tag:blogger.com,1999:blog-4128211746055801783.post2136544445217059445..comments2023-09-20T01:17:01.864-07:00Comments on සතර දිගන්තය : ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ලාභියෙකු ලියන වග නම් ..............Anonymoushttp://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4128211746055801783.post-66872518158100698732017-03-24T03:51:45.859-07:002017-03-24T03:51:45.859-07:00හම්මෝ උඹලගේ විජේවීර මස්සිනා තරම් නම් මානව හිතවාදිය...හම්මෝ උඹලගේ විජේවීර මස්සිනා තරම් නම් මානව හිතවාදියෙක් මේ තුන් ලෝකෙම නෑ. ඉල් මහා විරුවෝ කියල මිනීමරුවෝ සෙට් එකක් සමරන්න පුළුවනුත් උඹලටම විතරයි. අනේ හුකේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-7897679161632669432017-03-23T08:00:03.848-07:002017-03-23T08:00:03.848-07:00ඔබේ අන්තිම අදහස් දැක්වීමට උපරිමයෙන් ම එකගයි...... ...ඔබේ අන්තිම අදහස් දැක්වීමට උපරිමයෙන් ම එකගයි...... ඕක දේශපානලනයට විතරක් නෙමෙයි මේ වෙලාවේ බ්ලොග්ලෝකයේ ඇති වී තිබෙන බෙදීමට ද සම්බන්ධ කිරීමට කැමැත්තෙමි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-46833580499315514022017-03-22T19:31:58.971-07:002017-03-22T19:31:58.971-07:00ඔහු ගේ පෙළපතේ නම අතුලත්මුදලි මිස ඇතුලත්මුදලි නොවේ....ඔහු ගේ පෙළපතේ නම අතුලත්මුදලි මිස ඇතුලත්මුදලි නොවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-22751249712885296742017-03-22T16:31:13.213-07:002017-03-22T16:31:13.213-07:00තම දේශපාලන ප්රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින...තම දේශපාලන ප්රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින් මීට වසර විසි ගණනකට පෙර වෙඩි කා මල ලලිත් ඇතුලත්මුදලි නම් දේශපාලකයා පිළිබඳව කතාවක් මේ දිනවල Talk of the town වී තිබේ.

ඒ ඔහු නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසික ශාලාවක් විවෘත කිරීමට දැරූ උත්සාහයක් සිසුන් මැදිහත් වී වැලක්වීමයි.

තමන්ගේ නමින් මාර්ග, ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, ගුවන්තොට පමණක් නොව වැසිකිලි පවා නම් කරගැනීමේ සිරිතක් ලංකාවේ දේශපාලකයින් අතර තිබේ. ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ මේ අතර ඉදිරියෙන්ම සිටි දෙපලකි.

දැන් මේ කඩිමුඩියේ , මීට වසර විසි පහකට කලින් වෙඩි කා මල දේශපාලකයෙකුගේ නමින් සරසවි නේවාසිකාගාරයක් නම් කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ මන්ද?

ඔවුන් කියන්නේ සිසුන් ට මහපොල ශිෂ්‍යත්වය හඳුන්වා දුන් මහා පුරුෂයා නිසා ඔහුට ගරු කළ යුතු බවය. ජනතාවගේ බදු මුදලින්ම යැපුණු මේ දේශපාලුවන් මහපොල ශිෂ්‍යත්වය ලබා දුන්නේ ඔවුන්ගේ බූදලයෙන් නම් අපිට කම් නැත. එහෙත් ඔවුන් එය කලේ නැවතත් ජනතාවගේ තුට්ටු දෙකම සූරාගනිමින්ය.

අනිත් අතට ලලිත් ඇතුලත්මුදලි යනු වන්දනා කල යුතු ආදර්ශමත් දේශපාලකයෙක්ද?

ජාතියට මහපොල දායාද කළ මේ මහා මානව හිතවාදි බුද්ධිමතා, 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් කනත්තට දක්කන බවට කළ තර්ජන අද අතුලත්මුදලි වෙනුවෙන් කඩේ යන සුදනන් එක්කෝ දන්නේ නැත, නැත්නම් මතක නැත. එදා වර්ජනයට සහභාගි වුවන් රැකියාවෙන් පහකල ජයවර්දන -ඇතුලත්මුදලි-දිසානායක-ප්‍රේමදාස හවුල එම පොරොන්දුව මැනවින් ඉටු කලේය.

එපමණක් නොව මේ රටේ පරම්පරාවක තරුණ ලේ ඔහුගේ දෑතේ තැවරී ඇත.1979 දී ත්‍රස්තවාදය මැඩීමේ පනතේ නිර්මාපකයා වූ ඔහු 1988 දී වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ඉදිරිපත් කොට රාජ්‍ය අනුග්‍රාහක මිනී මැරීම් සඳහා නීත්‍යානුකූල බව ලබා දුන්නේය.

1983 ජූලියේ දෙමල ජාතිකයන් දහස් ගණනාවක් මරා දමා තවත් ලක්ෂ ගණනක් උන් හිටි තැන් අහිමි කර දේපල ගිනිබත් කර තිබු තත්වයක් තුල , 1983 ජූලි 31 දින ගුවන් විදුලියෙන් ඒ ගැන කිසිත් නොතකා , නොකියා පැවසූයේ කුමක්ද?

" යලිත් දකිනු පිණිස ඔබ හෝ මම ජීවත් විය යුතු නැතයි සිතෙන දසුනක් මම දුටිමි. මහත් සේ අපහසුවට පත් ව පේලි ගැසී ආහාර සොයන මිනිසුන් මම දුටුවෙමි. මේ දර්ශනය මා බොහෝ සේ ශෝකයට පත් කලේය."

ඔව්, මේ මහා මානව හිතවාදියා ශෝකයට පත්ව ඇත්තේ මරා දමන ලද අහිංසක ගැහැණු,පිරිමි සහ ළමුන් දහස් ගණනක් ගැන නොව , ආහාර හිඟය නිසා පීඩාවට පත්ව සිටි මිනිසුන්ය. අපූරුයි, මානවහිතවාදිත්වය.

එපමණක් නොව 83 ජුලියේම වැලිකඩ සිරගෙදරදී දෙමල සිරකරුවන් ඝාතන තැතක් පිළිබඳව ඉව වැටී ඔවුන් එතැනින් ඉවත් කිරීමට උත්සාහ කරන විට එයට හරස් කපා ඒ තිරිසන් ඝාතනයට පාර කැපුයේද මේ මහා මානව හිතවාදියාමය.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරනු ලැබ තිබියදී අත් අඩංගුවට ගත් කොටි නායකයින් 10 දෙනෙක් කොළඹට ගෙන ඒමට අණ කර, ඔවුන් සිය දිවි නසා ගැනීමට යොමු කර නැවත මහා ජන ඝාතක යුද්ධයට ඉඩ ලබා දුන්නේ ද අප කතානායක උතුමාණන්මය.

මේ සියලු දේ පිළිබඳ විස්තර යාපන සරසවියේ ආචාර්ය රාජන් හූල් ලියූ " ශ්‍රී ලංකාව- බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහාණිය හා මනුෂ්‍ය ඝාතන " කෘතියේ මනාව විස්තර කර ඇත.

දැන් පාලකයින් සරසවියක නේවාසිකාගාරයක් නම් කිරීමට යන්නේ මෙබඳු පුද්ගලයෙකුගේ නමින්ය.

නැත. එයට ඉඩ දිය යුතු නැත.

සිසුනි, ඔබ එයට එරෙහි වීමෙන් ඉතාමත් නිවැරදි දේ කර ඇත.

පාලක මහත්වරුනි. ඔබට ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් යමක් නම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා " වැලිකඩ හිරගෙදර" සුදුසු බව අප කියමු.

එය නොහැකි නම් ඔබගේ නිවස ඒ සඳහා තෝරාගන්න

කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-16200708483923886762017-03-21T07:09:48.222-07:002017-03-21T07:09:48.222-07:00බෝඩ් ලෑල්ලේ විප්ලවය....!බෝඩ් ලෑල්ලේ විප්ලවය....!රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-13316085357821713562017-03-21T05:38:05.724-07:002017-03-21T05:38:05.724-07:00මොකා කලත් මෙයනම් අමන ක්‍රියාවකි අම්පිටියේ සුමන යට ...මොකා කලත් මෙයනම් අමන ක්‍රියාවකි අම්පිටියේ සුමන යට නොදවෙනි එකෙකි හෝ කාණ්ඩයකි!!
මේ නාෂකවාදී (vandalism) ක්රියාවේ වගකීම බැරවී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සිසුන්ටය..... මෙමෙ ක්‍රියාවට ඔවුන් සම්බන්ද බවටට ඔප්පු කළහැකිනම් ඇයි ඔවුනට නීතියෙන් දඬුවම් නොකරන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4128211746055801783.post-30168832877061605042017-03-21T03:19:19.901-07:002017-03-21T03:19:19.901-07:00ලලිත් ඇතුලත්මුදලි ගේ නම ඇති නාම පුවරුව කඩා දැමීම ග...ලලිත් ඇතුලත්මුදලි ගේ නම ඇති නාම පුවරුව කඩා දැමීම ගැන ශිෂ්‍ය සංගම් දක්වන්නේ බොහොම ලාමක අදහස්.විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ගත්තු ඒ තීරණය වෙනස් කලයුතු නොවේ.මේ වගේ අගතිගාමී වැඩ නිසා මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම හෑල්ලු වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com