේෂ වැදගත් කමක් සහිත භාණ්ඩයක් වී තිබෙන්නේ ඇයි? මේ සංස්කෘතික පුරුද්දට එතිහාසික හේතුවක් තිබෙන බව මට සිතේ. මට සිතෙන හැටිය. වැරදි වන්නට පුළුවන.
හේතුව අපි රෙද්දෙන් ස්වයන්පොෂිත වන තරමට රෙදි පිලි නිෂ්පාදනය කළ ජාතියක් නොවීමය. විජය ගොඩ බසින විට කුවේණි කපු කටිමින් හිටිය කිව්වට රටේ ප්‍රධාන කර්මාන්තය වුනේ කුඹුරු ගොවිතැනය. අපි ඉතිහාසය පුරා අමුඩ ගසාගෙන කුඹුරු කෙටූ ජාතියක දරුවන්ය. ( ඔලොක්කුවට නොවෙයි. සීරියස්!) ඉන්දියාවේ පකිස්ථානයේ වගේ ලොකු කපු වගාවක් චීනේ වගේ පටපිළි කර්මාන්තයක් අපට තිබුනේ නැත.හැම රටකම හැම කර්මාන්තයක්ම තිබිය යුතුය කියල නීතියක් නැත. අපි මහා පරිමාණ වැව් තනා කෙත් බිම් අස්වද්දුවෙමු. එහෙත් අපි ලොකුවට කපු වැව්වේ නැත. මීට දශක තුන හරකට පෙර හම්බන්තොට සහ මන්නාරමේ මහා පරිමාණයෙන් කපු වවන්නට වෙර දැරුවද ඒවා එතරම් යාදුන්නේ නැත. රෙදිපිළි ඈත අතීතයේ සිටම අප රටට අත්‍යවශ්‍ය එහෙත් හිග භාන්ඩයක් විය. අපට රෙදි ලැබුනේ ඉන්දියාවෙන්ය. චීනෙන්ය. ඒවා රටට අරන් ආවේ මුස්ලිම් සහ චීන වෙළෙන්දන්ය. ඔවුන්ගෙන් රෙදි අරගෙන අපි ඔවුන්ට ලෝකයේ තිබෙන ඉස්තරම්ම කුරුඳු ,ගම්මිරිස් , කරාබුනැටි,පුවක්, කරුන්කා ආදී කුළුබඩු දුන්නෙමු.
මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් විතරය. වැරදි වන්නට පුළුවන.
මොකක්ද අපේ ජාතික ඇඳුම? අපි අද අඳින සරම සාරිය දකුණු ඉන්දියාවෙන්.ඔසරිය කේරලයෙන්.කලිසම යුරෝපයෙන්, ෂල්වාර් කමීස් උතුරු ඉන්දියාවෙන්. ඒවාටත් ලොකු ඉතිහාසයක් නැත. එසේ නම් රෙද්ද සහ හැට්ටය!. එයට නම් තරමක දිගු ඉතිහාසයක් තිබෙන බව පෙනේ. එහෙත් දැන් කිසිම් ස්ත්‍රියක් රෙද්ද සහ හැට්ටය ජාතික ඇඳුමක් ලෙස අඳින බවක් නොපෙනේ. රෙදි හැට්ට ඇඳගත් කෙල්ලන් අවුරුද්දට උන්චිල්ල පදින්නේ රූපවාහිනී නාලිකා වල පමණය. අපේ ගමේ කෙල්ලන් නම් අඳින්නේ කලිසන්ය. මේවා මෙහෙම ලියන්නේ රට පහත් කිරීමට නොව රටට ඇති ආදරය නිසාමය. මගේ කලිසම ඇමෙරිකාවේ.... කලිසමේ ඉන පටිය තුර්කියේ...... සපත්තු දෙක ජර්මනියේ, කමිසය ඉතාලියේ...... කමිසයට යටින් අඳින බැනියම ඉන්දියාවේ.. එත් මගේ හදවත ශ්‍රී ලංකාවේ!
මතකනේ.... ශ්‍රී 420 චිත්‍රපටයේ රාජ් කපූර් කියන සින්දුව..
මේර ජුටහේ ජපානී (මගේ සපත්තුව ජපානයේය )
යෙහ් පත්ලූන් ඉන්ග්ලිස්තානී (මගේ කලිසම එංගලන්තයේය )
සර්පේ ලාල් තෝපී රූසී (මගේ තොප්පිය රුසියාවේය )
පිර බී දිල් හයි හින්දුස්තානී (එහෙත් මගේ හදවත ඉන්දියාවේය)
කෙසේ වෙතත් ඒ චිත්‍රපටයද ඉන්දියාවේය.
නැවතත් රෙද්දට බහිමු. සරම බැනියම හෙවත් නැෂනල් එක අපේ ජාතික ඇඳුම වුනේ යටත් විජිත යුගයේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයත් සමගමය.එයටත් ඇත්තේ ඉන්දීය උරුමයකි . එත් දේශපාලනය කරන අය හැරෙන්නට වැඩිදෙනෙක් මේ ඇඳුම අඳින්නේ උත්සව වෙලාවට පමණි. ගෑනු ළමුන් දහම් පාසලට අඳින ළමා සරියටත් වැඩි ඉතිහාසයක් නැත. ධර්මපාලතුමගේ බලපෑම නිසා ජනප්‍රිය වූ ඇඳුමකි.
එතකොට සිංහලයට ඇඳුමක් තිබුනේ නැද්ද? මොකද නැත්තේ? සිංහලයට තිබුනේ නැත්තේ නිශ්චිත එක ඇඳුමක් විතරයි. අවස්ථාවේ හැටියට සිංහලය එක එක ජාතියේ ඇඳුම් අන්දා. ඒක තමයි සිංහලයගේ ඇඳුම් ප්‍රතිපත්තිය. කුඹුරට එක විධිහේ ඇඳුමක්. ඒක ඇඳගෙන පන්සලට ගියේ නැහැ. පන්සලට වෙන එකක්. මගුල් තුලා වලදී තවත් විධිහක්. විවිධයි. විෂමයි. එක අතකට ඒකත් හොඳ ඇඳුම් ප්‍රතිපත්තියක්. මුහුදු වෙරළට යන විධිහට පන්සලට යන්න ඕනි නැහැ වගේම පන්සලට යන විධිහට ඇඳ ගෙන මුහුදු වෙරළට යන්න ඕනිත් නැහැ.
දැන්නම් ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය. ලංකාව ලෝකයේ ඇඳුම් සපයන රටවලින් ප්‍රධාන රටකි. අපි කපු වවා ඇති නිසා නොවේ. නිදහස් වෙළඳ කලාප සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රතිපත්තිය නිසාය. ජීඑස්ටී අවුල නිසා අපි දැන් යොමු වෙමින් තිබෙන්නේ "ඉහල වෙළඳ සන්නාම"(branded) ඇඳුම් නිපදවීමටය. අර "වික්ටෝරියා සීක්රට්" වගේ ඒවා. ඒවා මොනවාදැයි මම විස්තර කරන්නට යන්නේ නැත. ඒවා හදන කර්මාන්ත ශාලාවක් පන්නල තිබේ. ස්ලීම් ලයින්. දවසක් මම අනුර ප්රියදර්ශන යාපා ඇමැතිතුමාත් සමග ඒ කර්මාන්තශාලාව නැරඹීමට ගිය විට එහි කළමනාකාර ඩයන් ගෝමස් මහතා අපට තෑගී වශයෙන් (නැවතත් තෑගී ) වික්ටෝරියා සීක්රට් පෙට්ටි දෙකක්ම දුන්නේය. ඒ කාලය වන විටත් ඇමැතිතුමාත් මමත් දෙදෙනාම විවාහ වී සිටි නිසා එම තෑගී පෙට්ටි නිසා අනවශ්‍ය ප්‍රශ්න කිසිවක් මතු වුනේ නැත.
ලංකාව ඇඳුම් වලින් පොහොසත්ය.ඇඳුම් වලින් අප කෙතරම් පොහොසත් වුනත් ඇඳුම් හිග කාලයේ ඇති වූ පුරුද්දෙන් අපට ගැලවෙන්නට බැරිය. එම නිසා තවමත් අපේ ප්‍රධාන තෑගී භාණ්ඩය රෙද්දය. නැවතත් අපි ඇදුම් අඳින හැටි ගැන කතා කරමු.
මම නම් අනුගමනය කරන්නේ සිංහලයගේ උදාර ඇඳුම් ප්‍රතිපත්තිය තමයි. තැනේ හැටියට ඇනේ. ගෙදරදී එක ඇඳුමක්. විශ්වවිද්යලේදී තව ජාතියේ කිටක්. කාර්යාලයේ රස්සාව කරද්දී තව එකක්. දේශපාලනය කරද්දී තව එකක්. ඔන්න නියම තැනට ආවා! දේශපාලකයෝ මොකද ඔය තරම්ම සුදු අදින්නේ ? දැන් ඉතින් දේශපාලකයාගේ සුදු රෙද්ද ගැන කතා කරමු. ඇත්තටම රසවත් කොටස එයයි. මේ ලිව්වේ ඒකට පෙරවදනක්. එහෙනම් ඊ ලඟට බලාපොරොත්තු වන්න.......
මොන සුදු රෙද්දක්ද මේ... ?
පසු සටහන
1. කරුණාරත්න දිවුල්ගනේගෙ 'හාද වෙලා යමන් පනේ' සින්දුව හොයාගන්න බැරි වුනා.
2. ශ්‍රී 420 රාජ් කපුර්ගේ 'මේර ජුටහේ ජපානී' සින්දුව කැමති නම් මෙතනින් රසවිඳින්න
http://www.youtube.com/watch?v=1jhOnjfEDEI

Wednesday, 27 March 2013
මං කඩේ යනවා...ඔබ කොහෙද යන්නේ ?
අපට පෙනෙන්නේ ජීවිතය අපෙන් හැමදාම අසන්නේ එකම දාර්ශනික ප්‍රශ්නයක් බවය. වෙනස ඇත්තේ එයට අප දෙන
උත්තර වල පමණක් බවය.
ඔන්න එකමත් එක රටක පන්සල් දෙකක් තිබුනා. හඳුනාගැනීමේ පහසුව පිණිස අපි මේ දෙක 'සදහම් අසපුව" සහ "සද්ධර්ම ආශ්‍රමය" කියල නම් කරමු. මේ පන්සල් දෙකම පිහිටල තිබුනේ එක ළඟ. දෙගොල්ලොම දානේ උයන්න බඩු ගත්තේ එකම කඩ පොළෙන්. ඒ වුනාට මේ පන්සල් දෙක අතර කිසිම මිත්‍රකමක් කිසිමදාක තිබුනේ නැහැ. සදහම් අසපුවේ හාමුදුරුවරු සද්ධර්ම ආශ්‍රමයේ හාමුදුරුවරු එක්ක කතාකරනවා තබා මුහුණ බැලුවේවත් නැහැ. ආශ්‍රමයේ හාමුදුරුවරුත් අසපුවේ හාමුදුරුවරුන්ට සැලකුවේ එහෙමයි. තමන්ගේ පන්සලේ තමයි නිවැරදිව ධර්මය විනය අරක්ශා කරන්නේ කියල දෙගොල්ලොම තමන් කෙරෙහි ඇති කරගත් මානයකින් හිටියේ.
මේ පන්සල් දෙකටම පසුව මහණවීමේ බලාපොරොත්තුවෙන් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරමින් ධර්මය ඉගෙනගනිමින් සිටි පොඩි පිරිමි ළමුන් දෙන්නෙක් හිටිය.
මේ කොලුවෝ දෙන්න එකිනෙකා එක්ක යාලුවෙයි කියල පන්සල් දෙකේම ලොකු හාමුදුරුවරු හරිම බයෙන් හිටියේ.
'' මතක තබාගන්න අනෙක් පන්සලේ ඉන්නේ අපේ හතුරෝ. කිසිම විටෙක ඒ පන්සලේ ඉන්න කොලුවා එක්ක කතා කරන්න එපා. ඒ පන්සලේ ඉන්නේ මහා භයානක මිනිස්සු. වසංගත රෝගයක් මග හරින්න වගේ ඔවුන්ව මග හරින්න "
පන්සල් දෙකේම නායක හාමුදුරුවරු පන්සල් දෙකේ කොල්ලෝ දෙන්නට දුන්නේ එකම ජාතියේ අවවාදයක්. ළමයින්ට මේක හරිම වදයක්.
''......හැමදාම මහා විශාල ධර්ම කරුණු දාර්ශනික දේවල් එක්ක විතරයි ජීවිතය ගතකරන්න වෙලා තියෙන්නේ. එපා වෙනවා. සෙල්ලම් කරන්නවත් කවුරුවත් නැහැ. එහා පන්සලේ කොලුවත් එක්ක යාලුවෙන එකත් තහනම් කරලා......"
එහෙම හිතපු සදහම් අසපුවේ කොලුවා දවසක තීරණය කළා නායක හමුදුරුවන්ගේ අවවාදය නොතකා ආශ්‍රමයේ කොලුවා සමග කතා කරලා යාලු වෙන්න.
ඔන්න පහුවෙනිදා ළමුන් දෙදෙනාම එළවලු ගෙන්න එකම පාරෙන් කඩපොළට යනවා. දෙන්නම දන්නවා යන්නේ එලවලු ගේන්න බව.කොහොම වුනත් සදහම් අසපුවේ කොලුවා සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන් ඇහුවා
"ඔයා කොහෙද යන්නේ'? කියල
ආශ්‍රමයේ ළමය ටිකක් දාර්ශනිකයි එයා මෙහෙම උත්තර දුන්න.
"කොහෙද යන්නේ ? මෙතන යන එන එන කෙනෙක් නැහැ. එය සිදුවෙන දෙයක්. සුලඟ මාව ගෙන යන තැනකට මම යනවා..
අපේ නායක හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ ජීවත් වුනෙත් එහෙම හිතමින් කියල. හරියට වියලී වැටුණු කොලයක් සුළඟට අනුව ගමන් කරනවා වගේ.මම කියල කෙනෙක් නැහැ. ඒ නිසා ගමන් කරන්නෙකුත් නැහැ .ඔයා අහන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්. මම වියලී වැටුණු කොලයක් . සුළඟ එම කොළය කොහාටද ගෙනයන්නේ ඒ අනුව යනවා ........
ඔන්න ඔහොම හෑල්ලක් සද්ධර්ම ආශ්‍රමයේ කොලුවා කියාගෙන ගියා. අසපුවේ කොලුවා මේ උත්තරයෙන් තක්බීර් වෙලා ගියා. විශාල ලැජ්ජාවකට පත්වුණා.
''යන්නේ කොහෙද කියල නිකමට ඇහුවේ. දන්නවා එළවලු ගේන්න කියල. ඒකට දීපු උත්තරේ හැටි ! මේ උදවිය සමග කතා කරන්න එපා කියල නායක හමුදුරුවේ කියල තියෙන්නේ තේරුමක් ඇතිව. මේ අය මහ භයානක මිනිස්සු'' එහෙම හිතපු සදහම් අසපුවේ ළමය කඩපොළට යන අතරේ මේ සිදු වුන දේ ගැන සදහම් අසපුවේ ලොකු හමුදුරුවන්ට කිව්වා.
" මම ඔබට කියල තිබෙනවා නේද ඔවුන් සමග කතා කරන්න එපා කියල. දැන් කරන්න දෙයක් නැහැ. ඔබ පරාජය භාර නොගත යුතුයි හෙට උදේ කඩපොළට යනකොට ඒ කොලුවගෙන් ආයෙමත් අහන්න " කොහෙද යන්නේ"? කියල. එවිට ඔහු අර සුළඟේ කතාව කියාවි. එතකොට ඔබ මෙසේ කියන්න.
ඒක ඇත්ත... ඔව් ඔබ වියලී වැටුණු කොළයක්.. මමත් එසේමයි.. නමුත් සුළඟ හමන්නේ නැතිවිට ඔබ කොහාටද යන්නේ. එවිට ඔබට කොහාටද යා හැකි වන්නේ?........... යනුවෙන් අසන්න. එවිට ඔහුට උත්තර දෙන්න බැරිවේවි. ඔහු ලජ්ජාවට පත් කරන්න. ඔහු පරාජය කරන්න. මතක තියාගන්න අපේ පන්සල කිසිම විවාදයකින් පරාජය කරන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා. ඔබත් පරාජය භාරගන්න එපා.. "
කියල සදහම් අසපුවේ නායක හාමුදුරුවෝ කොලුවාට උපදෙස් දුන්න. කොලුවටත් හරි සතුටුයි. වාද කරන්න කරුණු තියෙනවා.කොලුවා මේ උත්තරේ කට පාඩම් කළා. . පහුවෙනිදා උදේට ප්‍රතිවාදියා පරාජය කරන හැටි හිතෙන් මවාගෙන උත්තරේ පුරුදු පුහුණු වුනා.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ කොලුවා සද්ධර්ම ආශ්‍රමයේ කොලුවගෙන් ඇහුව "කොහෙද යන්නේ?"
"'කකුල් දෙක කොහාටද මාවගෙනියන්නේ එතනට යනවා"
ආශ්‍රමයේ කොලුවා කිව්වා.
වෙනස් උත්තරයක්. සුළඟක් ගැන කොලයක් ගැන කිසිම සඳහනක් නැහැ.
අසපුවේ ළමය ආයෙත් ලජ්ජාවට පත්වෙලා ගිහින් ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වා. සදහම් අසපුවේ නායක හාමුදුරුවොත් ඇරියේ නැහැ.
''හෙට ගිහින් ඒ ප්‍රශ්නයම අසන්න. එවිට කකුල් දෙකේ කතාව කියයි. එතකොට ඔබට කකුල් දෙකක් නැතිනම් එවිට කොහොමද යන්නේ කියල අහන්න".
නායක හාමුදුරුවෝ කොලුවට උපදෙස් දුන්න.
පහුවෙනිදා උදේ කඩපොළට යද්දී සදහම් අසපුවේ ළමයා ආශ්‍රමයේ ළමයාගෙන් අහනවා
"කොහෙද යන්නේ ?
මම මේ කඩේ යනවා එළවලු ගේන්න! " සද්ධර්ම ආශ්‍රමයේ ළමය කිව්වා.
දැනුම ඇති පුද්ගලයාට ජීවිතය ව්‍යාකූල වන්නේ කලින් සකසන ලද පිළිතුර සියල්ල ඔහු සතුව තිබෙන නිසයි. භගවත් ගීතාව කුරානය බයිබලය,වේද ග්‍රන්ථ සියල්ල ඔහුට කට පාඩම්ය. නමුත් ජීවිතය එකම ප්‍රශ්නය නැවතත් නොඅසයි. එම නිසා දැනුමැති පුද්ගලයා සිටින්නේ අසහනයෙනි.
ඔශෝගේ කතාවක්. සුදත් පොඩිරත්න හොඳ පරිවර්තනයක් කරලා තිබෙනවා මෙය එය ඇසුරින් සැකසූවක් .

Tuesday, 26 March 2013
දේශපාලන චින්තනයේ ත්‍රිත්ව එන්නත
නූතන වාදයේ ආගමික පදනම ලිපි පෙළ.............
මනුෂ්‍ය සමාජය ක්‍රමයෙන් ප්‍රගතිය කරා ඇදෙන්නේය යන නූතනවාදයේ ප්‍රධාන පිළිගැනීම ආගමික විශ්වාසයක් පදනම් කරගෙන ඇතිවූවක් බව කලින් ලිපියක සඳහන් කළා. විශේෂයෙන් ක්‍රිස්තියානි චින්තනයේ විශ්වවේදය බටහිර නූතනවාදයට සහ දේශපාලන චින්තනයට බල පා තිබෙන බව එහි සඳහන් කළා. මම එහිදී ක්‍රිස්තියානි 'ත්‍රිත්ව සංකල්පය' (පියාණන්ගේ යුගය -පුත්‍රයාණන්ගේ යුගය- සහ ශුධාත්මයානන්ගේ යුගය පිලිබඳ සංකල්පය ) හේගල්ගේ ඉතිහාස දර්ශනයට, මාක්ස්වාදයේ සමාජ ඉතිහාසය පිලිබඳ දැක්මට, ජර්මන් ජාතිකවාදයට බලපෑ තිබෙන බව යෝජනා කළා. එයට ඉතා වැදගත් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒවා මේ ලිපි මාලාව දියුණු කරන්න උදව් වෙන ඒවා. පළමුවෙන්ම යම් වැරදි අවබෝධයන් කිහිපයක් නිවැරදි කර ගත යුතුව තිබෙනවා.
'උඹ එන්න හදන්නේ මොකාටද කියල අපි දන්නවා. ඔය හදන්නේ ක්‍රිස්තියානිය පහත් කරලා බුද්ධාගම තමයි උසස්ම ආගම. බෞද්ධයාගේ ලෝක දැක්ම තමයි හොඳම එක කියල අන්තිමට ලියන්නනේ.... බටහිර විරෝධය වපුරන්නනේ .. උඹේ ගුරා නලින් සිල්වා ඕක උඹට වැඩිය හොඳට කරනවා.... අපට තව නලින් කෙනෙක් ඕකට ඕනි නැහැ... " කියල මෙතන නම සඳහන් කරන්න බැරි මගේ මිතුරෙක් ලියල එවල තියෙනව. මේ මිත්‍රයාගේ අදහසම ලිපි පෙළ කියවන තවත් අයටත් ඇති.
මම බෞද්ධයෙක්. ඒ ගැන මට සතුටක් තිබෙනවා.එත් මගේ ආගම තමයි හොඳම එක ඒකට තමයි පළල්ම ලෝක දැක්ම තියෙන්නේ කියල අනික් ආගම පහලට දැමීමේ ස්වොත්තමවාදයක් මට නැහැ. මට මගේ සංස්කෘතියේ ප්‍රබලතා මෙන්ම දුබලතාත් හොඳට පේනවා. මේ ලිපි පෙලේ අරමුණ නූතන රාජ්‍යය පිලිබඳ යම්කිසි විමසුමක් කිරීම. මහාචාර්ය නලින් ගැන මට වෙනම ගෞරවයක් තිබෙනවා.මම ඔහුගෙන් විශ්ව විද්‍යාලෙදි නිල වශයෙන් ඉගෙනගෙන තිබෙනවා. නොනිල වශයෙන් දැනුත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ අරුතින් මම ඔහුගේ ගෝලයෙක්. එත් ඔහු මාව ඔහුගේ ගෝලයෙක් ලෙස සලකනවා කියල මම හිතන්නේ නැහැ. බොහෝ දෙනා වගේම මමත් ඔහුගෙන් මදි නොකියන්න බැනුම් අහපු කෙනෙක්. නලින් කියන්නේ පෙරදිග දැනුම ඇතුළු හැම දැනුමක්ම බොරුවක් බවයි. ඒ සියලුම බොරු අතරින් බටහිර දැනුම නමැති බොරුව "පට්ටපල් බොරුවක්" බවයි. නලින් කියන්නේ මොකක්ද කියල වටහා ගැනීමට තව කාලයක් ගතවෙයි. ඔහු විශාල වශයෙන් වරදවා වටහාගනු ලැබූ චින්තකයෙක්.කොහොමත් මට කිසිම බටහිර විරෝධයක් නැහැ. මම ජීවත් වෙන්නෙත් බටහිර. බටහිර නූතනවාදයේ හිනිපෙත්තටම නැගපු නගරයක. මේ ලිපිපෙලෙන් බටහිර නූතනවාදය ගැන විවේචනයක් ගෙන එන්නේ නූතනවාදය විසින්ම ගොඩනගපු 'ජාතික රාජ්‍යය' විවිධ අරාජකවාදයන්ගෙන් ආරක්ෂා කරගත යුතුය කියන පදනමේ ඉඳලයි. මේ ලිපි පෙළ දේශපාලන සාකච්චාවක් ලෙස පිලි ගන්න කියල මම ඉල්ලා සිටින්න කැමතියි.
දැන් අපි ත්‍රිත්ව (trinity) සංකල්පය දෙසට හැරෙමු. ලොකු මෙහෙම ප්‍රතිචාර දක්වල තිබෙනවා
"කරු,....බොහෝවිට තාර්කික කරුණු දැක්වීම් අතාර්කික වෙනවා මතුපිටින් පමණක් පෙනෙන දේ නාමිකව අර්ථකථනය කර තර්කයට අදාලව ගැලපීමට අපේ ඇති පෙළඹීම නිසා.ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ. මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.මගේ අල්ප දැනුමට අනුව බටහිර"'
සෑම ත්‍රිත්ව සංකල්පයකම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පය සහ සම්බන්ධ යයි මම කියන්නේ නැහැ. උදාහරණයක් ලෙස කාලය අතීතය- වර්තමානය -සහ- අනාගතය ලෙස වටහාගැනීම ක්‍රිස්තියානි ආගමික සංකල්පයක් නොවේ.පරමාණුව ඉලෙක්ට්‍රොන - ප්‍රෝටෝන- නියුට්‍රෝන ලෙස වටහාගනීමත් ක්‍රිස්තියානි නොවෙයි. බුදු- පසේ බුදු- මහරහත් කියන ත්‍රිත්වය නම් කොහොමටත් ක්‍රිස්තියානි සංකල්ප නොවෙයි කියල මට හොඳටම විශ්වාසයි. මේ කියන්නේ ඒවා ගැන නොවේ. බටහිර නූතනවාදී දේශපාලන චින්තනයට බලපාපු නිශ්චිත ත්‍රිත්ව සංකල්පයක් ගැනයි. අප කතා කරන මෙම ක්‍රිස්තියානි ත්‍රිත්ව සංකල්පයත් බයිබලයේ තිබුන එකක් නොවේ. බයිබලය අර්ථ දක්වන්නට ගිය දොළොස්වන ශතවර්ෂයේ ජීවත් වූ ජෝකිම් නමැති චින්තකයා (Joachim of Fiore. 1135-1202) ඉදිරිපත් කළ අදහසක්. ජෝකිම්ගේ මෙම අදහස මධ්‍යකාලීන යුරෝපීය දර්ශනයට විශාල බලපෑමක් කළා.
මෙය තවත් පැහැදිලි කර ගැනීම සඳහා තවත් ත්‍රිත්ව සංකල්ප කිහිපයක් විමසා බලමු.
ජෝකීම් මනුෂ්‍ය ඉතිහාසය ඒ විධියට දේව යුග තුනකට බෙදුව වගේ දහසය වන ශතවර්ෂයේ ප්‍රන්සයේ සිටි ජීන්බෝඩීන් (Jean Bodin, 1530-1596) නම් දේශපාලන චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය වෙනස් මාදිලියේ කොටස් තුනකට බෙදුවා.1.පෙරදිග මිනිසුන්ගේ ඉතිහාසය, 2.මධ්‍යධරනී මිනිසුන්ගේ ඉතිහාසය සහ 3. උතුරුදිග මිනිසුන්ගේ ඉතිහාසය වශයෙන්.
ෆ්රන්සිස් බේකන් (Fransis Bacon- 1620) ඉදිරිපත් කළා ඉතිහාසය වෙනස් වීමට බල පෑ සොයාගැනීම් පිලිබඳ ත්‍රිත්වයක්. 1.මුද්‍රණ තාක්ෂනය, 2.වෙඩි බෙහෙත්, සහ 3.චුම්භකත්වය යන මානව සොයාගැනීම් ත්‍රිත්වයේ බලපෑම නිසා පැරණි ලෝකයෙන් නූතන ලෝකයේ වෙන්වීම සටහන් වූ බවට ත්‍රිත්ව ප්‍රවාදයක් ඔහු ඉදිරිපත් කළා.
තෝමස් හොබ්ස් (Thomas Hobbs 1588-1679) දැනුමට අදාළ ත්‍රිත්වයක් ඉදිරිපත් කළා. 1.භෞතික විද්‍යාව, 2. මනෝවිද්‍යාව 3. දේශපාලනය යන දැනුම් තුන අනෙක් දැනුම් වලට වඩා ඉහලින් තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.
ගියම්බැටිස්ටා විකෝ (Giambatista Vico, 1668-1774) නම් චින්තකයා මනුෂ්‍ය ඉතිහාසය 1. දෙවියන්ගේ යුගය 2. වීරයන්ගේ යුගය සහ 3. මිනිසුන්ගේ යුගය වශයෙන් ත්‍රිත්වයකට අනුව ඉදිරිපත් කළා.
ප්‍රංශයේ සිටි තවත් දේශපාලන චින්තකයකු වූ ඈන් රොබට් ජාක්ස් (Anne Robert Jaques 1727-1781)මනුෂ්‍ය ශිෂ්ටාචාරය 1.භූගෝලීය 2.ජීවමය සහ 3. මනෝමය වශයෙන් ත්‍රිත්ව සම්බන්ධයක් ප්‍රතිපලයකැයි පැහැදිලි කළා.
මාරි ජීන් නිකොලා (Marie Jean Nicola 1743-1794) ඉතිහාසයේ කැපී පෙනෙන අවස්තාවන් තුනක් තිබෙන බව ප්‍රකාශ කළා. 1. ජාතීන් අතර අසමානතා අවසන් වීමේ අවස්තාව, 2. එක ජාතියක් ඇතුලත පමණක් සමානතාව තහවුරු වීමේ අවස්තාව සහ 3. පූර්ණ සමානාත්මතාව සහිත පූර්ණ මනුෂ්‍යත්වය උදාවීමේ අවස්තාව වශයෙන්.
ඉංග්‍රීසි ජාතික චින්තකයකු වූ විලියම් ගොඩ්වින් ( William Godwin 1756-1836) ප්‍රකාශ කලේ ජීවිතයේ අර්ථය පරිපූර්ණ කිරීම වෙනුවෙන් 1. තාර්කික සබුද්ධිකත්වය, 2.අධ්‍යාපනය සහ 3. දේශපාලන යුක්තිය යන ත්‍රිත්වය බලපාන බවයි. තෝමස් කාලයිල්(Thomas Kalayil 1795-1881) නම් ඉතිහාස චින්තකයා පෙන්වාදුන්නේ නූතන ශිෂ්ටාචාරයේ නැගීමට 1. වෙඩිබෙහෙත් 2. මුද්‍රන තාක්ෂණය සහ 3.ප්‍රොතෙස්තන්ත ආගම බලපෑ බවය.
19 වන ශතවර්ෂයේ ජීවත් වූ ජේම්ස් ෆ්රසර් (James Frazer) නම් මානව විද්යඥයා ඉදිරිපත් කල ත්‍රිත්වය වූයේ ඉතිහාසය 1. ඉන්ද්‍රජාලික 2. ආගමික සහ 3.විද්‍යා වශයෙන් යුග ත්‍රිත්වයක් ඔස්සේ පතිත වී ඇති බවය. ලෙවිස් මෝගන් (Lewis Morgan) ඉතිහාසය 1. මෘග. 2. මිලේච්ච 2. සහ ශිස්ටචාර වශයෙන් අවධි තුනකට බෙදා දැක්වූවා
දේශපාලන චින්තනයේ ත්‍රිත්ව කතාව තව ඉදිරියට ගෙනයමු. අපි කතා කතාකරමින් ඉන්නේ බැරෑරුම් මාතෘකාවක්. මේ සියල්ල එයට වැදගත් වේවි.
හැරී එල්මර් බාන්ස් ( Harry Elmer Barnes, Intelectual and and Cultural History of the Western World-1937) කිව්වේ 1. සදාචාරවත් ඒකදේවවාදයේ නැගීම 2. යුරෝපීය පුනරුදයත් සමග මතුවූ පුද්ගලවාදය සහ 3. ඉතිහාසයේ අවසානය වශයෙන් මානව ඉතිහාසයේ තීරණාත්මක අවධි ත්‍රිත්වයක් දැකිය හැකි බවය.
ඇඩම්ස් ස්මිත්ගේ ( Adam Smith 1776) ත්‍රිත්වය වූයේ 1. බදු කුලිය 2. ශ්‍රමය සහ 3. ලාභයයි. මේ නිෂ්පාදන සාධක වලට හිමිවන ගෙවීම් අනුව 1. ඉඩම් හිමියා 2. වැටුප් ශ්‍රමිකයා සහ 3. ධනපතියා හඳුනාගත හැකි බව ඔහු ප්‍රකාශ කළා.
කාල් පොලානි (Karl Polani, The Great Transformation-1994) ආර්ථික ඉතිහාසය අවදි තුනකින් දැක්වූවා 1.හුවමාරු යුගය 2. නැවත බෙදාහැරීමේ යුගය සහ 3. වෙළඳපොල යුගය වශයෙන්. ආර් ජී කොලින්වූඩ් නම් ඉතිහාසඥයා (R.G. Kollingwood, The Idea of History, 1996) ඉතිහාසය අවදි තුනකින් යුතු බව පෙන්වූවා 1. ඉතිහාසය විද්‍යාවක් ලෙස භාරගත් ග්‍රීක යුගය. 2. ඉතිහාසය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස භාරගත් ක්‍රිස්තියානි යුගය සහ 3. මේවා ප්‍රතික්ෂේප කරන නූතන යුගය වශයෙන්.
ඉසිය බර්ලින් (Isiah Berlin ) පවසන්නේ ඉතිහාසයේ සන්ධිස්ථාන තුනක් පවතින බවය 1. ඇරිස්ටෝටල්ගේ මරණින්පසු යුගය 2. මකියවෙලිගේ යුගය 3. රොමෑන්තික යුගය වශයන්.
චින්තකයන්ගේ නම් ගම් සහ පොත් ගොඩක් ඉදිරිපත් කිරීම ගැන සමාවන්න. සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. මේ විවිධ ත්‍රිත්ව අදහස් බටහිර දේශපාලන චින්තනය හැඩ ගැස්වූ හැටි ගැන කදිම විස්තරයක් පීටර් වොට්සන්නැමති ඉතිහාසඥයා ඔහුගේ Ideas:A History of thought and invention from fire to Freud 2006) ඔහුගේ කෘතියේ ඉදිරිපත් කරනවා.
මේ හැම ත්‍රිත්වවාදයක්ම ක්රිස්තියානි ට්‍රිනිටියට සම්බන්ධ යැයි මම කියන්නේ නැහැ. එහෙත් ක්‍රිස්තියානි ත්‍රිත්වයේ අදහස පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩක් යුරෝපයේ ඇතිවුනා. නූතන යුගයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සිතුවිලි වලට ඒවා තදින් බලපෑවා. අපි එම ව්‍යාපාර සහ ඒවායේ දේශපාලන ප්‍රතිපල මොනවාද කියලා ඉදිරි ලිපියකින් කතා කරමු.
ඉදිරියට.........................

Monday, 25 March 2013
බ්‍රහ්ම පදාර්තයට දේශපාලන පදාර්ථය මුසු වීම
නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ.... ඉදිරියට
මම දැඩි රාජ්‍යවාදියෙක්. ආයතනවාදියෙක්. හරියටම කියනවනම් ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් වගෙයි. සියලු අරාජිකවාදයන්ට, අරාජිකවාදී චින්තනයන්ට එරෙහිව පෙනී සිටිනවා. ආයතන ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. සිතට පහළවන ආයතන විරෝධී (anti - establishment) සිතිවිලි ගැන අවධියෙන් හිඳිමින් ඒවා පිටුදකිනවා. සමාජයේ සිදුවන අදේශපාලනීකරණය මට වහ කදුරු වගෙයි.

"මොකක්ද මේ දේශපාලනය ගැන ඔය තරම් තිබෙන පිස්සුව? දේශපාලනයෙන් මොකක්ද සමාජයට
සිදුවෙලා තිබෙන යහපත. දේශපාලනය කියන්නේ අවසාන අර්ථයෙන් ගත්තහම ඉතා කැත රැවටිලිකාරී
බල රටා ජාලයක් නොවේද?" ඔබට එහෙම අහන්න පුළුවන්. මමත් මගෙන්මත් වෙන අයගෙනුත් එහෙම
අහල තිබෙනවා. ඔවු දේශපාලනය කියන්නේ සුන්දර අහිංසක දෙයක් නොවෙයි. මාවෝ කිව්වා වගේ තේ
පැන් සංග්‍රහයක් හෝ විසිතුරු ගෙත්තමක් වගේ නොවෙයි.
දේශපාලනයේ පරමාදර්ශ කියල දෙයක් නැහැ. නමුත් අපි බොහෝ දෙනා හිතන්න
පුරුදුවෙලා තිබෙනවා ඉතා නිවැරදි පරමාදර්ශී දේශපාලන ක්‍රමයකින් අපගේ සියලු ප්‍රශ්න විසදගන්න
පුළුවන් කියා. ඒක බරපතල මිත්‍යාවක්. ඒවුනාට දේශපාලනයේ නියැලෙන වැඩිදෙනෙක් මේ
මිත්‍යාවට කැමතියි. 'වඩා යහපත් සමාජයක්' නිවැරදි දේශපාලන ක්‍රමයක් ඔස්සේ කවදා හෝ
නිර්මාණය කර ගත හැකි බව, එසේත් නැතිනම් සමාජ පරිනාමයේ ඉහල අවස්තාවකදී
එවැනි යහපත් සමාජයක් නිර්මාණය වන බව විශ්වාස කරන්නට අප කැමතියි.
මහගමසේකර කවියා ඔහුගේ 'ප්‍රබුද්ධ' කාව්‍ය කෘතිය ආරම්භයේදීම මෙහෙම කියනවා.
එසේ වුව සොයුරනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව මම දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව මම දනිමි .
සේකර එවැනි පරමාදර්ශයක් ගැන විශ්වාසය තැබුවා. අනාගතයේ යම් දවසක නිශ්චිතවම යහපත්
ලෝකයක් ගොඩ නැගෙන බව විශ්වාස කිරීමට සේකරට බලපෑවේ සමාජවාදී චින්තනය කියල හිතන්න
පුළුවන්.
දේශපාලනය යනු පරමාදර්ශ ගැන කතා කළාට පරමාදර්ශ හදන්න පුළුවන්
ක්ෂේත්‍රයක් නොවෙයි. දේශපාලනයට මිනිසාගේ සියලුම ප්‍රශ්න වලට උත්තර හොයන්න බැහැ.
දේශපාලනයට දෙන්න පුළුවන් උත්තර සර්ව සම්පූර්ණ උත්තරත් නොවෙයි. ඒවා 'පාර්ශවීය උත්තර'. (partial)
ඒ වගේම 'ආන්තික උත්තර'.(marginal). උදාහරණයක් හැටියට මිනිසාගේ ආත්මාර්ථය තෘෂ්ණාව වගේ ප්‍රශ්න වලට
දේශපාලනයෙන් උත්තර හොයන්න අමාරුයි. හැබැයි ආගමේ ඒවාට උත්තර තිබෙනවා නිර්වාණය, දේව
රාජ්‍යය, බ්‍රහ්ම පදාර්ථය වගේ දේවල්. ඒවා අයිති අධ්‍යාත්මික කලාපයට. නමුත් මේ
අධ්‍යාත්මික කලාපයේ තිබෙන බ්‍රහ්ම පදාර්ථය දේශපාලන පදාර්ථය සමග අයිතිහාසික වශයෙන්
මිශ්‍ර වෙලා තිබෙනවා. යහපත් සමාජයක් මේ මිහිපිට බිහිකර ගැනීම වෙනුවෙන් දේශපාලනිකව
ක්‍රියා කරන්නට මිනිසා පොලඹවනු ලැබුවේ (විශේෂයෙන් නූතනවාදයේ ආරම්භයත් සමගම) මේ
බ්‍රහ්ම පදාර්තයත් දේශපාලන පදාර්තයත් එකට එකතුවීම නිසයි.
ඉතින් දේශපාලනයට
එහෙම අධ්‍යාත්මික තත්වයක් එකතුවීම හොඳයි නේද? න්‍යායානුකූලව නම් ඉතා හොඳයි.
නමුත් ප්‍රායෝගික තලයේදී ඉතා බරපතල ගැටළු මේ නිසා මතුවී තිබෙනවා.
මේ ලිපි පෙලෙන් ඉදිරියට කතා කෙරෙන්නේ මේ පදාර්ථ මිශ්‍රණය නිසා ලෝකයට සිදු වූ
සන්තෑසිය ගැනයි.
නූතනවාදයෙන් සිදුවුනේ ආගමත් දේශපාලනයත් වෙන්වීම නොවේ. ඉතා ගැඹුරින් එක්වීමයි.
නූතනවාදයේ ආගමික පරමාදර්ශ මේ මිහිපිට සාධනය කරගන්නට යාම නිසා ස්වර්ගයට කෙසේ
වෙතත් මිනිසුන් මිලියන බිලියන ගණන් තේරුමක් නැතිව වලපල්ලට ගියා. යමින් සිටිනවා.
වර්තමානයේ අධ්‍යාත්මිකව ජීවත් නොවී අධ්‍යායාත්මික අනාගතයක් හදන්නට මහා භයානක
ආගමික පරීක්ෂණයක් දේශපාලනය විසින් කරමින් තිබෙන නිසා ඉදිරියටත් සිදුවන විනාශය සුළු පටු නැහැ.
මයියා මෙහෙම ප්‍රතිචාරයක් දක්වල තිබුන කලින් ලිපියකට.
"ගමනේ අවසානය දන්නේ නැතනම් කොහෙන් ගියත් කැරකිලා එන්නේ හිටපු තැනටයි කියලා චක්‍රීයේන් දෙනවා...
එහෙමත් නැත්නම්
විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත්
දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය
පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ....."

එයට මෙහෙම් ප්‍රතිචාරයක් ඇවිත් තිබුනා 'දුගියා' ගෙන්
"...ඔබේ කියමනක් නොවුනත්, මේක නම් වැරදියි. බුද්ධාගම කියන්නේ නිශ්චිත මාර්ගයක් තියෙන
එකක්. නමුත් හුඟ දෙනෙක් හිතන් ඉන්නවා ඇති කරලා බලමු කියලා. ඒක ඒ අයගේ අනවබෝධය...."
මට හිතෙන්නේ මයියා කියන කතාව හරි කියලයි. බුදුන් වහන්සේ දේශනා කරපු නිර්වාන මාර්ගය
හරි කියල අපි දන්නේ කොහොමද? කවුරු හරි නිවන් ගිහින් තිබෙනවද? මෙතැනදී අපි
කරන්නේ නිර්වානය ගන විශ්වාස කිරීමයි . ඒ විශ්වාසය බුදුන්වහන්සේ දුන්නේ 'කරලා
බලන්න' කියල තමයි . ප්‍රමාද වෙන්න එපා. කල් තබන්න එපා. කියලයි කිව්වේ.
හැබැයි අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එය නිශ්චිත මාර්ගයක් කියල අපි විශ්වාස කරන්නේ
බෞද්ධයන් බුදුන්වහන්සේව විශ්වාස කරන නිසා. කවුරුවත් කියපු දෙයක් කියපු පලියටට
විශ්වාශ කරන්න එපා කියල බුදුන් වහන්සේ 'කාලාම සූත්‍රයේ' කිව්වට එම සූත්රයෙදීම කියනවා
'විඤ්ඤුන්'කියනදේ විශ්වාස කරන්න කියල.( නලින් ද සිල්වා මේ ගැන විස්තරාත්මකව
පැහැදිලි කර තිබෙනවා ) බෞධයන්ගේ ප්‍රධානම 'විඤ්ඤුන්' තමයි බුදුන්වහන්සේ. එම නිසයි
නිර්වාණය ගැන බෞද්ධයන් විශ්වාස කරන්නේ.
ඉදිරියට......................
ඉදිරියට......................
Saturday, 23 March 2013
දියවැලක් ඔස්සේ .....යන ගමනක්
මෙතෙක් ලියපු ලිපිවලට බොහෝ ප්‍රතිචාර ලැබුණා. සමහර ඒවා ඉතා අභියෝගාත්මක
ප්‍රතිචාර. තවත් අය මේ බ්ලොගය සින්ඩි වලට එකත් කරගෙන තිබෙනවා. තව සමහර මිතුරන්
වැදගත් තාක්ෂණික යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ඉදරිපත් කර තිබෙන ප්‍රතිචාර මග හැර යාමට නොහැකි තරම් බරක් සහ වැදගත්කමක් සහිත ඒවායි. එම එම නිසා ඊ ළඟට ලියන ලිපි මේ ප්‍රතිචාර වලින් ඉදිරිපත් කර තිබෙන කරුණු වලට මගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම ලියන්නම්. මට ආපු ඉතා බරපතල ප්‍රතිචාර කිහිපයක් මෙහෙමයි.
සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.
අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.
මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.
දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.
මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.
මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.
දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.
අදහස් දෙකක්
මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.
ඉදරිපත් කර තිබෙන ප්‍රතිචාර මග හැර යාමට නොහැකි තරම් බරක් සහ වැදගත්කමක් සහිත ඒවායි. එම එම නිසා ඊ ළඟට ලියන ලිපි මේ ප්‍රතිචාර වලින් ඉදිරිපත් කර තිබෙන කරුණු වලට මගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම ලියන්නම්. මට ආපු ඉතා බරපතල ප්‍රතිචාර කිහිපයක් මෙහෙමයි.
සුජීව කොකාවල
පරණවිතාන මහතා සැහෙන්න බිසී කෙනෙක් බව දන්නවා
ඒත් සංවාදයෙන් තොර බ්ලොග් අවකාශයක් නැහැනේ. ඔබ පිළිතුරු දෙන බව දුටු නිසයි මම
කොමෙන්ට් කරන්නේ. කෙසේ වෙතත් ඔබේ ලිපි නිතර කියවනවා. කාලෙකින් දැක්ක හොඳ බ්ලොග්
එකක්.සමාජය ප්‍රගතිය කරා යනවා කියන එකත මනින්නේ ශිෂ්ටාචාර සම්මුති මත ඉඳගෙන. ශිෂ්ටාචාර සම්මුති අනුව සමාජය ඉදිරියට යනවා. ඒක හරි. හැබැයි එහෙම යද්දී අපි තවත් ගැටළු නිර්මාණය කර ගන්නවා. ඊට හේතුව ජීවී ලෙස හෝ සාමාජිය ලෙස මානවයා පරිනාමය වන්නේ "දියුණුව" පදනම කරගෙන නොවන නිසා. පරිනාමය උත්තරීතර ධර්මයක් නොවේ. පහත් තැනින් ජලය ගලන්නා වැනි ඉනේවිටබල් දෙයක්. පරිනාමය තුලින් උත්තරීතර ජීවියෙක් හැදෙන්නේ නැහැ. හැබැයි මනසක් තියෙන මනස තුල ශිෂ්ටාහ්චආරයක් මවාගෙන ඉන්න මිනිසා තමන්ට රිසි සේ හර්ද ශාක්ෂියක් හදාගෙන [ශිෂ්ටාචාර සම්මුති වලට යටත්ව] ඒක කොහොම හරි සම්පුර්ණ කරන්න වෙහෙසෙනවා. හැබැයි යටින් ඉන්නේ පරිනාමික සතා නේ. ඉතින් ඌ ඒක අස්සේ තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් ෂෝට් කට් කපටි වැඩ කරනවා.
අද අපි ඉන්න දියුණු යයි සම්මත යුගයේ ගව දෙනුන්ට උපදින පිරිමි පැටවුන් සතියක් තුල මරා දමන්නේත්, ඒ සතියේ කිරි අපතේ යන නිසා ඌව බඩගින්නේ තියන්නෙත් මේකයි. මේක ඇහුවම සමහර විට අතීත ලාංකිකයා කම්මුලේ අත තියා ගනියි. හැබැයි රජුට ද්‍රෝහී වෙච්ච එකාගේ අඹු දරුවන් මරද්දී එහෙම කම්මුලේ අත තියා ගත්තු බවක් පෙනෙන්නේ නැහැ. ශිෂ්ටාචාර සම්මුති.
මේ ශිෂ්ටාචාර සාමුති වලින් එහාට පේ තියෙන එකම ප්‍රගමනය විද්‍යා හා තාක්ෂණික දියුණුව පමණයි. ඒ කාලේ පවුලක් වෙතොත් ඒක දරුවෙක් විතර මැරිලා. මිනිහෙක් සමහර විට බඳින්නේ ගැහැනියගේ නංගි දෙවන මනමාලියට අරගෙන, මොකද දරු උපතේදී එතරම් ගැහැණු මැරෙනවා. මේවා නැති කිරීම පමණයි අපේ පහු කාලින ප්‍රගතිය.
දැන් තියෙන අර්බුධය වෙන්නේ මේ ලබා ගත්තු දියුණුව ලොව පුරා බෙදා ගැනීම. එතනදිත් මම හිතන්නේ අපි පහුගිය වසර 50 ඇතුලටත් මාර දුරක් ඉස්සරහට ගිහින්. සී එන් එන් කාරයාට දැන්වීම් විකිණීමේ උවමනාවට හරි හිතෙනවා සහෙල් ප්‍රදේශයේ ජල හිගය හා හාමත ගැන ඇමරිකාවට පෙන්නන්න. වසර පනහකට පෙර මාලි, චැඩ් කිව්වම මොකද්ද කියා නොදැන උන්නේ මිනිස්සු පමණක් නොවේ මාධ්‍ය වත් දැන උන්නේ නැහැ. අපි ඉස්සරහට අඩියක් ගිහින්.
මෙහෙම තමයි කරුණාරත්න මහත්තයා මේ ගමන යන්නේ. ඔයිට එහා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. කොටින්ම පරිනාමික ක්‍රියාවලියක් තුල බලාපොරොත්තු තියාගන්න බැහැ. හුදෙක් ලද දෙයින් සතුටු වෙන්නත් හෙට වඩාත් හොඳ කර ගන්නත් විතරමයි පුළුවන්.
මේක ඇතුලේ ලයින්ස් මැද්දේ තියෙනවා පණිවුඩයක් මේ සිස්ටම් ඒක අවුල් නිසා මේක වැටෙනකම් ඉන්න හෝ වට්ටන්න හදන අයට. එහෙම කරපු ඒක පර්යේෂණයක් වත් සාර්ථක වෙලා නැහැ. සරල හේතුව තමා මානවයා යනු උත්තරීතර මිනිසෙකු නොව පරිනාමික සතෙක් වීම. උත්තරීතර විය යුත්තේ පද්ධති විනා මිනිසුන් නොවේ. පද්දතියක උත්තරීතර බව කියන්නේ ආත්මාර්ථකාමී සාමාන්‍ය මනුස්ස සතෙකුට පිස්සු කෙලින්න බැරි වීම. වර්තමාන පළමු ලෝකය හදාගෙන යන්නේ එහෙම පද්ධති.
දිගු අදහස කෙටි කරලා කෙනෙකුට කොමෙන්ට් එකක් දැම්මා. පස්සේ මම ඒක මගේම බ්ලොග් එකක දැම්ම. ඉඩක් ලදොත් කියවන්න.
අදහස් දෙකක්
මම හිතන්නේ අපි කරන්න ඕනේ මෙන්න මේ පරිපූර්ණතාවයේ මානසික රෝගය වෙනුවට අදට වඩා හෙට සුබ කර ගන්න හදන ඒක තමා. සී ටී ප්‍රනාන්දු හරි.
මයියා
Thursday, 21 March 2013
හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ...?
අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදා වෙලා තිබෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත්වෙන්නේ
මෙයද එක්තරා උදාන ගීයකි. එකල අප උදයට ගුවන් විදුලියෙන් ඇසූ උදා උදාන ගීයකි. මේ
උදානය ගයන්නේ ධනිය ගෝපාල නොව හෙළ ජාතික අභිමානේ ගැයූ සී.ටී. ප්‍රනාන්දුය. එම ගීයෙහි
ඔහු මෙසේද ගයයි.
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ
අදට වැඩිය හෙට හොඳයි! එනමින් චිත්‍රපටයක්ද තිබිණි.
අප කතාකරමින් සිටින තේමාවට මෙය අදාලය. ඇත්තෙන්ම අදට වැඩිය හෙට හොඳද? මනුෂ්‍යයා
නොදියුණු අතීතයක සිට වඩා හොඳ අනාගතයක් කරා ගමන් ගනිමින් සිටින්නේය යන විශ්වාසය
සහිත 'ප්‍රගතිශීලී' 'ඉදිරිගාමී' 'අනාගතවාදී'දෘෂ්ටියට අනුව නම් එය එසේය.
ඇත්තෙන්ම එය එසේ නොවේද?
ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවේ
ගල් යුගයේ ජීවත් වූ මිනිසාට වඩා මේ පරිගණක යුගයේ මිනිසා
වඩා ඉහල අවධියක ජීවත් වන බව අමුතුවෙන් කිව යුතුද? පරිගණක යුගය දක්වා මිනිසා පැමිණියේ
ගල් යුගයේ සිට නව නිර්මාණ කරමින් ඉදිරියට ගිය බැවිනි. ගල් යුගය අවසන් වූයේ ගල්
අවසන් වූ නිසා නොවේ. ගල් නම් අදටත් තිබේ. ගල් යුගය අවසන් වූයේ මිනිසා ගල් ආයුධ
භාවිතය හැර දමා තඹ, යකඩ ආයුධ කරා තාක්ෂණිකව මාරු වූ නිසා බව පුරාවිද්‍යාඥයෝ කියති.
ගල් යුගය අවසන් වූයේ ගල් අවසන් වූ නිසා නොවුනද තෙල් යුගය හෙවත්
පොසිල ඉන්ධන මත පදනම් වන මෙම නූතන 'තෙල් යුගය' තෙල් අවසන් වීමෙන් පසු අවසාන වේ යැයි
සමහරු කියති. ප්‍රගතිගාමී අනාගතවාදීන් එසේ අසුභවාදී වන්නේ නැත. ඔවුන් කියන්නේ තෙල්
යුගය හෙවත් නූතන යුගය තෙල් අවසන් වුවද නොවුවද පවත්වාගෙන යාමට හැකිවන සේ විකල්ප බල
ශක්ති තාක්ෂණයක් මිනිසා මේ වනවිට දියුණු කරගෙන තිබෙන බවය.
මම මේ ස්වභාවික සුබවාදීන්ට ඉතා
කැමතිය. එහෙත් මිනිසා අනුක්‍රමයෙන් දියුණුව කරා ගමන් ගන්නේය යන පිළිගැනීම ස්වභාවික
තත්වයක් නොව නිශ්චිත දෘෂ්ටිවාදාත්මක පදනමක් මත බිහිවූවකි. ඕනෑම දෘෂ්ටිවාදයක
ප්‍රබලතා මෙන්ම දුබලතාද ඇත. එම නිසා දෘෂ්ටිවාදයක් විචාරයට ලක් කිරීම
නිරර්ථක ක්‍රියාවක් නොවේ.
අපි අපේ සමීප ඉතිහාසය දෙස හැරෙමු. ඔබ ඇත්තටම කැමති මහනුවර යුගයේ පවතී රාජාණ්ඩු සමාජයටද වර්තමානයේ අප ජීවත්වන සමාජයටද? අතීතය පිලිබඳ අපට කෙතරම් අතීතකාමයක් තිබුනද එවැනි සමාජයක ගෙවන ජීවිතයක් ගැන අපට හිතාගන්නටවත් බැරිය. මහා අදිකාරම් සමග තරහට රජු අදිකාරම්ගේ බිලිඳු දියණිය වන්ගෙඩියක දමා කොටා මරවන අදිකාරම්ගේ ළමා පුතුන් දෙදෙනා බෙල්ල කපා මරවන අදිකාරම් බිරිඳ දියේ ගිල්වා මරණ නීතියක් තිබෙන සමාජයකට අප කැමති නැත.
පිං ඇති අතපත්තු මට කළ කාරියා
මං කළ කුඹුර වපුරන්නට නෑරියා
ගස් මුල් උදුරන්ට මං දරපු වීරි යා
නඩු නැති රටක මොට පායාද සූරි යා
මෙම කවියෙන් කියවෙන ආකාරයේ අසරණ මිනිසුන් පාගා දමන රදල වැඩවසම් සමාජයක් , රැවුල කොණ්ඩය කපා ගන්නටත්, ගෙදර බිත්තියේ හුණු ටිකක් තවරා ගන්නටත් වහලයට උළු ටිකක් සෙවිලිකර ගන්නටවත් සාමාන්‍ය මිනිහාට අවසර නැති සමාජයක් දියුණු සමාජයක් යයි කියන්නේ කෙසේද? ඊට වඩා අද අප ජීවත් වන සමාජය ඒ අතින් කෙතරම් මානව ගරුත්වයකින් යුතු සමාජයක්ද ?

ඒ දේශපාලනමය සහ සමාජ ආර්ථික අතින්ය. කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ අශාවෙන් සිටි
ගජමන් නෝනාට එය ඉටුකර ගැනීමට පිරිමි වේශයෙන් පන්සලේ හාමුදුරුවන් ලඟට යාමට සිදුවිය.
ඒ එකල කාන්තාවන්ට අධ්‍යාපනයක් දීමක් ගැන අදහසක් නොතිබුණු බැවිනි. අද
විශ්වවිද්‍යාලයට යන හාමුදුරුවරු කාන්තා කතිකාචාර්යවරියන්ගෙන් ඉගෙන ගනිති.
කලාව සහ කාන්තාවගේ පැත්තෙන් දියුණුවක් ප්‍රගතියක් තිබෙන්නේ අද නොවේද?
ප්‍රගතිය පිලිබඳ මෙවැනි උදාහරණ ගණනාවක් සහිත ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය.
එවැනි ලැයිස්තුවකින් පෙනෙන්නේ නිසැකවම ඊයේට වැඩිය අද තරමක් සුබ බවත්
අදට වඩා හෙට හොඳ වන බවත්ය. අප ගමන් ගනිමින් සිටින්නේ ප්‍රගතිය කරා බව ආනුභාවිකව
දැනෙන්නට පෙනෙන්නට තිබේ.
එහෙත් අපගේ මනස හිතුවක්කාරීය. අපගේ මනස මේ ආනුභාවිකත්වයට යටත් වන්නට සූදානම් නැත. මානවයා ගමන් ගන්නා මේ 'නියත ප්‍රගති මාවත' ප්‍රශ්න' කරන්නට මානව මනස පෙළඹේ.
සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ අපට දුකක් නැත!
ප්‍රගතියේ හිනිපෙත්තටම ඉහල තට්ටුවලට නැග සිටින අපට උදාන ගීතිකා ගැයීමට නොහැකිය. අප සිටින්නේ විශාල බියකිනි. ඇමෙරිකානුවා සිටින්නේ කොරියාවේ න්‍යෂ්ටික ආයුධවලට වලට බියෙනි.සිංහලයාට ජීවත් වෙන්නට සිදුවී තිබෙන්නේ දෙමලාට සහ මුසල්මානුවාට බියෙනි. දෙමලා සිංහලයා කෙරෙහි බියෙනි.ඉන්දියානුවා චීනාට බියෙනි. සියල් සිරින් පිරි ඇමෙරිකාවේ දෙමව්පියන් ජීවත් වෙන්නේ පාසලට ගිය තම දරුවා තුවක්කුව අතින් ගත කොලු ගැටයකු විසින් මරා දමාවි යන බියෙනි. පූජකයා බිය වන්නේ තමන්ට වඩා ජනතාවගේ හිත ඇඳ බැඳ ගන්නා දෙසනා කරුවකු බිහිවෙය යන බියෙනි.................. අප ජීවත් වෙන්නේ කෑදර පෙරේතයන් මෙනි. ධනය බලය කීර්තිය හමුවේ අප නොකරන දෙයක් නැත. අපට ඉවසීමක් නැත.අපේ හොස්ස ලඟින් මැස්සෙක්වත් යනවාට අප කැමති නැත....................... අප ජීවත් වන්නේ කපටි නරියන් මෙනි. 'හොක්කි බල්ලන්' රංචුවක් මෙනි. ජාත්‍යන්තර නීතිය යනු එමානුවෙල් කාන්ට් කිවූ ලෝක සාමයේ සුර ගීතිකාව නොව ලෝකය යටත් කර ගැනීමේ ආශාවෙන් පෙලෙන කීන බල්ලන්ගේ උඩු බිරීමකි.............................. සයිබර් අවකාශය වයිරය ද්වේශය ක්‍රෝධය වපුරන කෙත්බිමකි. වයිද්යවරු වෙළෙන්දෝ වී ඇත.ගුරුවරු තක්කඩින් වී ඇත. ඔවුන්ගේ ගෝලයෝ දුව දුවා මුත්‍ර කරති. තම පියා සහ සහෝදරයා පාවා නොදුන්නේ පූර්ව නූතන ඇන්ටිගනී කුමරිකාවය. නූතන පිදෙල් කස්ත්‍රෝගේ දියණිය පියා පාවා දෙයි.............. සියලුම ට්‍රැජඩින් කොමඩි බවට වෙමින් තිබේ අපට දුකක් නැත!.........ලෝක සාමය ගැන වැඩිපුරම කතා කරන්නේ ආයුධ වෙළඳාම ජයටම කරගෙන යන රටවල්ය............................. ජනමාධ්‍යකරණය යනු ගැටුම් සහ ලිංගිකත්වය විකුණා බඩවියත සපුරා ගැනීමය... "හැමතැනම මරු වැල්ය. නුරා නෙතු ගිනිදැල්ය ආත්මය පරඬල්ය". ලෝක ජනගහනයෙන් පහෙන් එකක හෙවත් බිලියනයක් කුස ගින්නේ දිළිඳුකමින් දුක්විඳිති....................පරිසරය අපට දඬුවම් කරමින් තිබේ...................... ........................... ......................... ඔබ තව මෙයට එකතු කරන්න .............................. .......................... .................ගල් යුගයේ තිරිසනෙක් ලෙස ජීවත් මිනිසාට වඩා අපගේ නූතන මහා උජාරු ජීවිත වල ලොකු ගුණාත්ම වෙනසක් ඇතිවී තිබේද ? (n)
දියුණු ප්‍රගතිශීලී ඉදිරිගාමී මනුෂ්‍යත්වය දියුණු කළ ලෝකයේ මෙහෙමත් චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා නේද ? මේවා ඇත්තටම ආගමික මැසිවිලි යයි ඔබට යෝජනා කළ හැකිය. දේශපාලනිකව සිතන්නෙකු කළ යුත්තේ වඩාත් යහපත් සමාජයක් බිහි කර ගැනීමේ අරමුණින් මේ මැසිවිලි සහගත කරුණු වලට බලපා තිබෙන සමාජ ආර්ථික දේශපාලන කොන්දේසි වෙනස් කිරීම යයි ඔබ පවසනු ඇත. මා නැවත යෝජනා කරන්නේ මේ මැසිවිලි ආගමික වනවා සේම සමාජය යහපත් වෙනස් කිරීම යන කාරණයද ආගමික අදහසක් බවය. 'ආගමෙන් අපට ගැලවීමක් නැතැයි'; යනුවෙන් මුලදීම පැවසුවේ එහෙයිනි.
ඉදිරියට ........

Tuesday, 19 March 2013
දේව රාජ්‍යය උදා කර ගැනීම සඳහා සටන් වැදීම : නූතනවාදයේ ආගමික පදනම
නූතනවාදයේ ආගමික පදනම ලිපි පෙළ..........
ලෝකයේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ පැහැදිලි කරන ආගමික විශ්වවේදයන් හෙවත් කොස්මොලොජීන් රේඛීය සහ චක්‍රීය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි බව පසු ගිය ලිපියෙන් පැහැදිලි කෙරිණි. කෙසේ වුවද එය ඉතා සරල බෙදීමකි. ව්‍යතිරේඛයන් නැතිවා නොවේ. ඒවා ඉදිරියට පැහැදිලි කරමු. මේ විශ්වවේදයන් අතරින් නූතනවාදයට විශාල ලෙස බලපෑවේ ලෝකයට සහ විශ්වයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇති බව කියවෙන රේඛීය විශ්වවේදයයි.මෙම අදහසේ ආරම්භය බයිබලය නොවේ. කිතුනු ආගම් බිහිවීමට පෙර සිටම මෙවැනි අදහස් විවිධ ආගමික ශාස්තෘවරු දේශනා කළහ. බුද්ධ කාලයේ ජීවත් වූ මක්ඛලි ගෝසාල නම් ශාස්තෘවරයා එවැන්නෙකි. පූර්ව ක්‍රිස්තියානි ආගමක් වූ ශාරතුස්ත්‍ර ආගමද එවැන්නකි.
මැදපෙරදිග ඇරඹි ඒකදේවවාදී ආගම්වලට අනුව ලෝකයට පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් ඇත. දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද අතර දෙවියන් වහන්සේම එය අවසාන කරනු ඇත යන්න ප්‍රකට පිළිගැනීමකි.
ලෝකයේ අවසානය පිලිබද දේශනා කරන මෙම ආගම් 'ඇපොකලිප්ටික' ආගම් (apocalyptic religion) වශයෙන් නම් කළ හැකිය. ඇපොකලිප් යන්නෙහි තේරුම ලෝකයේ අවසානයි. එසේම බයිබලයේ අලුත් ගිවිසුමේ අවසාන කෘතිය (revelation) ද මෙම නමින් හැඳින්වේ. එම කෘතියෙන් කියවෙන්නේද ලෝක අවසානය පිලිබඳ ශාන්තුවර ජෝන් විසින් කරනු ලබන හෙළි දරව්වයි.ලෝකය අවසානයේ සිදුවන්නේ නපුර පරදවා යහපත ජයගැනීම බව මෙම විශ්වවේද වලින් කියවේ. නපුර පරදවා යහපත අවසානයේ ජයග්‍රහණය කිරීම පිලිබඳ අදහස ක්‍රිස්තියානි ආගමට එකතු වූයේ ශාරතුස්ත්‍ර දර්ශනයෙන් බව අපොකලිප්ටික ආගම් පිලිබඳ අධ්‍යයනයක් කළ ජෝන් ග්‍රේ නම් චින්තකයා පවසයි. ( John Gray: Balck Mass, Apocalyptic Religion and the Death of Utopia) යහපත අවසානනයේ ජයග්‍රහණය කිරීම යන්න ඉතා සුන්දර පරිකල්පනයකි.මෙම ආගමික කල්පනාව සියවස් ගණනක් ඔස්සේ අර්ථකථනයන්ට ලක් වෙමින් බටහිර දේශපාලන චින්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය.
ක්රිස්තියානියෙහි එන ත්‍රිත්ව සංකල්පය මෙහිදී සලකා බැලීම වැදගත්ය. ඒ අනුව ලෝකයේ අවධීන් තුනකි.
1. පියාණන්ගේ යුගය
2. පුත්‍රයාණන්ගේ යුගය
3. ශුද්ධාත්මයාණන්ගේ යුගය වශයෙනි.
පියාණන්ගේ යුගය යනු දෙවියන් වහන්සේ ලෝකය මැවූ යුගයයි. පුත්‍රයාණන්ගේ යුගයේදී සිදුවන්නේ දෙවියන්ගේ පණිවිඩය ලෝකයේ ප්‍රචාරය වීමයි. (ජේසුස් වහන්සේගේ පැමිණීම වැනි ) ශුද්ධාත්මයනගේ යුගයේදී සිදුවන්නේ නපුර පරදවා යහපත ජයග්‍රහණය කර මිනිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමයි. එතනින් ලෝකය අවසාන වේ.මානව වර්ගයාගේ විමුක්තිය අවසාන වශයෙන් උදාවෙන්නේ මෙතනදීය.කිරිස්තියානිය යුරෝපයේ ව්‍යාප්ත වීමත් සමගම මෙම යුග තුන පිලිබඳ අදහස දේශපාලන චින්තනයේ අංගයක් බවට පත්විය.
මධ්යතන යුගයේදී මෙම යුග තුන පිලිබඳ අදහස විවිධ අර්ථ කථනයන්ට ලක්විය. මිනිසාගේ ඉතිහාසය වනාහී ප්‍රථමික ආරම්භයක සිට ක්‍රමයෙන් ප්‍රගතිය කරා දිවයන්නක් ලෙස ගැනීම එයින් ව්‍යුත්පන්න වූ එක පිළිගැනීමකි."ක්‍රමයෙන් ප්‍රගතිය කරා පිය මැනීම" යන්න අපි අද ප්‍රශ්න නොකරම පිළි ගනිමු. එහෙත් මෙම අදහසට ඇත්තේ ආගමික මූලයකි.මිනිසාගේ පරම විමුක්තිය උදාවෙන්නේ දේව රජ්‍යය තුළය. එය ප්‍රගතිය පිලිබඳ මොඩලය බවට පත් විය. ශාන්ත ඔගස්ටින් වැනි චින්තකයන් මෙම දේව රාජ්‍යය හෙවත් ශුද්ධාත්මයාණන්ගේ යුගය අර්ථකථනය කළේ භෞතික රාජ්‍යයක් ලෙස නොව මනුෂ්‍යයාගේ අධ්‍යාත්මයේ ඉහලම අවස්තාව වශයෙනි. එහෙත් බටහිර දේශපාලන චින්තනය ශාන්ත ඕගස්ටින්ට වඩා වෙනස් අර්ථකතනයක් ඉල්ලා සිටියේය. මනුෂ්‍යයාගේ අවසාන විමුක්තිය හෙවත් දේව රාජ්‍යය මෙලොවදීම අත්පත් කර ගැනීමේ මොඩලයන් පිලිබඳ බටහිර චින්තකයෝ උත්සුක වන්නට වූහ.
බටහිර ඉතිහාස දැක්මට, දර්ශනයට සහ දේශපාලන චින්තනයට මෙම ප්‍රගතිය පිලිබඳ අදහස, විමුක්තිය පිලිබඳ මොඩලය සහ ඉතිහාසයේ අවසානය පිලිබඳ ආගමික අදහස ඇතුලත් විය.
වඩාත් සරදම්කාරී සංසිද්ධිය වූයේ ආගමික දේශපාලනය වෙන්විය යුතු යයි විශ්වාශ කළ ලෞකිකවාදී දේශපාලන චින්තනයට මෙකී "ආගමික" ත්‍රිත්ව යුග සංකල්පයෙන් ගැලවීමට නොහැකි වීමය. හේගල්ගේ ඉතිහාස දැක්ම ත්‍රිත්වවාදීය. මනුෂ්‍ය ඉතිහාසය හේගල් දකින්නේ දයලෙක්තික යුග තුනක් වශයෙනි.
හේගල්ට අනුව නූතන ජාතික රාජ්‍යය සම්පූර්ණවීමෙන් පසු ඉතිහාසය අවසන්වේ. එම ජාතික රාජ්‍යයේ මොඩලය ජර්මානු ප්‍රසියානු අධිරාජ්‍යයේ බිහිවීමයි. ඔලුවෙන් හිටගෙන සිටි හේගල්ව දෙකකුලෙන් හිටෙව්වේ යයි කියන මාක්ස්වාදයද මානව සමාජය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ ත්‍රිත්ව යුග සංකල්පයකි.
1. ප්‍රථමික පූර්ව කොමියුනිස්ට් යුගය
2. පන්ති සමාජ යුගය
3.පන්තිවිරහිත කොමියුනිස්ට් සමාජ යුගය වශයෙනි.
පන්ති විරහිත කොමියුනිස්ට් සමාජයෙන් ඉතිහාසය අවසානවේ. මන්ද ඉතිහාසය යනු පන්ති ගැටුමේ කතාවය . පන්ති විරහිත සමාජයක් බිහි වූ විට ඉතිහාසයක් අවශ්‍ය නොවේ. යුරෝපයේ නට්සිවාදයේ මූලරම්භාකයකු වූ ඕගස්ට් කොම් (Auguste Comte) මානව ඉතිහාසය
1. ආගමික යුගය
2. සංක්‍රාන්ති යුගය යුගය සහ
3. විද්‍යාත්මක යුගය
වශයෙන් කොටස් තුනකට බෙදා දක්වමින් අවසානයේ සාධනය කළ යුතු සහ ප්‍රගතියේ මොඩලය පෙන්වනු ලැබුවේ විද්‍යාත්මක යුගය උදාවීමය. හිට්ලර් ලක්ෂ ගණන් මිනිසුන් මැරුවේ ඕගස්ට් කොම් ඉදිරිපත් කළ මෙම විද්‍යාත්මක යුගය පිලිබඳ පරමාදර්ශය මේ පොලොව මත නිර්මාණය කළ හැකි බව විශ්වාස කළ බැවිනි. ඔවුන් තම රජය නම් කළේ ද තුන්වෙනි රාජ්‍යය හෙවත් තර්ඩ් රීච් (Third Reich) යන නමිනි. නාසිවාදය කොම් ගේ ඉතිහාස දැක්මට ද මාක්ස්වාදය හේගල්ගේ දයලෙක්තික දැක්මට ද අනුව ලෝක අවසානය පිලිබඳ අදහස් ඉදිරිපත් කරද්දී ලිබරල්වාදය එමානුවෙල් කාන්ට් ඉදිරිපත් කළ අවසානයේ බිහිවන ලෝක සාමය පිලිබඳ මොඩලය ඔස්සේ දුවන්නට විය. ධනේශ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝකපරිමාන ජයග්‍රහනයත් සමගම ඉතිහාසය අවසාන වනු ඇත වශයෙන් ෆ්‍රැන්සිස් ෆුකුයාම ඉදිරිපත් කළ අදහස ලිබරල් වාදී අපොකලිප්ටිකයේ හෙවත් ලෝකය අවසානය පිලිබඳ ලිබරල් කොස්මොලොජියේ කැපී පෙනෙන ඉදිරිපත් කිරීමකි.
නූතනවාදයේ ප්‍රධාන දේශපාලන ධාරා තුනම එනම් ජාතිකවාදය, ලිබරල්වාදය සහ කොමියුනිස්ට් වාදය පසුගිය ශතවර්ශයේදී එකිනෙකා සමග යුද්ධ කළේ ඒවා මගින් පරමාදර්ශ ලෙස ඉදිරිපත් කළ යුටෝපියාවන් හෙවත් මනෝ රාජ්‍යයන් මේ මිහිපිට ප්‍රයෝගිකව බිහි කර ගැනීමටය. මෙසේ මොඩලයක් සාධනය කර ගැනීම සඳහා සමාජය දේශපාලනික වශයෙන් සංවිධානය කිරීම ආගමික උරුමයක් සහිත අදහසක් වන ආකාරය අපි ඊ ලඟට උදාහරණ සහිතව විමසා බලමු.

Sunday, 17 March 2013
ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකු නොවේ !:ගොපලු උදානයක අසිරිය
'ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකි!'
බෞද්ධ සාහිත්‍යයේ එන 'ධනිය ගෝපාල' නම් චරිතය ඇසුරින් පරාක්‍රම මෙම විරෝධාකල්පික නිර්මාණය ඉදිරිපත් කරයි. පරාක්‍රම මවන ධනිය ගෝපාල චරිතය යනු 'තමන්ගේ කට බඩ පුරවාගත් පසු අනෙක් උන්ට හෙන ගැහුනත් කමක් නැතැයි' සිතන වර්ගයේ නරුම පරිභෝජනවාදියෙකි. එකල එම කවිය කියවන විට අතීත දඹදිව පමනක් නොව ඒ මොහොතේ අප අවටද ධනිය ගෝපාලලා බුරුතු ගණනින් සිටින බව අපට පසක් විය. (මෙකලද වෙනසක් නැත. ප්‍රමාණය වැඩිවී තිබේ.) එහෙයින් ධනිය ගෝපාල ලෙස අප සිත්හි සටහන් වූයේ ඉතා නරුමවාදියෙකු පිලිබඳ හැගීමකි. එහෙත්බුද්ධ කාලයේ විසූ ධනිය ගෝපාල එවැනි නරුමයකු නොව ඉතා උතුම් සත්පුරුෂයකු බව පසුව මට වැටහුනේ සුත්ත නිපාතයේ එන ධනිය සූත්‍රය සහ නිකෝ කසන්ට්සාකිස් නම් ග්‍රීක ලේඛකයා ලියූ "සෝබා නම් ග්‍රීකයා" ( Zorba de Greek) යන නවකතාව කියවීමෙන් පසුවය.
''බත උයාගෙන තිබේ. කිරිදොවාගෙන තිබේ. ගෙය මැනවින් සෙවෙලි කර තිබේ. ගිනි දල්වා ඇත. වැස්ස ඉතින් ඔබට කැමතිනම් වහින්න."' ධනිය සූත්‍රයේ පළමු ගාථාව එපරිදිය. පරාක්‍රම කියන්නේ කුරිරු ධනවාදියෙකුට වැස්ස ගැන එසේ පැවසිය හැකි වුවද රබර් කිරි කපා ජීවත් වන කම්කරු පන්තියේ ස්ත්‍රියකට
දාව උපන් දරුවෙකුට එසේ කිව නොහැකි බවය. වැසි වැස රබර් ගස් තෙමීගියහොත් හෙට දිනයේ අම්මාට වැඩ නැතිවන බව නියතය. එම නිසා ධනිය ගෝපාල නුඹ නම් කුරිරු ධනවාදියෙකි. අනේ වැස්ස මේ ධනවාදියාගේ කීම නොඅසා පමාවෙලා වැහපන්! පරාක්‍රම තම කවියෙන් කියන්නේ එවැනි කතාවකි. එය කවියාගේ නිදහසය. එහෙත් ධනිය සූත්‍රයේ සහ සෝර්බා නම් ග්‍රීකයා නව කතාවේ එන ධනිය ගෝපාල චරිතය පරාක්‍රමගේ කවියටත් වඩා සමහර අංශවලින් අපගේ ජීවිතය ප්‍රකම්පනය කරන්නාවූ උත්තම චරිතයකි.
දැන් අපි මේ කෙටි සූත්‍රය දෙස බලමු. මෙය බුදුන් වහන්සේ සහ ධනිය ගෝපාල අතර කෙරෙන සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරී ඇත.
ධනිය ගෝපාල : '' මම සිදුකළ බත් කිස ඇත්තෙමි. දෝනා ලද කිරි ඇතියෙමි. ' මහී ගංතෙර ' සමීපයෙහි අනුකූලපරිජනයා සමග වාස ඇතියෙමි. වාස ගෘහය සෙවෙනි කරන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව."
ඉහත දැක් වූ පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ භාෂාව තරමක් දුෂ්කර බැවින් අපි සරල පරිවර්තනයකින් ධනිය සූත්‍රය කියවමු.
ධනිය ගෝපාල : " (බිරිඳ වන ගෝපිකාව විසින්) අහාරය පිළියෙළ කර ඇත. දෙනුන්ගෙන් කිරි දොවා අවසානය. මේ ගංගා තීරයේ මා හා සමාන අදහස් දරන ජනයා සමග කාලයක් තිස්සේ වාසය කරමි. නිවස වැස්සෙන් නොතෙමෙන සේ සෙවෙලි කර ඇත. නිවස ගිනි දල්වා එළිය කර උණුසුම් කර ඇත. එහෙනම් වැස්ස, ඔබට ඔනෑ නම් වහින්න ."
බුදුන් වහන්සේ: " ධනිය, මම කිපෙන තැනැත්තෙක් නොවෙමි. සිතේ ඇතිවන සැකය දුරුකළ තැනැත්තෙක්මි. මෙම "මහී" ගංතෙර අසල එක රාත්‍රියක් පමණක් වාසය කරමි. නුඹගේ කුටිය වසා ඇතත් මගේ කුටිය සැඟවිය යුතු ක්ලේශ ධර්ම නැති බැවින් විවෘතය. වැස්ස ඉතින් කැමති නම් වහින්න."
ධනිය ගෝපාල: '' මාගේ ගෝපිකාවද මට ඉතා කීකරුය. ආහාරපානාදියෙහි හෝ පර පුරුෂයන් කෙරෙහි හෝ ලොල් බවක් නොදක්වන්නීය.බොහෝ කාලයක සිට ප්‍රිය මනාපයෙන් ඇසුරු කළෙමි. කිසි දිනෙක ඇය කෙරෙහි වරදක් අසන්නට නොලදිමි.වැස්ස ඉතින් කැමති නම් වහින්න".
බුදුන් වහන්සේ: "ධනිය, මගේ සිත මට වසඟ විය. සියලු කෙලෙසුන්ගෙන් මිදින. එය බොහෝ කාලයක් පරිභාවිත විය. මොනවට දැමුනේ විය. මම පව් නොකරමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".
ධනිය ගෝපාල: " මම මවිසින් සපයාගනු ලබන වැටුපින් ජීවත්වෙමි. මාගේ පුත්‍රයෝද මා සමගම සිටිති. ඔවුන්ගේද වරදක් අසා නැත්තෙමි. වැස්ස ඉතින් කැමතිනම් වහින්න".
බුදුන් වහන්සේ: "මම කිසිවෙකුටත් දාසයෙක් නොවෙමි. මම දාස භාවයෙන් මිදී මුළු ලොවෙහිම හැසිරෙන්නෙමි. දාසකමින් මට වැඩක් නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".
ධනිය ගෝපාල: " මට නහඹු වස්සෝ සිටිති. දෙන ගේ කිරි බොන වස්සෝද සිටිති. ගැබිණි දෙන්නුද ඇත. ප්‍රවේනි ඝටනා දෙන්නුද ඇත. මේ ගව ගාලෙහි ගවම්පති ගොනුන්ද ඇත. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"
බුදුන් වහන්සේ: " මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝද නැත. ගැබිණි දෙන්නුද නැත. ප්‍රවේනි ඝටනා කරන දෙන්නුද නැත. මෙහි ගවම්පති ගොනුන් ද නැත. වැස්ස ඉතින් කැමති නම් වහින්න".
ධනිය ගෝපාල: " ගොනුන් බඳින කණු නොසැලෙන ලෙස සිටවා ඇත. මුදු තෘණ වලින් සැදී කඹ සවිකර ඇත. ගොනුන්ට ඒවා කැඩිය නොහැකිය. වැස්ස ඉතින් කැමතිනම් වහින්න"
බුදුන් වහන්සේ: "බන්ධනයන් බිඳ ගෙන යන වෘෂභයෙකු සේ මද පට කඩාගෙන යන ඇතෙකු සේ මම යලිත් ගෘහ වාසයේ සයනයට නොයමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න".
එම අවස්ථාවේදී මහා වැසි ඇද වැටෙන්නට විය. මහා වැසි වැටෙන හඬ අසා ධනිය ගෝපාල මෙසේ කීවේය.
ධනිය ගෝපාල: " යම් හෙයකින් අපි භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමුද ඒ නිසා අපට අනල්ප ලාභයක් සිදුවේ. අපි ඔබ වහන්සේ සරණ යමු. ඔබ වහන්සේ අපට ශාස්තෘ වන සේක්වා මගේ බිරිඳද මමද ඉතා කීකරුව බුදුන් වහන්සේ වෙත් ගොස් බ්‍රහ්මචර්යාවෙහි වසන්නෙමි. ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නෙමු. සියලු සසර දුක් කෙලවර කරන්නෙමු".
එවිට මාරයා මෙසේ කීවේය " පුතුන් ඇති අය පුතුන් නිසා සතුටු වෙයි. ගව හිමියන් ගවයන් නිසා සතුටු වෙයි. උපාදාන (ඇලීම ආශාවන්) මිනිසාට ගෙන දෙන්නේ සතුටකි "
බුදුන්වහන්සේ : ' පුතුන් ඇති අය පුතුන් නිසා දුක් වෙයි. ගව හිමියෝ ගවයන් නිසා දුක් වෙයි. ආශාවන් මිනිසාට ගෙනදෙන්නේ දුකමය. යමෙක් ආශාවන් රහිත වූයේද හෙතෙම ශෝක නොකරයි.
ධනිය ගෝපාල යනු කාශ්‍යප බුදුන් සමයේ මහා පින්කම් කර ඒ පිනින් ගෞතම බුදුන් සමයෙහිද මිනිසත් බව ලබා ඉපදුන බව විස්තර කෙරේ. ඔහු ජීවත් වූයේ ගොපලු ප්‍රජාවක නායකයකු ලෙස සහ ඉතා සාධාරණ ව්‍යාපාරිකයකු ලෙසය. ඔහු ජීවත් වුන "මහී ගංගා මිටියාවත" මහා වැස්සට යටවී ගංවතුරට බිලිවන බව දිවැසින් දුටු බුදුන් වහන්සේ මේ ගංගා මිටියාවතට වඩින්නේ ධනිය ඇතුළු පිරිස ගංවතුරින් බේරා ගැනීමටය.
මෙහිදී අඹුදරුවන් පිරිවර දැසි දසුන් උප භෝග වස්තු දේපල තිබීම නිසා ධනිය සතුටුව උදම් අනයි. ඒවා කිසිවක් නැති නිසාම බුදුන්වහන්සේද සතුටුව උදම් අනයි. අවසානයේදී ධනිය ගෝපාල ඔහුගේ ජීවිතයේ නිසරු බව වටහා ගනියි. මාරයාට තවදුරටත් ධනියව රැවටිය නොහැකි විය.
මේ ජීවන දර්ශනය සොබා නම් ග්‍රීකයා නවකතාවට එකතු කිරීමට එහි කතුවරයා ප්‍රයත්න දරයි. ධනිය සහ බුදුන් වහන්සේ අතර ඇති වූ මෙම කාව්‍යමය ගීතමය විචිත්‍ර සංවාදය තම නවකතාවට එකතු කළ නිකො ක්සන්ට්සාකිස් එය බටහිර බිහි වූ අපූරු කලා කෘතියක් බවට පත් කළේය.
ධනිය ගෝපාල සුත්‍රය කලාත්මක වස්තු විෂයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේදී පරාක්‍රමට වඩා ඉදිරියෙන් නිකො කසන්ට්සාකිස් සිටින බව පෙනේ. එහෙත් පරාක්‍රම "රශ්මි" සහ "ආලෝක මිනිසා" වැනි කාව්‍ය කෘතීන් කරද්දී බුදු දහමේ එන ජීවන දර්ශනය කාව්‍ය නිමිති කර ගන්නා ශූර භාවය වෙනත් කිසිම කවියකු විසින් දක්වා නැති බව මට සිතෙයි. අදටත් මගේ ප්‍රියතම කවියා පරාක්‍රමය. ඔහු ලියූ සියලු කවි වලට මම කැමතිය.
පසු සටහන- ධනිය සූත්‍රයේ සිංහල පරිවර්තනය වෙනුවෙන් ඉවහල් කරගත්තේ බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් කිතලගම පඤ්ඤාසීහ හිමි විසින් රචිත "ගොපලු උදානය' කෘතියත්ය. එම පොත් මට ලබා දුන්නේ ටොරොන්ටෝ මහා විහාරයේ රතනසිරි නාහිමියන් සහ විමලබුද්ධි හිමියන්ය .
සෝර්බා නම් ග්‍රීකයා කෘතිය ඉංග්‍රීසියෙන් කියවූ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා මෙය සිංහලයට පරිවතනය කරන ලෙස තිස්ස වඩිගමංගාව මහතාට ඇරයුම් කළේය. මා කියවූයේ එම සිංහල පරිවර්තනයයි. එය මට දුන්නේ එකල ලේක් හවුසියේ අප සමග වැඩ කළ මාධ්‍යවේදිනියක වූ දේවිකා වඩිගමංගාව ය. මේ සියලු දෙනාටම තුති !
Friday, 15 March 2013
මා දැන් සැරසෙන්නේ දෙබරයකට ගලක් ගසන්නටය-නූතන රාජ්‍යයේ ආගමික පදනම
මා දැන් සැරසෙන්නේ දෙබරයකට ගලක් ගසන්නටය.
මහාචාර්ය නලින් ද සිල්වා කලක සිට නූතනත්වය හඳුන්වන්නේ 'ක්‍රිස්තියානි නූතනත්වය' ලෙසය. නලින් යනු මට අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ බැරෑරුම් චින්තකයෙකි. මේ අදහසට විරුද්ධ වන අය සිටින බව දනිමි. 'මට අනුව' යැයි පැවසුවේ එහෙයිනි.මහාචාර්ය නලින්ට අනුව මේ වනවිට මුළු ලෝකයම 'ක්‍රිස්තියානි නූතනත්වයට' යට වී ඇත. ලංකාවේද දැන් පවතින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නොව 'ක්‍රිස්තියානි නූතනත්ව' සංස්කෘතියකැයි ඔහු මේ ළඟදී ලියා තිබිණි.
මහාචාර්ය නලින් අපට සැමදා බුද්ධිමය අභියෝගයක් විය. එහෙයින්ම ඔහු දිගින් දිගටම කියා සිටින මේ අදහසින් පොලඹවනු ලැබීමෙන් නූතනවාදයේ ආගමික පදනම ගැන සොයන්නට මගේ විවේක කාලයෙන් වැඩි වෙලාවක් යෙදෙව්වෙමි. මහාචාර්ය නලින් යෝජනා කරන මෙම අදහස ලංකාවේ වැඩි දෙනා සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ.( ඔහු ඉදිරිපත් කරන බොහෝ අදහස් සමාජය පිළිගන්නේ කලක් ගතවීමෙන් පසු බව මගේ අත්දැකීමය.) කෙසේ වුවද නූතනත්වයේ ආගමික පදනම ගැන ලංකාවෙන් පිටදී ලියවුනු ශාස්ත්‍රීය ලේඛන බොහොමයක් මට කියවන්නට ලැබිණි. එම කියවීම් තවම අවසන් නැත. ඒ අනුව මේ ලිපි පෙලෙන් ඉදිරිපත් කරන අදහස් තනිකරම මගේ ඒවා නොවන බැවින් සමහර තැන් වලදී සමහර චින්තකයන්ගේ නම් සහ පොත් පත් ගැනද සඳහන් කරන්නට සිදුවනු ඇත.
අමෙරිකාවේද රුසියාවේද ඉතියෝපියාවේද ශ්‍රී ලංකාවේද මුළු ලෝකයේම ද දැන් තිබෙන්නේ නූතනවාදයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ 'ජාතික රාජ්‍යයන්'ය. නූතනවාදය යටත්විජිතකරණය ඔස්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ රාජ්‍යයක් තිබුනද එය නූතනවාදී අර්ථයෙන් වන ජාතික රාජ්‍යයක් නොවිණි.දැන් අප සලකා බලන්නට යන්නේ එසේ ලෝකය පුරා ජාතික රාජ්‍ය බිහි කළ නූතනවාදයට ආගමික පදනමක් තිබේද තිබේ නම් ඒ කුමක්ද යන්නය.
'ප්‍රොතෙස්තන්ත සදාචාරයෙන්' ඔබ්බට............
එවැන්නක් සොයා බලන්නෙකුට ධනවාදයේ නැගීමට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය බලපෑ අකාරය ගැන 'ප්‍රොතෙස්තන්ත සදාචාරය සහ ධනවාදයේ සාරය' (The Protestant Ethic and the Spirit of Capitalism)
යනුවෙන් ධනවාදයේ නැගීමට ක්‍රිස්තියානිය පිටිවහල් වූ සැටි විස්තර කරමින් මැක්ස්වෙබර් පඬිවරයා ඉදිරිපත් කළ අදහස් වලින් ඔබ්බට යන්නට සිදුවනු ඇත. මන්දයත් ධනවාදය යනු නූතනත්වයේ එක අංගයක් පමණක් බැවිනි. නූතනවාදය යනු ධනවාදය පමණක් නොවන බැවිනි. නූතනත්වයේ ආගමික පදනම වනාහී ධනවාදයට මාවත හෙළි කළ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියට වඩා දුරකට ඇදී යන්නකි.
ආගම් විසින් සිදුකරනු ලබන එක කටයුත්තක් වන්නේ මිනිසාට තමන් ජීවත්වන ලෝකය සහ විශ්වය ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමය. එහෙයින් බොහෝ ආගම්වල විශ්වයේ ඇතිවීම නැතිවීම ගැන ප්‍රවාදයන් තිබේ.එනම් එක් එක් ආගමට තමන්ගේම වූ විශ්වවේදයක් (cosmology) තිබේ. එක් එක් ආගම්වලට ඇත්තේ එක සමාන විශ්වවේදයන් හෙවත් කොස්මොලොජීන් නොවේ. බෞද්ධ කොස්මොලොජියට වඩා ක්‍රිස්තියානි කොස්මොලොජීය වෙනස්ය. ලෝකයේ ඇතිවීම නැතිවීම ගැන කියන්නේ එකිනෙකට වෙනස් කතාන්දරයකි. නූතනවාදයේ ආගමික පදනම වටහා ගැනීමට මේ ආගමික කොස්මොලොජීන් දෙස හැරීමට අපට සිදුවේ.
මෙසේ වූ ආගමික කොස්මොලොජීන් චක්‍රීය කොස්මොලොජීන් සහ රේඛීය කොස්මොලොජීන් වශයෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. චක්‍රීය විශ්වවේදයන් විශ්වයේ සහ ලෝකයේ ආරම්භයක් සහ අවසානයක් ගැන කතා කරන්නේ නැත. එය කතා කරන්නේ නිරන්තරව සිදුවන වෙනස්කම් ගැන පමණි. ඒවාට අනුව ලෝකයේ සහ විශ්වයේ පවතින්නේ වෙනස්වීම් ප්‍රවාහයක් සහිත චක්‍රීය විපරිනාම ක්‍රියාවලියකි.ඇරඹුමක් හෝ අවසානයක් නැත. බුදු දහමේ එන 'සංවට්ට කප්ප- විවට්ට කප්ප' සංකල්පය උදාහරණයකි. හින්දු සමයද බොහෝ දුරට චක්‍රීය විපරිනාමය අනුව ලෝකය විග්‍රහ කරන්නේ යයි මට සිතේ. හින්දු සමය සහ බුදුසමය යෝජනා කරන්නේ මේ චක්‍රයෙන් ඉවත්වීමෙන් සත්වයාට / මිනිසාට විමුක්තිය සාදාගත හැකි බවය. ක්‍රිස්තියානිය පැමිණීමට පෙර යුරෝපයේද විශ්ව දැක්ම තරමක් මෙයට සමානව තිබූ බව ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ රචනා දෙස බලන විට පෙනේ.
ආරම්භයක් සහ අවසානයක් තිබේ?
එයට වෙනස්ව රේඛීය විශ්වවේදය කියන්නේ ලෝකයට ආරම්භයක් සහ අවසානයක් ඇති බවය. අගක් මුලක් තිබෙන බවය.මෙය ක්‍රිස්තියානි ආගමේ එන අදහසකි.ක්‍රිස්තියානියට අමතරව එම අදහස් කියන තවත් ආගම් තිබේ.
මේ රේඛීය සංකල්පය අනුව යමින් ක්‍රිස්තියානි දහම විසින් මිනිසාගේ ඉතිහාසය යනු ටීලියෝලොජිකල් ප්‍රවාහයක් ය (teleological process-අන්ත සාද්යතා ප්‍රවාහයක්) යන අදහස මතුකර තිබේ. telos යන ග්‍රීක වදනේ අර්ථය 'අවසානය' යන්නය. ඉංග්‍රීසි අර්ථය අවසානය යන අර්ථයට අමතරව 'කිසියම් ප්‍රවාහයක් විසින් සපුරාලන අවසාන ඉලක්කය' යන අර්ථයද ඇත. මේ තේරුම් දෙකම එකට ගත් කල මනුෂ්‍යාගේ ඉතිහාසය යනු කිසියම් ඇරඹුමක සිට කිසියම් අවසාන ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් ගමන් ගන්නා මිනිසාගේ කතාව ලෙස දැක්විය හැකිය. මේ ආගමික විශ්වවේදය බටහිර දේශපාලන චින්තනය ඇතුලත ක්‍රිස්තියානි දහම විසින් තහවුරු කළ අකාරය ඉතා රසවත් කතාවකි.
එය ඉදිරි ලිපියකින්...........

Thursday, 14 March 2013
ආගම පසු බසින්නට සූදානම් නැත
නූතන රාජ්‍යය ගැන විමසන මෙම ලිපි පෙළට අත්‍යවශ්‍ය පෙරවදනක් ලෙසින් මෙම සටහන
ඉදිරිපත් කෙරේ.
බහු දේව වාදය රජකළ ග්‍රීක සහ පෙරදිග පූර්ව නූතන රාජ්‍ය සමයේ දේශපාලනයට වඩා නූතනවාදයේ දේශපාලනය වෙනස්ය. ඒ දෙවියන් නැති නිසා නම් නොවේ. දේශපාලන භූමිය දෙවියන් වැඩි දෙනා විසින් හවුලේ භුක්ති විඳිනු වෙනුවට එය තමන්ට පමණක් අත් පත් කර ගැනීමට දෙවියන් දෙතුන් දෙනෙකු පොරකන නිසාය.
නූතනවාදයේ 'මහා උදාන වාක්‍යය' වූයේ ආගමින් දේශපාලනය වෙන් කිරීමට නූතනවාදය සමත් වූ බවය.ලව්කිකවාදය (secularism) කිරුළු පැළන්දූ බවය.ප්‍රංශ විප්ලවය මේ උදානයේ දේශපාලන සංකේතය විය. එහෙත් නූතන වාදයට ගැලවිය හැකි වූයේ ආගමේ පිට පොත්ත පමණි.ආගමේ හරය එලෙසින්ම දේශපාලනය ඇතුලෙහි ඉතිරි විය. "දෙවියන්ගේ දේවල් දෙවියන්ටත් සීසර්ගේ දේවල් සීසර්ටත්" දෙන ලෙස පැවසුවද දෙවියන් එය ඇහුවේ නැත. යුරෝපයේ විප්ලව සමයේදී ඉස්සරහ දොරින් පලාගිය දෙවියෝ නැවතත් පස්ස දොරින් දේශපාලන කරලියට වැඩම කළහ.
බටහිර පෙරදිග භේදයකින් තොරව ආගම දේශපාලනය ඇතුළට කඩාවැදීම කිසිවිටෙකත් 'පශ්චාත් නූතන තත්වයක්' නම් නොවේ. ගෝලීයකරණයේ නිශේධනීය ප්‍රතිපලයක්ද නොවේ. එය ආගම් බිහි වූ දා සිටම සිදු වූ සන්තෑසියකි. ආගම තවම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට සූදානම් නැත. නූතනවාදයට දෙවියන් දේශපාලනයෙන් පිටමන් කළ නොහැකි වූයේ ඇයි? නූතන වාදයද දෙවියන්ගේ තවත් අවතාරයක් වූ බැවිනි. නූතනවාදය වනාහී ආගම තවත් ආකාරයෙන් (religion by other mean) ක්‍රියාත්මක කිරීමක් විය.
ඉදිරියට ............

Tuesday, 12 March 2013
පෙරදිගට අපරදිග මුණගැසීම (ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත - 2 කොටස )
'යා දෙක නොරත රත - සමග පෑහීමක් නැත' කියන්නා සේ පෙරදිග සහ අපරදිග කිසිම සම්බන්ධයක් පැවතුනේ නැතිද? දහනව වන ශත වර්ෂයේ එංගලන්තයේ ජීවත් වූ රඩ්යාඩ් කිප්ලින් කවියා ඉහත කී අකාරයේ කව්යෝක්තියක් හැදුවේය.
"පෙරදිග පෙරදිගය - අපරදිග අපරදිගමය
මේ දෙදෙන කිසිදිනෙක- ඔවුනොවුන් හමු නොවෙතිය".
Oh, East is East and West is West, and never the twain shall meet,
Till Earth and Sky stand presently at God's great Judgment Seat;
But there is neither East nor West, Border, nor Breed, nor Birth,
When two strong men stand face to face, though they come from the ends of the earth!
මේ කවියේ මුල් පදයෙන් කිප්ලින් එසේ කීවාට වැඩ සිද්ද වුනේ ඒ අයුරින්ම නොවේ. පූර්ව නූතන රාජ්‍යය සමයෙහි පෙරදිගත් අපරදිගත් සිදු වූයේ සමාන සිදුවීම්ය.
පෙරදිග රාමායනය සහ මහා භාරතය යන වීර කාව්‍ය බිහිවන විට අපරදිග ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය බිහි විය. රාමායනයේ විස්තර වන්නේ රාම රාවන යුද්ධයයි. ඉලියඩ් හි විස්තර වන්නේ ට්‍රෝජන් යුද්ධයයි. රාමායණයෙහි එන යුද්ධයට හේතුව වන්නේ අන් සතු ස්ත්‍රියක් පැහැර ගෙන යෑමය. ඉලියඩ් හි යුද්ධයට හේතුවද එයමය. රාමාගේ බිරිඳ සුරූපී සීතාව රාවනා පැහැර ගෙන යයි. අගමෙම්නන් රජුගේ සොහොයුරාගේ බිරිඳ වන සුරූපී හෙලන් ව ප්‍රියාම් රජුගේ පුත් පැරිස් පැහැරගෙන යයි. රාමායනයෙහි යුධ වීරයා රාමය. ඉලියඩ් හි යුධ වීරයා අචිලීස්ය. දෙවි වරුද ද බටහිර පෙරදිග භේදයකින් තොරව යුද්ධයට සම්බන්ධ වූහ. ඔලිම්පස් ආදී කඳු මුදුන් වල සිට බටහිර දෙවිවරු ට්‍රෝජන් යුද්ධය මෙහෙය වූහ. රාම-රාවන යුද්ධයේදී පෙරදිග දෙවිවරු කෙලින්ම යුධ බිමට පැමිණියහ.
මේ පුරාවෘත්ත වලින් කියවෙන්නේ පෙර අපරදිග භේදයකින් තොරව පූර්ව නූතන යුගයෙහි මිනිසුන්ගේ ලෝක දැක්මෙහි තිබූ සමාන ස්වරූපයයි. භවුතිකව හමු නොවුනාට චින්තනමය වශයෙන් පූර්ව නූතන රාජ්‍යයේ වැසියාගේ දේශපාලන අදහස් වල සමානත්වයක් තිබිණි.
පෙරදිග අප විස්මිත විශ්මිත ශිෂ්ටාචාර ගොඩ නගන සමයෙහි බටහිර ජාතීන් තනිකරම ගල්ගුහා වල පමණක් ජීවත් වූයේ නැත. ඔව්හුද එවැනිම ශිෂ්ටාචාර ගොඩ නැගූහ. එසේම පෙරදිග සමහර සමහර මිනිස් සමාජ දඩයම් කරමින් ගල් ගුහා වල වාසය කරද්දී අපරදිග සමහර සමාජ වල ජන කොටස්ද එසේම වූහ. මේ වනගත සමාජයන්හි නෂ්ටාවශේෂ අදත් පෙර අපර දෙදිගම දැක ගැනීමට ඉතිරි වී තිබේ. පෙරදිග ඉන්දියාවේ දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවන වකවානුවේ බටහිර ග්‍රීසියේද ඊට නොදෙවෙනි දියුණුවක් ඇති විය. පෙරදිග බුදුන් වහන්සේ, ජින මහාවීර, චානක්‍යය බිහිවන විට බටහිර සොක්‍රටීස්,ප්ලේටෝ ඇරිස්ටෝටල් බිහි වූහ.
ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹුණේ ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයෙන් පමණක් නොවේ. ලිච්චවින්ගේ ගණතන්ත්‍ර පාලනයද ප්‍රජාතන්ත්රයකි.අපේ රටේ තිබූ වරිග සභාවද ප්‍රජාතන්ත්රයකි. ප්‍රජාතන්ත්‍රය වනසමින් අධිරාජ්‍යය හැදුවේ බටහිර ඇලෙක්සැන්ඩර් විතරක් නොවේ. බුදුන් සරණ ගිය පෙර දිග අජාසත්තද ලිච්චවින් පරදවා මගධ අධිරාජ්‍යය පළල් කළේය.
පූර්ව නූතන රාජ්‍ය යුගය පිලිබඳ කව්යෝක්තිගත අගතීන් ගෙන් තොරව බලන කල පෙනෙන චිත්‍රය එවැන්නකි. භූ ගෝලීය වශයෙන් දුරස් වුවද පූර්ව නූතන රාජ්‍යය සම්බන්ධයෙන් පෙරදිගත් බටහිරත් ඇත්තේ සමානකම්ය.
අපරදිග සම්බන්ධයෙන් සමහර ජාතික වාදීන්ද පෙරදිග සම්බන්ධයෙන් සමහර නූතනවාදීන් ද තම දේශපාලන අගතීන් වැපිරීමට ඉතිහාසය කෙලි මඩලක් කර ගන්නා ආකාරය අපි දිනපතා අත් දකිමු. මේ අගතීන් ඔස්සේ යමින් අපට සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගත නොහැකිය.
මිනිසා නිර්මාණය කර ගන්නා අනෙක් සෑම සමාජ ආයතනයක් මෙන්ම රාජ්යද වෙනස් වන සමාජ ආයතනයකි. රාජ්‍යයේ ස්වභාවයද ඉතා හෙමින් නමුත් වෙනස් වෙයි. පූර්ව නූතන, ආසියාතික රාජ්‍යය වෙනස් වී නූතන රාජ්‍යය බිහි විය. අප මේ ජීවත් වෙන්නේ එම නූතනත්ව රාජ්‍යයද වෙනස් වීමකට අවතීර්ණ වී තිබෙන සමයකය. ඒ කුමන වෙනස් වීමක්ද යන්න ඉදිරියට සාකච්චා කරමු. ඒ සදහා ඉතිහාසයෙන් නූතන රාජ්‍යය දෙසට හැරෙමු.
Sunday, 10 March 2013
ඉතිහාසයෙන් ඔබට ගැලවීමක් නැත (පළමුවන කොටස )
වර්තමානය යනු අතීතයේ දරුවෙකි. අද සිටින ඔබ නිර්මාණය වූයේ ඊයේ ඔබගේ ඉතිහාසය
මගිනි. ( මෙතන ඉතිහාසය යනු 'අතීතය' 'යටගියාව' යන අරුතින් යොදා ඇත. ) ඔබ ඔබට ගරු
කරන්නේනම් ඔබේ ඉතිහාසයටද ගරු කරන්න. එහෙත් ඉතිහාසයට ගරු කිරීම යනු ඉතිහාසය කවියට
නැගීම නොවේ. කවිය සහ කාව්‍යෝක්තීන් අපට අවශ්‍යය. එහෙත් ජීවිතය තේරුම් ගැනීම
කාව්යෝක්තීන්ගෙන් පමණක් කළ නොහැකිය. නැවතත් ඉතිහාසය දෙසට හැරෙමු. ඉතිහාසයෙන් ඔබට
ගැලවීමක් නැත. ඔබේ සෙවනැල්ල ඔබ සමගම එන්නේ යම්සේද ඉතිහාසයත් ඔබ සමග පැමිණෙනු
ඇත.
ඔබ අන්ධකාරය දෙසට පියනගන කල ඉතිහාසය නමැති ඔබගේ සෙවනැල්ල සියලු
කාව්‍යෝක්තීන් සමගින් ඔබ ඉදිරියෙන් ගමන් කරමින්
ඔබ දූ කෙළියෙහි, දුරාචාරයෙහි, අවේලාවේ
වීදි සංචාරයේ යොදවන පාප මිතුරෙකු සේ අන්ධකාරයට ගමන් කරනු පිණිස ඔබට මග පෙන්වයි.
ඔබ ආලෝකය දෙසට ගමන් කරනවිට ඉතිහාසය නමැති ඔබේ සෙවනැල්ල කාව්‍යෝක්ති පසෙකලා
විචාර බුද්ධිය සමගින් ඔබේ කල්‍යාණ
මිත්‍ර ගුරුවරයකු සේ ඔබ පිටුපසින් හිඳිමින් ඔබට දිරි
දෙමින් ඔබ පසු පසින් ගමන් කරනු ඇත. මේ තත්වය පුද්ගලයන්ගේ ඉතිහාසයට මෙන්ම
රාජ්‍යයන්ගේ ඉතිහාසයටද අදාලය. කාව්‍යෝක්ති
පමණක් ඉතිහාසය ලෙස සලකන රාජ්‍යය යන්නේ අඳුරටය. තම ඉතිහාසය විචාර බුද්ධියෙන්
පිළිගන්නා රාජ්‍යය ආලෝකය දෙසට ගමන් කරයි.
සමහර නූතනවාදීන් කියන්නේ බටහිර ජාතීන් අපේ රටට එන්නට කලින් අප නිකම්ම නිකන්
බයියන් පිරිසක් ලෙස ජීවත් වූ බවය. හරි හමන් දැනුමක් නැතිව හරියට අදින්නට පළදින්නට
දන්නේ නැතිව නීතියක් රීතියක් චාරිත්‍රයක් දන්නේ නැතිව උපන්නාට මේ ලොව වැනෙනවා
ලෙසින් ජීවත් වූ රිලා මොටයි පිරිසක් බවය. ඉතිහාසයට ගරහන්නේ එලෙසය! අනේ අතට සමහර
ජාතිකවාදීන් සහ දේශප්‍රේමීන් කියන්නේ අප ඉතා ස්වර්ණමය අතීතයක සිට ක්‍රමයෙන්
පරිහානිය කරා ගමන් කරන බවත් එම අතීත ශ්‍රී විභූතිය යලි අත් පත්කර ගැනීමට නම් අප
අපගේ ඔරලෝසුව ආපස්සට කරකැවිය යුතු බවත්ය. ඉතිහාසය කවියට නගන්නේ එලෙසය!.
"අප සාගරය පරයන මහා වැව් දාගැබ් සහිත ශිෂ්ටාචාරයක් හදද්දී බටහිර
ජාතීන් (සුද්දන් ) දඩමස් පලහා කමින් ගල් ගුහා වල වැද්දන් සේ ජීවත්වූ''
කතාව අප සිය දහස් වර අසා ඇත්තෙමු. මෙය වනාහී අපේ රාජ්‍යයේ ඉතිහාසය පිලිබඳ නිතර පට්ට
ගසන කාව්යෝක්තියකි.'පට්ට' පට්ටන්දරයකි. කවියකි.
මේ කවිය අපට මුලින්ම කිව්වේද සුද්දෙක්ය යන කාරණයද අමතක කරමින් සුද්දන්ගේ ඉතිහාසයට
ගරහා අපේ ඉතිහාසය උඩ දැමීමට මේ කවිය නිතරම කියමු.
මේ කවිය මුලින්ම කිව්වේ18 වන ශත වර්ෂයේ
බ්‍රිතානයේ සිටි කොන්සර්වටිව්වාදී මන්ත්‍රීවරයකු වූ එඩ්මන්ඩ් බර්ක්ය.බර්ක් එසේ පැවසුවේ ඉන්දියාවේ ජනතාව ගැනය. " a people for ages civilized and cultivated... while we were yet in the woods"යනුවෙන් ඔහු පැවසුවේ පෙරදිගට ශිෂ්ටාචාරය රැගෙන ගියේ තමන් විසින්ය යන මානයෙන් ඔලුව
උදුම්මාගෙන හිටි සමහර සුද්දන්ගේ මානය බිඳ දැමීමටය. එහෙත් එංගලන්තයේ දී කිව් මේ කතාව
වැඩියෙන් ජනප්‍රිය වූයේ එම රටේදීටත් වඩා ඉන්දියාවේය. ඉන්දියාවෙන් අප ශ්‍රී
ලන්කාවටද පැමිණ අප රටෙත් වඩාත් ජනප්‍රිය යෙදුමක් විය.
නූතනත්ව යුගයට පෙර සුද්දාට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර
ජාතිකවාදියෝ කියති.
නූතනත්ව යුගයට පෙර අපට ශිෂ්ටාචාරයක් තිබුනේ නැතැයි සමහර නූතනවාදීයෝ කියති.
මේ දෙගොල්ලොම තරගෙට කවි කියති.
ඊ ළඟ කොටසින්........ පෙරදිගට අපරදිග මුණගැසීම

Wednesday, 6 March 2013
ඔහොම යනකොට මටත් එහෙම වෙන්න හිතෙනවා
අපේ කට්ටිය කැම්පස් එකේ කැන්ටිමේ කොනේ මේසෙට තමයි එකතුවෙන්නේ.
මේ කණ්ඩායමේ ඉන්නවා ජාතික චින්තන කාරයෙක්. එතකොට පශ්චාත් නූතන වාදියෙක්.
තව.. මාක්ස්වාදියෝ දෙන්නෙක්. එයින් එක්කෙනෙක් ජාතීන්ගේ ස්වයන්තීරන
අයිතිය එහෙම පිළිගන්න පොදු වාමාන්ශිකයෙක්. අනිත් එක්කෙනා ටිකක් ජවිපෙට හිතවත්
වාමාන්ශිකයෙක්. තව එතන ඉන්නවා මේ මොනම
මතවාදයකටවත් සම්බන්ධ නැති 'අලයෝ' කියල හඳුන්වන දෙතුන්දෙනෙකුත්.
මේ අය අතර වෙනස් මතවාද තිබුනත් කට්ටිය හොඳ යාළුවො. (දේශපාලන මතවාද නිසා කවදාවත් ගහගන්නේ නැහැ). ඔන්න කට්ටිය සින්දු කියනවා. අලය තමයි ගොඩක් සින්දු දන්නේ.අලය සින්දුවක් කියනවා දීපාල් සිල්වාගේ. මෙහෙම ...
ආනන්ද භවන් . න්. න් ..
ආනන්ද භවන් එකට ගිහින් තෝසේ ගිලිනවා
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා ..
ආනන්ද .. අ .. අ.. අ.. .අ.. අ .. අ භවන්
අලයට එක පාරටම සින්දුව නවත්වන්න වුනේ ජාතික චින්තන කාරයගේ සද්දේ නිසා.
චින්තනයා -'' ඒයි ඔය සින්දුව නවත්තපන් ඕක දෙමල ජතිවාදෙට කත් අදින සින්දුවක් "
මේ කතාවට වාමන්ශිකයට අප්සට්.
වමා -"ඇයි සිංහල මිනිස්සු එහෙම නැහැ කියලද උඹ කියන්නේ?''
චින්තනයා -'' එකෙක් දෙන්නෙක් එහෙම ඇති. ඒක පොදු තත්වය නෙමෙයි. නමුත් මේ සින්දුවේ තියෙන්නේ සිංහලයට එරහි මතවාදයක් "
පශ්චාත් නූතනවාදියත් කට ඇරියා.
ප.නූ.වාදියා -' ඇයි සිංහලයට එරෙහි මතවාදයක් තියෙන්න බැරිද ?
චින්තනයා -''තියෙන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ මේක සිංහලයන්ගේ රට"
වමා- ''මේ රට සිංහලයන්ගේ විතරද ? එතකොට දෙමල- මුස්ලිම් එවුන් අල්ලලා මුහුදට දාන්න කියලද උඹ කියන්නේ ?ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
චින්තනයා - 'අපි එහෙම කියන්නේ නැහැ. නමුත් රටක් ගත්තහම අනන්‍යතාවක් තියෙනවා. මේ රටේ අනන්‍යතාවය සිංහල බවුද්ධ. ඒකට කවුරුත් ගරු කරන්න ඕනි "
වමා - "රටවල් වලට ඔහොම අනන්‍යතාවක් කියල එකක් නැහැ බන් "
චින්තනයා - '' මොකද නැත්තේ ? උඹලට ඉතින් යමක් පැහැදිලි කරලා දෙන්න පිට රටින්ම උදාහරණ දෙන්න ඕනි නේ. බලපන් එංගලන්තේ ඇමෙරිකාව කියන්නේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි රටවල්. එතකොට ප්‍රංශය කියන්නේ ප්‍රංස කතෝලික රටක්. ජර්මනිය ඇවිල්ල ජර්මන් ක්‍රිස්තියානි රටක්. ඉන්දියාව හින්දු රටක්.පාකිස්තානේ මුස්ලිම්. ඒවා තමයි ඒ රටවල අනන්‍යතාවය. ඒ රටවල් වල ඉන්නවනම් ඒ අනන්‍යතාවය පිලි අරගෙන ඉන්න ඕනි. ඒ වගේ තමයි ලංකාවත්. මේක සිංහල බවුද්ධ අනන්‍යතාවක් තියෙන රටක්.''
ප. නූ. වාදියා -'' ඔය කියන අනන්‍යතාවන් හැදුනේ කොහොමද කියල කියන්න පුලුවන්ද ?
චින්තනයා -' ඒක හැදෙන්නේ දවසකින් දෙකකින් නොවෙයි . ඉතිහාසේ අවුරුදු සිය දහස් ගණනක් ක්‍රියාවලියක් ඔස්සේ. මේ රටේ සිංහල බවුද්ධ වුනෙත් එහෙම ලොකු ඉතිහාසයක් ඔස්සේ.''
ප.නූ.වාදියා - '' මොන කෙහෙම්මල් ඉතිහාසයක් වත් ඔතන නැහැ. ඔය ජාතික අනන්‍යතාවන් කියන ඒවා හැදෙන්නේ ලෝකේ ධනේශ්වර ක්‍රමයේ නැගීමත් එක්ක. ලංකාවේ ඔය කියන ජාතික අනන්‍යතාව අපට තේරුම් ගන්න වෙන්නේ පශ්චාත් යටත් විජිත කතිකා සන්දර්භයක් තුලයි.
අලයා - '''මොන මගුලක් කියනවද කියල තේරෙන්නේ නැහැ බන්. සරල සිංහලෙන් කියපන්කො.''
වමා - ''ඒ කියන්නේ ලංකාවේ සිංහල කියන අනන්‍යතාව හැදෙන්නේ ඉතිහාසේ බොහෝ දුර ඉඳල නොවෙයි කියන එකයි. යටත් විජිත වාදෙන් පස්සේ තමයි ලංකාවේ ධනේශ්වර කරමය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය සමග තමයි ජාතිය කියන එක හැදෙන්නේ'' .
ජවි පෙ සහෝදරයත් කතාවට එකතුවුනා
ජෙප්පා- '' ඔවු ජාතිය හැදෙන්නේ ධනේශ්වර ක්‍රමය එක්කයි ඊට කලින් ජාතිය බිහිවෙන්න විධියක් නැහැ. "
අලයා- ' එතකොට ඊට කලින් හිටියේ කවුද ?
ජෙප්පා - "ඊට කලින් වහල් සමාජයේ හිටියේ ගන ගෝත්‍ර , වැඩවසම් සමාජේ වෙනකොට ඒවා ජනවර්ග වුණා. විජේවීර සහෝදරයාගේ පොතේ ඕක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ ජාතිය තවම හරියට හැදිලා නැහැ. තියෙන්නේ ජනවර්ග. එහෙම නැත්නම් ජාතිකත්වයන් ''
චින්තනයා - ''එතකොට සිංහල කියල ජාතියක් නැහැ?
වමා - 'ඔවු' සිංහලයෝ කියන්නේ ජනවර්ගයක් .
චින්තනයා - 'එතකොට මොකද උඹල දෙමල ජාතියේ ස්වයන් තීරණ අයිතිය පිළිගන්නේ?
වමා- ඒක දෙමල මිනිස්සුන්ගේ අයිතියක් නිසා. පීඩිත ජාතියේ ස්වය්න්තීරන අයිතියට අපි ගරු කරනවා .
චින්තනයා - 'ඒ කියන්නේ උඹලට සිංහලයෝ කියන්නේ ජාතියක් නොවෙය් නිකම්ම නිකන් ජනවර්ගයක් . හැබැයි අන්න ඒකට දෙමළ! ඒක නම් උඹලට නම් නියම ජාතියක් . දෙමලට ස්ව්‍යන්තීරණේ දෙන්න ඕනි. ඒකනේ උඹල කියන්නේ.? ඔන්න ඕක තමයි යකෝ නියම ෆැසිස්ට්වාදෙ''
ප. නූ. වාදියා - එතකොට උඹ කියන්නේ ලංකාවේ ඉන්න ජාතිය සිංහල කියලනේ එතකොට දෙමල, මුස්ලිම් ඒ අය කවුද ?
චින්තනයා - ' ඒ අය ජනවර්ග. ජාතීන් නොවෙයි .
වමා - "එතකොට සිංහල විතරයි ජාතිය ! දෙමල මුස්ලිම් ජාතීන් නොවයි. ඕක තමයි යකෝ ෆැසිස්ට් වාදේ කියන්නේ ?'
ජෙප්පා - '' අපි නම් ඔය ස්වයන්තීරන අයිතිය පිළිගන්නේ නැහැ '
ප නු.වා - ''ඇයි උඹලා මාක්ස්වාදියෝ නේද ?
ජෙප්ප- ''අපි මාක්ස්වාදියෝ තමයි. එත් අපි මේ සංකල්පය පිළිගන්නේ අවස්තානුකූලවයි. පන්ති දේශපාලනයට යටත් කරලා.''
වමා - ''ඕකට කියන්නේ මක්ස්වාදේ නෙමෙයි අවස්ථාවාදේ.''
ජෙප්පා - ''උඹ ඉන්නේ පොතේගුරුවාදේ''
ප. නු. වාදීයා - ''උඹලගේ ඔය මතවාදෙත් අන්තිමට සේවය කරන්නේ මහජාතියේ ෆැසිස්ට් වාදෙට''.
චින්තනය - ' මේ රටේ සිංහල මහා ජාතිය කවදාවත් ෆැසිස්ට්වාදී වෙලා නැහැ . ෆැසිස්ට්වාදෙට'' ගිහිං තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ දේශපාලනෙයි. ඒ ෆැසිස්ට් වැඩේ සාධාරණය කරන උඹලගේ ඔය මතවාදේ සේවය කරන්නෙත් ෆැසිස්ට්වාදෙට''
අලයා - ''මොකක්ද බන් ෆැසිස්ස්ට් වාදෙ කියන්නේ ?
කිහිපදෙනෙක් - ''ෆැසිස්ට් වාදෙ කියන්නෙත් ජාතිවාදෙට''
අලය -''මල කෙලියයි! දැන් බලාගෙන යනකොට මම ඇරුනම මෙතන ඉන්න ඔක්කොම ජාතිවාදියෝනේ. ඔහොම යනකොට මටත් ජාතිවාදියෙක් වෙන්න හිතෙනවා.''

Subscribe to:
Posts (Atom)
එහෙමත් නැත්නම් විසදුම මේකයි කියල ෆැන්ටසියක් හදලා රේඛීය එකෙන් දෙනවා...
හැබයි කවුරුත් දන්නෙ නෑ විසදුම...හැමෝම කියන්නේ කරලා බලමු කියලා....ශ්‍රේෂ්ඨ බුද්ධදර්ශනය පවා...
බහුදේවවාදය, ඒක දේවවාදයේ සිට නූතන් මහා පිපිරුම් න්‍යායේ විශ්වය ප්‍රසාරණ දක්වා ආගම, දේශපාලනය, විද්‍යාව පත අට එකට හින්දලා චක්‍රීය හරි රේඛීය නැමැති පැණි රසත් එක්ක කාසාය ටික ඇගට දා ගන්න එකයි තියෙන්නේ.....
ලෝක ඉතිහාසය හා සමාජ දර්ශන පිළිබඳ මගේ දැනුම අල්පයි. ඒත් ත්‍රිත්ව සංකල්පය ගෑවුණු හැම දෙයක්ම ආගම හා සබැඳීම ආගමේ සේයාවන් ලෙස දැකීම විශේෂයෙන් ක්‍රිස්තියානි ආගමේ සේයාවන් ලෙස දැකීම දුර්වල කමක් ලෙස මට පෙනෙන්නේ.
මගේ හිතිවිල්ල නම් සියළු ආගම්, විශ්වයේ සත්‍යතාවන් තේරුම් ගැනීම සඳහාත් විග්‍රහ කිරීම සඳහාත් මිනිසා විසින්ම නිර්මාණය කරගත් සංකල්ප හා දර්ශන බවයි. අපි අපේ නිරීක්ෂණ හෝ ජන්මය මත ඔයින් එකක් හරිය හෝ අනෙක්වා වැරදිය වශයෙන් වර්ග කරනවා. මෙතැන දී ආගමික සංකල්ප තුලට ත්‍රිත්වය ඇතුළු වී ඇත්තේ එය ස්වාභාවික වූ බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරී වන සංකල්පයක් නිසා කියායි මම හිතන්නේ. උදාහරණයක් ලෙස ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන. නියුට්‍රෝන වැනි විද්‍යාත්මක සංකල්ප තුල හමුවන ධන, ඍණ හා උදාසීන ත්‍රිත්වයෙත් සුලමුල ක්‍රිස්තියානි ආගම ද?
එමෙන් ම හිට්ලර්ගේ Third Reich නාමීකරණය ජර්මානු ඉතිහාසය හා බැඳුණක් මිස ආගමික සංකල්පයක් නොවන බව මගේ ජර්මන් මිතුරෙක් කියනවා.
මගේ අල්ප දැනුමට අනුව බටහිර, විශේෂයෙන් කැනඩාව හා උතුරු ඇමරිකාව ආගම හා රජය වෙන්කර තැබීමයැයි අදහස් කරන්නේ රටේ නායකයින් දේශපාලකයින් ආගමක් ඇදහීමවත් ආගමික හැදියාව සංකල්ප අත්හැරීමවත් නොවෙයි. මා දකින විදිහට නම් එය රටේ පාලකයින් අදුර්ශමාන හා සර්වබලධාරීවූ බලවේගවල නිලලත් නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් අත්තනෝමතිකව රට පාලනය කිරීමේ ක්‍රමය අතහැරීමක්.
අදත් ඉතින් හිතුණ දේ හිතුණ ලෙසින්ම ලිව්වා.
You instead of writing on the danger of identity political religion of Sinhala Buddhism and its neo-militancy as witnessed in Lanka, are earger to write on kind new "christian cue' thesis guilty of promoting a western modernity. That does not fit into a honest intelctual enagement. I see the shadows of your guru Nalin De Silva.
This is like digging wells while the house is on fire: a selective double blindness.
Your writting falls between the translocal nationalism and postmodern critique both which reject the reality that is presented by the critical historical analyses.
but still you are a great friend with whom I engage.
මේ වගේ ප්‍රතිචාර ලැබෙන කොට ඉතින් පටන් ගත්ත වැඩේ කොහොමවත් නතර කරන්න බැහැ. මේ බ්ලොගය පටන්ගත්තේ කැනඩාවේ උෂ්ණත්වය ඍන 20 ට විතර පහළ බැහැල තිබුණු ශීත කාලේදී. දැන් ශීත කාලේ අවසන් වෙගෙනයි එන්නේ. රට වගේම බ්ලොගයත් ටික ටික උණුසුම් වේගෙන එනවා. ශීත කාලෙට වඩා දැන් කාර්යබහුල වුනත් කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්නම්. අපි මූලික වශයෙන් කතාකරන්නේ රාජ්‍යය ගැනයි. ඉඳල හිටලා 'ලයිට් රීඩින්' එකක් දෙකක් එහෙම දැම්මත් ඒවාත් අපේ මූලික මාතෘකාවට සම්බන්ධ කරන්න උත්සහ ගන්නවා.
කාලයක් ලිවිල්ල නවතලා හිටපු මට ඔබේ මේ ප්‍රතිචාරත් සමග ලිවීම සඳහා උනන්දුව දිරිය වැඩිවෙලා තිබෙනවා. මේ බ්ලොගය සහ එහි ලිපි විවිධ ක්‍රමවලින් හුවමාරු කරන සියලුම මිතුරන්ට ස්තුතියි. අපි සංවාද කරමින් ඉදිරියට යමු මේකත්"දියවැලක් ඔස්සේ..........." (සිරිලාල් කොඩිකාරගෙන් ණයට ගත් කියමනක් ) යන ගමනක්.